පෙම් ලොවදී දුටු ඔහුමද මේ ....

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    පෙම් ලොවදී දුටු ඔහුමද මේ ....

    ඉඳහිට නිරාවරණය වුණත් සැඟවුණු පිළිලයක්‌ සේ ශීඝ්‍රයෙන් රට පුරා ව්‍යාප්ත වන ගෘහස්‌ථ හිංසනය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට අපට හේතු වූ කරුණු රැසකි. පෙර ලිපිවලට ප්‍රතිචාර දක්‌වමින් "දිවයින ඉරිදා සංග්‍රහයේ" ළබැඳි පාඨකයන් විශාල පිරිසක්‌ තම තමන්ගේ පෞද්ගලික අත්දැකීම් හා අදහස්‌ මෙන්ම යෝජනා චෝදනා ආදිය ද අප වෙත දැන්වීමට ක්‍රියා කිරීම මෙම ලිපියට මූල බීජය සපයනු ලැබීය.

    කාන්තා සංවිධානවලට දොස්‌ නැගීමට එරෙහිව ලියා එවූ එක්‌ ලිපියක්‌ හැරෙන්නට අනෙක්‌ සියලු ලිපි හා දුරකථන ඇමතුම් ඔස්‌සේ දන්වා තිබුණේ පිරිමින්ගේ දැඩි හිංසනයන්ගෙන් පීඩා විඳින කාන්තාවන්ගේ අඳෝනාවන්ය. එම ලිපි අතර එක්‌ කාන්තාවක්‌ වෛද්‍යවරියක වීම ද තවත් කාන්තාවක්‌ ගුරුවරියක වීම ද තවත් කාන්තාවක්‌ කථිකාචාර්යවරියක වීමද විශේෂ විය. ඔවුන් සැමියාගේ හිංසනවලින් ලබන පීඩාව මෙන්ම තුවාල පවා සමාජයෙන් සඟවා ගැනීමට දරන අප්‍රතිහත උත්සාහය එම ලිපිවල විග්‍රහ කර තිබිණි. සමාජයීය ආකල්ප, සැමියාගෙන් වෙන්වී ජීවත් වීමට ශක්‌තිමත් පසුබිමක්‌ නොමැතිකම, දරුවන් පීඩනයට පත්වීම, දෙමව්පිය හිතවතුන්ට සත්‍ය හෙළි කිරීමට නොහැකිකම නිසා සියලු වද වේදනා උහුලාගෙන වසර ගණනාවක්‌ හිංසන මැද දිවි ගෙවන බව ඔවුන් දක්‌වා තිබිණි. එම ලිපි අතර සිටි එක්‌ කාන්තාවක්‌ මේ වන විට මැදිවිය ඉක්‌මවා සිටින්නියකි. ඇය පළමු දරු උපතින් මාස කිහිපයක සිට සැමියාගේ හිංසනවලින් පීඩා විඳින අතර අදට ද එහි අඩුවක්‌ නැති බව ඇය පවසන්නීය. මේ නිසා බරපතල තුවාල, තැලීම්, අත් පා හන්දි බිඳීයාම් පමණක්‌ නොව මානසිකව දැඩි පීඩනයකින් පෙළෙන බවද ඇය දන්වන්නීය. සුදුසු උපදේශනයකට යොමු වන්නේ කෙසේ ද යන්න ද ඇය අපගෙන් විමසා සිටින්නීය. බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි අපගේ මනෝ උපදේශන ලිපි සඳහා උපදේශකත්වය සපයන මානව සම්පත් සංවර්ධන, මනෝවිද්‍යා උපදේශක හා කථිකාචාර්ය ප්‍රසන්න කමලසිරි පෙරේරා මහතාගේ දුරකථන අංකය (0718246320) මෙසේ සටහන් කරමු.

    තවත් කාන්තාවකගෙන් අපට ලැබුණු තොරතුරුවලින් පැහැදිලි වූයේ සිය සැමියා විසින් ඇයගේ ලිංගික ඉන්ද්‍රියට දැඩි ලෙස තුවාල කිරීම හා සපා කෑම්වලින් අනතුරුව ඔහු ඇය හා ලිංගික සේවනයෙහි යෙදෙන බවයි. ඇය වේදනාවෙන් විලාප නගද්දී ඔහු ඇය සනසවමින් එකී ලිංගික කාර්යයෙහි ම නිරතවන බව ඇය දන්වා ඇත. වසර ගණනාවක්‌ තිස්‌සේ ඇය මෙයින් පීඩා විඳින බවත්, වේදනාවක්‌ මිස කිසිදු තෘප්තියක්‌ ඇය මෙතෙක්‌ ලබා නැති බවත් ඇයගේ ලිපියෙහි දැක්‌වේ.

    ඒ හා සමාන තවත් තොරතුරකින් අනාවරණය වූයේ එක්‌තරා සැමියෙක්‌ සිය බිරිඳගේ තොල්, පියයුරු, කළවා ප්‍රදේශ, පසු පෙදෙස හා ලිංගික ප්‍රදේශ ලේ එනතුරු සපා කෑමෙන් පසු ලිංගික ක්‍රියාවෙහි යෙදෙන බවයි. ඇය දික්‌කසාද වීමට උත්සාහ දැරුව ද ඔහු ඊට ඉඩ නොදෙන බවද ඇයගේ පැහැදිලි කිරීම්වලින් තහවුරු වේ.

    මෙකී කරුණු හේතුකොටගෙන ගෘහස්‌ථ හිංසනය, ඊට හේතු, එයින් මිදීම හා පිළියම් සම්බන්ධයෙන් මනෝ විද්‍යාත්මක විග්‍රහයක්‌ මෙසේ ඉදිරිපත් කරමු.
     
    Last edited:
    • Like
    Reactions: IP JAyakodi

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    හිංසනය

    හිංසනය පොදුවේ විග්‍රහ කිරීමේදී කාන්තාවන් පමණක්‌ නොව පිරිමි මෙන්ම දරුවන්ද ඊට අඩු වැඩි වශයෙන් ගොදුරු වනු ඇත. හිංසනයට ප්‍රධාන හේතුව ලෙස මනෝ උපදේශනයේ දී දක්‌වන්නේ අනෙකා කෙරෙහි දක්‌වන සැකයයි. එය සාමාන්‍ය සැකය, චිත්ත වේගී සැකය හා මාරාන්තික සැකය ලෙස කොටස්‌ කළ හැකිය.

    සාමාන්‍ය සැකය

    ඉතා සුළු දේවල් සම්බන්ධයෙන් ඇති වන සැකය මෙසේ හැඳින්විය හැකිය. එම සැකය කෙටි කාලීන වූවකි. සැමියා රැකියාව නිම වී නිවසට පැමිණෙන වේලාව ප්‍රමාද වුවහොත් ඇතැම් බිරින්දැවරුන්ට සැමියා පිළිබඳ සැකයක්‌ ඇති විය හැකිය. සැමියා පැමිණි පසු බස්‌ ප්‍රමාදයි, හදිසි අනතුරක්‌ ආදි වශයෙන් ප්‍රමාදයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇයගේ සිතේ උපන් සැකය එයින් නිම වේ. කාන්තාවන් සම්බන්ධයෙන් පිරිමියකුගේ සිතේ ඇති වන සාමාන්‍ය සැකය ද එසේම ය. එම සැකය ක්‍ෂණයකින් බැහැර වනු ඇත.

    චිත්ත වේගීය සැකය

    පැහැදිලි හේතු පෙනෙන්නට තිබුණත් සැකයෙන් මිදෙන්න මෙවැනි තත්ත්වයක සිටින කෙනකුට නොහැකිය. මෙය මනසින් බොහෝ දුර ගිය ව්‍යාධි තත්ත්වයක්‌ ලෙස මනෝවිද්‍යාවේ සඳහන් වේ. මෙවැනි තත්ත්වයක සිටින කෙනෙක්‌ අනිවාර්යයෙන්ම මනෝ උපදේශනයකට යොමු විය යුතුය.

    මාරාන්තික සැකය

    චිත්ත වේගීය සැකය උග්‍රවීමෙන් තම ප්‍රතිවිරුද්ධ ලිංගිකයා මරා දැමීමට පවා මෙවැනි තත්ත්වයක පසුවන කෙනකු පෙලඹෙනු ඇත. මෙය ප්‍රතිකාර ගත යුතු මානසික රෝගී තත්ත්වයක්‌ ලෙස විශ්ලේෂණය කෙරේ.

    සැකයට හේතු

    විරුද්ධ ලිංගිකයා (සැමියා හෝ බිරිඳ) අතිශය ජනප්‍රිය වීම, ආකර්ෂණීය පෙනුමක්‌ තිබීම, තමාට වඩා උසස්‌ යෑයි සිතීම, තමාට වඩා ඔහුට හෝ ඇයට සමාජ පිළිගැනීමක්‌ ඇති බව සිතීම, තමාව නොසලකා හරිනවා යෑයි සිතීම, තමාට වඩා වෙනත් අයට සලකනවා යෑයි සිතීම, හිතවතුන් හිතවතියන් ඇසුරු කිරීම තමාට අඩු සැලකිලි ලැබීමට හේතුවක්‌ බව සිතීම, ඉහත කාරණා සිතේ ඇති කරගනිමින් දුක්‌වීම හා කෝපයට පත්වීම සැකයේ මූලික ලක්‍ෂණ ලෙස දැක්‌විය හැකිය.

    කුඩා කාලයේ දරුවකුට මවකගෙන්, පියාගෙන්, සහෝදර සහෝදරියන්ගෙන්. ඥතීන් හා අසල් වැසියන්ගෙන්, ගුරුවරුන්ගෙන් ලැබෙන ආදරය ඉතාම වැදගත් මෙන්ම අත්‍යවශ්‍ය වූවකි. ඒ ආදරය දරුවන්ට පෙන්විය යුතුය. තමාට අන් අය ආදරය බව එම දරුවාගේ සිතට තදින්ම දැනිය යුතුය. කුඩා කාලයේ සිට එසේ නොවුණොත් ඉන් පසුව ඔහුට හෝ ඇයට ආදරය කරන පෙම්වතා හෝ පෙම්වතියගෙන් එම ආදරය අසීමිත ලෙස අපේක්‍ෂා කරනු ඇත. ඊට අමතරව කුඩා කාලයේදී මනසට ඔරොත්තු නොදෙන ලිංගික දර්ශන, විකෘති ලිංගික දර්ශන, ගෘහයක ඇතිවන හිංසන දැකීමට ලැබීම හා එවැනි අවස්‌ථාවක ඇති වන විලාප නැඟීම් මෙන්ම බහින් බස්‌වීම්, පහරදීම් ශ්‍රවණය වීම ළමා මනස දූෂණය වීමට හේතුවකි. ඒවායෙහි බලපෑම් ද එම දරුවා විවාහ වූ පසු හෝ වැඩිහිටි වූ පසු දෙගුණ තෙගුණ වී ව්‍යාධියක්‌ ලෙස හෝ විකෘති චර්යා ලෙස ප්‍රගුණ වීමටද ඉඩ ඇත. කෙනකුගේ ව්‍යාධි තත්ත්වයක්‌ නැතහොත් මානසික පිඩනයක්‌ (ක්‍රමනය ලෙස මෙය මනෝ විද්‍යාවේ හැඳින්වේ) හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වූවකි.
     
    Last edited:

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    චිත්ත වේගීය සැකය හඳුනා ගැනීම

