පෙරුම් පුරාගෙන ආ සංසාරේ

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    පෙරුම් පුරාගෙන ආ සංසාරේ

    මේක ලස්සන ගීතයක් සමහර අය මේ ගීතය විනෝද අවස්තාවලත් දාලා නටනව. නමුත් මෙහි කතා පුවත ඉතා දුක්බරයි..

    එක හාමුදුරු නමක් ලංකාවේ එක දුම්රියක ගමනක් යමින් උන්නා.. තම ගමන් කෙසේ වුවද තම පෑන අතට ගෙන යමක් ලියන්නට පුරුදුව සිටි හිමි නම ගීත ලියමින් උන්නා. මෙහෙම යන දුම්රිය එකවරම නතර වෙනවා.. ටික වෙලාවක් ගියා.. ටිකකින් එම මැදිරියේ සිටිය මිනිසුන් කිහිප දෙනෙක් බැහැලා යනවා ඉදිරියට.. ඔහොම ගිහින්.. සුලු මොහොතකින් යලිත් මැදිරියට ඔවුන් ගොඩවෙන අතර, දුම්රිය නැවතත් ගමන් අරඹනවා.. යන දුම්රියේ වීදුරුව තුලින් මේ හාමුදුරුසු නමට පෙනෙන්නේ එක තැනක සෙනග වටවී සිටින වගත්... ඉතින් උන්වහන්සේ අර එම ස්තානයට ගිය මිනිසෙකුගෙන් විමසනවා මේ ගැන..

    "කෙල්ලෙක් කෝච්චියට පැනලා හාමුදුරුවනේ.. වැඩක් නෑ ගන්න දෙයක් නෑ.."
    "අනේ මෙහෙමත් ළමයි. ජීවිතය බාල්දු කරනවා.. හේතුවක් ඇති මොකක් නමුත්"

    එහෙම කියන හිමිනම යලිත් තම පොත අතට ගෙන එහි යමක් ලියන්නට වෙනවා. ටික මොහොතකින් මෙය නිමා වෙනවා.. එහි මෙහෙම සඳහන් වෙනවා..

    පෙරුම් පුරාගෙන ආ සංසාරේ
    පැතුමද සුනු විසුනුව වැ‍ටුනේ...
    කාටද රිදුනේ... කවුරුද හැඬුවේ...
    දුම්රිය මොහොතක් නතර වුනේ....

    මලක් වගේ රොන් සුවඳ වගේ
    ජීවිතයේ සුව අපමන වේ..//
    දොලක් වගේ දිය දෝත වගේ
    ජීවිතයේ අම සිසිල දැනේ...
    පෙරුම් පුරාගෙන...

    වරක් නෙතඟ කඳුලැල් පිරූනාදෝ
    සිතට දරාගනු බැරි දුක් වීදෝ..//
    දිවිය මොනතරම් සුන්දරදෝ
    දුකම කොයිතරම් සතුටක්දෝ
    පෙරුම් පුරාගෙන...

    අද දිනයේ ආදර ගීයක නොදන්න කතා පුවත ගැන මෙහෙම ලියනවා.. ගීතය විවිද අර්තකතන දුන්නද ගීතයේ ගැබ්වන තේරුම විඳගන්න.. ඒ තේරුමට ඔබගේ ජීවිතයෙනුත් ඉඩක් දෙන්න..


    From FB
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලස්සන හා අර්ථවත් ගීතයක්. ජීවිතයේ වටිනාකම සමහර වෙලාවට පර්ශනත් එක්ක අමතක වෙනව. ඒ එන ආවේගයන් මත තීරණ නොගෙන මනුෂ්‍යයන්ට ජීවත් වෙද්දි නොයෙකුත් කරදර කම් කටොලු ලැබෙනව කියල හතන්න පුළුවන්නම් ඔය ගොඩක් දේවල් ඔහොම අවසන් වෙන්නෙ නෑ.

    මෙහි පළකරපු ඔබට වගේ ම මුලින් මෙය ලියන ලද තැනැත්තාටත් ස්තූතියි.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දැන් ඔය හාමුදුරුටත් පදයක් හදයි, සංස්කෘතිය අනුව ඉන්නේ නැතුව සිංදු ලියනවා කියලා.
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    දැන් ඔය හාමුදුරුටත් පදයක් හදයි, සංස්කෘතිය අනුව ඉන්නේ නැතුව සිංදු ලියනවා කියලා.
    sirawatama machan. api hithana widiyai waradi