පොටැටො කට්ලට් (Potato Catlat)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    පොටැටො කට්ලට් (Potato Catlat) - Your Choice Way
    අවශ්‍ය දේවල්:
    • තම්බාගත් ලොකු අල ගෙඩි 3ක්
    • බටර් මේස හැදි 2
    • ෆ්‍රෙෂ් මිල්ක් මේස හැදි 2-3
    • ලුණු රස අනුව
    • ගම්මිරිස් රස අනුව
    • සුදූ ළුණු පව්ඩර් තේ හැදි 1/2
    • චොප් කරගත් ළුණු කොළ මේස හැදි 3
    • පාන් පිටි ග්‍රෑම් 130ක් (තව අවශ්‍ය වේ නම් දාගන්න )
    • බිත්තර 2ක්
    • බ්රෙඩ් ක්‍රම්බ් කප් 2 ක්
    • මොසරැල්ල චීස් ග්‍රෑම් 50ක් (තිබේනම් )

    සාදන විදිහ:
    1. බෝල් එකක් අරගෙන එයට‍ තම්බාගත් අල,ලුණු ,ළුණු කොළ,ගම්මිරිස්,මිල්ක්,චීස් දාගෙන හොදට කවලම් කරගන්න.
    2. ඉන්පසු ට්‍රේ එකක් අරගෙන මෙම මිශ්‍රණය එකට දාලා සමතලා කර උඩින් තෙල් කඩදාසියකින් වහලා. ශීතකරණයට පැය බාගයක් දාන්න..
    3. දැන් පැය බාගයකින් පසු එය එලියට අරගෙන උඩින් දාපු තෙල් කඩදාසියක් ඉවත් කරගන්න.
    4. දැන් කට ලොකු බෝතල් මුඩියක් අරගෙන අල මිශ්‍රණය උඩින් තියලා තද කරලා රවුම් කපාගන්න.
    5. ඉන්පසු ඒක ගානේ අතට අරගෙන රුප සටහනේ ඇති හැඩේට මෙය පැතලිව හදාගෙන පැත්තකින් තියගන්න..(මෙහෙම අමාරුයි නම් පාන් පිටි ටිකක් මේසෙට දාලා අල මිශ්‍රණය එහි දාගෙන රෝලින්ග් පින් එකේන් දිග හැරලා බෝතලේකට මුඩියක් අරගෙන රවුම් කපාගන්න )
    6. දැන් බෝල් 3ක් ගන්න.
    7. එකකට පිටි දාගන්න.
    8. අනිත් එකට බිත්තර බීට් කරලා දාගන්න.
    9. අනිත් එකට බ්රෙඩ් ක්‍රම්බ් දාගන්න.
    10. දැන් කට්ලට් ඒක ගානේ අරගෙන මුලින්ම පාන් පිටි එකේ දෙපැත්ත දාගෙන පාන් පිටි වලින් කවර් කරගන්න.
    11. ඉන්පසු බිත්තර එකේ ඔබාගන්න.
    12. ඉන්පසු හොදට බ්රෙඩ් ක්‍රම්බ් අල්ලගන්න.
    13. දැන් සාමාන්‍ය ගින්දරේ පැන් එකක් ලිපේ තබා එයට තෙල් මේස හැදි 6ක් විතර දාගෙන රත් වෙන්න තියන්න.
    14. දැන් එය රත් වුණාම කට්ලට් ඒක ගානේ අරගෙන පැන් එකේ දෙපැත්ත දාගෙන කුක් කරගන්න.
    15. එහෙම නැති නම් අවන් දාලා බේක් කරලා ගන්න.. 180ta preheat කරගත් අවන් එකේ විනාඩි 5-7.

    👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