පේස්බුකියෙන් පැතිරෙන ස්පෑම් වලින් බේරෙන

sinhalamark

Member
May 15, 2011
320
24
0
පේස්බුකියෙන් පැතිරෙන ස්පෑම් වලින් බේරෙන

දැන් ටික කාලෙක ඉඳන් මගෙ මූණුපොත හරහා එක එක වයිරස් පැතිරෙන එක හැමෝම වගේ දන්න දෙයක්. ඉතිං මේක ගැන දැන් ගොඩ දෙනෙක් කතා කරනව. ඒකෙ අනි‍ටු ප්‍රතිඵලයක් විදිහට දැන් සමහර අය චැට් එකේදි නිකං ලින්ක් එකක් ක්ලික් කරන්නත් අහේතුක භියක් දක්වනව. ඉතින් ඔය බොරු භය නැති කරන්නත් එක්ක මේ වයිරස් වලින් බේරෙන හැටි කියල දෙන්න හිතුව. මූණුපොත හදපු කෙනා හැටියට එහෙම කරන්න එපායැ.

මූණුපොතේ ගොඩක් වයිරස් පැතිරෙන්නෙ චැට් කිරීම හරහා. බොහෝ වෙලාවට තමන්ගෙ යාලුවන්ගෙන් මොකක් හරි පණිවිඩයක් දාල ලින්ක් එකක් එක්ක මැසේජ් එකක් එවනව. බොහෝ වෙලාවට (බොහෝ වෙලාවට කියනවට වඩා හැම වෙලාවෙම කියන එක ගොඩක් නිවැරදියි) මේ එවන මැසේජ් එක ගැන එවන කෙනාවත් දන්නෙ නෑ. ඉතිං එහෙම ලින්ක් එකක් ආවම කෙලින්ම එයාගෙන් අහන්න මොකක්ද මේ කියල. එයා දන්නව නම් ඒක ගැන මොකක් හරි විස්තරයක් කියයි. සමහර වෙලාවට ඒ මොකක්ද කියල දන්නෙ නෑ. එහෙම එයා දන්නෙ නැත්නම් ඒ ලින්ක් එකට යන්න එපා

ඒක වයිරස් එකක් අඳුන ගන්න පුළුවන් මූලික ක්‍රමේ. තව ක්‍රමයක් තියෙනව. ඔහොම එන මැසේජ් එකක බොහෝ වෙලාවට ලින්ක් එකක් තියෙනවමයි. ඒ ලින්ක් එකත් හැම තිස්සෙම වගේ URL Shortner වෙබ් අඩවියක් මඟින් කෙටි කරපු ලිපිනයක්. මූණුපොතේ චැට් වලින් පැතිරෙන වයිර්ස් වලින් මම දැකපු හැම එකකම වගේ නියම ලින්ක් එක නෑ. කෙටි කරපු ලින්ක් එකක් තියෙන්නෙ. ඉතිං එහෙම ලින්ක් එකක් ආවොත් යන්න කලින් URL දික් කරල බලන සයිට් එකකින් ඒ URL එකෙන් යන සයිට් එක බලාගන්න. බලාගෙන දැන් ගූගල් එකෙන් අලුතෙන් හඳුන්වා දීමක් කරල තියෙනව Search Results වලට එන වෙබ් අඩවි වල ස්ක්‍රීන් ශොට් එකක් Result එක උඩ ක්ලික් කලහම පෙන්නනව. ඉතිං අර වෙබ් අඩවියෙ ලින්ක් එක ගූගල් සර්ච් පාරකින් හොයල බලන්න පුළුවන්.

මේ ක්‍රම දෙකෙන් තමා චැට් එකෙන් එන වයිරස් අඳුරගන්න පුළුවන් හොඳම විදිහ. මේ ඇරුනහම wall posts වලට යාලුවන්ව ටැග් කරල තවත් වයිරස් එකක් එනව. ඒකෙ මම දැකපු ඒවගෙ තියෙන හැටියට ඔක්කොම වගේ තියෙන්නෙ තමන්ගෙ ගිණුම බලපු අයගෙ නම් සහ එයා කීවතාවක් බැලුවද කියන එක දැනගන්න ක්‍රමයක්. ඉතිං ඕක දැක්කහම නෑවිත් ඉන්න කෙනෙක් නැති තරම්. හැමෝම වගේ කැමතියිනෙ තමන්ගෙ ගිණුම බැලුවෙ කව්ද කියල දනෙගන්න. ඉතිං ඕක කරණවනම් කරන්න Facebook App කියල දෙයක් තියෙනව. එහෙම හොඳ App එකකින් කරගත්තොත් මිස ඔය Address Bar එකට Script කොපි කරන වැඩේ නම් කරන්න යන්න එපා. මම මෙච්චර කාලෙකට Facebook එකේ ඉන්නකොට ඇඩ්‍රස් බාර් එකට ස්ක්‍රිප්ට් දාල මූණුපොතේ කිසිම දෙයක් කරගන්න පුළුවන් පහසුකමක් හඳුන්වා දීල නෑ. ඒක නිසා ඒ ස්ක්‍රිප්ට් පේස්ට් කරන වැඩේ කවුරුවත් කරන්න යන්න එපා. ඒව බොහෝ විට වයිරස්.


බුම්ප් එකක් වත් දීල යන්න.
 

sinhalamark

Member
May 15, 2011
320
24
0
දැන් ටික දවසකට කලින් video එකක් වගේ Spam එකක් පැතිරෙන්න පටං අරන් තියෙනව. ඒකෙ පේන්නෙ නිකං Youtube Video එකක් ඩෙස්ක්ටොප් එකට ශෙයා කලා වගේ. ඒත් ඇත්තටම ඒක Script එකක්. අපි ඒ වීඩියෝ එක බලන්න එක උඩ ක්ලික් කලහම Script එකක් නිකංම අපේ Clipboard එකට කොපි වෙනව. ඊට පස්සෙ ඒ වීඩියෝ එකෙන්ම කියනව ඇඩ්‍රස් බාර් එක උඩ ක්ලික් කරල Ctrl + V ඔබන්න කියල. එහෙම කලහම වෝල් එකට ආව වගේ Video එක ඔයාලගෙ යාළුවන්ගෙ වෝල් වලටත් යනව.
පහල තියෙන ෆොටෝ එකේ තියෙනව ඒ වගේ ආපු එකක්. ඒකෙ බොහෝ වෙලාවට ලියල තියෙන්නෙ Wtf (ඔයාගෙ නම) I cant beleive your tag in thid vid කියල. ඔය වගේ එකක් ආවොත් ක්ලික් කරන්න යන්න එපා. තමන්ගෙ වෝල් එකේ තියෙනව දැක්ක ගමන් Remove කරල දාන්න. නැත්නම් තමන්ගෙ වෝල් එකේ ඕක තියෙනව දකින යාළුවෙක් ඕකෙ තියෙන දේ කරල මේක තවත් පැතිරෙන්න පුළුවන්


230065_115467191871055_100002233238678_143850_4216318_n.jpg
 
  • Like
Reactions: ♥-Aurora-♥

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    වැදගත් ලිපියක්! :):) ඔය වීඩියෝ ලින්ක් 2,3ක් මටත් ආවා.. මං ඒත් බැලුවා මොකද බොලේ මේ මාත් එක්ක කතා කරලවත් නැති අය WTF කියලා පෝස්ට් දාන්නෙ කියලා! :lol:
    අපි නම් අහු වෙයි! :yes:
    රෙප්++ ~♥~

    0be47659.jpg