තාක්ෂණික ලෝකයේ ප්‍රබලම සන්නිවේදන මාධ්‍යක් ලෙස Zoom app එක හඳුවන්න පුළුවන්. මෙය නිර්මාණය වීම පිටුපස හරි අපුරු කතාවක් තියෙනවා. වයස භේදයකින් තොරව ලොව පුරාම මේවන විට zoom app එක. භාවිතා කරන බව අමුතුවෙන් කිව යුතු දෙයකුත් නෙමෙයි.
වර්ෂ 1970 චීනයේ shandong ප්‍රදේශයේ උපත ලබන එරික් යුආන් නැමැති පුද්ගලයා විසින් ලොව ප්‍රථම වරට බාධාවකින් තොරව අදහස් හුවමාරු කරගැනීමට හැකි මේ zoom app එක හඳුන්වා දී තියෙනවා.
App එක නිර්මාණය කිරීමට මොහුට හේතු වෙන්නේ ඔහුගේ පෞද්ගලික හේතුවක්. ඔහු සහ ඔහුගේ පෙම්වතිය අධ්‍යාපනය ලබා ඇත්තේ වෙනත් ප්‍රදේශවල පිහිටා ඇති පාසලක. ඉතින් මේ නිසාම මොවුන් දෙදෙනාට අවුරුද්දට දෙවතාවක්වත් හම්බවෙන්න නම් අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ හේතුව නිසාම මොහු ඇය සමඟ අදහස් හුවමාරු කිරීම සඳහා, ඒ වගේම ඇයව දිනපතා දැක ගැනීම සඳහා මොනවා හරි ම දෙයක් කරන්න ඕනේ කියන සංකල්පය හිතට ඇවිල්ලා. මේ කාලයේදී ඔහුට උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඇමරිකාවට යන්නත් ලැබිලා. එහෙ ආයතනක වැඩ කනකොටත් කණ්ඩායමක් එක්ක සන්නිවේදනය කිරීමේදී ප්‍රශ්න මතු වෙලා.
ඉතින් එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි zoom app එක මේ ලෝකයට බිහි වෙන්නේ. මේ නිර්මාණය කළ පසු මුලින්ම බොහෝදෙනෙක් මෙය අත්හදා බලන්න පෙළඹුණේ නැතත් ඔහු මේ ඇප් එක ඔහුගේ දෛනික ක්‍රියාවලින් සාර්ථකව කරගෙන යාම සඳහා යොදා ගත්තා. ඔවුන් වගේම ලෝකයේ බොහෝ දෙනෙක් ව්‍යාපාර කටයුතු ද ඔහු ඉතාමත් පහසුවෙන් කර ගන්නේ මේ zoom app එක හරහා. කොරෝන වසංගතයත් එක්කත් මෙය හොද සන්නිවේදන මාධ්‍යක් වෙනවා. වර්තමානය වන විට මිලියන දෙසිය දක්වා පරිශීලකයන් ප්‍රමාණයක් මෙය පරිශීලනය කරනවා.
වර්තමානය වන විට විශාල පරිශීලක ප්‍රමාණයක් zoom app එක google play store හි බාගත කිරීම හේතුවෙන් මේ වන විට ඔහුගේ ආදායම ඩොලර් බිලියන දොළහකට 12 කට අධික මුදලක් දක්වා වර්ධනය වී ඇති බවත් සඳහන්. අද වන විට ඔහු ඇමරිකාවේ ධනවත්ම පුද්ගලයන් හාරසිය දෙනා අතරට ද එක් වෙලා. ඉතින් ඔහු වරෙක කියලා තියෙනවා ආදරයට කල නොහැකි දෙයකුත් නැහැ කියලා. ඒවගේම හිතට එන පුංචි සංකල්පයක් ලොවක් දිනනවා මේ කතාවෙන් ජිවිත වලට ගත හැකි දේත් බොහොමයි.
https://www.mirror.co.uk/news/uk-news/love-story-behind-video-chat-21926827.amp
Last edited:

