පෙම් සුවයට, කම් සුවයට බුදු දහමින් ඉඩක් නැද&#35

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    පෙම් සුවයට, කම් සුවයට බුදු දහමින් ඉඩක් නැද&#35

    cou.jpg

    ආදරය, පේ‍්‍රමය, සෙනෙහස වගේ වචන අද සමාජයේ අතිශයින් බහුලයි. පේ‍්‍රමය කියන විෂය පථය මුලූ ලෝකයම බැඳ තබන වරපටක් වගේ කීවොත් වැරදි නැහැ. මාතෘ පේ‍්‍රමය, දාරක පේ‍්‍රමය, සහෝදර පේ‍්‍රමය, අඹුසැමි පේ‍්‍රමය, යොවුන් පේ‍්‍රමය ආදී වශයෙන් මේ පේ‍්‍රමය විවිධාකාරයි. මූලිකව බලනකොට බුදුරජාණන්වහන්සේ මේ පේ‍්‍රමයට විරුද්ධකම් පෑ නොඑසේනම් පේ‍්‍රමයට විරුද්ධ දහමක් දේශනා කළ ශාස්තෘවරයෙක් ලෙස අද බොහෝ දෙනෙක් හඳුන්වනවා. විශේෂයෙන් යොවුන් පේ‍්‍රමයට බුදු දහමින් විරෝධතා එල්ල වන බවක් බොහෝ දෙනෙක් සිතනවා. නමුත් මිනිසාගේ පැවැත්ම ලෝභ (රාග), දෝෂ, මෝහ යන අකුසල මූලයන් මත පදනම් වන බව මූලික බුදු දහමේ ඉගැන්වෙනවා.

    එ් වගේම මිනිසාගේ සාංසාරික පැවැත්මට ඉවහල් වන ප‍්‍රධානතම බලවේගය තෘෂ්ණාව බවත් මූලික බුද්ධ දේශනාවලට අනුව පැහැදිලියි. නමුත් බුදුරජාණන් වහන්සේ ගිහියන්ගේ පැවැත්මට ඉවහල් වන තෘෂ්ණාව හෝ රාගය මුලිනුපුටා දමන්න යැයි දේශනා කර නැහැ. එය සාංසාරික වශයෙන් ක‍්‍රමයෙන් පහ කළ යුතු තත්ත්වයක් ලෙසයි බුදු දහමේ ඉගැන්වෙන්නේ.

    බෞද්ධ සූත‍්‍ර දේශනා අනුව බලනකොට අඹුසැමි පේ‍්‍රමය බුදුන්ගේ ප‍්‍රශංසාවට ලක් වූ අවස්ථාවන් කොතෙකුත් දක්නට පුළුවන්. බුදු දහමට අනුව නොකළ යුතු යැයි පැවසෙන්නේ අඹුසැමියන් විවාහය පවත්වන අතරතුර වෙනත් ස්ත‍්‍රීන් පුරුෂයන් සමග සබඳතා පැවැත්වීම පමණයි. එ් අනුව විවාහ නොවු ඕනෑම වයසක කාන්තාවකට සහ පුරුෂයෙකුට ආදරයෙන් බැඳීමේ හෝ ලිංගික සේවනයෙහි යෙදීමේ කිසිම තහංචියක් බුදු දහමෙහි පනවා නැහැ. එය කිසි විටෙකත් කාමයෙහි වරදවා හැසිරීමක් සේ අර්ථ දක්වා නැහැ.

    එ් වගේම ආදරයෙන්, පේ‍්‍රමයෙන් වෙළෙන කිසිවෙකුටත් පෙම්වතා හා පෙම්වතිය අතහැර පැවිදි වන්න කියා හෝ විවාහ වී සිටින කිසිවෙකුටත් සැමියාගෙන් හෝ බිරිඳගෙන් වෙන් වී සසුන් ගත වන්නැයි කියා හෝ බුදුන් කිසිවිටෙකත් දේශනා කොට නැහැ. යමෙකු එසේ සිදුකොට තිබේ නම් එ් තමන්ගේම කැමැත්තෙන් පමණයි. එ් වගේම කාමයේ වරදවා හැසිරීමෙන් වළකින ලෙස මිස කාමයේ හැසිරීමෙන් වළකින ලෙස ගිහියන්ට බුදුන්වහන්සේ කිසිදු තැනක අවවාද කොට නැහැ. නමුත් මෙයින් බුදුන්වහන්සේ කම්සැපය අනුමත කොට ඇතැයි සිතීමත් වරදක්. කාමයෙහි ඇලී ගැලීමෙහි ආදිනව දේශනා කරන උන්වහන්සේ කාමයෙහි ආශ්වාදයක් ඇති බව දේශනා කොට තිබෙනවා. නමුත් එ් ආශ්වාදයට වඩා ආදීනවය බලවත් බවත් එනිසා එ් ආදිනවයෙන් මිදී සැබෑ සැනසුමක් ලැබීම සඳහා කම්සැපයෙන් නික්මීම (නිස්සරණය) ඉවහල් කර ගත යුතු බවත් බුදුන්වහන්සේ භික්ෂූන්ට දේශනා කොට තිබෙනවා.

    බුදු දහමෙහි කිසිම තැනක ගිහියන් සඳහා ප‍්‍රඥප්ති පමුණුවා නැති මුත් පැවිද්දන් සඳහා ඉතා පැහැදිලි ලෙසම විනය ප‍්‍රඥප්ති පනවා තිබෙනවා. එ් අනුව එකම ගමක ජීවත් වෙමින් එකම ආහාරපාන අනුභව කරමින් සහජීවනයෙන් යුතුව ජීවත් වුවත් බුදු දහමට අනුව ගිහියා සහ පැවිද්දා ලෝක දෙකක ජීවත්වන්නවුන් බව සූත‍්‍ර සහ විනය පොත පත කියවීමේ දී පැහැදිලි වෙනවා. ගිහියන්ට කම්සැප අනුදැන වදාළ බුදුරජාණන්වහන්සේ පැවිද්දන්ට කම්සැපවලින් අත්මිඳීම අනිවාර්යය අවශ්‍යතාවක් ලෙස හුවා දක්වා තිබෙනවා. නමුත් භික්ෂු භික්ෂුණි, උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස අතරේ ඇතැම් භික්ෂූන් කම්සැපයෙහි ගිජු වන අතර උපාසක හෙවත් ගිහියන්ගෙන් ඇතැම් පිරිසක් ඇලීම් සහ ගැටීම් මත ඇතිවන කම්සැපයේ ආදිනව වටහාගෙන එ්වායෙන් හැකිතාක් අත්මිඳී නිවන් මඟට යොමු වී සිටින අයුරු අපට දැකගන්නට පුළුවන්.

    අපේ සිංහල ජන සමාජයේ ගෙරි මස් බෙල්ලේ බැඳගෙන කෑම යනුවෙන් පිරුළක් තියෙනවා. ඉන් අදහස් වන්නේ විචාරයකින් තොරව කම්සැප භුක්ති විඳීමයි. බුදු දහමෙහි මෙය දක්වා ඇත්තේ තිත්ත සූකර පතිපදා යනුවෙන්. ඉන් අදහස් වන්නේ මඩ ගොඩක වැතිරී දඟලන ඌරා එය තෘප්තියක් කොට සලකමින් නිරතුරුව එහිම ළඟින්නා සේ පස්කම් සැපයට ගිජුවන තැනැත්තා එහිම ඇලීගැලී ජීවත් වීමයි. එ් වෙනුවට බුදු දහමෙන් යෝජනා කොට ඇත්තේ පද්මාකර ප‍්‍රතිපදාව තුළින් ජීවිතයේ සැබෑ සතුටක් සැහැල්ලූවක් සැනසුමක් අත් විඳිය හැකි මඟකුයි. මේ පද්මාකාර ප‍්‍රතිපදාව කියන්නේ මඩ වගුරක් තුළින් මතුවන නෙළුම මඩ බිඳුවක් වත් තවරා නොගෙන හාත්පස සුවඳවත් කරමින් එ් මඩ වගුරේම රැදී සිටීමේ ස්වභාවයයි. එ් අනුව බුදු දහම පස්කම් සැපය දෙස දාර්ශනිකව බැලීමට අප පොළඹවන ආගමික දර්ශනයක් මිස එෙඬ්රෙකු බැටළු රංචුවක් හසුරුවන්නාක් මෙන් අපේ ජීවන ගමන් මඟ ආගමක් තුළට බලෙන් නතුකර ගන්නා ශාස්තෘ දේශනාවක් නොවන බව අතිශයින් පැහැදිලියි.

    ශාස්ත‍්‍රපති ගලහිටියාවේ සිරිරතන හිමි
    විහාරාධිපති, පුරාණ දිඹුලාගල රජමහා විහාරය, දිවුල්ගනේ, ඇහැටුවැව

    උපුටා ගැනීම - ඉරිදා ලක්බිම
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    අපේ සිංහල ජන සමාජයේ ගෙරි මස් බෙල්ලේ බැඳගෙන කෑම යනුවෙන් පිරුළක් තියෙනවා. ඉන් අදහස් වන්නේ විචාරයකින් තොරව කම්සැප භුක්ති විඳීමයි. බුදු දහමෙහි මෙය දක්වා ඇත්තේ තිත්ත සූකර පතිපදා යනුවෙන්. ඉන් අදහස් වන්නේ මඩ ගොඩක වැතිරී දඟලන ඌරා එය තෘප්තියක් කොට සලකමින් නිරතුරුව එහිම ළඟින්නා සේ පස්කම් සැපයට ගිජුවන තැනැත්තා එහිම ඇලීගැලී ජීවත් වීමයි. එ් වෙනුවට බුදු දහමෙන් යෝජනා කොට ඇත්තේ පද්මාකර ප‍්‍රතිපදාව තුළින් ජීවිතයේ සැබෑ සතුටක් සැහැල්ලූවක් සැනසුමක් අත් විඳිය හැකි මඟකුයි. මේ පද්මාකාර ප‍්‍රතිපදාව කියන්නේ මඩ වගුරක් තුළින් මතුවන නෙළුම මඩ බිඳුවක් වත් තවරා නොගෙන හාත්පස සුවඳවත් කරමින් එ් මඩ වගුරේම රැදී සිටීමේ ස්වභාවයයි. එ් අනුව බුදු දහම පස්කම් සැපය දෙස දාර්ශනිකව බැලීමට අප පොළඹවන ආගමික දර්ශනයක් මිස එෙඬ්රෙකු බැටළු රංචුවක් හසුරුවන්නාක් මෙන් අපේ ජීවන ගමන් මඟ ආගමක් තුළට බලෙන් නතුකර ගන්නා ශාස්තෘ දේශනාවක් නොවන බව අතිශයින් පැහැදිලියි.

    :love::love::love::love: RR :love::love::love::love: