Random කතා - පොඩි කාලේ මතකයක්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,610
    1
    51,315
    113
    ප*යාගල
    sorry.com
    ඒවා ආපු ගමන් පට්ට සුවඳයි, අද වෙනකන් දන්නෙ නෑ ඒ සුවඳ එන්නෙ කොහොමද, ඇයි මෙහෙ හොයන්න බැරි කියලා.
    මම හිතන් හිටියෙ ප්ලේන් එකෙ ආවම එන සුවදකියලා. පස්සෙ කොහෙ හරි දැක්කා Detergent එකක් නිසා කියල. ඇත්තටම සුවර් නෑ
    ඉස්සර ලයිට් ගියාම (මතක විදියට චන්ද්‍රිකාගෙ කාලේ) අපි කලේ එක කාමරේකට ගිහින් ඇඳවල් වල ඇලවෙලා අම්මලා/තාත්තලාගෙ පරන කතන්දර අහන් ඉන්න එක, ඉස්සර වගේ phone/internet නැතුව ජීවත් වෙන්නෙ බැරි සීන් තිබ්බෙ නෑ. අනික මේ වගේ රස්නෙත් නෑ. :yes::yes:

    මට නම් ඉතින් කරන්ට් නැති එකම කාලෙ සුනාමි කාලෙ තමයි. මාස ගානක් කරන්ට් තිබ්බෙ නෑ රෑට බැටරි රේඩියෝ එක දාගෙන නිව්ස් අහන එක තමයි. විනාඩියෙන් විනාඩියට එක එක අලුත් නිව්ස් කියනවා. ඒ අස්සෙ අපෙ සීයාත් හොල්මන් කතා කියනවා පොර ඇත්තට්ම දැකපුවා.
     
    • Love
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    මම හිතන් හිටියෙ ප්ලේන් එකෙ ආවම එන සුවදකියලා. පස්සෙ කොහෙ හරි දැක්කා Detergent එකක් නිසා කියල. ඇත්තටම සුවර් නෑ

    මට නම් ඉතින් කරන්ට් නැති එකම කාලෙ සුනාමි කාලෙ තමයි. මාස ගානක් කරන්ට් තිබ්බෙ නෑ රෑට බැටරි රේඩියෝ එක දාගෙන නිව්ස් අහන එක තමයි. විනාඩියෙන් විනාඩියට එක එක අලුත් නිව්ස් කියනවා. ඒ අස්සෙ අපෙ සීයාත් හොල්මන් කතා කියනවා පොර ඇත්තට්ම දැකපුවා.
    සුවඳනම් ඉතින් detergent/softener එකක් නිසා වෙන්න ඕනා. ටික දවසක් තියෙනවා හේදුවත්. පස්සෙ ඉතින් අපේ ගඳ තමා

    අඩෝ අපේ සීයාත් ඉස්සර හොල්මන් කතා කියනවා, සීයගෙ ඇස් පෙන්නෙ නෑ, ඇඳේ හිටියෙ. අපි ඉතින් පුටු තියන් වාඩිවෙලා අහනවා, සීයට අපිව ඡායවල් වගේ පෙන්නෙ. ඒ හින්දා අපි අපි ඉන්නවා පෙනන්න "ඉතින්, ඉතින්" කියලා කියනවා.

    මට මතකයි ඉස්සර සීයා පරන radio එකක් තියන් ඉන්නවා. ඕකේ ගුවන් විදුලි සේවයයි, වෙලඳ සේවයයි තමා අහන්නේ. ඉස්සර යුද්දේ එහෙම ඕකෙන් තමා ඇහුවෙ. TV එක කාලෙන් කාලෙට කැඩිලා තිබ්බෙ නෑ ඉතින්. :yes::yes:

    සීයා මම 5 6 වෙද්දි වගෙ නැති උනා, දැන් හිටියානම් මාර සතුටු වෙනවා මම ආපු දුර දැකලා :sorry: :sorry:
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    අපි පොඩි කාලේ මැද පන්තියෙ යට වගෙ හිටියෙ, පඩියෙන් දුවලා අන්තිමට නය අරන් ඒකත් පඩියෙන් බේරන සීන් එකක් තිබ්බෙ. ඉතින් ඉස්සර ආස ආස දේවල් ගන්න බෑ.

    අපේ මාමලා හිටියෙ රට, ඉතින් එයාලා පාවිච්චි කරලා අයින් කරන ඔක්කොම ඇඳුම් මෙහෙට පටවනා, මට මතක විදියට OL වෙනකන් වගේ මට වැඩිය පිටින් ඇඳුම් ගන්න දෙයක් නෑ රට ඉඳන් හම්බෙන ඒවා තමා අඳින්න තිබ්බෙ. ඒවා ආපු ගමන් පට්ට සුවඳයි, අද වෙනකන් දන්නෙ නෑ ඒ සුවඳ එන්නෙ කොහොමද, ඇයි මෙහෙ හොයන්න බැරි කියලා.

    සෙල්ලම් බඩු උනත් ගොඩක් වෙලාව පාවිචි කරපුවා තමා හම්බෙන්නෙ. සමහර ඒවා කැඩිලා. එක පාරක් brand new lego සෙට් එකක් හම්බුනා. ඒකෙන් නම් මම පට්ට විදියට සතුටු උනා.

    අනිත් ආතල්ම දේ තමා ඉස්සර ඇඳුම් එවනකොට ටින් මාලු, ටින් පලතුරු, සබන් වගේ ඒවත් එවනවා. ඉතින් අපේ අම්මා කරන්නෙ ඕවා ඔක්කොම ගොඩ ගහලා තියනවා, ලොවෙත් පාවිච්චි කරන්නෙ නෑ. අන්තිමට වෙන්නෙ ඉතින් expiry පැනලා විසිකරන්න වෙන එක. පස්සෙ පස්සෙ ඔය ටින් මාලු, සුප්, කොර්න් බීෆ් වගේ ඒවා කෑ එහෙම නාස්ති නොකර. ඒ සුප් මචන්ලා මෙහෙ කඩවල් වලින් හොයන්න බෑ. සුපිරි බඩු.

    ඉස්සර ලයිට් ගියාම (මතක විදියට චන්ද්‍රිකාගෙ කාලේ) අපි කලේ එක කාමරේකට ගිහින් ඇඳවල් වල ඇලවෙලා අම්මලා/තාත්තලාගෙ පරන කතන්දර අහන් ඉන්න එක, ඉස්සර වගේ phone/internet නැතුව ජීවත් වෙන්නෙ බැරි සීන් තිබ්බෙ නෑ. අනික මේ වගේ රස්නෙත් නෑ.

    වෙලාවකට ඒ කාලේ මතක් වෙනවා, දැන් ඉන්න තත්වේ නොහිටියත් වැඩිහිටියන්ගෙ ඔලුවල තිබ්බ ප්‍රශ්න අපේ ඔලුවල තිබ්බෙ නැති නිසා පට්ට සහැල්ලුවෙන් ඉන්න තිබ්බෙ අපිට :sorry: :sorry:
    ඒ කාලේ කෙනෙක් රට ගිහින් වැඩ කරල එන එක හරිම ලොකු සිද්ධියක්. පවුලේ කවුරු හරිම පිට රටක හිටියා කියන්නේ හරිම නම්බුකාරයි ඒ රට මැදපෙරදිග වුනත්. මටත් මේ වගේම මතකයක් තියෙනවා මම හිතන්නේ මේ @tharakaf කියන්නේ 80-90 කාලයේ වෙන්න ඔ්න.

    ආස දේවල් ගන්න නෙමෙයි හිතන්නවත් බැහැ. දැකලත් නැහැ. මගෙත් යාලුවෙක් ලග තිබුණු action figures, lego, matchbox die cast වාහන සේරම මට දීල එයා වෙන රටකට ගියා OL කාලේදී. තවමත් මගේ දුව ඒ lego වලින් creations කරනවා. තවමත් සෑහෙන්න හොදට ඒවා connect වෙනවා. හරිම quality දේවල් ඒ කාලේ තිබුණේ. Diecast වුනත් detail සෑහෙන්න හොදයි දැන් තියන ඒවාට වඩා.

    රට ගිහින් ආපු අයගෙන් ලැබෙන සබන් පර්ෆියුම් ‌සෝදන කුඩු වගේ දේවල් බොහොම පරිස්සමෙන් පාවිච්චිකලේ. ඒ සුවද තියන දේවල් ලංකාවෙ තිබුනෙ නෑ ඒකාලේ. (Lifebuoy, Sunlight සුවද මතකද 😂)

    Phone නෑ TV තිබුනෙත් නෑදෑ ගෙදරක මට අවුරුදු 12ක් වගේ වෙනකල්. මේ කියනව වගේ හවසට රේඩියෝ එක දාගෙන news, music, radio drama අහල අම්මගේ තාත්තගේ පොඩි කාලේ කතා අහල ගල් කොට්ටෙක ඔලුව තියන් පරණ රෙද්දක් පොරවන් නිදාගත්ත අතීතයක් මටත් තිබුණෙ.

    ඒකාලේ තිබුණු නිදහස දැන් නැහැ. ලමයෙක් ගෙදරින් එලියට යවන්න හිතන්නත් බයයි. ඒකාලේ ගෙදරින් උදේම එලියට බැස්සම රෑවෙනකල් කොයි තරම් තැන් වල ගියාද. බැනුම් අහගෙන ගෙදර ආවත් insecure ගතියක් තිබුනෙ නෑ ඒ society එකේ.

    මේකේ කියල තිබුනා "චයිල්ඩ් හුඩ් ට්‍රෝමා කියන එක සීරියස් ඉශූ එකක්" කියල.
    වෙන්න ඇති
    හැබැයි

    ඒක විඳපු මට ඒක සතුටක්
     
    මේක ඇවිල්ලා 90 2000 මුල් අවුරුදු 2 3 වගේ. නෑයෝ ඔක්කොම වගේ රට හිටියෙ ඉතින් කවුරුහරි මෙහෙ විසිට් එකකට එනවා කියන්නෙ අපි ගොඩ, චොක්ලට් එහෙමත් හම්බෙනවා.

    ඒ කාලේ මාර සුපිරි මචන්, දැන් උන් හැම එකටම trauma/depression ගගා වැලලුනාට මටනම් ඒ කාලෙන් වෙච්ච නරකක් පෙන්නෙ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මටනම් ඒ කාලෙන් වෙච්ච නරකක් පෙන්නෙ නෑ.

    Sexy Uh Huh GIF by Mike Hitt
     
    Yin And Yang

    Well-known member
  • Dec 4, 2024
    686
    673
    93
    සිරාවටම මට ආයේ chance එකක් ලැබුනොත් මම ඉපදෙන Generation එක decide කරන්න.මම තෝරාගන්නේ අයියලාගේ එහෙමත් නැත්නම් Gen Y Generation එක.දැන් කාලේ පට්ට Complex සහ too many choices සහ කොච්චර කලත් satisfied වෙන්නේ නැති සීන් එකක් තියෙනවා ලෝකෙටම exposure එක වැඩි හන්ද. ලංකාවේ සින්දු ගත්තත් මට ගොඩක් සෙට් වෙන්නේ අයියලාගේ පරම්පරාවේ සින්දු. මගේ circle එකේ කාටවත් මන් ආසයි කියලා හිතෙන music taste එක නෑ. වෙලාවකට හිතෙනවා මම Gen Z එකේ උනත් Gen Y thinking pattern එකක් තියෙන කෙනෙක් කියලත්:confused:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    ඔව් බන් ලොකු වෙනසක් තියෙනවා, ඉස්සර මට මතකයි අපි school වල "ලංකාවෙ සාමන්ය උශ්නත්වෙ කීයද" කියලා ඇහුවාම 27.5යි කියලත් කියනවා.

    ඉස්සර බන් පොඩ්ඩක් හරි රස්නෙ උනොත් නිකන් ජනේලයක් ඇරන් නිදාගන්න තියෙන්නෙ මේ කාලේ වගේ හොර හතුරු සීන් කුඩු සීන් ගැන බයක් තිබ්බෙත් නැ.

    විශ්වාස කරනව නම් විශ්වාස කරපන් ඒ කාලෙ මුලු ගමටම TV එකක් තිබ්බේ අපේ ගෙදර විතරයි. ඒකත් කලු සුදු. බදාදා රෑට කෝපි කඩේ බලන්න කට්ටිය ආවා අපේ ගෙදරට 3,4km දුර ඉදන්. ඒ කාලේ කෝපිකඩේ බලලා ගත්තු ආතල් එක දැන් Game of Thrones බලලවත් ගන්න බෑ කුකුලොහ්. :sorry:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,170
    24,809
    113
    tracing Geo-location.. ... ...
    “ඉස්සර ලයිට් ගියාම (මතක විදියට චන්ද්‍රිකාගෙ කාලේ) අපි කලේ එක කාමරේකට ගිහින් ඇඳවල් වල ඇලවෙලා අම්මලා/තාත්තලාගෙ පරන කතන්දර අහන් ඉන්න එක, ඉස්සර වගේ phone/internet නැතුව ජීවත් වෙන්නෙ බැරි සීන් තිබ්බෙ නෑ. අනික මේ වගේ රස්නෙත් නෑ..”

    podi kale math asama wade.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    “ඉස්සර ලයිට් ගියාම (මතක විදියට චන්ද්‍රිකාගෙ කාලේ) අපි කලේ එක කාමරේකට ගිහින් ඇඳවල් වල ඇලවෙලා අම්මලා/තාත්තලාගෙ පරන කතන්දර අහන් ඉන්න එක, ඉස්සර වගේ phone/internet නැතුව ජීවත් වෙන්නෙ බැරි සීන් තිබ්බෙ නෑ. අනික මේ වගේ රස්නෙත් නෑ..”

    podi kale math asama wade.

    E feeling ekata gahanna feeling ekak na ban. :love2: