බබා මහතද සමහර බබාලගේ ඇග බර වැඩි උනාමත් හැරෙන්න පරක්කු වෙනවා. පොඩි අයව පෙන්නන්න ගමේ ක්ලිනික් එක තියෙනවා නේද සැකයක් තියෙනවා නම් එතනට ගිහින් පෙන්නන්න. හැම දරුවම එකම කාලේ හැරෙන්නේ දනගාන්නේ ඇවිදින්නේ කතා කරන්නේ නෑ. දරුවගෙන් දරුවට වෙනස්. වැදගත්ම දේ උබේ වයිෆ්ට කියපන් උබේ දරුවගේ වයසේම දරුවෝ ඉන්න යාළුවො ඉන්නවා නම් උන්ගේ උපදෙස් කතා වැඩිය ඔලුවට ගන්න එපා කියලා. උන් තමයි නැති විසබීජ ඔලුවට දාලා දරුවට ලෝක ලෙඩ මවන්නේ " අනේ අපේ බබා නම් මාස හතර පනිනකොට හැරුණා ඔයාගේ බබා ඇයි තාම හැරෙන්නේ නැත්තේ කියලා "



