පෙර නිමිති ගැන යමක්
පෙර නිමිති යන වදන ඇසෙත්ම බෞද්ධ අපට එකවරම සිහිපත් වන්නේ සිදුහත් කුමරු දුටු මහල්ලෙක්,ලෙඩෙක්,මලමිණියක්,පැවිදි රුවක් යන සතර පෙර නිමිතිය.
යම්කිසි කටයුත්තක් ආරම්භ කිරීමේදී,ගමනක් යාමට සූදානම් වෙද්දී දකින්නට අසන්නට ලැබෙන හා සිතට දැනෙන සිතුවිලි මෙන්ම නින්දේදී දකින සිහිණද පෙර නිමිති ලෙස දැක්විය හැක.
මෙම පෙර නිමිති ප්‍රධාන වශයෙන් 6කි.
1) ආගත නිමිත්ත
2) ගත නිමිත්ත
3) දර්ශන නිමිත්ත.
4) භාෂණ නිමිත්ත.
5) ශ්‍රවණ නිමිත්ත.
6) චිත්තාරම්භ නිමිත්ත.
මෙම නිමිතිද ඒවා දැක්වෙන නාමය අනුවම සුභ අසුභ වශයෙන් කොටස් දෙක බැගින් බෙදේ.(සුභ ආගත,අසුභ ආගත,සුභ ගත,අසුභ ගත,.......යනාදී වශයෙන්)
1) ආගත නිමිත්ත.
ආගත නිමිත්ත යනු සුභ කටයුත්තක් හෝ සුභ ගමනක් යාමට ආරම්ග කරන විට ඉදිරියට එන පුද්ගලයන් හෝ සතුන්ගේ ස්වභාවයයි.
සුභ ආගත නිමිති.
පිරිසිදු ඇදුම් පැළදුම්,ස්වර්ණාභරණ පැළදි අය,මල්,පලතුරු,පිරුණු දිය කළ,තූර්ය භාණ්ඩ හෝ සුභ ආරංචි රැගෙන එන අය.කුරුල්ලන්,තම දූ දරුවන්,ගැයුම් වැයුම්,නැටුම්,හිතවත් මිතුරු මිතුරියන්,බාලක බාලිකාවන් වෛශ්‍යාවන් පෙරමගට ඒම හමුවීම සුභ ආගත නිමිතිය.
අසුභ ආගත නිමිති
කිළිටි,වැරහැලි ඇදගත් අය අඩමින්,බනිමින්,කළකෝලාහල කරමින් එන අය,යාචකයින්,පිස්සන්,නපුංශකයින්,මන්ද බුද්ධිකයින්,අංග විකල අය,වැන්දඹු ස්ත්‍රී පුරුෂයන්,පිළිස්සුනු අළු,අගුරු,උළු,ගඩොල් ආදිය රැගෙන එන අය පෙරමගට ඒම හමුවීම අසුභ ආගත නිමිතිය.
(අසුභ ආගත නිමිති මෙසේ වුවත් වැන්දඹු ස්ත්‍රී පුරුෂ අය තමන්ගේ මව හෝ පියා වන විට එහි දෝෂ නැත.බෙහෝ වැන්දඹු මව්වරු තම දියණියගේ පුතුගෙ මංගල ගමන් වලදී ඉදිරියට ඒම ප්‍රතික්ෂේප කලත් මවකගේ ආශීර්වාදය ඉතා බලවත්ය සුභදායකය.)
2) ගත නිමිත්ත.
තමා ඉදිරියටම නොපැමිනෙන නමුත් හරහට හෝ වෙනත් දිශාවකට යාම හෝ තමා ඉදිරියෙන් තමා යන දිශාවටම යන ඉහත සදහන් කල ආගත නිමිත්තේ සදහන් විස්තර ඇති අය සම්බන්ධ වීමය.සුභ අසුභ වෙන්වීමද අනුරූප අයුරිනි.
3) දර්ශණ නිමිත්ත.
සුභ කටයුත්ත හෝ ගමන ආරම්භ කරන මොහොතේ දක්නට ලැබෙන සුභ දේවල් සුභ දර්ශන නිමිත්ත ලෙසත් අසුභ දේවල් අසුභ දර්ශන නිමිති ලෙසත් දැක්වේ.සාමාන්‍යයෙන් කපුටු,බළල්,බලු වැනි සංවාස දැකීම ඉතා අසුභය.
4) භාෂණ නිමිත්ත
සුභ ගමන හෝ කටයුත්ත ආරම්භ මොහොතේ ලග සිටි අයකු කියන ක්‍ෂණික වචන භාෂණ නිමිත්තය.මිහිරි කවි,සින්දු,සංගීතය,මගුල් බෙර වාදනය සෙත් පිරිත් ගායනය මගින් සුභ භාෂණ නිමිත්ත ලගා කර ගත හැක.
5) ශ්‍රවණ නිමිත්ත
සුභ කටයුතු ආරම්භ කරන විට කුකුලන් හඩලෑම,හෙරණෑ හඩ,සක් ගඩ,සෙත් පිරිත් ආදිය සුභ ශ්‍රවන නිමිති ලෙසත් කැස්ස,කිවිසුම්,කෑරීම,යම් යම් දේවල් කැඩෙන බිදෙන හඩ ඇසීම,හූනු හඩ ඇසිම අසුභ භ්‍රවණ නිමිති ලෙසත් දැක්වේ.
6) චිත්තාරම්භණ නිමිත්ත.
සුභ ගමන හෝ කටයුත්ත ආරම්භ මොහොතේ ක්‍ෂණිකව සිතට පහලවන සිතුවිලි චිත්තාරම්භණ නිමිතිවේ.ගමන කටයුත්ත නියත වශයෙන්ම සාර්ථක වේ,අවශ්‍ය අයගේ උදවු පදවු ලැබේ ආදි සිතුවිලි සුභ චිත්තාරම්භණ නිමිති වන අතර වැඩේ අසාර්ථකවේ,පරාද වේ.කරදර ඇතිවේ.කල්දැමුවානම් හොදයි වැනි සිතුවිලි අසුභ චිත්තාරම්භණ නිමිතිය.
ඔබට මෙය කෙසෙ හො උපකරි වුනානම් rep++ දීලම යන්න තව comment එකක් දාන්න