☸ බුදුන් සොයා යාම ~ 1 ☸

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,748
    1
    6,620
    113


    විශ්වාසය සහ ප්‍රත්‍යක්ෂය


    විශ්වාසය - යමෙකු කියූ දෙසූ දෙයක් සත්‍යයයි විශ්වාස කිරීම ( තමා නො අත්විඳි )

    දෙවියන් වහන්සේ ලෝකෙ මැව්වා, අපාය, දිව්‍ය ලෝකය, බුදුරජාණන් වහන්සේ මේ වගේ, යමා මහ පෙළහර, බ්‍රහ්ම ලෝක, රහතන් වහන්සේ etc.

    Zindrella කතාව සහ එම ලෝකය විශ්වාස කරන කුඩා දැරියක සහ අපාය දිව්‍යලෝක දේවතල බ්‍රහ්ම තල පුනරුප්පත්තිය සංකල්ප විශ්වාස කරන ඔබේ විශ්වාසය ඇති අතර වෙනස කුමක්ද ?

    ∆ ඇත්තක් වුවත් විශ්වාසයෙන් පිළිගත්තොත් එහි තිබෙන්නේ මෝඩකම

    ∆ මනෝමය වශයෙන් පරිකල්පනාත්මකව මවාගත් චිත්ත රූප සමූහයක් සත්‍ය ලෙස ගැනීම - විශ්වාසය

    ∆ අපායට බිය වීම, දිව්‍ය ලෝකයට ආසවීම, නිවන දකින්නට ඕන වීම - විශ්වාසය

    අන්ධයන් පිරිසක් අලියෙක් දකීම 🐘


    stock-photo-an-elephant-surrounded-by-blindfolded-men-who-are-touching-it-in-a-sunday-newspaper-comics-style-2674182473.jpg

    අපාය දිව්‍ය ලෝකය මොන වගේද යන්න පිළිබඳව අපි හැමෝටම තියෙන්නේ විවිධාකාරයේ පරිකල්පනයන්, කෙනෙකුගේ අපාය තව කෙනෙකුගේ අපායෙන් වෙනස් වෙන්න පුළුවන් ...

    අපි හැමෝම ඉන්නේ සම්මුතියක් ඇතුළේ,
    සම්මුතිය = විශ්වාසය = මෝඩකම.


    ප්‍රත්‍යක්ෂය​


    පින - පිනායාම, තෘප්තිමත් බව, යමක් කෙරුන්විට දැනෙන සතුට, සුවය.

    කුසලය - හැකියාව, දක්ෂතාව.

    බුදු දහමින් සඳහන් වන්නේ මනස පිළිබඳව කුසලතාව.

    Driving නොදන්න පුද්ගලයෙකු හට වාහනයක් ලබාදී Drive කරන්න යැයි පැවසුවා සිතන්න ... ඔහු නිසැකයෙන්ම වාහනය හප්ප ගනීවි, පෙරලා ගනීවි,

    මනසත් ඒ වගේ ...

    🧠 මනස පිළිබඳවත් අපි නොදන්න නිසා ඇලෙනවා ගැටෙනවා පීඩාවට පත්වෙනවා දුකටද පත්වෙනවා,

    🧠 මනස පිළිබඳව නිසි ආකාරයෙන් දැන ගැනීම තමයි කුසලතාව

    Driving හොඳට දන්න කෙනෙකු වාහනය Smooth ආකාරයට කිසිදු අනතුරකින් තොරව ගමනාන්තය කරා යනවා සේ,

    මනස පිළිබඳව නිසියාකාරයෙන් දන්නා පුද්ගලයා අදාළ ගමනාන්තය වෙත කිසිදු ගැටීමක් පෙළීමක් නොමැතිව ගමන් කරයි, කිසිදු දුකකින් තොරව ගමනාන්තය කරා පියනගයි, එහි ගමනාන්තය තමයි නිවන.

    ඔබ මනස පිළිබඳව නිසියාකාරයෙන් නොදැනීම තමයි අකුසලය, අකුසලතාවය.

    යමක් විසින් කියූ දෙයක් පවතිනවා සත්‍යයයි කියා විශ්වාසයෙන් ගැනීම තමයි මනසේ ස්වභාවය, මනසේ අකුසලතාවය

    මනසේ මෙම ස්වභාවය පිළිබඳව ඔබට තේරුම් යාම මගින් කුසලතාවය වැඩේ.

    අප මනස විසින් සකසන ලද චිත්ත රූප සත්‍යයි පවතිනවා ලෙස ගෙන එයට ඇලීම ගැටීම පෙළීම සිදු කරා යයි තේරුම් යාම මගින්, මනසේ අකුසලතාවය ‍ තේරුම් ගැනීම මගින් කුසලතාවය වැඩේ.

    මෙවිට අප තුළ ගොඩනැඟුණු ඇලීම ගැටීම පෙළීම බයවීම අඩු වෙන්න ගන්නවා, එසේ අඩුවන ප්‍රමාණයට ඔබ නිවීමට පත්වනවා.

    එම නිවීමට පත්වන ස්වභාවයට අපි කියනවා නිවන කියා

    දේවල් විශ්වාසයෙන් පිළිගන්නා ස්වභාවය ආගමේ ස්වභාවයයි.

    බෞද්ධ - අවබෝධයට පත්වීම - ප්‍රත්‍යක්ෂ වීම.

    බුද්ධාගම යනු අවබෝධයට පත්වීම, විමසන සුළු ස්වභාවය, යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරවන, ධර්මතාවය අවබෝධ වන දෙසුමකි.

    නිරන්තරයෙන් විමසීම පුද්ගලයා විශ්වාසයෙන්, ප්‍රත්‍යක්ෂය කරා යොමු කරවයි 🧠💡

    කුසල යනුවෙන් සූත්‍ර ගණනාවකම දැක්වෙන්නේ තම තමන් තුළ ඇතිකරගනු ලබන දක්ෂතාවයන්ය. එය සිත කය වචනයෙන් සිදුකරන යහපත් ක්‍රියාය. තවද යමක් කිරීමෙන් නිවන් පිණිස හේතුවේනම් එය කුසල ගණයට ඇතුළත් වේ. මේ අනුව සත්තිස් බෝධිපාක්ෂික ධර්මවන සතර සතිපට්ඨානය. සතර සම්‍යක්ප්‍රධාන වීර්යය, සතර සෘද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල සප්ත බොජ්ඣංග ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීම කුසල් වේ. මෙම ධර්ම සම්මා වායාම සම්මා සති යන්නෙහි පිහිටා වැඩිය යුතු ය. බුද්ධ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ලෙස මෙම උතුම් කුසලයෙහි අප්‍රමාදීවීමට බුදුහු අනුශාසනා කළහ.

    https://www.budusarana.lk/budusarana/2016/09/09/tmp.asp?ID=vision01

    ( බණ්ඩාරවෙල වංගිස ස්වාමීන් වහන්සේගේ "බුදුන් සොයා යාම" දේශනාව ඇසුරින් සකසන ලදී. )