ඔටාරා පල්ලි කාක්කිට කඩේ යන උන් මේකේ ඉන්න නිසා
=======================================
සතුන් හීල කිරීම මානව පරිනාමයත් සමගම වසර දහස් ගණනක් පුරාවට සිදුවිය. විශේෂයෙන්ම ලෝකයේ රටවල් මූලික කරගෙන ඒ ඒ රටවල බහුලව දැකිය හැකි වන සතුන් හීල කිරීම සිදුවිය. උදාහරණයක් ලෙස යුරෝපියානු රටවල අශ්වයන්ද, අරාබි රටවල ඔටුවන්ද, ආසියානු රටවල්වල අලි ඇතුන්ද හීල කිරීම වනසතුන් හීල කිරීම අතර කැපී පෙනේ.
** අලි හීලෑ කිරීම යනු කුමක්ද?
- හීල කිරීමය යනු සරලවම මෙල්ල කිරීමයි. එනම් වන අලියෙකුගේ දරුණු ගති පැවතුම් වලින් අලියා මිනිසුන් සමග වාසය කිරීමට පුරුදු කිරීමයි. මෙය සාර්ථවකවම කල හැකි වන්නේ අලියෙක් කුඩා කාලයේදී වන අතර වැඩුණු අලියෙක් හීල කිරීම සංකීර්ණ ක්‍රියාවලියකි. ශ්‍රී ලංකාවේ පළමු වරට හීල අලි ඇතුන් ගැන ලිඛිත වාර්ථා සඳහන් වන්නේ වසර 2200කට පමණ පෙර දුටුගැමුණු රජතුමාට සිටි කණ්ඩුල හෙවත් කඩොල් නම් මගුල් ඇතුත්, එළාර රජතුමාට සිටි මහා පබ්බත නම් මගුල් ඇතුත් පිලිබඳවය. එමනිසා ඊට පෙරද මෙරට සංස්කෘතිය තුල හීල අලි ඇතුන් සිටිබව කිව හැකිය. පසුව අනුරාධපුර යුගයේ මහා පරාක්‍රමභාහු රජුට සිටි 2000ක ඇත් සේනාවක් ගැනද පතපොතෙහි සඳහන් වෙයි. එසේම චතුරංගනී සේනාවේ ප්‍රධානම සේනාවද ඇත් සේනාවයි. ඒ අනුව වසර දහස් ගණනකට පෙරද අලි හීල කිරීම පිලිබඳ මෙරට දියුණු තාක්ෂණයක් තිබුන බව තහවුරු වෙයි.
** ඕනෑම අලියෙක් හීලෑ කරන්න පුළුවන්ද?
- ලෝකයේ ප්‍රධාන වශයෙන් අලි විශේෂ 2ක් සිටිති. මින් එකක් අප්‍රිකානු අලියා (Loxodonta) අනිත් විශේෂය ආසියානු අලියා (Elephas maximus) ලෙස ප්‍රධාන විශේෂ 2කට බෙදේ. මින් අප්‍රිකානු අලීන් හීල කල නොහැකි අතර එයට හේතුව ඔවුන්ට දිගු කාලීන මතකයක් නොමැති වීමයි. නමුත් ඉතා සුළු වශයෙන් හීල අප්‍රිකානු අලින්ද හමුවේ. ආසියානු විශේෂය තවත් උප විශේෂ 3කට බෙදෙයි. ඔවුන් Elephas maximus maximus, Elephas maximus indicus, Elephas maximus sumatrensis ලෙස විද්යාත්මක නම් වලින් හඳුන්වන අතර Elephas maximus maximus උප විශේෂය ශ්‍රී ලංකාවේ සහ තායිලන්තයේද, Elephas maximus indicus ප්‍රභේදය ඉන්දියාවේද, Elephas maximus sumatrensis උප විශේෂය සුමාත්‍රා දූපත් සහ ඉන්දුනීසියාව මූලික කරගෙනද වාසය කරයි. මෙම ව්‍යාප්තිය නිසා ශ්‍රී ලංකාව, ඉන්දියාව, මියන්මාරය, තායිලන්තය සහ ඉන්දුනීසියාව ආදී රටවල බහුලවම හීල අලි ඇතුන් දැකගත හැකිය.
** අලි ඇතුන් හීල කරන්නේ මිනිසුන්ට වැඩ ගැනීමටද?
- අතීතයේ ඉහත සඳහන් කල සියළුම රටවල් ආදිය හීල අලි ඇතුන් විශේෂයෙන් යුධ කටයුතු සඳහාත්, ඉදිකිරීම කටයුතු සඳහාත්, සංස්කෘතික කටයුතු සඳහාත්, සංචාරක කටයුතු සඳහාත් භාවිතා කලද, තාක්ෂණයේ දියුණුවත් සමගම යුධ කටයුතු සහ ඉදිකිරීම් කටයුතු වලින් හීල අලි ඇතුන් ඉවත් කෙරුණි. නමුත් මියන්මාරය වැනි රටවල තවමත් දුෂ්කර ප්‍රදේශ වල කොටන් ඇදීම සඳහා අලි ඇතුන් භාවිතා කිරීම දැකීමට හැකිය (මෑත ඉතිහාසයේ දළදා මාලිගාවට පූජා කල මියන් රාජා ඇතුද මියන්මාරයේදී කොටන් අදිමින් සිටි ඇතෙකි). එසේම සංචාරක කටයුතු වලට අලි ඇතුන් යෙදවීම දැඩි නීති රීති යටතේ සිදුවන අතර වැඩි වශයෙන් ගෘහාශ්‍රිත අලි ඇතුන් සංස්කෘතික (ශ්‍රී ලංකාව සහ ඉන්දියාව රටවල පෙරහරද, තායිලන්තය වැනි රටවල රාජ්‍ය උත්සව ආදියද) කටයුතු සඳහා භාවිතා කෙරෙයි. දැනට ශ්‍රී ලංකාවේ හීල අලි 100කට ආසන්න ප්‍රමාණයක් සහ ඇතුන් 20කටත් අඩු ප්‍රමාණයක් පමණක් ඉතිරිව ඇත.
** පෙරහැර සංස්කෘතිය සහ අලි ඇතුන්
- මේ දිනවල ජනප්‍රියම මාතෘකාව මෙයයි. පෙරහැර සංස්කෘතිය පිලිබඳ ඇතැමුන් අසන ප්‍රශ්ණයක් වන්නේ මහා කාරුණික බුදුන් වහන්සේගේ දන්ත ධාතුව අලියෙකුගේ පිටේ වැඩම කරවීම හිංසනයක් නොවේද යන්නයි. මුලින්ම ඇසළ පෙරහැර යනු කුමක්ද සහ බුදුදහම යනු කුමක්ද යන්න අප අවබෝධ කරගත යුතුය. ගෞතම බුදුන් වහන්සේ යනු අවිහිංසාවාදී ධර්මයක් දේශනා කරපු උත්තමයෙකු මිස පරම අවිහිංසාවාදයක් දේශණා කරපු නිගණ්ඨනාථපුත්ත කෙනෙකු නොවේ. අනිත් කරුණනම් ඇසළ පෙරහැර යනු සංස්කෘතික උත්සවයක් මිස ආගමික උත්සවයක් නොවෙයි. ඇසළ පෙරහැර යනු බෞද්ධ සංස්කෘතියට මුල්තැන දුන් සංස්කෘතික උත්සවයකි. එසේම කිසිම අවස්තාවක දන්ත ධාතූන් වහන්සේ ඇසළ පෙරහැරේ වඩම්මවන්නේද නැත. ඒ වෙනුවට වඩම්මවන්නේ පෙරහැර කරඬුව සහ ධාතූන් වහන්සේලා දෙතිස් නමකි. දන්ත ධාතූන් වහන්සේ ඇසළ පෙරහැරක වැඩමවීම අවසන් වරට සිදු වූයේ වසර 200කට පමණ පෙරදීය (මා නිවැරදිනම් 1826 වසරදීය). එසේනම් සංස්කෘතික පෙරහැරකදී ආගමික සංකේතයක් වන පෙරහැර කරඬුව වැඩම කරවන්නේ ඇයිද යන්න සාධාරණය ප්‍රශ්ණයක් ඇතිවිය හැකිය. එයට හේතුව නම් වසර දහස් ගණනක් පුරා අතීතයේ පටන්ම රාජ්‍යත්වයේ සංකේතය වූයේ දළදා වහන්සේය. එමනිසා කීර්ති ශ්‍රී මේඝවර්ණ රජුගෙන් පසුව අද දක්වාම දළදා වහන්සේ ආරක්ෂා කරගැනීම පවතින රජයක මූලිකම කාර්යයක් විය. දළදා වහන්සේ තමා සතුව නොමැති කිසිදු රජකෙනෙක් මෙරට නිල රාජ්‍ය පාලකයා යයි පිළිගැනීමට මිනිසුන් අකමැති විය. අතීතයේ පෙරහැරේ රජතුමා හෝ මහා අධිකාරම් ගමන් ගත් අතර වර්තමානයේදී දියවඩන නිලමේතුමාගෙන් නිරූපණය වන්නේ එම භූපති ය.
පෙරහැර කරඬුව වැඩමවීමද සියළුම හීල අලි ඇතුන්ට නොලැබෙන අවස්ථාවකි. එයට සුදුසුකම් සපුරා ඇත්තේද ලංකාවෙන්ම ඇතුන් තිදෙනෙකු පමණි. එනම් නැදුන්ගමුව රාජා, කතරගම වාසනා සහ ඉන්දිරාජා යන ඇතුන්ය. ඊට අමතරව දෙවන පෙළ වශයෙන් සිංහරාජා, කැලණියේ කණ්ඩුල, කෝට්ටේ රාජා සහ මියන් රාජා ඇතුන්ද මේ කාලයේ සූදානම් වූවත් මහරන්දෝලි පෙරහැරකට තවම අත්දැකීම් සහ පුහුණුව ඔවුන් ලබා නොමැත. දශක 5-6කට පෙර අතීතයේ දළදා පෙරහැරට අලි ඇතුන් 150ක පමණ ප්‍රමාණයක් සහභාගීවූවත් හීල අලි ඇතුන්ගේ සීග්‍ර හිඟය නිසා දැන් සහභාගීවන්නේ අලි ඇතුන් අලි ඇතුන් 50-60ක ප්‍රමාණයකි.
තවද, මෙරට සංස්කෘතිය තුල පෙරහැර සහ කරඬුව වඩම්මවන මගුල් ඇතාගේ ගමනත්, හික්මීමත්, සංවරයත් ජාතියේ ප්‍රෞඩත්වය සහ අභිමානය නිතැතින්ම ලොව හමුවේ කියා පෑවේය. පෙරහැරේ අලි ඇතුන් ගමන් කිරීම ප්‍රශ්ණ කිරීමට මූලික හේතුව වන්නේද මෙයමය.
** දම්වැලකින් බැන්ද පමණින් අලියෙක්, ඇතෙක් පෙරහැරක ගෙන යා හැකිද?
- සරලම පිළිතුර දම්වැලක් සහ හෙණ්ඩුවක් තිබූ පමණින්ම අලියෙක්ව පෙරහැරක රැගෙන යා නොහැකිය. එයට මනා පුහුණුවක් අවශ්‍යය. ඒ සඳහා අලියා හෝ ඇතාගේ දායකත්වයද අත්‍යාවශ්‍ය. අලියා යනු අතිශය බුද්ධිමත් සත්වයෙකි. ඔවුන්ට වෙනම භාෂාවක්, වෙනම ජීවන ක්‍රමයක් පවතී. කිලෝ 4000-5000ක් බර අලියෙක් දම්වැලකින් පෙරහැරේ ඇදගෙන යාමට ඇත්ගොව්වෙකු තියා ඇත්ගොව්වන් 50 ක් සහභාගී වුනත් සිදුකල නොහැකිය. ඒ සඳහා ඇතා සහ ඇත්ගොව්වා අතර අන්‍යොන්‍ය අවබෝධයක් (Mutual understanding) පැවතීම අත්‍යවශ්‍ය කරුණකි. එසේ නොමැතිව තමන්ට අනවශ්‍ය ලෙස හිරිහැර කරන ඇත්ගොව්වෙකු අවශ්‍යනම් මරා දැමීමම පවා වැඩුණු අලියෙක්ට එක් හොඬවැල් පහරක හෝ පා පහරක සුළු දෙයක් පමණි (එවැනි අවස්ථාද ඕනෑතරම් වාර්ථා වෙයි). තවද, අලින්ගේ පාදයේ සහ බෙල්ලේ ඇති දම්වැල් ගැනද ඇතැමුන් ප්‍රශ්ණ කරති. පිටුපස පාද වලට දම්වැල් යොදා ඇත්තේ හදිසි අවස්තාවකදී අලියා දුවන එක නතර කිරීමටය. එසේම ඉදිරි පාදයේ සහ බෙල්ලේ ඇත්තේ අමතර දම්වල්ය. මේවාද බොහෝ විට අලි විසින්ම දමා ගැනීමට හුරුකර ඇත. දම්වැලක් සහ හෙණ්ඩුවක් තිබූ පමණින් අලියෙක් පෙරහැරේ රැගෙන යා හැකිය කියා ඔබ සිතනවානම් සමස්ත 120ක් පමණ වෙන මෙරට හීලා අලි ඇතුන් සංචිතයම එකවර පෙරහැරේ රැගෙන යාමට තිබුණි.
