පේරූ හි "මචූ පිචූ" නගරය ( Machu Picchu )

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පේරූ හි "මචූ පිචූ" නගරය ( Machu Picchu )

    Machu Picchu යනු සුප්‍රසිද්ධ ඉන්කාවරුන්ගේ ජනාවාස පැවති 15 වන සියවසට අයත් පුරාණ නගරයකි. මෙය පේරූ හි (Peru), "Urubamba" නිම්නයේ අඩි 8000 පමන උසින් කඳු මුදුනක පිහිටා ඇත.

    මෙම නගරය 1450 දී පමන ඉන්කා අධිරාජයෙකුවූ Pachacuti විසින් ඉදි කෙරුන බව සැලකේ. එහෙත් ඊට වසර 100 කට පමන පසු ඇති වූ ස්පාඤ්ඤ ආක්‍රමණයත් සමග මෙම නගරය අතහැර දමන ලදි. කෙසේ නමුදු නගරය පිලිබඳ ස්පාඤ්ඤනයන්ට දැන ගන්නට නොලැබුන අතර ස්වදේශික වැසියන් පිරිසක් පමනක් මෙය පිලිබඳ දැන සිට ඇත. කාලයත් සමග මෙම නගරය මුලුමනින්ම ගස් වලින් වැසී ගොස් තිබුනි.1911 දී පමන ඇමරිකානු ඉතිහාසඥ්නයෙකු වූ Hiram Bingham විසින් මෙම සැඟවී ගිය නගරය නැවත සොයා ගැනීමත් සමග Machu Picchu පිලිබඳ අභිරහස ලොවට හෙලිවිනි.



    Machu Picchu නගරය සාම්ප්‍රදායික ඉන්කා නිරමාණ ලෙස ,මදින ලද කලුගල් බිත්ති වලින් නිමවා ඇත. Inti Watana, Temple of the Sun සහ Room of the Three Windows. යනු මෙහි පිහිටා ඇති ලෝක ප්‍රසිද්ධ නිර්මාණ 3 කි. මේවා පුරාණ ඉන්කා හිරු දෙවියෙකු (incan sun god) වූ inti උදෙසා කරන ලද නිර්මාණ ලෙස සැලකේ.

    මෙම නගරය ප්‍රධාන වශයෙන් ජනාකීරණ සහ කෘෂිකාර්මික ලෙස කොටස් දෙකකට බෙදා තිබී ඇති බව සැලකේ. එමෙන්ම ඉහල නගරය සහ පහල නගරය ලෙස ජනාකීරණ ප්‍රදේශය බෙදා තිබී ඇත.

    Machu Picchu පිලිබඳ නොයෙකුත් විවිධ මතවාද ලොව පුරා පවති. මෙයින් එකක් වන්නේ මෙය සුප්‍රසිද්ධ ඉන්කාවරුන්ගේ "නැතිවුන නගරය" (the lost city) යන්නයි. පසුව මෙම මතය අතහැර දමන ලදි. එමෙන්ම පුරාණ ඉන්කාවරුන්ගේ හිරු දෙවියන් උදෙසා වූ කන්‍යාවන් (Virgins of the Sun) වෙනුවෙන් ඉදි කරන ලද්දක් ලෙසද සැලකේ. තවත් මතයක් වන්නේ මෙය ඉන්කා රාජකීයන්ගේ සුඛවිහරනය උදෙසා ඉදි කෙරුනු ඔවුන් නිවාඩු සුවයෙන් ගතකල ප්‍රදේශයක් යන්නයි.

    Machu Picchu නගරය 1983 දී UNESCO ව විසින් ලෝක උරුම ප්‍රදේශයක් ලෙස නම් කරන ලදි.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හරිම ලස්සනයි බං උඩින් බැලුවාම.....ස්තූතියි දැනුවත් කිරීමට :cool:

    Rep +++++++++++
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    rqGv7GS.jpg


    1126.gif