බෞද්ධ හස්තීන්

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,613
    2,228
    113
    පෙරහැරක අලි කුලප්පුව ගැන මට දැන ගන්නට ලැබුනේ අදය. නමුත් මෙයට සමාන පුවත් මීට කලිනුත් දැක ඇත.


    මුලින්ම්ම පෙරහැරක් දුටු කාලයේ සිට, පෙරහැරක අලිගෙනයාමේ අරමුණ කුමක්ද යන්න මට තිබූ ලොකු ගැටලුවක් විය. මෙහි අරමුණ දන්නා අයෙක් වේනම්, මාහට පහදා දීමෙන් සැලකියයුතු පින් ප්‍රමාණයක් රැස් කර ගැනීමේ හැකියාව ඇත. (පිං++)


    මා සිතනා ආකාරයට, බෞද්ධයන් පෙරහැරේ අලි ගෙනයාමට හේතු 5ක් ඇත.


    1) අලි, සත්වයන් අතර ඉහල බුද්ධියකින් හෙබි සතුන් පිරිසක් බැවින්, හොඳින් හෝ නරකින් ඔවුන් ලවා පින් සිදු කර, දිවිය ලෝකේ යැවීමේ සද්ධා පෙරටු අදහසින් මෙය සිදු කරනු ලබයි.


    මෑතකදී අපහට දක්නට ලැබුනු, බොදුණුවන් අතර ඉමහත් ඉමහත් උද්වේගයකට හේතු වූ, අලියෙක් තම පාදයේ පිරිත් නූලක් ගැට ගසා ගැනීම, මෙම තර්කයට පක්ෂපාතී සිදුවීමකි.


    නමුත්, එසේනම් පෙරහැරේ අලි කුලප්පුව මෙයට අනුකූල වන්නේ කෙසේද?

    ඉතා සරලය. මිනිසුන් අතර මෙන්ම, අලි ඇතුන් අතරද බවුද්දාගමික, මිත්‍යාදෘෂ්ටික, අන්‍යාගමික ආදී වශයෙන් බෙදී යාමක් ඇතුවා විය යුතුය.

    එසේනම්, පෙරහැරවල්වල අලිකුලප්පු හා මිත්‍යාදෘෂ්ටිකයන්ගේ සත්ව හිංසා පැමිණිලි වලට ඉතා සරල විසඳුමක් ඇත. බොදු අලි ඇතුන් පමණක් පෙරහැරේ රැගෙන යා යුතුය.
    බොදු අලි ඇතුන් වෙන් කර ගන්නේ කෙසේද? සරලය.

    අලි ඇතෙක් ගෙන, ඔහුට ඉදිරියෙන් වම් පසින් බවුද්ද ප්‍රතිමාවක් හෝ පිරිත් නූලක්ද, දකුණු පසින් කුරුසයක්ද මැද්දෙන් කෙසෙල් ඇවරියක්ද තැබිය යුතුය. බුද්ධිමත් ඔබලාට දැනටමත් මා යෝජනා කරන ක්‍රමවේදය වැටහිය යුතුය.
    අත්‍යාවශ්‍ය නම්, ප්‍රදාන පෙරහැරවල් සඳහා, දැඩි ලෙස ශීලයේ නියුතු අලි ඇතුන් වෙනම ආකාරයකට තෝරා ගත යුතුය. (උදා - සිලවත් යැයි සැක කෙරෙන හස්තිරාජයා මද කිපෙන තෙක් හිඳ, වම් පසින් සරාගී ඇතින්නියෙක්ද, දකුණු පසින් දැහැමි පැහැපත් භික්ෂූන් වහන්සේ නමක්ද යෙදවීම)

    (මෙහි මා නොසිතූ පැතිකඩක් ඇත. අන්‍යාගමික හෝ නිරාගමික හස්තීන්ද, ඔවුනගේ මතු දිවිය සැපවත් කිරීමේ අරමුණින්, බලහත්කාරයෙන් පෙරහැරේ රැගෙන යාමට ඉඩ ඇත. නමුත්, සැබෑ බොදුණුවන් මෙවැනි ක්‍රියාවලියකට එලැබීමට ප්‍රථම, අන්‍යාගමික තම්බීවරුන්, පාදිලිවරුන් ආදී සහෝදර වරුන්ගේ මතු ජීවිත බලයෙන් සැපවත් කිරීමට පෙලඹෙන බව මාගේ අවංක විශ්වාසයයි)

    2) දෙවන හේතුව
    අලිඇතුන්ද අනිත් සත්වයන් මෙන්ම, සිතීමේ හැකියාවක් නොමැති වූවන් උවත්, ඔවුන්ව ලවුවා පින් කරවා ගැනීමේ අරමුණෙන් මෙය සිදු කරනවා විය හැකිය.
    නමුත්, මෙය පිළිගැනීමට අපහසුය. මන්ද, එසේනම් පෙර් ආකාරයටම තර්ක කිරීමෙන්, පෙරහැරේ බල්ලන්, බූරුවන්, හරකුන්, ඌරන්, මාලුවන් ගෙන යා යුතුය.

    3)තෙවන හේතුව
    සංචාරකයන් කුල්මත් කර, ඔවුන් ගෙන්වා ගැනීමේ අරමුණ.

    මෙයද කෙසේවත් විශ්වාශ කල නොහැක.
    බොහෝ සංචාරකයන්, අවිහිංසාවාදී බවුද්දයන්ට සත්ත්ව හිංසා චෝදනා එල්ලකර, පවු පුරවා ගනී.

    ඒ කෙසේ උවත්, සකලසිරියෙන් සපිරුනු, ධන ධාන්‍යයෙන් උතුරා යන, විශ්වයේ ආශ්චර්‍යත්මකම කාලගුණ පාලන යාන්ත්‍රණය්ක් අන්තර්ගත දන්තවහන්සේ නමක් වැඩ වසන, අපසිරි ලංකාවට, නූගත්, වැසිකිලි ගොස් පශ්චාත්ප්‍රදේශය ශෝධනය නොකරන, පර සුද්දන්ගෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැත.

    (කෙසේනමුත් සම්‍ය්ක්ප්‍ර්‍යෝගයෙන් මිත්‍යාදෘෂ්ටික් සංචාරකයන් ගෙන්වා, ඔවුන් බුදු දහමට ආකර්ෂණය කිරීමේ දැහැමි අදහසෙන් මෙය සිදු වෙනවා වීමටද හැකිය. නමුත් එසේනම්, චීනයේ මකර නැටුම් මෙන්, අපගේ කාලවර්ණ මිටි සිංහලයන් එකා පිට එකා නංවා වස්ත්‍ර පොරවා, විදුලි බුබුලු එල්ලා, අලි නැටවීමෙන් මෙයටද වඩා සංචාරක ආකර්ෂනය ලැබෙන බව අපගේ බුද්දිම්ත් යතුවරයානන් හට අලුතෙන් පැවසීමක් අවශ්‍ය නොවේ. එබැවින්, මෙයට අන්‍ය අරමුණක් තිබිය යුතුය)

    4)හතරවන හේතුව
    පූජ්‍ය යතුවරයාණන් වහන්සේලා තමන්ගේ විශාලත්වය්න් පෙන්නුම් කිරීමෙ අරමුණෙන් මෙය සිදු කරන බව, පවුකාර අන්‍යාගමිකයන් එල්ල කරන අසත්‍ය චෝදනාවක් වන අතර, ඔවුන් ගැන අප සරලවම අනුකම්පා කරමු.
    මෙම මෝඩ චෝදනාව සත්‍යයක්නම්, අලි ඇතුන්ට ප්‍රතමව, ඔවුන්ට වඩා විශාල ජිරාෆ් වැනි සත්ත්වයන් පෙරහැරේ ගෙන යන බව, ඔවුන්ට නොතේරෙන්නේ මන්ද?

    මේ කිසිදු හේතුවක් සත්‍ය හේතුව විය නොහැකි අතර, සැඟවුණු, සත්‍ය හා පූජනීය හේතුව මා හට පවසා, මාගේ අනවබෝධයේ අන්ධකාරය ආලෝකමත් කිරීමට ඉදිරිපත් වන පුණ්‍යවන්තයන් හට මහත් ඵල ලැබේවා.

    (මාගේ අවංක ප්‍රශ්නයට, අශහ්‍ය් වචනයෙන් අමතා, මාගේ දෙමාපියන් හටද පරුෂ වචන පවසන, නාමික භවුද්ධයන්, නිරාගමිකයන්, පල්ලි කාක්කන් බුදු දහමෙන් නෙරපා දැමීමේ ක්‍රියාවලියක් දියත් විය යුතුය. මොවුන් බුදු දහමට, සැබෑ බවුද්දයන්ට, සිත දමනය කර ගැනීමට ඉගැන්වූ බුදුරදුන්ට අපහාසයක් වන අතර, මතු භවයේ නරකයේ ඉපදෙනු ඇත. මාගෙන් ඔවුන් හට ඇත්තේ එක පැනයකි. බුදුරදුන් වැඩ සිටියේ නම්, ඔවුන්ගේ ප්‍රතිචාරය ගැන කුමක් පවසනු ඇතිද?)

    (තවත් දෙයක්. මා පෙරහැරේ අලි නැටවීම ගැන ප්‍රශ්න කරන මුත්, බ්‍රොයිලර් කුකුලන් සෑදීම ගැන ප්‍රශ්න නොකරන්නේ කිමද? වැනි පැනයක් විමසීමට තටමනා අයවලුන්ගෙන් ඇසීමට ඇත්තේ, ඔවුනගේ පව්ලේ අයෙකු ලිංගික හිංසනයකට හසු උවහොත්, ඒ පිලිබංදව පොලීසියට ගියවිට, පොලීසියෙන් මෙසේ කිවහොත් ඔබට සිතෙන්නේ කුමක්ද කියාය.
    "ලංකාවෙ මෙච්චර දවසකට මිනීමැරුම් වෙනව. ඇයි ඔය පොඩි ලිංගික හිංසනේ ගැන හොයන්නෙ"

    එක වරදකින් තවත් වරදක් වැසීමට තැත් කිරීම අතිශය ගොබ්බ ක්‍රියාවලිය්ක් වන්නේය)
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,926
    1
    157,250
    113
    97
    හෝමාගම
    සල්ලි තමයි

    කරඩුව කැරියර් එහෙක හරි රෝල්ස් රොයිස් එහෙක හරි අරන් ගියොත් ඕක බලන්න මොකෙක්වත් එන්නෙ නෑ
    නුවර නගර සබාවට, හෝටල් ටිකට, මාලිගාවට ආදායම් එන හොදම විදියක් තමා පෙරහර
    සුද්දො එන්නෙත් ඒකයි

    ඇත්ත අරමුන, දලදා ප්‍රදර්ශනය නෙවෙ ( අරන් යන්නෙත් අනුරුවක්ලුනෙ )
    කරඩුවක් පෙන්නල, අලිය නටෝල කීයක් හරි හොයාගන්න එක.

    ඕක බුදු හාමුදුරුවොන්ට කරන පට්ට අපහාසයක්
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,613
    2,228
    113
    සල්ලි තමයි

    කරඩුව කැරියර් එහෙක හරි රෝල්ස් රොයිස් එහෙක හරි අරන් ගියොත් ඕක බලන්න මොකෙක්වත් එන්නෙ නෑ
    නුවර නගර සබාවට, හෝටල් ටිකට, මාලිගාවට ආදායම් එන හොදම විදියක් තමා පෙරහර
    සුද්දො එන්නෙත් ඒකයි

    ඇත්ත අරමුන, දලදා ප්‍රදර්ශනය නෙවෙ ( අරන් යන්නෙත් අනුරුවක්ලුනෙ )
    කරඩුවක් පෙන්නල, අලිය නටෝල කීයක් හරි හොයාගන්න එක.

    ඕක බුදු හාමුදුරුවොන්ට කරන පට්ට අපහාසයක්
    💯
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,613
    2,228
    113
    පෙරහැර ඉවරයි... ඊළග අවුරුද්දෙ එන්න.. දැන් යන්න...
    මෙය ත්‍රෙඩ් එකකි. මෙය පල කර අවසන්ය. මෙයින් යෑමට පැවසීම අතිශය මුග්ධ ප්‍රකාශයකි
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,613
    2,228
    113

