පොලීසිය,හමුදාව මාධ්‍යවේදීන්ට ගහන්නේ අැයි..❓

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උද්ඝෝෂණයකදී හොඳ කැමරාකාරයෝ සෙට් ඵකක් අනිවා ඕන..ඵතකොට පොලිසියට,හමුදාවට මිනිස්සුන්ට ගහන හැටි අෑත ඉඳන් කොලටියට වීඩියෝ‍ කරන්න පුළුවන්‍.LIVE දෙන්න බැරි වුනත් අවුලක් නෑ video proof තියෙනවනේ.ලංකාවේ වුනත් නීතිය පැත්තෙන් මුකුත් කරන්න බෑ ඒ වගේ දෙයක් නැතුව.video proof තියෙනවනම් ලෝකෙටම පෙන්නන පුළුවන් ගෝඨා කියන්නෙ මොකෙක්ද කියල සහ දැන් රටේ තියෙන තත්වය.අැමරිකාවේ ඉන්න පුතාවයි,බැසිලගෙ කට්ටියවයි ලංකාවටම deport කරන්න වැඩේ කරන්න පුළුවන් කරන දේ හරියට මොළේ පාවිච්චි කරල සාමකාමීව කරොත්.සාමකාමීව උද්ඝෝෂණ කරනකොට පොලිසියට,හමුදාවට අැවිත් ගහන්න බෑ..කදුළු ගෑස් ගහන්නත් බෑ.අන්න ඵහෙම දෙයක් වුනොත් තමා වීඩියෝ කරන ඵක වටිනාකම තියෙන්නේ..අනික තමා අාණ්ඩුවට කඩේ යන අයත් සල්ලි වලට ඔය අස්සෙ බොරුවට උද්ඝෝෂණ කරන්න පුළුවන්.ඒ අය ගැනත් සෙවිල්ලෙන් ඉඳල ඵහෙම දෙයක් කරන්න හැදුවොත් දෙකක් දෙන්න ඕන.දෙක දෙනකොට අැත්ත ඵලියට ඵයි ඒ ඔක්කොම වීඩියෝ කරන්න ඕන.පොලිසියේ උන් හමුදාව මාධ්‍යවේදීන්ට උන් මාධ්‍යවේදීන් කියලත් ගහන්නේ අැයි කියල උඹලට හිතාගන්න පුළුවන්නේ..ඔය වගේ වෙලාවක සාමාන්‍ය ජනයාගෙ shield ඵක තමා මාධ්‍යවේදීන්.ඒක අයින් කරහම පොලිසියට,අාමි ඵකට ඕන දෙයක් කරන්න පුළුවන්.මිනිස්සුන්ට ගහල මරන්න වුනත් පුළුවන්.ඒක නිසා උද්ඝෝෂණයකදී ඒ අය වැඩි කරන තරමට අාණ්ඩුවට අවාසියි...😉