පේරාදෙණිය නවක වද බිල්ල-රූපා රත්නශීලී

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    පේරාදෙණිය නවක වද බිල්ල-රූපා රත්නශීලී


    ජීවිතය පැරැදුණු කළ මරණය ජයගත් සරසව් දියණිය-රූපා රත්නශීලී

    ඉරිමා උදයේ ම ඇඟ හිරිහඩු නංවන සීතලේ පිනි ගොල්ල දිගේ වෙල් නියරට පියමැනපු රත්නශීලීත්, අම්මාත් ආයෙමත් පොල් රුප්පාව මැද්දෙන් ගුරු පාර දිගේ පියවර ඉක්මන් කළා. පන්සලේ ගණ්ඨාර කුළුණේ පාන්දර පහ වෙද්දී වෙනදා වගේම වෙලාව වදින ගණ්ඨාර සද්දේ ඇහුණා.

    ජේමිස් මාමා එළදෙනුන් ටික දක්කාගෙන ගොයම් කපා අහවර කරපු ඉපනැල්ල දිගේ වෙල ඉහත්තාවට යන හැටි රත්නශීලී දුටුවා. මැයි මාසෙ මුළු ගහකොළ පුරාම ගෙඩි, මල් පිරිලා. බලන බලන පැත්තේ හරිම සිරියාවයි. අදින් පස්සේ ගමේ ලස්සන බලන්න කාලෙකට බැරි වෙයි නේද කියලා ඇයට පුංචි දුකකුත් නොහිතුණා නොවේ. තණකොළ පිඩැල්ලක් උඩ මෝදු වෙලා දිලිසි දිලිසි තිබුණු පිනි අහුරක් ඇගේ පය වැදිලා විසිරිලා ගියා.

    “ලොක්කියෙ පය ඉක්මන් කරපන්. දැම්ම හන්දියට ගියොත් නුවර යන බස් එක අල්ලගන්න පුළුවන් වෙයි”

    අම්මා ඔසරි පොටින් හිස ආවරණය කර ගත්තෙ පින්නෙන් බේරෙන්න වාගේ.

    “ලොක්කියේ මේ ලේන්සු පොඩ්ඩ ඔලුවට දාගනින් පිනිබාලා හෙම්බිරිස්සාව හැදෙයි. නන්නාදුනන පළාතෙ කාට කියන්න ද ?

    රත්නශීලී සුදු ගවුම රැලි ටික හදාගෙන පරණ, සූට්කේස් එක අනික් අතට මාරු කරගත්තා. පරණ ගවුම් දෙක තුනකුත් සාලුවකුත් පොරෝනයකුත් පොත්පත් ටිකක් ඇරුනහම සැලකිය යුතු යමක් ඒක ඇතුළේ නැහැ කියලා ඇය දන්නවා. කරන්දෙනිය හන්දියෙන් බස් එක නලාව හඬවමින් එක පිම්මට දුවගෙන ආවා. විග විගහට රත්නශීලීත් අම්මාත් ඒකට ගොඩ වුණා.

    සුන්දර හන්තානෙන් වටවුණු පේරාදෙණිය සරසවිය වෙත නුහුරු නුපුරුදු සබකෝලයෙන් හෙමිහිට පා තැබූ රත්නශීලී තම ආදරණීය මවට වෙන් වී යන්නට සුමුදුන්ගේ ජීවිතේ බලාපොරොත්තු කප්පරක් හද ගැබේ පීදෙන්නට පෙරුම් පුරද්දී.

    “මගේ අහිංසකීට දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාවයි. මේ නාදුනන දීපංකරේක තට්ට තනියම උඹ ඉන්න පළමු වතාව. අද වගේ දවසක උඹේ තාත්තා හිටියනං මගේ හිතට හයියක්. උන් දෑ ඉන්න තැනකින් උඹ දිගා බලා ඉඳියි දුවේ”

    ජීවිතේ දුක් අහස වගේ උහුලපු අම්මාගේ උණුසුමට ඇය තුරුලු වුණා. අම්මා ආපසු ගියා.

    රාත්‍රිය නිහඬ ය. නිසොල්මන්ය. ආගන්තුක ය. හද්දා පිටිසර ගම්මානයක ඉපිද කඳු ඉහත්තාවක පීදුණු උඩවැඩියා මලක් බඳු අහිංසකාවිය පේරාදෙණිය සරසවි මව් ඇකයට ප්‍රවේශ වූවා ය. රාමනාදන් ශාලාවේ ඉහළ මාලයේ කාමරයක තනි වූ ඇය ජීවිතයේ ප්‍රාර්ථනා මුතුහර එකින් එක ඇමිණීමට සිහින මැව්වා ය.

    පොඩ්ඩිට හොඳට උගන්වන්න. මල්ලිට හොඳ අනාගතයක් හදන්න. චුට්ටිට හොඳ කල දවසක් ලබන්න. රැයක් දවාලක් නොබලා හේනේ කුඹුරේ මහ පොළොවේ ගැටෙමින් දුක් විඳින අම්මාට ජීවිතයේ කෙම්බිමක් දකින්නට . .. පවුලේ වැඩිමලී ලෙස ඇගේ දෝත මත ඔවුන්ගේ කෝය ඉදි වි තිබිණි.

    “තිබිච්ච එකම කුඹුරු කෑල්ල තාත්තා උගස් කෙළේ මට උගන්නන්න”

    ඇය තනිවම සුසුම් හෙළුවා. වාසිටියට යන්න ලැබුණු එකම කෙල්ල විදිහට ගමේ සමහරු ඇයට සුබ පැතුවා.

    “රත්නශීලී අපේ ගමට නම්බුවක්. ඇයි අපේ ඉස්කෝලේට ? ජීවිතේ දුක මැදින් හදවත පිරිලා ගියා වාගේ රත්නශීලීට දැනුණා.”

    සරසවිය පුරා තැනින් තැන නවක ගමින් ආපු කෙල්ලො කොල්ලො පරණ අයගේ වදයට ලක් වෙලා ඉන්න හැටි රත්නශීලී දුටුවා ය. පැරැණි ශිෂ්‍යාවෝ රංචුවක් මේ හුරුබුහුටි සුන්දර ගැමි කෙල්ල පසු පස හඹා ආහ. ඇය බයෙන් බිරාන්තව උඩු මහළට දිව ගියා ය.

    “අහු වෙයංකෝ. අපි ආයිමත් උඹව අල්ලා ගන්නම්කෝ”

    ඔවුන් රකුසියන් සේ කෝපයෙන් දැවෙමින් එදා ආපසු ගියෝ ය.

    රත්නශීලීට ගම සිහිවිය. නංගිලා දෙදෙනාත් අම්මාත් මල්ලීත් ඇගේ් නෙතු මානයේ මැවී පෙනෙන්නට විය. උදේ පාන්දරින් අවදිව යහනේ වැතිර සිටි ඇයට ආපසු ගමට යාමේ සිතක් ද පහළ නොවූවා නොවේ. පැරැණි සිසුන්ගේ හඬ ඇසෙන විට පවා ඇය බියෙන් වෙව්ලා ගියා ය. ගමේ මධුමලක් ලෙස නොයිඳුල්ව නොකිලිටිව හැදුනු වැඩුණු සියුමැලි බොළඳියක් වූ ඇය බොහෝ සෙයින් බියපත් ව සිටි බව සැබෑවකි.

    “මේක ද මං හොයපු සුරපුර” ඇය වරෙක සිතුවා ය. එහෙත් ලෙහෙසියෙන් පැරැදීම බාර ගැනීම ඇගේ හැටි නොවේ. කුසට හරිහැටි අහරක් නැතිව ඇය අකුරු කළා ය. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත් ව හද්දා පිටිසර ගමකින් ඇය පේරාදෙණිය කෘෂි අංශයේ සිසුවියක්ව ජීවිතය ජය ගන්නා මාවතට පැමිණියා ය.

    එවන් කළ ඇය සිතුවා ය.

    පේරාදෙණිය සරසවි තුරුලේ ඇය නවක වදයේ පීඩාවන්ට හසුව වුවද ගත කෙළේ දෙසතියක් පමණි. එක්තරා රාත්‍රියක හිනිපෙළ නැඟ විත් ඇගේ කුටියේ දොර ළඟ සිටියේ එකම සරසවියේ අනාගතය පොදිබඳිනු සිසුවියන් පිරිසකි. ඔවුන්ගේ විවිධ අඩන්තේට්ටම්වලට ඇය මුහුණ දුන්නා ය. සියල්ල දරා සිටිය නොහැකි තැන ඇය රාමනාදන් ශාලාවේ තම කුටියේ ජනේලය ළඟට ආවා ය.

    උපන්දා සිට කෙල්ලක ලෙස රැක ගත් ආත්මය නිර්ලජ්ජිත ලෙස ඇස් ඉදිරිපිට විනාශ වීමට ඉඩ දිය නොහැකි ය. දල්වන ලද ඉටිපන්දම් රැගත් යක්ෂණියෝ ඇය ඉදිරියේ සිටියහ.

    ආත්මය පාවා දෙනවාට වඩා වෙනත් විකල්පයක් ඇය සෙවුවා ය. බියෙන් සලිතව ඇය කෑ ගැසුවා ය. පිහිටට කිසිවකු නැත. කවර මොහොතකුදු නොසිතාම ඇය උඩුමහලෙන් බිමට පැන්නා ය.

    ජීවිතයේ සුන්දර පින්බර හිමිදිරියේ ප්‍රාර්ථනා ගොන්නක් පොදි බැඳගෙන පේරාදෙණි සරසවියට වියමං කෙරූ ගැමි කෙල්ලක්ගේ ඉරණම විසැඳුණේ එලෙස ය. බරපතළ තුවාල ලැබූ ඇය රෝහලෙන් නිවෙසට එන්නේ උපාධි සහතිකය දෝතින් දරාගෙන නම් නොවේ. සදාකාලික ආබාධිතයකු ලෙස ඇය ආපසු එන්නේ පෙරදා යහතින් පිටව ගිය දිළිඳු නිවෙස වෙතටමය.

    ඉලන්දාරි දේවගේ රූපා රත්නශීලී නම් 22 වියැති ගැමි සුවඳ විහිද වූ සුන්දර තරුණිය පේරාදෙණි සරසවියට වරම් ලබන්නේ කරන්දෙණිය නම් සුන්දර ගම් පියසෙන් ය. කරන්දෙණියේ, ඒ දණ්ඩ, දුරවත්ත ග්‍රාමයෙන් 1974 මැයි 2 දින පේරාදෙණිය සරසවියට පිවිසීමේ භාග්‍ය ලැබූ ඇය කරන්දෙණිය මධ්‍යම මහා විද්‍යාලයෙන් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත්ව සරසවියට සුදුසුකම් ලැබුවා ය.

    දෙපයින් ඇවිද ගිය ඇය බිඳී විසිරී ගිය සිහින පොදිය ද දෝතින් දරා සදාකාලික රෝගියකු ලෙස යළිත් ජීවිතය ලැබුවා ය. ජීවිතයේ බර සැහැල්ලු කරන්නට සිතා සිහින මැවූ ඇය යළිත් ගෙදරටම බරක් වූවා ය. එහෙත් වැලේ ගෙඩිය වැලට බරක් නොවූ කළ අම්මා මහ මෙරක් සේ ගිනි උහුලා ඇගේ බර යළිත් දෝතට ගත්තා ය.

    ජීවිතය වේදනාවෙන් බරව ඉදිරියටම ගෙවී ගියා විනා ඇයට කාරුණික වූයේ නැත.

    “මගේ අසරණ කෙල්ලට කරපු අපරාදේ”

    අම්මා දිවා රැය සුසුම් හෙලුවේ ඇයට හොර රහසේ ය. තාත්තා කෝච්චියේ හැපී මිය ගිය ද අම්මා ඔවුන් ලෙහෙනියක සේ රැක ගත්තා ය. ජීවිතේ ගලා යන රටාව වෙනස් කළ හැකි ද ? දෛවයට ඉඩ දීම විනා එරෙහිව යා නොහැකි ය. ජීවිතය ජීවත් කරමු අම්මා ද හදිසියේ ම මිය පරලොව ගියේ ය. ඇය වඩාත් අසරණ වූවා ය. තාත්තාගේ පැන්ෂන් එකෙන් ජීවිතය ගැට ගසා ගත් ඔවුන්ට කාගේවත් පිළිසරණක් ලැබුණේ නැත. පසු කලෙක ඇයට නිවෙසක් ලැබිණි. ඉතුරුම් පොතක වූ මුදලකින් රු. 600ක පොලියක් ලැබිණි. අම්මා මිය ගිය පසු පැන්ෂන් මුදල ජීවත් වීමට ඇය ඉල්ලා සිටියා ය. ඇඳුම් මැසීමට ඇය හුරුවූයේ කීයක් හෝ උපයා ගන්නට ය.

    එක්තරා දිනයක ඇය ජීවිතය පිළිබඳ බෙහෙවින් කලකිරීමට පත් වූවා ය. වෙසක් සඳ මෝදුවෙමින් තිබිණි. ඇගේ අතීතාවර්ජනයන් තුළ ඇය ශෝක බරිත වුවා ය. යෞවනයේ බලාපොරොත්තු රැගෙන 22 හැවිරිදි යෞවනියක ලෙස ඇය සරසවි වරම් ලැබුවා ය. යෞවන පේ‍්‍රමයේ සොඳුරු සිහිනයක් ඇය තුළ ද තිබෙන්නට ඇත. ඇය දැන් 47 හැවිරිදි වියට එළැඹ ඇත. ජීවිතය තවදුරටත් ජීවත් කරවීමේ ඵලක් නොමැති බව ඇයට හැඟුණා ය. ඇයට මේ අපරාධය උරුම කළ පාපතර සමාජයට ඇය සාප කළා වන්නට ඇත.

    මවු උණුසුම ද අහිමිව ගිය කළ තවත් කිනම් හෝ සෙනෙහසක් ඇය වෙනුවෙන් ඉතිරිව නැත. ඇය ඉකිගසා හැඬුවා ය. වේදනාවෙන් යුතුව සඳවතිය රුක් අත්තන ගසකට මුවා වූවා ය. ආබාධිත දෙපා දෙස ඇය බැලුවා ය. අප්‍රාණික යටිකය සදාකාලික ලෙසින්ම ගිලන් ව ඇත. ජීවිතය තවදුරටත් ඇයටම විඩා බර ය. සඳ එළියේ ම ඇය රෝද පුටුව පදවාගෙන මිදුලේ කොණක වූ ළිඳ වෙත ගියා ය. තවත් මොහොතක් හෝ නොසිතා ජීවිතයේ මාරාන්තික දෙවැනි මෙන්ම අවසන් පිම්ම ළිඳ තුළට හෙලුවා ය. ඇය ජීවිතයෙන් සමුගත්තා ය. 1997 නොවැම්බර් මස 27 වැනි දින මෙරට නවකවදයේ උම්මන්තක ක්‍රෑර හස්තයට හසුව සදාකාලික රෝද පුටුවකට සීමා වෙමින් සිටි රූපා රත්නශීලී මෙනෙවිය ජීවිතයෙන් ම සමුගත්තා ය. ඇය එලෙස දරුණු ලෙස නවක වදයට පත් පළමු විශ්වවිද්‍යාල සිසුවිය ද වූවා ය.

    - නන්දි අලුත්ගේ රත්නවීර
    සංවේදී පාඨක අදහස්

    ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම © 2011 සියළුම හිමිකම් ඇවිරිණි.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නවකවද පනත දැඩිව ක්‍රියාත්මක කරවීම සඳහා හේතු උනු ප්‍රධාන සිද්ධියක්

    තව දුරටත් ඔහොම සිද්ධි වෙන්න අවස්ථාව බොහොම අඩුයි. කෙළින්ම හිරෙ
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    සරසවි සිහිනය එතකින් නිමකළ ඇය වසර 20 කට අධික කාලයක් දෙපා වාරු ගැනීමට නොවිදිනා දුක් වින්දාය. උකසට තැබූ ඉඩකඩම් බේරා ගැනීමට නොහැකිව කල්පනා කරමින් සිටි ඇය වරක් මානසික රෝගයකටද ගොදුරු විය. සිංහල වෙද බෙහෙත් කළද ඒ සඳහා යන අධික වියදම ඇයගේ දෙමව්පියන්ට දැරීමට නොහැකි විය. 1985 සැප්තැම්බර් 30 වැනිදා එවකට ජනාධිපති වූ ජේ.ආර්.ජයවර්ධන මහතාට සිද්ධිය පහදා යැවූ ලිපියකට පිළිතුරු ලෙස ඇයට 1985 දෙසැම්බර් 19 වනදා ජනාධිපති අරමුදලෙන් රු.25000 ක මුදල් ආධාරයක් ඇයට හිමි විය. වර්ෂ 1986 දී තමා හමුවීමට ආ මාධ්‍යවේදියෙකුට ඇය මෙසේ පවසා ඇත
    "මාසෙකට දෙපාරක් විතර වෙද මහත්තයට ගුණ අගුණ කියන්න යන්න ඕනෑ. වෙද මහත්තය ලඟට එක පාරක් යන්නම මෝටර් රථයකටම රුපියල් 1500 ක් විතර යනවා. මැල්ලුම්, පත්තු, තෙල්, කසාය වලටම දිනපතා විශාල මුදලක් ඕනෑ. ජනාධිපතිතුමාගෙන් ලැබුණු ආධාරය මගේ ප්‍රතිකාර වලට බොහෝ ප්‍රයෝජනවත් වෙනවා. එත් මේ ප්‍රතිකාර තව වසර කීපයක්ම කරන්න වෙයි කියලයි වෙද මහත්තය කිව්වේ. දෙපා වල වැඩිම කාලයක් තිස්සේ නතරවෙලා තිබ්බත් දැන් අයෙත් වැදීමක් ඇතිවෙලා තියනවා.”
    මේ අතරතුර රූපා කබලෙන් ලිපට වැටෙන සිද්ධියක් වුනි. ඒ උසස් අධ්‍යාපන අමාත්‍යංශය මගින් ඇයට රු.50000 ක මුදලක්, නිවසක් හා මාසික දීමනාවක් ලබා දෙන බව පැවසීමය. මේ නිසා ඇයට තම හිතවතුන්ගෙන් ලැබුණු ආධාරද නතර විය. එමගින් ඇය තවත් අසරණ වූ අතර උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ දීමනා සියල්ල හුදු පුස් පොරොන්දුවක් බවටම පත් විය.
    පසුව ඇය තමාගේ දිවි රැක ගැනුමට නිවසේ සිට රෙදි මැසිමට පටන් ගත්තාය. එහෙත් තමාගේ දෛවය එයටද ඇයට සහය නොදීම නිසා අසරණ වූ ඇය වර්ෂ 1997 දී තම රෝද පුටුවෙන්ම ගොස් ගෙවත්තේ පිහිටි ළිඳට පැන සියදිවි නසා ගත්තාය.....
    මෙය එසේ දියේ ගිලී නිමාව දුටු රුපාගේ දුක්බර කතා පුවතයි. ඇත්තටම ඇය වැරදිද?
    තමාගේ ශරීරය දන් දී දෙපා බේරාගැනීමට රුපාට එදා හොදටම අවස්ථාව තිබුණි. එහෙත් ගැහැණියක් සතු වටිනාම දෙය වන ආත්ම ගරුත්වය බේරාගැනීමට ඇය තීරණය කලේ එය ජීවිතය හා සමාන නිසා නොවේද. එසේ නොහොබිනා නවක වද පවරන මොවුන්ගේ චින්තනය කුමක්ද? ඔවුන් එයින් බලාපොරොත්තුවන්නේ තමාගේ ආශාවන් සංසිදුවා ගැනීම විනා සිසුන් සමග සුහඳ වීම නොවන බව මෙය කියවන ඔබටත් මටත් සක්සුදක් සේ පැහැදිලිය. ඔබත් නවක වදයට ඇලුම් කරන අයෙක්ද? එසේනම් මොහොතක් නැවතී සිතන්න, මෙවැනි රූපලා තව ලංකාවේ කොතරම් බිහිවී ඇද්ද, බිහිවීමට ඇද්ද.
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    හෙන ගහපන් කැරි පොන්නයොන්ට

    Kochchara ohoma kiwwath ohoma wenne na ban. Meruna kenata Neethiyen sadaranayak wuneth na. Samajen sadaranayak wuneth na.

    Lagadi Sabaragamuwe kellek suicide karagathhe. Mini maruwo sepen sathutin innawa.

    Oya rag karapu genu ada hoda posts wala innawalu. Eka geniyek professor keneklu. Doramadalawa tath enawalu.
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    Kochchara ohoma kiwwath ohoma wenne na ban. Meruna kenata Neethiyen sadaranayak wuneth na. Samajen sadaranayak wuneth na.

    Lagadi Sabaragamuwe kellek suicide karagathhe. Mini maruwo sepen sathutin innawa.

    Oya rag karapu genu ada hoda posts wala innawalu. Eka geniyek professor keneklu. Doramadalawa tath enawalu.

    :angry: :(
    ආන්ඩුවෙන් නිකන් දෙන එක ගන්න අන්තරේ ජෙප්පොන්ට වැදගෙන ඉන්න වෙලා
    හැම District එකටම Campus එකක් හදලා ඒකට District එකෙන් විතරක් ලමයි ගත්තා නම් හරි
    ඔය පොන්නයෝ ගෙවල් වලින් ඇවිල්ලා කෙරියෝ කියලා හිතන් අලුතින් එන උන්ව අපයෝජනය කරනවා :angry:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    1974 කෘෂි අංශයේ උපාදියක් , හොද රටක සැපේ පුළුවන් ජිවිතයක් ,,

    ඇයි කාලකන්නි මෙහෙම හසුරෙන්නේ ,
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,122
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    xත්ත රකින්න උඩ තට්ටුවෙන් පැනපු එකේ මෝඩකම තේරෙන්න ඇත්තෙ පැන්නට පස්සෙ. එතකොට රැකගත්ත xත්ත බල්ලෙක්ටවත් වැඩක් නෑ:(
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එදා රෑග් කරපු එවුන් අද හොද ජීවිත ගෙවනවා ඈති