පේරාදෙණිය නවක වද බිල්ල-රූපා රත්නශීලී
ජීවිතය පැරැදුණු කළ මරණය ජයගත් සරසව් දියණිය-රූපා රත්නශීලී
ඉරිමා උදයේ ම ඇඟ හිරිහඩු නංවන සීතලේ පිනි ගොල්ල දිගේ වෙල් නියරට පියමැනපු රත්නශීලීත්, අම්මාත් ආයෙමත් පොල් රුප්පාව මැද්දෙන් ගුරු පාර දිගේ පියවර ඉක්මන් කළා. පන්සලේ ගණ්ඨාර කුළුණේ පාන්දර පහ වෙද්දී වෙනදා වගේම වෙලාව වදින ගණ්ඨාර සද්දේ ඇහුණා.
ජේමිස් මාමා එළදෙනුන් ටික දක්කාගෙන ගොයම් කපා අහවර කරපු ඉපනැල්ල දිගේ වෙල ඉහත්තාවට යන හැටි රත්නශීලී දුටුවා. මැයි මාසෙ මුළු ගහකොළ පුරාම ගෙඩි, මල් පිරිලා. බලන බලන පැත්තේ හරිම සිරියාවයි. අදින් පස්සේ ගමේ ලස්සන බලන්න කාලෙකට බැරි වෙයි නේද කියලා ඇයට පුංචි දුකකුත් නොහිතුණා නොවේ. තණකොළ පිඩැල්ලක් උඩ මෝදු වෙලා දිලිසි දිලිසි තිබුණු පිනි අහුරක් ඇගේ පය වැදිලා විසිරිලා ගියා.
“ලොක්කියෙ පය ඉක්මන් කරපන්. දැම්ම හන්දියට ගියොත් නුවර යන බස් එක අල්ලගන්න පුළුවන් වෙයි”
අම්මා ඔසරි පොටින් හිස ආවරණය කර ගත්තෙ පින්නෙන් බේරෙන්න වාගේ.
“ලොක්කියේ මේ ලේන්සු පොඩ්ඩ ඔලුවට දාගනින් පිනිබාලා හෙම්බිරිස්සාව හැදෙයි. නන්නාදුනන පළාතෙ කාට කියන්න ද ?
රත්නශීලී සුදු ගවුම රැලි ටික හදාගෙන පරණ, සූට්කේස් එක අනික් අතට මාරු කරගත්තා. පරණ ගවුම් දෙක තුනකුත් සාලුවකුත් පොරෝනයකුත් පොත්පත් ටිකක් ඇරුනහම සැලකිය යුතු යමක් ඒක ඇතුළේ නැහැ කියලා ඇය දන්නවා. කරන්දෙනිය හන්දියෙන් බස් එක නලාව හඬවමින් එක පිම්මට දුවගෙන ආවා. විග විගහට රත්නශීලීත් අම්මාත් ඒකට ගොඩ වුණා.
සුන්දර හන්තානෙන් වටවුණු පේරාදෙණිය සරසවිය වෙත නුහුරු නුපුරුදු සබකෝලයෙන් හෙමිහිට පා තැබූ රත්නශීලී තම ආදරණීය මවට වෙන් වී යන්නට සුමුදුන්ගේ ජීවිතේ බලාපොරොත්තු කප්පරක් හද ගැබේ පීදෙන්නට පෙරුම් පුරද්දී.
“මගේ අහිංසකීට දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාවයි. මේ නාදුනන දීපංකරේක තට්ට තනියම උඹ ඉන්න පළමු වතාව. අද වගේ දවසක උඹේ තාත්තා හිටියනං මගේ හිතට හයියක්. උන් දෑ ඉන්න තැනකින් උඹ දිගා බලා ඉඳියි දුවේ”
ජීවිතේ දුක් අහස වගේ උහුලපු අම්මාගේ උණුසුමට ඇය තුරුලු වුණා. අම්මා ආපසු ගියා.
රාත්‍රිය නිහඬ ය. නිසොල්මන්ය. ආගන්තුක ය. හද්දා පිටිසර ගම්මානයක ඉපිද කඳු ඉහත්තාවක පීදුණු උඩවැඩියා මලක් බඳු අහිංසකාවිය පේරාදෙණිය සරසවි මව් ඇකයට ප්‍රවේශ වූවා ය. රාමනාදන් ශාලාවේ ඉහළ මාලයේ කාමරයක තනි වූ ඇය ජීවිතයේ ප්‍රාර්ථනා මුතුහර එකින් එක ඇමිණීමට සිහින මැව්වා ය.
පොඩ්ඩිට හොඳට උගන්වන්න. මල්ලිට හොඳ අනාගතයක් හදන්න. චුට්ටිට හොඳ කල දවසක් ලබන්න. රැයක් දවාලක් නොබලා හේනේ කුඹුරේ මහ පොළොවේ ගැටෙමින් දුක් විඳින අම්මාට ජීවිතයේ කෙම්බිමක් දකින්නට . .. පවුලේ වැඩිමලී ලෙස ඇගේ දෝත මත ඔවුන්ගේ කෝය ඉදි වි තිබිණි.
“තිබිච්ච එකම කුඹුරු කෑල්ල තාත්තා උගස් කෙළේ මට උගන්නන්න”
ඇය තනිවම සුසුම් හෙළුවා. වාසිටියට යන්න ලැබුණු එකම කෙල්ල විදිහට ගමේ සමහරු ඇයට සුබ පැතුවා.
“රත්නශීලී අපේ ගමට නම්බුවක්. ඇයි අපේ ඉස්කෝලේට ? ජීවිතේ දුක මැදින් හදවත පිරිලා ගියා වාගේ රත්නශීලීට දැනුණා.”
සරසවිය පුරා තැනින් තැන නවක ගමින් ආපු කෙල්ලො කොල්ලො පරණ අයගේ වදයට ලක් වෙලා ඉන්න හැටි රත්නශීලී දුටුවා ය. පැරැණි ශිෂ්‍යාවෝ රංචුවක් මේ හුරුබුහුටි සුන්දර ගැමි කෙල්ල පසු පස හඹා ආහ. ඇය බයෙන් බිරාන්තව උඩු මහළට දිව ගියා ය.
“අහු වෙයංකෝ. අපි ආයිමත් උඹව අල්ලා ගන්නම්කෝ”
ඔවුන් රකුසියන් සේ කෝපයෙන් දැවෙමින් එදා ආපසු ගියෝ ය.
රත්නශීලීට ගම සිහිවිය. නංගිලා දෙදෙනාත් අම්මාත් මල්ලීත් ඇගේ් නෙතු මානයේ මැවී පෙනෙන්නට විය. උදේ පාන්දරින් අවදිව යහනේ වැතිර සිටි ඇයට ආපසු ගමට යාමේ සිතක් ද පහළ නොවූවා නොවේ. පැරැණි සිසුන්ගේ හඬ ඇසෙන විට පවා ඇය බියෙන් වෙව්ලා ගියා ය. ගමේ මධුමලක් ලෙස නොයිඳුල්ව නොකිලිටිව හැදුනු වැඩුණු සියුමැලි බොළඳියක් වූ ඇය බොහෝ සෙයින් බියපත් ව සිටි බව සැබෑවකි.
“මේක ද මං හොයපු සුරපුර” ඇය වරෙක සිතුවා ය. එහෙත් ලෙහෙසියෙන් පැරැදීම බාර ගැනීම ඇගේ හැටි නොවේ. කුසට හරිහැටි අහරක් නැතිව ඇය අකුරු කළා ය. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත් ව හද්දා පිටිසර ගමකින් ඇය පේරාදෙණිය කෘෂි අංශයේ සිසුවියක්ව ජීවිතය ජය ගන්නා මාවතට පැමිණියා ය.
එවන් කළ ඇය සිතුවා ය.
පේරාදෙණිය සරසවි තුරුලේ ඇය නවක වදයේ පීඩාවන්ට හසුව වුවද ගත කෙළේ දෙසතියක් පමණි. එක්තරා රාත්‍රියක හිනිපෙළ නැඟ විත් ඇගේ කුටියේ දොර ළඟ සිටියේ එකම සරසවියේ අනාගතය පොදිබඳිනු සිසුවියන් පිරිසකි. ඔවුන්ගේ විවිධ අඩන්තේට්ටම්වලට ඇය මුහුණ දුන්නා ය. සියල්ල දරා සිටිය නොහැකි තැන ඇය රාමනාදන් ශාලාවේ තම කුටියේ ජනේලය ළඟට ආවා ය.
උපන්දා සිට කෙල්ලක ලෙස රැක ගත් ආත්මය නිර්ලජ්ජිත ලෙස ඇස් ඉදිරිපිට විනාශ වීමට ඉඩ දිය නොහැකි ය. දල්වන ලද ඉටිපන්දම් රැගත් යක්ෂණියෝ ඇය ඉදිරියේ සිටියහ.
ආත්මය පාවා දෙනවාට වඩා වෙනත් විකල්පයක් ඇය සෙවුවා ය. බියෙන් සලිතව ඇය කෑ ගැසුවා ය. පිහිටට කිසිවකු නැත. කවර මොහොතකුදු නොසිතාම ඇය උඩුමහලෙන් බිමට පැන්නා ය.
ජීවිතයේ සුන්දර පින්බර හිමිදිරියේ ප්‍රාර්ථනා ගොන්නක් පොදි බැඳගෙන පේරාදෙණි සරසවියට වියමං කෙරූ ගැමි කෙල්ලක්ගේ ඉරණම විසැඳුණේ එලෙස ය. බරපතළ තුවාල ලැබූ ඇය රෝහලෙන් නිවෙසට එන්නේ උපාධි සහතිකය දෝතින් දරාගෙන නම් නොවේ. සදාකාලික ආබාධිතයකු ලෙස ඇය ආපසු එන්නේ පෙරදා යහතින් පිටව ගිය දිළිඳු නිවෙස වෙතටමය.
ඉලන්දාරි දේවගේ රූපා රත්නශීලී නම් 22 වියැති ගැමි සුවඳ විහිද වූ සුන්දර තරුණිය පේරාදෙණි සරසවියට වරම් ලබන්නේ කරන්දෙණිය නම් සුන්දර ගම් පියසෙන් ය. කරන්දෙණියේ, ඒ දණ්ඩ, දුරවත්ත ග්‍රාමයෙන් 1974 මැයි 2 දින පේරාදෙණිය සරසවියට පිවිසීමේ භාග්‍ය ලැබූ ඇය කරන්දෙණිය මධ්‍යම මහා විද්‍යාලයෙන් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත්ව සරසවියට සුදුසුකම් ලැබුවා ය.
දෙපයින් ඇවිද ගිය ඇය බිඳී විසිරී ගිය සිහින පොදිය ද දෝතින් දරා සදාකාලික රෝගියකු ලෙස යළිත් ජීවිතය ලැබුවා ය. ජීවිතයේ බර සැහැල්ලු කරන්නට සිතා සිහින මැවූ ඇය යළිත් ගෙදරටම බරක් වූවා ය. එහෙත් වැලේ ගෙඩිය වැලට බරක් නොවූ කළ අම්මා මහ මෙරක් සේ ගිනි උහුලා ඇගේ බර යළිත් දෝතට ගත්තා ය.
ජීවිතය වේදනාවෙන් බරව ඉදිරියටම ගෙවී ගියා විනා ඇයට කාරුණික වූයේ නැත.
“මගේ අසරණ කෙල්ලට කරපු අපරාදේ”
අම්මා දිවා රැය සුසුම් හෙලුවේ ඇයට හොර රහසේ ය. තාත්තා කෝච්චියේ හැපී මිය ගිය ද අම්මා ඔවුන් ලෙහෙනියක සේ රැක ගත්තා ය. ජීවිතේ ගලා යන රටාව වෙනස් කළ හැකි ද ? දෛවයට ඉඩ දීම විනා එරෙහිව යා නොහැකි ය. ජීවිතය ජීවත් කරමු අම්මා ද හදිසියේ ම මිය පරලොව ගියේ ය. ඇය වඩාත් අසරණ වූවා ය. තාත්තාගේ පැන්ෂන් එකෙන් ජීවිතය ගැට ගසා ගත් ඔවුන්ට කාගේවත් පිළිසරණක් ලැබුණේ නැත. පසු කලෙක ඇයට නිවෙසක් ලැබිණි. ඉතුරුම් පොතක වූ මුදලකින් රු. 600ක පොලියක් ලැබිණි. අම්මා මිය ගිය පසු පැන්ෂන් මුදල ජීවත් වීමට ඇය ඉල්ලා සිටියා ය. ඇඳුම් මැසීමට ඇය හුරුවූයේ කීයක් හෝ උපයා ගන්නට ය.
එක්තරා දිනයක ඇය ජීවිතය පිළිබඳ බෙහෙවින් කලකිරීමට පත් වූවා ය. වෙසක් සඳ මෝදුවෙමින් තිබිණි. ඇගේ අතීතාවර්ජනයන් තුළ ඇය ශෝක බරිත වුවා ය. යෞවනයේ බලාපොරොත්තු රැගෙන 22 හැවිරිදි යෞවනියක ලෙස ඇය සරසවි වරම් ලැබුවා ය. යෞවන පේ‍්‍රමයේ සොඳුරු සිහිනයක් ඇය තුළ ද තිබෙන්නට ඇත. ඇය දැන් 47 හැවිරිදි වියට එළැඹ ඇත. ජීවිතය තවදුරටත් ජීවත් කරවීමේ ඵලක් නොමැති බව ඇයට හැඟුණා ය. ඇයට මේ අපරාධය උරුම කළ පාපතර සමාජයට ඇය සාප කළා වන්නට ඇත.
මවු උණුසුම ද අහිමිව ගිය කළ තවත් කිනම් හෝ සෙනෙහසක් ඇය වෙනුවෙන් ඉතිරිව නැත. ඇය ඉකිගසා හැඬුවා ය. වේදනාවෙන් යුතුව සඳවතිය රුක් අත්තන ගසකට මුවා වූවා ය. ආබාධිත දෙපා දෙස ඇය බැලුවා ය. අප්‍රාණික යටිකය සදාකාලික ලෙසින්ම ගිලන් ව ඇත. ජීවිතය තවදුරටත් ඇයටම විඩා බර ය. සඳ එළියේ ම ඇය රෝද පුටුව පදවාගෙන මිදුලේ කොණක වූ ළිඳ වෙත ගියා ය. තවත් මොහොතක් හෝ නොසිතා ජීවිතයේ මාරාන්තික දෙවැනි මෙන්ම අවසන් පිම්ම ළිඳ තුළට හෙලුවා ය. ඇය ජීවිතයෙන් සමුගත්තා ය. 1997 නොවැම්බර් මස 27 වැනි දින මෙරට නවකවදයේ උම්මන්තක ක්‍රෑර හස්තයට හසුව සදාකාලික රෝද පුටුවකට සීමා වෙමින් සිටි රූපා රත්නශීලී මෙනෙවිය ජීවිතයෙන් ම සමුගත්තා ය. ඇය එලෙස දරුණු ලෙස නවක වදයට පත් පළමු විශ්වවිද්‍යාල සිසුවිය ද වූවා ය.
- නන්දි අලුත්ගේ රත්නවීර
සංවේදී පාඨක අදහස්
ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම © 2011 සියළුම හිමිකම් ඇවිරිණි.