පොඩිකාලේ කියපු පෙර ආත්මේ කතාව සහ ආත්මගත බය?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    මුලින්ම කියන්න ඕනි මම මරණින් පස්සේ නැවත ආත්මයක් ලබනවා, නැත්තන් ඉපදෙනවා කියන මතය තරයේම විශ්වාස කරන කෙනෙක් බව.ඉතින් මට නම් හිතෙන්නේ මම මේ කියන්න යන කතාව 50% ඇත්තක් වෙන්න පුළුවන් කියලා. ඔයාලා සමහරු නම් මේ කියන්න යන කතාවට සමහර විට එකඟ නොවේවි.

    මම පොඩි කාලේ ඒ කියන්නේ අවුරුදු 3දී වගේ මම කියපු, ඒත් මට මතක නැති දෙයක් ගැන පස්සේ කාලෙක අම්මා කියලා තියෙනවා.

    "මමයි තව කෙනෙකුයි බයික් එකක යනකොට වැටුනා. ඊට පස්සේ සියඹලා ගහක් යට කළුවර කාමරේකට දාලා වැහුවා."

    ඔන්න ඕක තමයි මම කියලා තියෙන්නේ. හැබැයි කීප සැරයක් විතරයි ඔය දේ කියලා තියෙන්නේ. ඉන් පස්සේ ඔය දේ මම කියලා නෑ. මට මතක තිබ්බෙත් නෑ. මෙතන කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් මේක එක්කෝ මම දැකපු හීනයක් හරි අනිත් අය කියන දේවල් අහගෙන හිතින් මවා ගත්ත දෙයක් හරි කියලා. එහෙම වෙන්න ඉඩකුත් තියෙනවා. ඒත් මෙතන පොඩි අවුලක් තියෙනවා. එකක් මම එච්චර පොඩි කාලේ වුනත් සරලව ගහක් යට වලලනවා නොකියා සියඹලා ගහක් යට වැලලුවා කියන එක. අනිත් එක කලුවර කාමරේකට දාලා වැහුවා කියන්නේ මිනී පෙට්ටියකට දාලා වැහුවා කියන දේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ මිනී පෙට්ටියක් ගැනවත් හරි අදහසක් නැතුව වුනත් මම එහෙම දෙයක් කියල තියෙන්නේ.

    හරි දැන් ඒ කතාව පොඩ්ඩක් පැත්තකින් තියමු. මම මගේ පොඩි කාලේ තිබ්බ ලොකුම බයක් ගැන කියන්න යන්නේ. ඒ තමයි කළුවර. පොඩි කාලේ කළුවරේ මට ඉන්නම බෑ. හුස්ම හිර වෙන්න වගේ එනවා. කිසිම දෙයක් නැතුව තනි වුනා වගේ, අතරමං වුනා වගේ කියන්න බැරි phobia එකක්. ඒකට හේතුව විදියට අම්මා නම් කිව්වේ පොඩිම කාලේ ඉදලා 5W වගේ පුංචි බල්බ් මගේ ඇද ළඟ රෑ එළිවෙනකන් දාලා තිබ්බ එක.

    ඔය කේස් එක හින්දා මම ලොකු වෙලත් කාලයක් යනකන් ගෙදර පොඩි බල්බ් එකක් දාගෙනමයි රෑට නිදා ගත්තේ. වැරදිලා හරි current ගියොත් කෑ ගහගෙන ඇදෙන් පනිනවා ( ඒ තරම් සෙන්ස් එකක් තිබ්බා ඒ දවස් වල.). එළියක් හොයාගන්න අතගගා ඇවිදිනවා. සමහර දවස් වල මම නින්දෙන්ම කෑ ගහලා පහුව දා වෙනකන් දන්නෙත් නෑ.

    කොහොම හරි මේ බය තාවකාලික එකක් කියමුකෝ. ඒ කියන්නේ කරන්ට් එක ගියාට මොකක් හරි එළියක් පත්තු කරන්න පුළුවන් නේ ඉතින්. ඔය අතරේ 2000 කිට්ටු වෙලා පුංචි මට ඊට එහා ගිය හැමදාම වගේ කල්පනා කරන අමුතු බයක් එනවා. ඒ තමයි 2000 ලෝක විනාශයෙන් (2000 ලෝක විනාශයක් වෙනවා කියලා 90වේ අග ලොකු කතාවක් පැතිරිලා තිබුණා. ඔය කතා මටත් කනින් කොනින් ඇහිලා බය වෙලා හිටියේ.) පස්සේ මම මැරුණම හැමදේම කළුවර වෙයි කියන බය. එහෙම වුනොත් අනාතයි නේ ඉතින්. කළුවරට පට්ට බය මට හැමදාම කලුවරේ ඉන්න වෙනවා වගේ සීන් එකක් තම තේරුනේ ඒ දවස්වල :)

    ඉතින් මම අර කලින් ආත්මේ ගැන කියපු කතාවයි මේ පස්සේ කියපු බයයි දෙක එකට සම්බන්ද කරන්න හදන්නේ.( මේක මෝඩ ලොජික් එකක් වෙන්න පුළුවන්. ඒත් මම නිකමට මේ සම්බන්දේ හදනවා මම පොඩි කාලෙ කියපු කතාව ඇත්තක් කියල හිතලා.) ඒ සම්බන්දේ තමයි : මාව එම්බාම්වත් නොකර කලින් ආත්මේ වලලලා තියෙන්නේ. සියඹලා ගහ යට මාව වලලලා තියෙන්නේ පණ තියෙද්දි මැරිලා කියලා හිතලා පෙට්ටියට දාලා වහලා. කොහොම හරි පෙට්ටිය ඇතුලේ තනි කළුවරේ ඉද්දි (කලින් ආත්මේ) මට සිහිය ඇවිත් එළියට එන්න දඟලන්න ඇති. අන්තිමේ දී මැරෙන්න ඇත්තේ කළුවරේම හුස්ම හිරවෙලා. ඉතින් මගේ මේ කලින් ආත්මේ මරණාසන්න අත්දැකීම නිසා මේ ආත්මෙත් කළුවරට බයයි වගේම කළුවරේ ඉද්දී හුස්ම ගන්න බැරි ගතිය වගේ දේවල් දැනෙන එක සහ මරණින් පස්සේ හැමදේම කළුවර වෙනවා කියන මතය මම විසින්ම හදා ගන්න හේතු වෙන්න ඇති කියන එක මගේ බංකොලොත් මතය :)

    ඒ වගේම කියන්න ඕනි දැන් මට කළුවරේ නිදාගන්න පුළුවන් :)
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ඒ වගේම කියන්න ඕනි දැන් මට කළුවරේ නිදාගන්න පුළුවන් :)

    මට හැඟුන විදිහට පෝස්ට් එකේ වැදගත්ම කොටස තමා ඔය. ඒ මතකයන් හෝ හැසිරීම් තවමත් ඔයාව පාලනය (සෘණාත්මකව) කරන්නෑ කියන එක වටිනවා...
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,547
    1
    32,247
    113
    - උඩරට -
    the grudge ghost GIF
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    මට හැඟුන විදිහට පෝස්ට් එකේ වැදගත්ම කොටස තමා ඔය. ඒ මතකයන් හෝ හැසිරීම් තවමත් ඔයාව පාලනය (සෘණාත්මකව) කරන්නෑ කියන එක වටිනවා...
    :) ඔව්. ඒක ලොකු වදයක් වෙලා තිබ්බේ. කොහොම හරි මඟහැරිලා ගියා.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කළුවර කාමරේක දාලා සියඹලා ගහක් යට වලලුවා කියද්දීම මට හිතුණා පණ පිටින් වළලපු සීන් එකක් තමයි කියලා. මොකද ඒ වෙනකොට මැරිලා හිටියානම් ඒටික මතක තියෙන්න විදිහක් නෑනේ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පන පිටින් වලලන්ඩ නම් නැතුව ඇති..පොඩි කාලෙ පෙර ජීවිතේ ගැන විස්තර කියල හොයන් ගියපුවම ඇත්ත වෙච්ච කතා මමත් අහල තියෙනව..කෝච්චි වාහන වගේ නොහිතුපු වෙලාවක වෙච්ච මරණ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මට පොඩි කතාවක් මතක් උනා.
    ඉස්සර යුරොපේ තිබ්බ වසංගතයක් හින්දා මිනිස්සු සෑහෙන දෙනෙක් මැරුනලු(මැරුනා කීවට මැරුනා වගේලු) . ඉතින් ඒ මිනිස්සුන්ව පෙට්ටියක දාලා වලලනවලු. කොහොමහරි පස්සෙ කාලෙක හොයාගන්නවා ඒ රෝගෙ හැදුන අය මැරුනා වගේ හිටියට පස්සේ සිහිය එනව කියලා. එහෙම වලදාපු කාන්තාවකගේ ස්වාමියා ආදරනීය බිරිදගේ වල හාරල පෙට්ටිය උඩට ගන්නවා. ඇර්ලා බලද්දී දකිනවලු පෙට්ටිය අරින්ඩ දරපු උත්සහ්සහයන්. නියපොතු පාරවල් එහෙම පෙට්ටියේ.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    කළුවර කාමරේක දාලා සියඹලා ගහක් යට වලලුවා කියද්දීම මට හිතුණා පණ පිටින් වළලපු සීන් එකක් තමයි කියලා. මොකද ඒ වෙනකොට මැරිලා හිටියානම් ඒටික මතක තියෙන්න විදිහක් නෑනේ
    මට නම් ඕක මීටර් වුනේ නෑ එච්චර. ළඟදි තමයි හිතුනේ එහෙම

    පන පිටින් වලලන්ඩ නම් නැතුව ඇති..පොඩි කාලෙ පෙර ජීවිතේ ගැන විස්තර කියල හොයන් ගියපුවම ඇත්ත වෙච්ච කතා මමත් අහල තියෙනව..කෝච්චි වාහන වගේ නොහිතුපු වෙලාවක වෙච්ච මරණ.
    ඔව් හරියට කියන්න බෑ ඉතින්. උපකල්පනයක් විතරයි.
    ------ Post added on Jul 30, 2021 at 8:20 AM

    මට පොඩි කතාවක් මතක් උනා.
    ඉස්සර යුරොපේ තිබ්බ වසංගතයක් හින්දා මිනිස්සු සෑහෙන දෙනෙක් මැරුනලු(මැරුනා කීවට මැරුනා වගේලු) . ඉතින් ඒ මිනිස්සුන්ව පෙට්ටියක දාලා වලලනවලු. කොහොමහරි පස්සෙ කාලෙක හොයාගන්නවා ඒ රෝගෙ හැදුන අය මැරුනා වගේ හිටියට පස්සේ සිහිය එනව කියලා. එහෙම වලදාපු කාන්තාවකගේ ස්වාමියා ආදරනීය බිරිදගේ වල හාරල පෙට්ටිය උඩට ගන්නවා. ඇර්ලා බලද්දී දකිනවලු පෙට්ටිය අරින්ඩ දරපු උත්සහ්සහයන්. නියපොතු පාරවල් එහෙම පෙට්ටියේ.
    අම්මෝ එහෙම මරණයක් නම් ඕනි නෑ😖
    පොඩ්ඩක් ඔය ගැන හොයලා බලන්න ඕනි.
    ------ Post added on Jul 30, 2021 at 8:22 AM
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඕවා ඇත්ත නෙමෙයි. ළමයි ඔහොම කතා කියන එක ගැන ඉතාම විද්‍යාත්මක පැහැදිලි තියෙනවා. ඔය පොඩි කාලේ ඔයා කිව්ව දේ ඔයා ඔළුවට දාගෙන තියෙන්නේ පොඩි කාලේම තමයි.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ඕවා ඇත්ත නෙමෙයි. ළමයි ඔහොම කතා කියන එක ගැන ඉතාම විද්‍යාත්මක පැහැදිලි තියෙනවා. ඔය පොඩි කාලේ ඔයා කිව්ව දේ ඔයා ඔළුවට දාගෙන තියෙන්නේ පොඩි කාලේම තමයි.
    ඔව් ඔය වගේ දේවල් ගොඩක් වෙලාවට වෙන්නේ නැවත ඉපදීම විස්වාස කරන පවුල් වල ළමයින්ට.
    ලංකාවේ උන් ඕවට උල්පන්දම් දෙනවා. පොඩි කාලේ කරන එක නම් ගොඩක් වෙලාවට අවුරුදු 5 - 6 වගේ වෙනකොට නැති වෙලා යනවා. ලොකු වෙලත් තියෙනවා කියන්නේ අනිවා මානසික ලෙඩෙක්
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    කවුද බන් දන්නෙ උඹව පණ පිටින් පෙට්ටියකට දාලා මැරුව ද කියල.
    පොඩි කාලෙ කියන දේවල් ඇත්ත වෙන්න ඉඩක් තියෙනව. ලොකු වෙද්දි අවුරුදු 10 න් පස්සෙ අමතක වෙනව. හුස්ම ගියෙ පෙට්ටියෙ ඇතුලෙ දි නිසා උඹ බය ඇති හුස්ම යයි කියල. නැත්නම් හුස්ම ගැන පොඩා හිතට තේරෙන්නෙ කොහොමද ?
    ඕන පුකක් :lol: මං කිව්වෙ මගෙ අදහස
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,349
    13,245
    113
    33
    ෆින්ලන්ඩ්
    කළුවර වගේ දැනුනේ, ඇස් දෙක ගැට ගහලා sex කරනකොට මැරුණ වෙන්න බැරි ද? සියඹලා වගේ මතකෙට එන්නේ, කට ට ගත්ත ඒක ඒ වගේ, ඒ රහ වෙන්න ඕන.

    අම්මට ඒ කාලේ විලි ලජ්ජාවක් නැතුව කියන්න බැරි නිසා, හදල ඔය කතාව කියන්න ඇති.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔව් ඔය වගේ දේවල් ගොඩක් වෙලාවට වෙන්නේ නැවත ඉපදීම විස්වාස කරන පවුල් වල ළමයින්ට.
    ලංකාවේ උන් ඕවට උල්පන්දම් දෙනවා. පොඩි කාලේ කරන එක නම් ගොඩක් වෙලාවට අවුරුදු 5 - 6 වගේ වෙනකොට නැති වෙලා යනවා. ලොකු වෙලත් තියෙනවා කියන්නේ අනිවා මානසික ලෙඩෙක්
    ඔව්. කුඩාම ළමයිට පවා හොදට මතක ශක්තියක් තියෙනවා. මම දවසක් මගේ කුඩා කල මතකයේ හොදටම තියෙන සිද්ධියක් ගැන හොද පැහැදිලි විස්තරයක් කිව්වා. ගෙදර තිබ්බ උත්සව අවස්ථාවක් ගැන. ආපු අය ගැනත් කිවා.

    බලද්දී ඒ දේ වෙලා තියෙන්නේ මට අවුරුදු දෙකක් වගේ කාලේ. අනික් අයට පුදුමයි ඒ වයසේදී උන දෙයක් මෙච්චර පැහැදිලිව මතක තිබ්බ එක ගැන.

    ඔයා උනත් ඔයාගේ මතකයේ තියෙන පැරණිම දේ ගැන ආයේ හිතලා බලන්න. පොඩිම කාලේ දේවල් මතක් වෙයි. ඊට පස්සේ අනික් වැඩිහිටි අයගෙන් අහන්න.
     
    • Like
    Reactions: B.Chat and NRTG