කොරෝනා සිද්ධියත් එක්ක ගෙට උනු සමහරක් පොඩි එවුන් දැන් ඉගෙන ගන්නවට වඩා EMoney පස්සෙ දුවන ගතියක් පෙන්නුම් කරනවා,කොහෙන් හරි "හරි" විදියට සල්ලි හම්බ කරන එක බොහොම හොඳයි නමුත් හරි හමන් විදියට දැනුමක් නැතුව SKILL එකක් නැතුව මේ ළමයි මේවා කරල කොහෙන් නවතියිද ? මම දැක්කා දැන් අලුතෙන් ZOOM වලින් හිටන් EMoney පංති දාල තියනවා.YouTube එකේ EMoney කියල දාන (90 %) උන්වත් එ සයිට් වලින් හම්බ කරල නෙමෙයි බොහෝ විට video දාන්නෙ (කොටින්ම එ අය හම්බ කරන්නෙ referrals,sponsord ads සහ video views වලින්),ඉතින් මෙහෙම වාතාවරණයක් පොඩි උන් නිකන් ඇන්දෙනවා දැක්කාම දුකයි....EMoney හරි නමුත් එකට ප්‍රවේශ වෙන විදිය හරිහමන් විදියට කියල දෙන්නෙ නැතුව කාලයයි,මුදලුයි නිකන් විනාශ වෙන එක අපරාදයක්.විශේෂයෙන් පොඩි උන්ගේ....video thumbnail වලන් පොඩි උන් රටවන උනුයි,බොරු පංති දාල දෙමව්පියන්ගේ සල්ලි ටික කඩාගන්න බලන සෙට් එක මේ ගැන නැවත වාරයක් හිතුවානම් අනාගතයට ගුණයි....