    පෙර්හැරේ අලි ඇතුන් රැගෙන යාම අත්‍යවශ්‍ය නම්, ඇත් ගොව්වන් රහිතව එය සිදු කල යුතුය. අලි ඇතුන් හට පෙරහැරට් පෙරාතුව, ධර්මය ශ්‍රවණය කිරීමට ලබා දිය යුතුය. ඉන් අනතුරුවද මොවුන්, සිත දමනය කර ගැනීමට නොහැකිව, කුලප්පු උවහොත් හෝ මිනිස් ඝාතන සිදු කලහොත්, එයට දඬුවම් පැමිනවීමක් සිදු කල හැක(අත්‍යාවශ්‍ය නොවේ. ඔවුනගේ පාප ක්‍රියාවන් හට ප්‍රතිවිපාක ඔවුන් හට ස්වභාවිකවම මතු ආත්මයේ ලැබෙනු ඇත)

    එසේ නොමැතිව, අනාගත පාප ක්‍රියා පිළිබඳ සැකයෙන්, අහිංසක හස්තියෙකු හට පාලකයින් පැමිණවීම ගැන තරයේ විරුදු වෙමි.
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,393
    3,003
    113
    ජෝන්ගෙ ගෙදර
    පෙර්හැරේ අලි ඇතුන් රැගෙන යාම අත්‍යවශ්‍ය නම්, ඇත් ගොව්වන් රහිතව එය සිදු කල යුතුය. අලි ඇතුන් හට පෙරහැරට් පෙරාතුව, ධර්මය ශ්‍රවණය කිරීමට ලබා දිය යුතුය. ඉන් අනතුරුවද මොවුන්, සිත දමනය කර ගැනීමට නොහැකිව, කුලප්පු උවහොත් හෝ මිනිස් ඝාතන සිදු කලහොත්, එයට දඬුවම් පැමිනවීමක් සිදු කල හැක(අත්‍යාවශ්‍ය නොවේ. ඔවුනගේ පාප ක්‍රියාවන් හට ප්‍රතිවිපාක ඔවුන් හට ස්වභාවිකවම මතු ආත්මයේ ලැබෙනු ඇත)

    එසේ නොමැතිව, අනාගත පාප ක්‍රියා පිළිබඳ සැකයෙන්, අහිංසක හස්තියෙකු හට පාලකයින් පැමිණවීම ගැන තරයේ විරුදු වෙමි.
    ඇත්ත මචන්. වැරදි වැඩක්. රාජා ඇතා වගේ හිලෑ අලි ඇත්තු තමයි ගොඩක් පෙරහර වල යන්නෙ. ඇතෙක් කියන්නේ ගොඩක් උසස් තේජාන්විත සතෙක්. බල්ලෝ, පූසෝ, ජිරෆ්ල වගේ නෙමෙයි. ඕක ඉස්සර ඉදන්ම මිනිස්සු බුදු හාමුදුරුවන්ට උපරිම ගෞරවය දක්වන්න කරන්නේ. හැබැයි ඒ සතුන්ට වධ දෙනවනම් ඒක වැරදියි.
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,119
    2,751
    113
    මෙය ත්‍රෙඩ් එකකි. මෙය පල කර අවසන්ය. මෙයින් යෑමට පැවසීම අතිශය මුග්ධ ප්‍රකාශයකි
    පෙරහැරත් දැන් ගොසින් අවසන්ය... අලි ගම් බිම් බලාද ගොස් අවසන්ය..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    42,878
    86,593
    113
    උබට ලියන්න අමතක උන පස්වෙනි හේතුව.

    සිංහල බෞද්ධ ගිහියන් විසින් සහස් වර්ෂ 2කකට ආසන්න කාලයක් කරගෙන ආව බුද්ධ පුජා රාශියක එකතුවක්.
     
    • Like
    Reactions: S_M_S

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,172
    1,076
    113
    සල්ලි තමයි

    කරඩුව කැරියර් එහෙක හරි රෝල්ස් රොයිස් එහෙක හරි අරන් ගියොත් ඕක බලන්න මොකෙක්වත් එන්නෙ නෑ
    නුවර නගර සබාවට, හෝටල් ටිකට, මාලිගාවට ආදායම් එන හොදම විදියක් තමා පෙරහර
    සුද්දො එන්නෙත් ඒකයි

    ඇත්ත අරමුන, දලදා ප්‍රදර්ශනය නෙවෙ ( අරන් යන්නෙත් අනුරුවක්ලුනෙ )
    කරඩුවක් පෙන්නල, අලිය නටෝල කීයක් හරි හොයාගන්න එක.

