පෙම් ලොවදී දුටු ඔහුමද මේ ....
ඉඳහිට නිරාවරණය වුණත් සැඟවුණු පිළිලයක් සේ ශීඝ්‍රයෙන් රට පුරා ව්‍යාප්ත වන ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට අපට හේතු වූ කරුණු රැසකි. පෙර ලිපිවලට ප්‍රතිචාර දක්වමින් "දිවයින ඉරිදා සංග්‍රහයේ" ළබැඳි පාඨකයන් විශාල පිරිසක් තම තමන්ගේ පෞද්ගලික අත්දැකීම් හා අදහස් මෙන්ම යෝජනා චෝදනා ආදිය ද අප වෙත දැන්වීමට ක්‍රියා කිරීම මෙම ලිපියට මූල බීජය සපයනු ලැබීය.
කාන්තා සංවිධානවලට දොස් නැගීමට එරෙහිව ලියා එවූ එක් ලිපියක් හැරෙන්නට අනෙක් සියලු ලිපි හා දුරකථන ඇමතුම් ඔස්සේ දන්වා තිබුණේ පිරිමින්ගේ දැඩි හිංසනයන්ගෙන් පීඩා විඳින කාන්තාවන්ගේ අඳෝනාවන්ය. එම ලිපි අතර එක් කාන්තාවක් වෛද්‍යවරියක වීම ද තවත් කාන්තාවක් ගුරුවරියක වීම ද තවත් කාන්තාවක් කථිකාචාර්යවරියක වීමද විශේෂ විය. ඔවුන් සැමියාගේ හිංසනවලින් ලබන පීඩාව මෙන්ම තුවාල පවා සමාජයෙන් සඟවා ගැනීමට දරන අප්‍රතිහත උත්සාහය එම ලිපිවල විග්රහ කර තිබිණි. සමාජයීය ආකල්ප, සැමියාගෙන් වෙන්වී ජීවත් වීමට ශක්තිමත් පසුබිමක් නොමැතිකම, දරුවන් පීඩනයට පත්වීම, දෙමව්පිය හිතවතුන්ට සත්‍ය හෙළි කිරීමට නොහැකිකම නිසා සියලු වද වේදනා උහුලාගෙන වසර ගණනාවක් හිංසන මැද දිවි ගෙවන බව ඔවුන් දක්වා තිබිණි. එම ලිපි අතර සිටි එක් කාන්තාවක් මේ වන විට මැදිවිය ඉක්මවා සිටින්නියකි. ඇය පළමු දරු උපතින් මාස කිහිපයක සිට සැමියාගේ හිංසනවලින් පීඩා විඳින අතර අදට ද එහි අඩුවක් නැති බව ඇය පවසන්නීය. මේ නිසා බරපතල තුවාල, තැලීම්, අත් පා හන්දි බිඳීයාම් පමණක් නොව මානසිකව දැඩි පීඩනයකින් පෙළෙන බවද ඇය දන්වන්නීය. සුදුසු උපදේශනයකට යොමු වන්නේ කෙසේ ද යන්න ද ඇය අපගෙන් විමසා සිටින්නීය. බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි අපගේ මනෝ උපදේශන ලිපි සඳහා උපදේශකත්වය සපයන මානව සම්පත් සංවර්ධන, මනෝවිද්‍යා උපදේශක හා කථිකාචාර්ය ප්‍රසන්න කමලසිරි පෙරේරා මහතාගේ දුරකථන අංකය (0718246320) මෙසේ සටහන් කරමු.
තවත් කාන්තාවකගෙන් අපට ලැබුණු තොරතුරුවලින් පැහැදිලි වූයේ සිය සැමියා විසින් ඇයගේ ලිංගික ඉන්ද්‍රියට දැඩි ලෙස තුවාල කිරීම හා සපා කෑම්වලින් අනතුරුව ඔහු ඇය හා ලිංගික සේවනයෙහි යෙදෙන බවයි. ඇය වේදනාවෙන් විලාප නගද්දී ඔහු ඇය සනසවමින් එකී ලිංගික කාර්යයෙහි ම නිරතවන බව ඇය දන්වා ඇත. වසර ගණනාවක් තිස්සේ ඇය මෙයින් පීඩා විඳින බවත්, වේදනාවක් මිස කිසිදු තෘප්තියක් ඇය මෙතෙක් ලබා නැති බවත් ඇයගේ ලිපියෙහි දැක්වේ.
ඒ හා සමාන තවත් තොරතුරකින් අනාවරණය වූයේ එක්තරා සැමියෙක් සිය බිරිඳගේ තොල්, පියයුරු, කළවා ප්‍රදේශ, පසු පෙදෙස හා ලිංගික ප්‍රදේශ ලේ එනතුරු සපා කෑමෙන් පසු ලිංගික ක්‍රියාවෙහි යෙදෙන බවයි. ඇය දික්කසාද වීමට උත්සාහ දැරුව ද ඔහු ඊට ඉඩ නොදෙන බවද ඇයගේ පැහැදිලි කිරීම්වලින් තහවුරු වේ.
මෙකී කරුණු හේතුකොටගෙන ගෘහස්ථ හිංසනය, ඊට හේතු, එයින් මිදීම හා පිළියම් සම්බන්ධයෙන් මනෝ විද්‍යාත්මක විග්‍රහයක් මෙසේ ඉදිරිපත් කරමු.

Last edited: