පෙරේතයෝ

sankicool

Member
Jul 11, 2018
115
31
0
සිහිනයෙන් ඔබ සොයා එන පෙරේතයෝ


සිහින අපි හමොටම තිබෙනවා තනන සිහනය වගේම දකින සිහිනත්. ඒ දෙවර්ගයටම අමතරව පෙනෙන සිහිනත්, දකින සහ තනන සිහින පසෙක තැබුවොත් මේ කියන්න හදන්නේ පෙනෙන සිහින ගැන ඉතාම විස්මයජනක බියකරු දිගහැරුමක්.

ජිවිතයේ කිසියම් දිනෙක ඔබ සිහිනයෙන් බිය වී රාතියේ ඇහැරී තිබෙනවා ද? හුස්ම හිර වන්නට මෙන් ඇවිත්, කෑගැසීමට හඬ පවා පිට නොවී, දිවගොස් සැඟවෙන්නට මෙන් සිති බියට පත්ව ඇහැරී තිබෙනවා ද? එසේත් නොමැති නම් නාදුනන පුද්ගලයෙක් ඔබ පිටුපසින් පන්නාගෙන එන්නාක් මෙන් දැනී හෝ මියගිය පුද්ගලයෙකු සිහිනයෙන් දැක බිය වී ඇහැරී තිබෙනවා ද ?

මේ අනාවරණය අන්න ඒ ගැනයි. එවන් සිහිනයක් දැක පුද්ගලයෙකු බියට පත් ව ඇහැරෙන්නේ සත්‍යම ප්‍රේත ආත්ම වල බලපෑමක් නිසා බව,බ්‍රිතාන්‍ය අධි මානසික සංගමයේ පර්යේෂකයන් පිරිසක් පෙන්වා දෙනවා. එඩ්වඩ් ලෙනින් නම් අධි මානසික ශක්තින් සහ භූත විද්‍යා ගවේෂන නිලධාරියා සිය කණ්ඩායම සමග එක්ව කළ පර්යේෂණයකදීයි මේ බව මේ බව තවුරුකොට ගෙන තිබෙන්නේ. වසර තුනක් පුරාවට විවිධ රටවල, විවිධ විශ්වාසයෙන් සහිත ජන කොටස් ආශ්‍රයෙන් ඔවුන් මෙම පර්යේෂණය සිදු කොට තිබෙන අතර පර්යේෂණයේ අනාවර්ණයන් මෙසේයි.
ලොව ජීවත් වන සෑම පුද්ගලයෙකුටම යම් මට්ටමක මානසික ශක්තියක් තිබෙනවා. ඒ අනුව නින්දේදී සෑම පුද්ගලයෙකුගේම මනස සිරුරෙන් නිදහස්ව යම් නියත දුරකට ගමන් කරනවා. මෙම ගමන් කරන දුර ප්‍රමාණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකියි. එම දුර ප්‍රමාණය තරණය වන්නේ යම් පුද්ගලයෙකුගේ චිත්ත ශක්තියේ සහ ආත්ම විශ්වාසයේ ප්‍රමාණය අනුවයි. මෙලෙස ගමන් කරන සෑම මනසක්ම සැරිසරන්නේ තමන්ට නැවත තම සිරුර සොයා ආ හැකි තරම නිශ්චිත දුරකට පමණයි. මෙම නිශ්චිත දුර ප්‍රමාණයෙන් එහාට ඇත්තේ අදාළ සැරිසරන මනසට වඩා ශක්තිමත් ප්‍රේත හෝ අඳුරු ආත්ම සැරිසරන කොටසයි. ඩිමන්ස් ලෙස බටහිර ජාතින් හඳුන්වන්නේ මෙම කොටසයි.

අත්තෙන්ම මෙම එක් පුද්ගලයෙකුගේ මනසක් සැරිසැරිය හැකි උපරිම වපසරිය අදාළ මනසේ පාලන කොටස ලෙසයි පර්යේෂකයින් හඳුන් වන්නේ. එය හරියට සතෙකුගේ රාජධානි කොටසට සමානයිලු. මෙම නිශ්චිත සරිසැරුම් වපසරියේ අනන්තයට මනස ලඟා වූ කල ඊට එපිටින් සිටින අඳුරු ආත්මයන්හි බලපෑම මිනිස් මනසට දැනෙනවා. මෙම මිනිස් මනස පර්යේෂකයින් හඳුන්වන්නේ පිරිසිදු ආත්ම හෙවත් පියෝ සෝල්ස් ලෙසයි.
මේ කියන අඳුරු ආත්ම නිරතුරුවම උත්සහ දරන්නේ නැවත මිනිස් සිරුරක් ලබා ගැනීමටයි. එම නිසා පිරිසිදු ආත්මයක් අසලට පැමිණි විගස එය අඩපණ කොට කෙසේ හෝ මිනිස් සිරුර ලබා ගැනීමට අඳුරු ආත්ම උත්සහ දරනවා. එවිට බියට පත්වෙන මිනිස් මනස කලබලයෙන් තම සිරුර සොයා එම තමයි සිහිනයෙන් ඔබ කිසියම් පුද්ගලයෙකු පන්නාගෙන එනවිට දුවන්නාක් මෙන් දැනෙන්නේ සහ ඉන් බියට පත් ව ඇහැරෙන්නේ. එම අඳුරු ආත්මයන්හි බිහිසුණු බව නිසා බියට පත් වන ඔබේ මනසේ තැතිගැන්ම තමයි ඔබට අවධි වූ පසුත් දැනෙන්නේ.

එඩ්වඩ් ලෙනින් පවසන පරිදි කෝමා තත්වයට පත්වන්නේ යම් බලගතු අඳුරු ආත්මයක් සැරිසරන මිනිස් මනසක බලය පරයා අදාළ මනසේ සැරිසරුම් වපසරියට පැමිණීමයි. නමුත් අඳුරු ආත්මයට ස්රුරට ඇතුළුවිය නොහැක්කේ තමන්ගේ නියම මනස නොවන බව වටහා ගන්නා භෞතික සිරුර ඊට ඇතුළුවීමට අඳුරු ආත්මයට ඉඩ නොදෙන නිසා බවයි ඔවුන් පවසන්නේ.

source http://thewoman.lk/archives/4816
 

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
ඒ පාර අලුත් එකවුන්ට් එකක් හදාගෙන ආවද ට්‍රැෆික් හිඟාකන්න?
 

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    oya sleep paralyis magulk katha karanwa :rofl:






    nerdsleep.com-what-causes-sleep-paralysis-2.jpg