එසේ පේවී සිටින අලි පෙරහැරට දෙන දායකත්වයද, මෑත කාලයේ පවා බොහෝ දෙනා දැක ඇත. ප්‍රකට උදාහරණ කිහිපයක්නම්; විශේෂයෙන්ම මාලිගාවේ රාජා ඇතු පාවාඩ නොමැතිව පෙරහැරේ ගමන් කිරීම ප්‍රතික්ෂේප කල නම්බුකාර ඇතෙකි. ඇතැම් විට පාවඩය එලන විට, පාවඩයේ අනෙක්පස සුලඟේ යාම වැලක්වීමට ඇතු විසින් එක් කෙළවරකට හොඬවැල තබා තද කරගෙන සිටිමින් පාවඩය එලන්නන්ට සහය දීම එකල සුලබ දසුනකි. එසේම රන්හිඳිගෙය බැඳ ඇති පටි බුරුල් වූ විට රාජා ඇතු ඇත්ගොව්වන්ට ගොරවා පෙරහැරේ ගමන් කිරීම ප්‍රතික්ෂේප කිරීමද ප්‍රකට කරුණකි. වරක් ඇත්ගොව්වෙකු නොමැතිව මුළු පෙරහැරේම තනියෙම රාජා ගමන් කළේය. තවද වරක් ඇතු කුලප්පු වී කටුගස්තොට ප්‍රදේශයේ කැලෑ වැද සිටියදී ඇතු අල්ලා ගැනීම ඇත්ගොව්වන්ට අපහසු කාර්යයක් විය. මාලිගාවේ සෙසු ඇත්ගොව්වන්ද රාජා අල්ලා ගැනීමට එක්වූවද කුලප්පු වී සිටි ඇතා අසලට යාම පවා බියකරු විය. අවසානයේ එවකට සිටි දියවඩන නිලමේතුමාගේ නියෝගය වූයේ පෙරහැරේ වාදනය කරන ලෙසට ගජගා වන්නම හේවිසි කරුවන් ලවා ඇතාට ඇසෙන මානයට ගොස් වාදනය කිරීමයි. ඒ අනුව මාලිගාවේ හේවිසි කණ්ඩායමේ ගජගා වන්නම් වාදනයට මෙල්ල වුනු ඇතා පහසුවෙන්ම පොඩි දරුවෙකු ආකාරයෙන් නැවත ගෙන්වා ගැනීමට ඇත්ගොව්වන් සමත් විය. එසේම දිවුරුම්ගල විහාරයේ සිට ඇත්ගොව්වන් කිහිපදෙනෙකුම මරා දැමූ ප්‍රචණ්ඩ ඇතෙක් ලෙස ප්‍රකටව සිට පසුව ගංගාරාමයට පූජා කල අතුල ඇතාද, දොඩම්වල හෙන්රි ගුණසේකර මහතාගේ මැදිහත්වීමෙන් අවසානයේ පාදයේ දම්වැල් පවා නොමැතිව නිදහසේ පන්සලේ සිටීමට තරම් හීල ඇතෙක් වීමය. මෙවර පෙරහැරේ නැදුන්ගමුව රාජා අතුද තමාගේ හොඬවැලෙන් තමන්ට එලූ පාවඩය සකසා ඒ මත පාදය තැබීමත්, කතරගම දේවාල පෙරහැරේ අලි කලබලය මැදින් ඉතා සංවරව කරඬුව උරදරා වැඩම කරවීමත් විශේෂ සිදුවීම් වෙයි.