    ඕක බුදු හාමුදුරුවොන්ට කරන පට්ට අපහාසයක්
    rajage kale suddo hitiye nene ban...
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,613
    2,228
    113
    පෙරහැරත් දැන් ගොසින් අවසන්ය... අලි ගම් බිම් බලාද ගොස් අවසන්ය..
    පෙරහැරින් පසු අලින් ගම් බිම් බලා යවනු නොලැබේ. ඒ වැඩිහිටියන් සිඟිත්තන් රැවටීමට ගෙතූ මුසාවකි. පෙරහැරින් පසුද අලින් යකඩ දම්වැල් යොදා සිරගතකොට ඇත

    උබට ලියන්න අමතක උන පස්වෙනි හේතුව.

    සිංහල බෞද්ධ ගිහියන් විසින් සහස් වර්ෂ 2කකට ආසන්න කාලයක් කරගෙන ආව බුද්ධ පුජා රාශියක එකතුවක්.
    ඇයි ඒ පූජා වලට අලි ඇතුන් යොදවා ගත්තේ? බුදු දහම සත්ත්ව හිංසනයට අනුබල දෙන්නේ ඇයි?
    ------ Post added on Sep 4, 2023 at 10:31 AM
     
    • Like
    Reactions: Mr.dark

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    42,878
    86,593
    113
    පෙරහැරින් පසු අලින් ගම් බිම් බලා යවනු නොලැබේ. ඒ වැඩිහිටියන් සිඟිත්තන් රැවටීමට ගෙතූ මුසාවකි. පෙරහැරින් පසුද අලින් යකඩ දම්වැල් යොදා සිරගතකොට ඇත


    ඇයි ඒ පූජා වලට අලි ඇතුන් යොදවා ගත්තේ? බුදු දහම සත්ත්ව හිංසනයට අනුබල දෙන්නේ ඇයි?
    ------ Post added on Sep 4, 2023 at 10:31 AM
    බුදු දහම අනුබල දීලා නෑනේ. ගිහියෝ විසින් කරන පූජාවක් නෙ.
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,119
    2,751
    113
    පෙරහැරින් පසු අලින් ගම් බිම් බලා යවනු නොලැබේ. ඒ වැඩිහිටියන් සිඟිත්තන් රැවටීමට ගෙතූ මුසාවකි. පෙරහැරින් පසුද අලින් යකඩ දම්වැල් යොදා සිරගතකොට ඇත.
    අලින්ව යම් සේ පුහුණුකර ඇත්ද.. ඔබවත්, ඔබගේ සත්ව කරුණාවත් ඒ ලෙසම පුහුණුකර ඇති බවක් පෙනේ..
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,490
    6,128
    113
    අලි දැන් නිකම්ම සතෙක් උනාට ඉස්සර යුද්දෙදි හිටපු බීස්ට් කෙනෙක්. හෙල්ලකින් ඊතලයකින් මරන්න බැරි ටොන් පහ හයක් බර දැන් තියන ටැංකියක් වගේ තමයි. යුද්ධයක් මැද්දෙ අලියෙක් දුවද්දි හිතපං කො. ඉස්සර සේනාවක තරම කිව්වෙ අලි ඇත්තු ගානින්. රජෙක්ගෙ තේජස තමයි අලි ඇත්තු. ඉතින් හොදම හැඩි දැඩි උන් පෙරහැරට ඒකතු කලා. තමන්ගෙ හොදම සේනාන්ක පෙරහැරට හෙලි කඩු දුනු වගේ ඒ්ව ඒක්ක ඒකතු කලා. දලදා පෙරහැර කියන්නෙ ඉස්සර රජාගෙ බලය පෙන්වන්න තිබුන පෙරඩ් ඒකක් තනිකරම වගේ. අනික උඩරට හිටිය රජවරු 99% වගේ හින්දු. බෞද්ධ කමට අදාල නෑ. දැන් ඒ්ක සංස්කෘතිය. )
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    1,991
    2,074
    113
    අනෙ නිකං පලයං #කෝ යන්න ලබන අවුරුද්දෙ පෙරහැර කාලෙට වරෙන් ගොබ්බයා
     
    • Haha
    Reactions: sarika406