    තමන්ගේ විරුද්ධ ලිංගිකයා පිළිබඳ ඇතිකර ගන්නා වූ දැඩි ආශාව මෙය හඳුනා ගැනීමට ඇති සරළ මගකි. ඇතැම් අය ආදරය ලෙස මෙය හැඳින්වුවත් විරුද්ධ ලිංගිකයා දැඩි ලෙස සිය පාලනයකට නතු කරන්නේ නම් එය ආදරය නොව ආශාව ලෙස විග්‍රහ කළ හැකිය. ඔහුට හෝ ඇයට නොකියා කිසි තැනකට යන්න එන්න ඉඩ නොදෙන තත්ත්වය දැඩි ආශාව ලෙස හඳුනාගැනීම පහසු වනු ඇත. අවසර ඇතිව තනිවම ගියත් දුරකථන ඇමැතුම් ඔස්‌සේ ඔහු හෝ ඇය පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවීම, එකඟ වූ ස්‌ථානයෙන් පරිබාහිරව වෙනත් තැනකට ගියහොත් හෝ එසේ ගිය බව දැනගත හොත් දැඩි දඬුවම් (අඩුම තරමේ දැඩි ලෙස බැණ වැදීම) ලබාදීම සිදුවිය හැකිය. මෙවැනි තත්ත්වයන් යටතේ සැමියෙක්‌ තම බිරිඳට බැණ වැදීම, පහර දීම, තුවාල සිදු කිරීම, මෙය දුරදිග යැමෙන් මරණය පවා සිදු කිරීමට තරම් චිත්ත ව්‍යාධියක්‌ ඇති පුද්ගලයන් පෙලඹෙනු ඇත. මෙවැනි පුද්ගලයකුගේ බිරිඳකට වෙනත් කෙනකු සමග සුහදව දුරකථන ඇමතුමක්‌ හෝ හුවමාරු කරගත නොහැක. එයම විශාල අර්බුදයකට හේතුවිය හැකිය. මෙවැනි පුද්ගලයන්ට තම සහකාරිය නොදැක සිටීමට ද නොහැක. තමා කියන විදිහටම ඇය ක්‍රියා කළ යුතුය. ඇය කියන දේ ඇසීමට ඔහු සූදානම් නැත. මෙහි අතිශය භයානකම තත්ත්වය වන්නේ ඔහු විසින් ඇයට මාරාන්තික තුවාල සිදු කිරීමෙන් අනතුරුව ඇය සනසමින් ප්‍රතිකාර කිරීමට පෙලඹීමයි. ඔහු කළ දේ පිළිබඳ කිපී සිටින තැනැත්තියක වුවද ඔහුගේ එම ක්‍රියාව හදිසි කෝපය නිසා ඇති වූවක්‌ ලෙසත්, තමාට ඇති අසීමිත ආදරය නිසා අන් අයට සමීප වනු දැකීම ඔහුගේ සාධාරණ කේන්තියට හේතුවක්‌ බවත් සාධාරණීකරණය කරන බිරිඳ සිය සැමියාට මානසික ව්‍යාධියක්‌ ඇති බව කිසිසේත්ම විශ්වාස නොකරනු ඇත. ඇතැම් සහකරුවන් සිය සහකාරිය තම පාලනයෙන් පිට ගියහොත් ඇයට සියුම් ලෙස මානසික රිදවීම් කිරීමට පෙලඹෙනු ඇත. ලිංගික හැසිරීම් පවා ප්‍රතික්‍ෂේප කළ හැකිය. කෝපය නිවී ගිය පසු සිටියාටත් වඩා හොඳින් හැසිරීම මෙවැනි අයගේ ලක්‍ෂණය වන අතර ඇතැම් අය තම බිරිඳ ගැනම සිතමින් රැකියා ස්‌ථානයේ වැඩ කටයුතු පවා අවුල් කරගනු ඇත. මේ වෙලාවේ ඇය මොනවා කරනවා ඇති ද, කාටහරි දුරකථන ඇමතුමක්‌ ගන්නවා ඇති ද කියා දැඩි සැකයෙන් යුතුව කල්පනා කරනු ඇත. එසැනින් ඇයට ලබා ගන්නා දුරකථන ඇමතුමක්‌ වෙනත් කෙනකු (දරුවකු හෝ විය හැකියි) දුරකථනයේ රැඳී සිටීම නිසා ලබාගත නොහැකි වුවහොත් වහාම නිවසට ගොස්‌ ඇය සමග ආරාවුලක්‌ ඇතිකර ගැනීමට තරම් මෙවැනි පුද්ගලයන් පෙළඹෙනු ඇත. තමන් මානසික ව්‍යාධියකට ගොදුරු වී ඇති බව මෙවැනි අය නොදන්නවා සේම ඔහු හෝ ඇය ඇසුරු කරන අයට ද ඒ බව නොවැටහෙනු ඇත. ඒ එයාගේ හැටි යෑයි කියන්නේ එබැවිනි. ඇතැම් අයට මෙවැනි තත්ත්වයන් පිළිබඳ අවබෝධයක්‌ ඇති වූවත් ඊට පිළියම් සෙවීමට පෙලඹෙන්නේ නැත.

