පොඩි එකාගේ චිත්‍රය....
මේක නම් ඉංග්‍රීසි කවුදබෝයිට වෙච්ච වැඩක්.
කවුදබෝයි ඉතින් ඉන්නේ පිට රට නේ. මෑන්ස් ඉතින් අවුරුද්දකට සැරයක් ලංකාවට යනකොට, මුළු ලංකාවෙන් බාගෙකට විතර තෑගි අරන් තමා යන්නේ.
අන්තිමට රට ගිහින් හම්බ කරගන්න සල්ලි ටික ඉවරයි, ලංකාවට ඇවිත් යනකොට. අර “හිත හොඳ ගෑනි හැමදාම බඩින්” කිව්වා වගේ, කවුදබෝයි ආපහු පිටරට යන්නේ එම්ප්ටි පොකට්.
ඉතින් කවුද බෝයි, එයාගේ මාමා කෙනෙකුගේ පොඩි එකෙකුට ගෙනිච්චා චිත්‍ර පොතකුයි, පාට පෙට්ටි කීපයකුයි. පොඩි එකාට ඉතින් ෆුල්ම හැපී. ආයේ මුනේ මල් පහයි. කොච්චර හැපී ද කියනවනම්, පොඩි එකා උස්සගෙන ආව ඉස්කෝලේ චිත්‍ර පොත කවුදබෝයි මාමාට පෙන්නන්න.
පොඩි එකා දැන් කවුදබෝයි මාමාට පොත පෙරලා පෙරලා චිත්‍ර පෙන්නනවා.
ඒ අතරේ පොඩි විස්තර විචාරයකුත් පොඩි එකා දෙනවා. මේක තමයි අපේ ඉස්කෝලේ, මේ අපේ ගමේ බස් එක එනවා පාර දිගේ, ඔය වගේ කතාවල්. කවුදබෝයිත් ඉතින් ෂා හරි ෂෝක් නේ, එතකොට මේ මොකක්ද, මේ බස් එක මොන පාට ද වගේ කටට එන එන ප්‍රශ්න පොඩි එකාගෙන් අහනවා. දන්නවනේ ඉතින් පොඩි එවුන් හුරතල් කරන හැටි.
ඔහොම පෙරලගෙන පෙරලගෙන යනකොට පිටුවක් ආව, සුදු පසුබිමක සත්තු ටිකක් අන්දලා.
දැන් පොඩි එකා විස්තර කරනවා. “අපේ ටීච අපිව එක්කගෙන ගිය වෙලට. ඊට පස්සේ අපිට වෙලේ ඉන්න සත්තු බලාගෙන අඳින්න කිව්වා”.
ඉතින් පොඩි එකා ඇඳලා, හරකෙක්, කුරුල්ලෝ කීප දෙනෙක්, සමනලයෙක්, ඔය වගේ සත්තු.
අපිට මේ වගේ එකක් දුන්නනම් ඉතින් අපි කරන්නේ වෙල ඇදල එකේ පැත්තක හරකෙක්, සමනළයෝ, කුරුල්ලෝ අහසේ පියාබනව, තව පොල් ගස් එහෙම. එත් පොඩි එකා ඇදල තියෙන්නේ සත්තු ටික විතරයි.
ඉතින් ඔන්න කවුදබෝයි ඇහුව පොඩි එකාව අමාරුවේ දාන ප්‍රශ්නයක්.
“ඉතින් කෝ පුතේ වෙල?”
පොඩි එකාට මලම පැන්නා.
“යකෝ, ටීච වෙල අඳින්න කිව්වේ නෑ, වෙලේ ඉන්න සත්තු විතරයි අඳින්න කිව්වේ”.