මුලින්ම කියන්න ඕනි මම මරණින් පස්සේ නැවත ආත්මයක් ලබනවා, නැත්තන් ඉපදෙනවා කියන මතය තරයේම විශ්වාස කරන කෙනෙක් බව.ඉතින් මට නම් හිතෙන්නේ මම මේ කියන්න යන කතාව 50% ඇත්තක් වෙන්න පුළුවන් කියලා. ඔයාලා සමහරු නම් මේ කියන්න යන කතාවට සමහර විට එකඟ නොවේවි.
මම පොඩි කාලේ ඒ කියන්නේ අවුරුදු 3දී වගේ මම කියපු, ඒත් මට මතක නැති දෙයක් ගැන පස්සේ කාලෙක අම්මා කියලා තියෙනවා.
"මමයි තව කෙනෙකුයි බයික් එකක යනකොට වැටුනා. ඊට පස්සේ සියඹලා ගහක් යට කළුවර කාමරේකට දාලා වැහුවා."
ඔන්න ඕක තමයි මම කියලා තියෙන්නේ. හැබැයි කීප සැරයක් විතරයි ඔය දේ කියලා තියෙන්නේ. ඉන් පස්සේ ඔය දේ මම කියලා නෑ. මට මතක තිබ්බෙත් නෑ. මෙතන කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් මේක එක්කෝ මම දැකපු හීනයක් හරි අනිත් අය කියන දේවල් අහගෙන හිතින් මවා ගත්ත දෙයක් හරි කියලා. එහෙම වෙන්න ඉඩකුත් තියෙනවා. ඒත් මෙතන පොඩි අවුලක් තියෙනවා. එකක් මම එච්චර පොඩි කාලේ වුනත් සරලව ගහක් යට වලලනවා නොකියා සියඹලා ගහක් යට වැලලුවා කියන එක. අනිත් එක කලුවර කාමරේකට දාලා වැහුවා කියන්නේ මිනී පෙට්ටියකට දාලා වැහුවා කියන දේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ මිනී පෙට්ටියක් ගැනවත් හරි අදහසක් නැතුව වුනත් මම එහෙම දෙයක් කියල තියෙන්නේ.
හරි දැන් ඒ කතාව පොඩ්ඩක් පැත්තකින් තියමු. මම මගේ පොඩි කාලේ තිබ්බ ලොකුම බයක් ගැන කියන්න යන්නේ. ඒ තමයි කළුවර. පොඩි කාලේ කළුවරේ මට ඉන්නම බෑ. හුස්ම හිර වෙන්න වගේ එනවා. කිසිම දෙයක් නැතුව තනි වුනා වගේ, අතරමං වුනා වගේ කියන්න බැරි phobia එකක්. ඒකට හේතුව විදියට අම්මා නම් කිව්වේ පොඩිම කාලේ ඉදලා 5W වගේ පුංචි බල්බ් මගේ ඇද ළඟ රෑ එළිවෙනකන් දාලා තිබ්බ එක.
ඔය කේස් එක හින්දා මම ලොකු වෙලත් කාලයක් යනකන් ගෙදර පොඩි බල්බ් එකක් දාගෙනමයි රෑට නිදා ගත්තේ. වැරදිලා හරි current ගියොත් කෑ ගහගෙන ඇදෙන් පනිනවා ( ඒ තරම් සෙන්ස් එකක් තිබ්බා ඒ දවස් වල.). එළියක් හොයාගන්න අතගගා ඇවිදිනවා. සමහර දවස් වල මම නින්දෙන්ම කෑ ගහලා පහුව දා වෙනකන් දන්නෙත් නෑ.
කොහොම හරි මේ බය තාවකාලික එකක් කියමුකෝ. ඒ කියන්නේ කරන්ට් එක ගියාට මොකක් හරි එළියක් පත්තු කරන්න පුළුවන් නේ ඉතින්. ඔය අතරේ 2000 කිට්ටු වෙලා පුංචි මට ඊට එහා ගිය හැමදාම වගේ කල්පනා කරන අමුතු බයක් එනවා. ඒ තමයි 2000 ලෝක විනාශයෙන් (2000 ලෝක විනාශයක් වෙනවා කියලා 90වේ අග ලොකු කතාවක් පැතිරිලා තිබුණා. ඔය කතා මටත් කනින් කොනින් ඇහිලා බය වෙලා හිටියේ.) පස්සේ මම මැරුණම හැමදේම කළුවර වෙයි කියන බය. එහෙම වුනොත් අනාතයි නේ ඉතින්. කළුවරට පට්ට බය මට හැමදාම කලුවරේ ඉන්න වෙනවා වගේ සීන් එකක් තම තේරුනේ ඒ දවස්වල
ඉතින් මම අර කලින් ආත්මේ ගැන කියපු කතාවයි මේ පස්සේ කියපු බයයි දෙක එකට සම්බන්ද කරන්න හදන්නේ.( මේක මෝඩ ලොජික් එකක් වෙන්න පුළුවන්. ඒත් මම නිකමට මේ සම්බන්දේ හදනවා මම පොඩි කාලෙ කියපු කතාව ඇත්තක් කියල හිතලා.) ඒ සම්බන්දේ තමයි : මාව එම්බාම්වත් නොකර කලින් ආත්මේ වලලලා තියෙන්නේ. සියඹලා ගහ යට මාව වලලලා තියෙන්නේ පණ තියෙද්දි මැරිලා කියලා හිතලා පෙට්ටියට දාලා වහලා. කොහොම හරි පෙට්ටිය ඇතුලේ තනි කළුවරේ ඉද්දි (කලින් ආත්මේ) මට සිහිය ඇවිත් එළියට එන්න දඟලන්න ඇති. අන්තිමේ දී මැරෙන්න ඇත්තේ කළුවරේම හුස්ම හිරවෙලා. ඉතින් මගේ මේ කලින් ආත්මේ මරණාසන්න අත්දැකීම නිසා මේ ආත්මෙත් කළුවරට බයයි වගේම කළුවරේ ඉද්දී හුස්ම ගන්න බැරි ගතිය වගේ දේවල් දැනෙන එක සහ මරණින් පස්සේ හැමදේම කළුවර වෙනවා කියන මතය මම විසින්ම හදා ගන්න හේතු වෙන්න ඇති කියන එක මගේ බංකොලොත් මතය
ඒ වගේම කියන්න ඕනි දැන් මට කළුවරේ නිදාගන්න පුළුවන්

මං කිව්වෙ මගෙ අදහස