පොඩි උදව්වක් ඕනා
බලපන් බන්.ගෙදර දොරවල් වල ප්‍රශ්නයි, ඔපිස් එකේ ප්‍රශ්නයි, විශේෂයෙන්ම ක්‍රශ් එක ගැන තියෙන මතකෙයි ඔක්කොම අමතක වෙන්න කියලා ටී.වී.සීරිස් එකක් බලන්න පටන් ගත්තා.මේක කලින් බාපු එකක්, වැඩක් නෑ කියලා හිතලා බැලුවේ නැත්තේ.දැන් බලන්නත් දෙයක් නැති නිසා, වෙලාවේ හැටියට ඒකවත් බලනවා කියලා ඉතින් වැඩේට එන්ටර් උනා.ඔන්න ටිකක් බලාගෙන යද්දි, එලකිරි වගේ කතාව.අද්භූත සිද්දි එහෙම තියෙනවා.මෙන්න බොලේ එක පාරටම, ඒකේ පෝස්ටරේකවත් හිටියේ නැති විදියේ කෙල්ලෙක් ඉන්නවා කියහන්කෝ කතාවේ.කතාවක කෙල්ලෝ නැද්ද, ඒක නෙමෙයි අවුල.මේකි හැම අතින්ම මගේ ක්‍රශ් එක වගේමයි.පිටරට ටී.වී. සීරීස්වල කොහෙද ලංකාවේ වගේ කෙල්ලෝ, අනික මගේ එක මීට වඩා ලස්සනයි, අරවා මේවා, ක්‍රශ් එකත් එක්ක ගැලපෙනවට වඩා නොගැලපෙන තැන් ගැන හිතලා, ආයෙත් අරක අමතක කරලා ඔන්න ඉතින් ආපහු මම කතාවේ.ටිකකින් බලද්දි මේකිට කොල්ලෙක් ඉන්නවා, ඌත් එක්ක කිස් කරන ඒවා දකිද්දි ආයෙත් අවුල්.ඒත් මොකෝ, කිස් කරන ඒවා නැති ටී.වී.සීරිස් කොහෙද, අනික මේ මගේ ක්‍රශ් එකයැ කියලා හිතලා කොල්ලා ආයෙත් කතාවේ.කොටස් දෙකක් විතර යද්දි මෙන්න යකෝ මේකිට හොරෙන් ට්‍රයි කරන, තව කොල්ලෙක් ඉන්නවා පෙන්නනවා.ඒ මදිවට මේකිට ට්‍රයි කරනවට වඩා, හෙන ප්‍රශ්නෙක ඌ ඉන්නේ.ටිකක් විතර මගේ චරිතෙට ලගින් යනවා දැන් සීන් එක.ඒත් කමක් නෑ කියලා, කතාවේ තියෙන අද්භූත සීන් එකට මම දැන් ඉන්ට්‍රෙස්ටින්, හොඳේ.ඇයි ඉතිං දැන් යන තත්ත්වේ හැටියට මෙකේ වෙනසකට කියලා තියෙන්නෙත් එච්චරනේ.හොඳටම කෙල උනේ 3න් වෙනි එපිය බලද්දි.මූත් මම වගේම අර කෙල්ලට කොල්ලෙක් ඉන්නවා කියලා දැන දැනම, හිත ඇතුලෙන් අරකිට ලව්.ඔක්කොටම වඩා කෙල උනේ, මූ මේකිගේ පස්සෙන් ගිහින්, හොරෙන් අරකිගේ ෆොටෝ කෑලි ටිකකුත් ගන්නවා යකෝ.ඌ යන්නේ ඒකිගේ ෆොටෝ ගන්නම නෙමෙයි, ඒත් මමත් ඔය වගේ අනපේක්ශිත අවස්තා ගොඩකදි අරයගේ ෆොටෝ එහෙම ගන්නවා.ඊයේ පාටිය වෙලාවෙත් අනිත් උන්ට නොතේරෙන්න, තුන හතරක් ගත්තා.ඒ වගේම දේවල් ටී.වී.සීරිස් එකක වෙන්න පුලුවන් කියලා කව්ද බන් හිතන්නේ.මේ මගුල බලන්න ගත්තේ හැමදේම අමතක වෙන්න කියලා, ඒත් ඒකේ තියෙනවා නොහිතපු ස්ටෝරියක්.ඇයි බන් මටම මෙහෙම වෙන්නේ ?

මේක තව දුරටත් බලනවද නැද්ද කියලා හිතාගන්න බෑ.තුනක් විතර බැලුවා, තව කොටස් පහක් විතර තියෙනවා.මේක බලලා ඉවර උනත් බලන්න දෙයක් නැති වෙනවනේ බන්.හොද එවුන් වගේ, හැම මගුලම අමතක වෙලා යන්න, හොඳ ටී.වී.සීරිස් ටිකක් කියපන්කෝ.(all of DC(arrow, flash etc.), all of Marvel (DD, shield, Luke Cage etc,) the 100, GOT ඔක්කොම බැලුවා/බලනවා )

Last edited: