පෙළපොත් විකෘතිය දිගටම

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
පෙළපොත් විකෘතිය දිගටම

දරුවන්ගේ මෙන්ම අනාගත වැඩිහිටියන්ගේ ද ජීවනාලිය ලෙසට සැලකෙන අධ්‍යාපනය හෙවත් ඉගෙනුම අනාගත සංවර්ධනය මෙන්ම රටේ ස්‌වාධීනත්වය ශක්‌තිමත් කරන අත්තිවාරමක්‌ ලෙසට සැලකේ. අධ්‍යාපනය මගින් වැරැදි පණිවුඩයක්‌ සංනිවේදනය කළහොත් එහි ප්‍රතිඵල භයානක විය හැකිය. මෙරට ජාතික අධ්‍යාපනය පිළිබඳ පෙළ පොත් සූදානම් කරන ජාතික අධ්‍යාපන ආයතනය වැඩ කරන්නේ සැබෑ අධ්‍යාපන අරමුණින් ද දේශපාලන අරමුණින්ද යන්න පැහැදිලි නැත. 2015 වර්ෂයේ සිට නිකුත් කරන ලද ඇතැම් පාසල් පෙළ පොත් විමර්ශනය කොට බලන කල්හි මේ බැව් පැහැදිලි වේ.

ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිකුත් කරන ලද හත වසර භූගෝල විද්‍යාව පෙළ පොත රැගෙන බලමු. භූගෝල විද්‍යාවට කිසිසේත්ම අදාළ නැති පරිච්ඡේදයක්‌ එහි අඩංගු කර තිබේ. එය නම් කර තිබෙන්නේ සාමාජීය අනන්‍යතාවය යනුවෙනි. සිංහල දෙමළ මුස්‌ලිම් බර්ගර් අතුළු ජන වර්ග රාශියක්‌ දිවි ගෙවන බහු වාර්ගික සමාජයක්‌ වශයෙන් ශ්‍රී ලංකාව එහිදී හඳුන්වා දී ඇත. සිංහල ජාතිය ජන වර්ගයක්‌ ලෙසට හඳුන්වන ලද්දේ කුමන නිර්ණායක පදනම් කරගෙන දැයි පැහැදිලි නැත. ගෝත්‍රයක්‌ හෝ යම් ජන රංචුවක්‌ හෝ අනන්‍ය වූ භූමියක දිවි ගෙවන එකම භාෂාත්මක ලක්‌ෂණවලින් හෙබි පිරිසක්‌ ජන වර්ගයක්‌ ලෙසට හැඳින්විය හැකි වේ. ලංකාවේ වැදි ජනතාව එලෙසය. මරක්‌කල හෝ දෙමළ ජන කණ්‌ඩායම් එලෙස හැඳින්වීම කළ හැක්‌කේ කෙලෙසකද. ඊට හේතුව ඔවුහු මෑත කාලයේදී විශේෂයෙන්ම දහඅට වන සියවසේ සිට ලංකාවට ගෙනවුත් පදිංචි කරන ලද්දවුන් බැවිනි. විශේෂයෙන්ම උඩරට වතුකරයේ දෙමළ ප්‍රජාව පැහැදිලිව වතු වගාවට ගෙනවුත් පදිංචි කරවන ලද කුලීකරුවන්ය. ඔවුහු ලංකාවට අනන්‍ය වූ වර්ගයක්‌ නොවේ. නමුත් සිංහලයන් වසර දෙදහස්‌ පන්සීයයක පමණක්‌ නොව එයටත් වඩා දුරාතීතයක සිට ලංකාවේ ජීවත් වන සංස්‌කෘතිය මගින් භාෂාව මගින් භූමිය මගින් ජාතිකත්වයක්‌ සළකුණු කළ පිරිසකි. මේ පිරිසට ලෝකයේ විවිධ ජන කණ්‌ඩායම් වරින් වර එකතු පහදු වී තිබේ. එම නිසා විවිධ සංස්‌කෘතික ලක්‌ෂණයන් ඇති වෙමින් ජාතියක්‌ වශයෙන් ඉදිරියට පැමිණ විත් තිබේ. දහඅට වන සියවසේ සිට ලංකාවට ගෙනවුත් පදිංචි කරවන ලද මලබාර් දෙමළ වෙල්ලාලර් සහ මරක්‌කලයන් පිරිසට යටකී පරිදි සිංහල ජාතියට එකතු වීමට ප්‍රධාන බාධාවක්‌ තිබුණි. එය නම් ලන්දේසීන්ගේ සහ ඉංග්‍රීසීන් ගේ බෙදා පාලනය කරලීමේ ප්‍රතිපත්තියයි. අද දක්‌වාම ඔවුහු ජන කණ්‌ඩායම් වශයෙන් ජාතියෙන් පරබාහිරව පිළිකාවක්‌ වන පරිදි වර්ධනය වන්නේ එනිසාය.එම නිසා ලංකාව බහුවාර්ගික කලාපයක්‌ ලෙසට හැඳින්වීම වැරදිය. සමාජීය අනන්‍යතාවය යනු පැහැදිලිවම සිංහල ජන සමාජයේ අනන්‍යතාවයයි. මෙයට සාපේක්‌ෂකව භූගෝලීය අනන්‍යතාවය පැහැදිලි කර දිය හැකිය.

මෙම භූගෝල විද්‍යා පොතේ ඉහතකී පිටුවට පසු පිටුවේ මානව නිර්මිතයන් ලෙස ස්‌ථානගතවූ ජාතික උරුම ලැයිස්‌තුවක්‌ දක්‌වා තිබේ. එහි සඳහන් නම් අතර ශ්‍රී මහා බෝධිය මඩු පල්ලිය කතරගම පූජා භූමිය මුස්‌ලිම් දේවස්‌ථාන :no:සහ නල්ලුර් කෝවිල යනුවෙන් දක්‌වා තිබේ. එවිට ලංකාවේ ප්‍රධාන ජාතික උරුමයක්‌ ලෙසට සැලකෙන දළදා මාළිගාව මෙන්ම දන්ත ධාතූන් වහන්සේ එතනින් ඉවත් කර තිබේ. රුවන්වැලි සෑය අභයගිරිය ඡේතවනය මෙන්ම මිහින්තලයද එතැන නැත.:shocked: එහෙත් එහි තව පිටුවක ලෝක උරුම ලැයිස්‌තුවට මහනුවර නගරය ඇතුළත් කර ඇත. සැබවින්ම ජාතික උරුම ලැයිස්‌තුවෙන් දළදා මාළිගාව තිබෙන මහනුවර නගරය ඉවත් කර ලෝක උරුම ලැයිස්‌තුවට ඇතුළත් කරන ලද්දේ කුමන අරමුණකින්ද යන්න සලකා බැලිය යුතුය. මඩු පල්ලිය ජාතික උරුමයක්‌ ලෙසට සලකා ලන ලද්දේ කුමන පදනමකින්ද යන්න පෙළ පොත් සම්පාදකයන් පැහැදිලි කරදිය යුතුය. ලන්දේසීන්ගේ තාඩන පීඩනවලට ලක්‌ව මන්නාරමේ අනාථ වූ කතෝලිකයන් කන්ද උඩරට සිංහල රජුගේ කරුණාව ලැබ මඩුවල්ලිය රටේ (කඩයිම් පොත) මඩිගෙයක්‌ පැවතුණු ස්‌ථානයක පදිංචි කරවන ලද්දේ ය. ඉන්පසු එහි පැලපදියම් වූ කතෝලික ජනතාව වර්තමාන මඩු පල්ලිය තනවන ලද්දේ 1876 දී පමණය. අද එය එම බැතිමතුන්ගේ වන්දනාමානයට පත් ජනප්‍රිය ස්‌ථානයක්‌ වුවද කිසිසේත්ම ජාතික උරුමයක්‌ නොවේ. මෙම ලැයිස්‌තුවෙන් ජාතික උරුමයක්‌ ලෙසට නම් කළ හැක්‌කේ නල්ලුර් දේවාලය පමණකි. එයද සපුමල් කුමරු ගේ මෙහෙවීමෙන් තනවන ලද්දකි. කපුටු කූඩු මෙන් තැන තැන තනවන ලද මුස්‌ලිම් දේවස්‌ථාන කිසිවකට දුරාතීතයක්‌ නැත. කතරගම දේවාලය ජාතික උරුමයකට වඩා සංස්‌කෘතික උරුමයකි.

භූගෝල විද්‍යාව යනු භූමිය කළමනාකරණය සඳහා අතීතයේ සිට භාවිත කළ ශාස්‌ත්‍ර යයි. ලංකාවේ භූගෝලීය ශාස්‌ත්‍ර විෂයය සිංහල සංස්‌කෘතිය හා බැඳී පවතී. වසර දෙදහස්‌ පන්සීයක ඉතිහාසයේ පටන් භූමියෙන් මනා ලෙසට වැඩ ගැන්ම උදෙසා සිංහලයන් කටයුතු කළ ආකාරය විශිෂ්ටය. විශේෂයෙන්ම වාරිකර්මාන්ත විෂයෙහි ඔවුන් දැක්‌වූ සමත්කම් ලෝකයේ වෙනත් ජාතීන් සතුව නැත. සිතියම් අධ්‍යයනයක්‌ පිණිස අපගේ පැරණි මුතුන් මිත්තන් කටයුතු කරන ලද්දේ මීට වසර හය දහසකට පමණ පෙර සිට බව මහාචාර්ය රාඡ් සෝමදේව මහතා විසින් කළ කැණීම්වලින් මෑතකදී අනාවරණය කර ගෙන ඇත. එවායේ අඛණ්‌ඩ විකාශනයේ වර්තමාන ශේෂ මහනුවර රාජධානි සමයේ භාවිතා කළ පැරණි සිංහල සිතියම්වලින් දැක්‌වෙන ආකාරය පෝල් ඊ. පීරිස්‌ මහතා සිය සිංහල සමාජ සංවිධානය ග්‍රන්ථයේ දක්‌වා තිබේ. එසේ හෙයින් භූගෝල විද්‍යා විෂයය සිංහල සංස්‌කෘතියට සාපේක්‌ෂව විග්‍රහ කළ යුතු බව අවිවාදිතය. මෙසේ තිබියදී ජාතික අනන්‍යතාවය යනුවෙන් හඳුන්වන පෙළ පොත් සම්පාදකයන් ගේ බහුබූතය කුමක්‌ද. එයින් බලාපොරොත්තු වන්නේ කුමක්‌ද?

අප දන්නා පරිදි දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ දෙමළ කොටි සංවිධානය දෙමළ ජාතික සංවිධානය වැනි ජාතිවාදී දෙමළ කණ්‌ඩායම් පසුගිය තිස්‌වසරකට අධික කාලයක්‌ සිට වෑයම් කරන ලද්දේ ශ්‍රී ලංකා භූමිය බෙදා වෙන් කර වෙනම රාජ්‍යයක්‌ බිහිකරලීමටයි. කොටි සංවිධානයට ආධාර උපකාර කළ ඉන්දියාවද ඇමරිකාවද නෝර්වේ බ්‍රිතාන්‍ය ආදී රාජ්‍යයන් දිගින් දිගටම මෙම බෙදීම තහවුරු කරලීමට ධෛර්ය දුන්හ. එයින් ඔවුන් බලාපොරොත්තු වන කලාපීය දේශපාලන අභිප්‍රායන්ද පරදවා 2009 වසරේ මේ දෙමළ ජාතිවාදී කණ්‌ඩායම්වල සන්නද්ධ අංශ පරදවා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව රටේ එකීය බව ආරක්‌ෂා කරගත්හ. එAකීය රාජ්‍යයක්‌ තුළ රටේ භූගෝලීය අනන්‍යතාවය ආරක්‌ෂා කර ගැනීම ඔවුන්ගේ වගකීම විය. තරුණ ජීවිත 25000 කට අධික සංඛ්‍යාවක්‌ ආබාධිත බවට පත් වූයේ එA අරමුණ ඉටු කර ගැනීමටයි.

දැන් මේ රටේ බහුතර සිංහලයන් ගේ බදු මුදලින් යෑපෙන ජාතිකයයි කියා ගන්නා ජාතික අධ්‍යාපන ආයතනය ඉහතකී දෙමළ හෝ අන්තවාදී මුස්‌ලිම් වුවමනාවන් ඉටු කරලීම උදෙසා භූගෝල විද්‍යා පෙළ පොතක්‌ මගින් කියාපාන්නට උත්සාහ දරනුයේ ලංකාව බහුවාර්ගිකයන් ගේ දිවයිනක්‌ වශයෙනි. භූගෝලීය වශයෙන් (දෙමළ මුස්‌ලිම් ජන කණ්‌ඩායම් වල භූමි) වාර්ගික වශයෙන් රට බෙදීම ඔවුන් අනුමත කරන බව එහිදී තහවුරු වෙයි. මෙම (භුගෝල විද්‍යා) පෙළ පොතට කර්තෘත්වය සැපයූ සංස්‌කාරක මණ්‌ඩලයත් අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්‌ ජනරාල් වරයාත් රටේ භෞමික අඛණ්‌ඩතාවයට එරෙහි පණිවුඩයන් පෙළ පොතකට ඇතුළත් කිරීමේ වගකීම භාරගත යුතුය. රට බෙදීමට අවශ්‍ය මානසික බලපෑම වුවමනාවෙන්ම මෙම පෙළ පොතෙන් ලබාදුන් බවට ඔවුහු පිළිගන්නේද? එසේ නම් එය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීමකි. රටට ෙද්‍රdaහී වීමකි.

මතුගම සෙනෙවිරුවන්
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවටය ජනාධිපති වෙලා *න්නය අගමැති උනාම ඔහොම තමයි...
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Triwida hamudawe saha police nila tikawath uganwanne naiskoledi. Rate hamudawa gana lamainta danumak na.

    Lankawe danata tiyena achcharu chanda krame, saha hama ekama illana federal kramaya gana uganwanne na.

    Lankawe tibba yudde saha Loka yudda 2 hariyata uganwanne na.

    Nicolas tesla wage loke hitapu hondama scientist la gana uganwanne na. Guglielmo Marconi wage horu gana uganwanne.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩෝ රඹුටං ගෙඩිය අල්ලා මැව්වා කියාගෙන හෝඩි පොත් පෙරලනකොටම මටනම් හිතුනා ලොකු ලොකු ඉතිහාස පොත් වලට අරී කියලා..:baffled: දැන් හරිනේ..:sorry:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    අඩෝ රඹුටං ගෙඩිය අල්ලා මැව්වා කියාගෙන හෝඩි පොත් පෙරලනකොටම මටනම් හිතුනා ලොකු ලොකු ඉතිහාස පොත් වලට අරී කියලා..:baffled: දැන් හරිනේ..:sorry:

    මේ ඊයේ පෙරේදා දවසක පෙළපොත් ටිකක් download කරගෙන කියවන කොට දැක්කා උණ ගහ අල්ලාහ් විසින් මවා තියනව කියලා ලියලා තියෙනවා :lol::lol::lol:
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png