    මෙවැනි මානසික ව්‍යාධි තත්ත්වයන් යටතේ බිරිඳට කායිකව, මානසිකව මෙන්ම ලිංගික වශයෙන්ද හිංසා කරන පිරිමි ඇතැම් අවස්‌ථාවලදී තම දරුවන්ට පවා එවැනි හිංසන සිදු කිරීමට පෙලඹෙනු ඇත. ඇතැම් අයට තම දරුවාව එවැනි ව්‍යාධි අවස්‌ථාවකදී බිරිඳ ලෙස දෘශ්‍ය වීමට ද ඉඩ ඇත. මෙසේ මනසේ ඇතිවන විකෘතිතාවලින් දරුවන්ට සිදුවන බලපෑම අති බිහිසුණුය. එබැවින් මීට පිළියම් යෙදිය යුතුමය.

    පූර්ව විවාහ උපදේශනය

    තම පෙම්වතා තමාට දැඩි රැකවල් දමනවා නම්, අනවශ්‍ය ලෙස පාලනය කරන්නේ නම්, නිතර නිතර සැකයෙන් යුතුව ක්‍රියා කරනවා නම් විවාහයට පෙර උපදේශනයකට යොමු වීම සුදුසුය. එවැනි අවස්‌ථාවකදී එය සාමාන්‍ය තත්ත්වයක්‌ ද මානසික පීඩනයක මුල් අවස්‌ථාවද නැත්නම් ප්‍රතිකාර ගත යුතු රෝගී අවස්‌ථාව ද යන්න හෙළිදරව් වනු ඇත. එදිනෙදා කටයුතුවලට බාධා වන ලෙස නීති පනවන්නේ නම් එය ආදරය යෑයි සරළව සිතිය නොහැක.

    පසු විවාහ උපදේශනය

    මෙවැනි කෙනකු සමග විවාහ වීමෙන් එම තත්ත්වය තව තවත් වැඩිවනු ඇත. අසාමාන්‍ය තත්ත්වය මුලින්ම හොඳින් අවබෝධ කරගත යුතුය. මෙවැනි ව්‍යාධියක්‌ ඇති කෙනෙක්‌ තමාට එවැනි තත්ත්වයක්‌ ඇති බව කිසිසේත් විශ්වාස නොකරනු ඇත. එබැවින් උපක්‍රමශීලීව එවැනි අය උපදේශනයට යොමු කරවාගත යුතුය. ඒ සඳහා උපදේශකයකුගේ සහාය ලබා ගැනීමට හැකිය. එවැනි කෙනකු සමග ජීවත් වීමට ද සෙසු අයට උපදේශනයක්‌ අවශ්‍ය වේ.

    මෙවැනි හිංසාවලින් තවදුරටත් පීඩා විඳිමින්, දුක්‌ උහුලනවා හැර විසඳුම් සෙවීමට දැන් කාලය උදාවී ඇත. ඒ සඳහා පහසුකම් ද ඕනෑතරම් තිබියදී ගෙයි ගින්දර පිටට නොදෙන න්‍යායයෙන් තවදුරටත් කල් ගෙවුවහොත් මෙවැනි ව්‍යාධියක කෙළවර මිනී මැරුමක්‌ විය හැකිය. අහිංසක දරුවන් ද එහි ගොදුරු බවට පත්වීමට පෙර ඊට ප්‍රතිකාර ගත යුතු බවට මෙම ලිපිය මාර්ගෝපදේශනයක්‌ම වනු ඇත.
    http://www.divaina.com/2011/03/27/feature03.html

    http://www.mediafire.com/?4bmq4fa8mpmn5z5

    http://www.sendspace.com/file/nhcfzs
     
    Last edited: