අපි පොඩි කාලේ මැද පන්තියෙ යට වගෙ හිටියෙ, පඩියෙන් දුවලා අන්තිමට නය අරන් ඒකත් පඩියෙන් බේරන සීන් එකක් තිබ්බෙ. ඉතින් ඉස්සර ආස ආස දේවල් ගන්න බෑ.
අපේ මාමලා හිටියෙ රට, ඉතින් එයාලා පාවිච්චි කරලා අයින් කරන ඔක්කොම ඇඳුම් මෙහෙට පටවනා, මට මතක විදියට OL වෙනකන් වගේ මට වැඩිය පිටින් ඇඳුම් ගන්න දෙයක් නෑ රට ඉඳන් හම්බෙන ඒවා තමා අඳින්න තිබ්බෙ. ඒවා ආපු ගමන් පට්ට සුවඳයි, අද වෙනකන් දන්නෙ නෑ ඒ සුවඳ එන්නෙ කොහොමද, ඇයි මෙහෙ හොයන්න බැරි කියලා.
සෙල්ලම් බඩු උනත් ගොඩක් වෙලාව පාවිචි කරපුවා තමා හම්බෙන්නෙ. සමහර ඒවා කැඩිලා. එක පාරක් brand new lego සෙට් එකක් හම්බුනා. ඒකෙන් නම් මම පට්ට විදියට සතුටු උනා.
අනිත් ආතල්ම දේ තමා ඉස්සර ඇඳුම් එවනකොට ටින් මාලු, ටින් පලතුරු, සබන් වගේ ඒවත් එවනවා. ඉතින් අපේ අම්මා කරන්නෙ ඕවා ඔක්කොම ගොඩ ගහලා තියනවා, ලොවෙත් පාවිච්චි කරන්නෙ නෑ. අන්තිමට වෙන්නෙ ඉතින් expiry පැනලා විසිකරන්න වෙන එක. පස්සෙ පස්සෙ ඔය ටින් මාලු, සුප්, කොර්න් බීෆ් වගේ ඒවා කෑ එහෙම නාස්ති නොකර. ඒ සුප් මචන්ලා මෙහෙ කඩවල් වලින් හොයන්න බෑ. සුපිරි බඩු.
ඉස්සර ලයිට් ගියාම (මතක විදියට චන්ද්‍රිකාගෙ කාලේ) අපි කලේ එක කාමරේකට ගිහින් ඇඳවල් වල ඇලවෙලා අම්මලා/තාත්තලාගෙ පරන කතන්දර අහන් ඉන්න එක, ඉස්සර වගේ phone/internet නැතුව ජීවත් වෙන්නෙ බැරි සීන් තිබ්බෙ නෑ. අනික මේ වගේ රස්නෙත් නෑ.
වෙලාවකට ඒ කාලේ මතක් වෙනවා, දැන් ඉන්න තත්වේ නොහිටියත් වැඩිහිටියන්ගෙ ඔලුවල තිබ්බ ප්‍රශ්න අපේ ඔලුවල තිබ්බෙ නැති නිසා පට්ට සහැල්ලුවෙන් ඉන්න තිබ්බෙ අපිට

Last edited: