පොඩ්ඩක් හිතල බලන්න

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    1666322304144.png


    මේ ක්‍රිකට් වාරෙනෙ.. ඉතින් මේ පහුගිය ඉරිද තිබ්බ මැච් එක තිබ්බෙ ලංකාව සහ නැමීබියාව අතර, ඔස්ට්‍රේලියාවෙ ජිලොන් වල තමයි තරඟය පැවැත්වුණේ..
    ක්‍රිකට් කියන්නෙ මෙලෝ රහක් නැති මගුලක් උනත් ලංකාවෙ අයට ඉතින් හෙන උනක් තියෙනවනෙ.. ඉතින් ඕස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවෙ උදවිය පවුල් පිටින් ජීලොන් ආව මැච් එක බලන්න..
    මට ක්‍රිකට් ගැන උනන්දුවක් නැතත් මේ පින්තූර දැක්කම මට කල්පනා උන දේවල් ලියන්න හිතුන.. වැරදි නම් නිවැරැදි කරන්න..
    මේ ක්‍රිඩාංගනයෙ 35000 ආසන තියනව,
    එක සම්පූර්ණයෙන් වගෙ පිරිලා තිබ්බ..
    පෙනුන විදියට ලාංකිකයන් 20000 වඩා ඇවිත් හිටිය...
    ටිකට් එකක් $20 ක්..
    ඒ කියන්නෙ ඇතුලු වෙන්න විතරක් මේ ලාංකිකයො වියදම් කරල තියෙනව $400,000 ..
    එතකොට මෙල්බන් ඉදල ජිලොන් ගිහින් එන්න අඩුම කිලොමීටර 150ක් වත් යනව.. වාහණ 4000 ක් පාවිච්චි උනා කියල සහ සාමාන්‍යයෙන් තෙල් ලිටර 15 වත් වහණයකට ගියා කියල ඇස්තමේන්තු කරමු එක වාහණයකට ඒ කියන්නෙ $30 ක්
    එතකොට 30 x 4000 = $120000 තෙල් වලට
    අපේ අයියලා හොඳට කණ බොන උන් නෙ...
    ඔය 20000 න් 2500 වත් අනිවා බොතල් ගන්නව
    බොතලයකට අඩුම $50 ගානෙ තිබ්බොත් ( හොඳ සිංගල් මෝල්ට් නම් ඉතින් $100ක් වත් වෙනව)
    බෝතල් වලට 50x 2500 = $125,000
    සිගරට් බොන උන් පැකැට් 1000 ගත්ත නම්
    $40 x 1000 = $ 40000
    ඒ ඇරෙන්න කෑම බිම..නවාතැන් වලට වියදම් කර සල්ලි..
    එකෙක්ට $10 ගානෙ තිබ්බත් ( ලොවෙත් $10ට කරන්න පුලුවන් බම්බුවක් නෑ.. )
    තවත් $200 000
    එකතුව $885 000 රුපියල් නෙවෙයි ඈ.. ඩොලර්..
    එක දවසට වියදම් කරල ආතල් ගන්න
    මේ අවමයෙත් අවමය...
    සැබෑ ගාන මීට වඩා දෙතුන් ගුණයක් වෙන්න පුලුවන් ...
    $885,000 කියන්නෙ
    885000 X 250 =
    රු 221, 250, 000
    වචනෙන් කියනව නම්
    රුපියල් විසි දෙකෝටි දොලොස් ලක්ශ පනස් දහසක් දවසට ආතල් ගන්න කුඩු කරල...
    මේ ගාන එක මැච් එකකට විතරයි..
    මේ වගේ මැච් පහක් තියෙනව..
    ඔයගොල්ලො පොඩ්ඩක් හිතල බලන්න..
    මේ තරඟය ටීවී එකෙන් බලන්නත් පුලුවන්නෙ.. ඉතින් එහෙම කරල
    මේ වෙලාවෙ මේ සල්ලි එකතු කරල ලංකාවට එව්වනම් ලංකාවෙ මිනිස්සුන්ට මොනතරම් සහනයක් වේවිද..
    මන්ද පෝෂණයෙන් පෙලෙන අසරන දරුවන් කීයකට කෑම වෙලක් දෙන්න තිබ්බද
    ඉස්පිරිතාල වල දුක් විඳින මිනිස්සුන්ට බෙහෙත් ටිකක් අරන් දවසක් ජිවත් කරවන්න තිබ්බ නෙද....
    ඔයගොල්ලො පොඩ්ඩක් හිතල බලන්න.. ...
    රටෙ ඉන්න අහිංසක මිනිස්සු කන්න නැතුව මැරෙද්දි උඹල ආතල් ගන්න එපා බං.... ආත්මාර්ථකාමී වෙන්න එපා...
    ඔය පපරෙ බෑන්ඩ් ගහගෙන මත් වතුර බීලා සල්ලි කාබසිනිය කරන උන්ට තිබ්බ ඔය සල්ලි එකතු කරල ලංකාවෙ ඉන්න දුප්පත් ළමයින්ට කන්න වේලක් අරන් දෙන්න..
    ඔයගොල්ලො පොඩ්ඩක් හිතල බලන්න..
    ලංකාවෙ අපේම සහොදර ජනතාව කන්න බොන්න නැතුව දුක්විඳිනකොට ඒවා අමතක කරලා ආතල් වලට කෝටි ගනන් වියදම් කරන මේ අය නම් මිනිස්සු වෙන්න බෑ......
    ඔයගොල්ලො පොඩ්ඩක් හිතල බලන්න..
    මේ සල්ලි රතු තරුවට දුන්නනම්... කෝටි 25 කින්,
    රෝහල් කියක් නම් හදයිද
    වැසිකිලි කියක් නම් හදයිද
    කෑම වෙල් කියක් නම් බෙදල දෙයිද
    මහජන පුස්ථකාල කීයක් නම් හදයිද
    බස් නැවතුම් පොලවල් නම් කියක් හදයිද?
    පන්සල් කීයකට ලවුඩ්ස්පීකර් බෙදලා දෙයිද..
    පන්සල් කීයක චෛත්‍යය වලට කොත් පලන්දා දෙයිද...
    😥

    ඒ වගේම කොත් කීයක් නම් ඔලුවට වට්ට ගනීද..
    පොඩ්ඩක් හිතල බලන්න..
    1666322330484.png
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිරාවට බන් මම නම් කියන්නේ පුක පිහිදන්න වියදම් කරන ගානත් ලංකාවට එවන්න ඕනේ.
     
    Last edited:

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    පිස්සුද බන් එහෙම රටක් දකින්න අසවේ හිටපු උන් තමයි එක වෙන්නේ නෑ කියල දැනගෙන එහෙට වෙලා සතුටින් ඉන්න හදන්නේ. හදපු නැති කක්කුස්සියයි, කන්න පානුයි නෑ කියල අනිත් උන්ගේ ආතල් කුඩු කරන එක වැරදියි. ඕක බලල සතුටු වෙයන් බන්. අනික උන්ට පිස්සු නෑ නැහිලා නැහිලා හම්බු කරලා ආතල් කුඩු කරන් කාටවත් පිනට දෙන්න.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,313
    166,627
    113
    එකමත් එක රටක
    මොන හිගන සිතුවිල්ලක් ද ඒ ?

    අනික තනි මිනිහෙක් මිනිස්සු 20 000ක වියදම් ඔහොම බලල හූල්ලල වැඩක් නෑ . උන් වියදම් කරන්නේ උන්ගේ සල්ලි නේ බන් ..
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    ඔය රතු තරුවෙ අයිtයල තම්යි ... මේ තත්ත්වයට වගකියන්න oනෙ කස්ටියක් මොකො ... උද්ගොසන හර්තල් වෘත්තීය සමිති වගෙ එව ගෙනල්ල වැඩ නොකරන ජාතියක් කරල තියෙන්නෙ ... සේවක අයිතිවාසිකම් දනපති පන්තියට ... සමාජ ඉර්ශියාව ... ගමේ දුප්පත් කොල්ලන්ට ඉගෙන ගන්න නොදී පාරට ගෙනල්ල ඉර්සිවපුරල ... ගොඩගන්න බැරි ගොබ්බ ජාතියක් බවට පත්කරල ... අනික් මගුල් පක්ශත් එකයි ගන්න දෙයක් නෑ ... නමුත් රතුතරු කරයො කියන්නෙ සමජ පිලිලයක්
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    පිස්සුද බන් එහෙම රටක් දකින්න අසවේ හිටපු උන් තමයි එක වෙන්නේ නෑ කියල දැනගෙන එහෙට වෙලා සතුටින් ඉන්න හදන්නේ. හදපු නැති කක්කුස්සියයි, කන්න පානුයි නෑ කියල අනිත් උන්ගේ ආතල් කුඩු කරන එක වැරදියි. ඕක බලල සතුටු වෙයන් බන්. අනික උන්ට පිස්සු නෑ නැහිලා නැහිලා හම්බු කරලා ආතල් කුඩු කරන් කාටවත් පිනට දෙන්න.
    පිනට නෙවෙයි බං මෙහෙ ඉන්න අපතයන්ට පිස්සු කෙලින්න දෙන්න. කොරෝන එන්නත්, පොහොර නැවු, තෙල් නැවු, සිනි, පොල්තෙල්, සුදු ලුණු (මේ ලගදි වුන ටික විතරයි) ගෙන්නලා ගහපු ගැහිලි වගේම ඒවගෙන් වෙච්ච අලාබ වලටත් ගෙවන්න මේ රටේ ඉන්නේ නැති වුන්ට පුකේ අමරුවටද
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    කට්ටක් කාගෙන මෙහෙට එවන්න තිබ්බ ඔන්න ඒ සල්ලි හරියට utilize වෙනවනම්
    ඔතන ගොඩක් අය මෙහෙ අයට ඡන්දේ දාන්නේ නෑ, මෙහෙ අය ඡන්දෙන් පත් කරලා කරපු ගොන් කම් වලට මොකටද කියලා හිතෙනවා ඇති
    ලක්ෂ ගනන් මෙහෙ ඉඳන් tax ගෙවන අයත් ඒක වෙලා තියෙන්නේ නිකන් කකා බිබී ඉන්න එවුන් දාපු ඡන්ද වල ප්‍රතිවිපාක ගොඩ දාන එක
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    හිගන මනසෙන් ජිවත් වෙන මිනිස්සු වැඩි වෙයි ඉස්සරහට තව තවත්. හිගන මනස කියන්නේ කම්මැලි, කපටි, හොර හිත. මිනිස්සු අන්දලා කප්පම් එකතු කිරීමක්. බලපන් food city එකකට යන්න බෑ. අපි හිතේ තියන් එන වැඩ ටිකට කලින් කපුරු බෝලයි, හදුන් කුරුයි උස්සන් එනවා. ගන්නේ නැත්තම් උදව් කරන්නලු ගෙදර දරුවෝ වැඩියිලු. සත පහක් දෙන්නෙ නෑ දැන්නම් අත පය හොදට තියන අයට. ලේසියෙන් ජිවත් වෙන්න මිනිස්සු රැවටීමක් කරන්නේ. තනි කප්පම් කාරයෝ.

    නන්දසේන රතනපාල ගේ ශ්‍රී ලංකාවේ යාචකය පොත බලපන් පුලුවන්නම් හොයාගෙන. අපිව අන්දන හැටි හොදට කියල තියනවා. ඇත්ත හිගන්නොයි කප්පන් කාරයොයි කියන්නේ දෙජාතියක්..
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    උබලට දැන් තෙරෙනවද ලංකාවේ එක දේශපාලන වේදිකාවක මීට සමාන කතා කියනව.. ඒවට උබල හුරේ දාලා මේවට බනිනවා. ඇයි බන් එහෙම?
     

    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    උබලට දැන් තෙරෙනවද ලංකාවේ එක දේශපාලන වේදිකාවක මීට සමාන කතා කියනව.. ඒවට උබල හුරේ දාලා මේවට බනිනවා. ඇයි බන් එහෙම?
    Ehema thamai bro api stress release karaganne ;-)
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    එක නිකන් උබ හම්බ කරලා අල්ලපු ගෙදර එකාට කන්න දෙනවා වගේ වැඩක්නේ,
    Pr, or working visa ඉන්න එවුන් ඇරෙන්න පින් බිම ඇතුලේ ඉන්න ගොඩාක් කට්ටියට තියෙන්නේ ඔය වගේ අදහස් තමයි,
    වෙන කෙනෙක් හම්බකරන සල්ලි, වෙන කෙනේක්‌ වෙනුවෙන් කොහොමද බාවිතා කරන්නේ කියලා අදහස් දෙන එවුන් තමයි ලංකවේ වැඩියෙන්ම ඉන්නේ
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඇයි බං ඔච්චර පටු විදියට හිතන්නේ මේකේ දේශපාලකයෝ හොරකම් කරලා පිස්සු කෙලලා රට අස්ථාවර කරපු එකට උන් පලි ද? අනික තමන් මහන්සි වෙලා හොයන සල්ලි ඒ මිනිස්සුන්ට ඕනි විදියට වියදම් කරන්න බැරි ඇයි? අපි සමාජයක් විදියට යම් වරදක් කරා හොරුන්ට ඡන්දෙ දීලා(මම නම් ඡන්දෙ දුන්නේ නෑ කටු ගාලා ආවා) ඒත් සාමාන්‍ය මිනිස්සු වුණත් පොදුවේ කවුරුත් මෙතන චේතනාන්විතව වැරදි නෑ. හොරකම් කරන්න කියලා සාමාන්‍ය මිනිස්සු ඡන්දෙ දෙන්නේ නෑ නේ. උබ පීසා එකක් කොත්තු රොටියක් එහෙම කන්නත් එපා එහෙනම්. මස් මාළු බිත්තර කන්න එපා අලුත් ඇදුම් එහෙම වැරදිලාවත් ගන්න එපා. කඩේ කෑම මුකුත් ගන්නේ නැතුව යන්තං ටිකක් හදන් කාමු. අපි එහෙම කරලා ඉතුරු වෙන සල්ලි ඔක්කොම එකතු කරලා ආ.... වමට භාගයක් ගහගන්න කියලා ඉන්න හොරුන්ට පුදමු නේද රට හදයි මේන් කියලා 😂 ඒ සල්ලි වලින් වමට ගහලා දේපල ගන්න එක කමක් නෑ. මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් රට යන එක, සැප විඳින එක කමක් නෑ 😂 මාර ලෝජික් . හරි ප්‍රතිපත්තියක් හදා ගන්න බැරි ක්‍රියාත්මක කරන්න බැරි පතොලයෝ ඉන්න පාර්ලිමේන්තුවක් නඩත්තු කරන සල්ලි අපරාධයක් නෙවෙයි නේ ද 😂

    අනික හොරු ඉන්න රටකට හොරකම් කරන්න කියලා සල්ලි එවන්න කව් ද කැමති? මේ රටට donation කරන එකක්වත් හරියට වියදම් කරයි විශ්වාස කරන්න පුළුවන් ද? IMF එකෙනුත් කියන්නේ transparency ඕනි කියල. අනිත් රටවල් වල යනවා කට්ටියගේ කෙරුවාව. තියෙන වත්කම් ගැන. එහෙව් රටකට donation ඒවන එකත් විහිළුවක් එක අතකට. ඔය වගේ කැපකිරීම් කරයි මිනිස්සු හොරකම් නොකරන කැපකිරීම් කරන පාලනයක් තිබ්බ නම්.
     
    Last edited:
    • Like
    Reactions: Ghost_djw00

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle
    හිගන මනසෙන් ජිවත් වෙන මිනිස්සු වැඩි වෙයි ඉස්සරහට තව තවත්. හිගන මනස කියන්නේ කම්මැලි, කපටි, හොර හිත. මිනිස්සු අන්දලා කප්පම් එකතු කිරීමක්. බලපන් food city එකකට යන්න බෑ. අපි හිතේ තියන් එන වැඩ ටිකට කලින් කපුරු බෝලයි, හදුන් කුරුයි උස්සන් එනවා. ගන්නේ නැත්තම් උදව් කරන්නලු ගෙදර දරුවෝ වැඩියිලු. සත පහක් දෙන්නෙ නෑ දැන්නම් අත පය හොදට තියන අයට. ලේසියෙන් ජිවත් වෙන්න මිනිස්සු රැවටීමක් කරන්නේ. තනි කප්පම් කාරයෝ.

    නන්දසේන රතනපාල ගේ ශ්‍රී ලංකාවේ යාචකය පොත බලපන් පුලුවන්නම් හොයාගෙන. අපිව අන්දන හැටි හොදට කියල තියනවා. ඇත්ත හිගන්නොයි කප්පන් කාරයොයි කියන්නේ දෙජාතියක්..
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ලංකාවේ ආර්ථිකය හරියට කැළණි පන්සල ළඟ ඉන්න හිඟන්නන්ගේ තුවාල වගේ කවදාවත් හොද වෙන්නේ නෑ. රටවල් වල ඉන්න උන් ජොලි කරන්නේ හරි නාස්ති කරන්නේ හරි උන් හම්බකරපුවා. රටේ බදු වලින් රටේ මහඋන්ගේ බල්ලෝ බළල්ලුත් ජොලියේ ඉන්නවා උබලට පෙන්නේ නැද්ද? 😁 😁