** මද කිපුණ අලි පෙරහැරේ යාමට හැකිද?
- මද කිපීම යනු පිරිමි අලියෙක් හෝ ඇතෙක් තමන්ගේ සිරුරේ උෂ්ණත්වය පිට කිරීමේ කාලයයි. මෙය ඇත්ගොව්වන් සහ අලි හාම්පුතුන් අතර තෙමීම, ගහට යාම, කම්මුල් තෙමීම වශයෙන්ද හඳුන්වයි. මද කිපීම වසරකට වරක් හෝ දෙවරක් ලෙස හෝ එකවර මාසයක සිට මාස 6ක පමණ කාලයක් දක්වාද සිදුවිය හැකිය. මෙය අතිශය ස්වභාවික සිදුවීමක් වන අතර අලියෙකු / ඇතෙකු නියමිත කාලයට මද කිපීම ඔහුගේ නිරෝගී බව පෙන්නුම් කරයි. මේ කාලවදී අලියා හෝ ඇතා ස්වාභාවිකවම දරුණු වන අතර පෙරහැරක ගෙනයාමට තබා ඇත්ගොව්වා අලියා අසලට යාම පවා මාරාන්තික අවධානමකි. මේ කාලයේදී අලියා හෝ ඇතා දරුණු හිසේ වේදනාවක් හටගන්නා අතර කම්මුල් දෙපසින් සහ ලිංගයෙන් මද ශ්‍රාවය ගැලීමක් සිදුවෙයි. මද කාලය තුලදී අලියාට ආහාර දීම සහ නෑවීම සිදු කරන්නේද සැලකිය යුතු දුරක සිටගෙනය. එසේ දරුණුවන අලියෙක් පෙරහැරක රැගෙන යාමට හැකිදැයි විමසීම පවා හාස්‍යට කරුණකි.
** හීලෑ අලි ඇතුන් සම්බන්ධ ගැටළු
- 120ක් පමණ වන දැනට ඉතිරිව ඇති ගෘහස්ථ අලි ඇතුන් කළමණාකරණයේද ගැටළු රැසක් ඇති බව අප නිහතමානීව පිළිගත යුතුය. එයින් ප්‍රධානම කරුණු නම් වර්තමාන හස්ථිපාලකයන්ට හීලා අලි කළමනාකරණය පිලිබඳ ප්‍රමාණවත් දැනුමක් නොමැතිවීම, අභිජනන අවස්ථා අහිමිවීම, මද කිපෙන කාලයේ දීර්ඝකාලයක් ගැටගසා සිටීම, සංචරණ සීමා තිබීම, සෆාරි සඳහා ඉතා සුළුවෙන් හෝ යොදා ගැනීම, ඇත්ගොව්වන් මත්පැන් පානයට පුරුදුවීම, අලි හාම්පුතුන්ට අලි ඇතුන් ගැන අඩු අවධානයක් යොමු කිරීමයි. නමුත් පසුගිය අගෝස්තු 20වන දින නිකුත්කළ ගැසට් නියෝගයකට සාධණීය විසඳුම් රැසක්ම නීතිගත විය. එමගින් හස්ථිපාලකයන්ට විධිමත් පුහුණුවක් ලබාදීම සහ ඔවුන්ට මත්ද්‍රව්‍ය භාවිතය තහනම් කිරීමත්, සියළු තාක්ෂණික ක්‍රමවේද නීතිගතවිය යුතු වීමත් ගෘහස්ථ අලි ඇතුන්ගේ හෙට දවස වඩාත් යහපත් වීමට හේතුවක් වනු ඇත.
-කවිඳු හඳපාන්ගොඩ-