පොඩි එවුන්ට කෑම කවන්නෙ කොහොමද?

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Dawasata wel dekak kai ethakota. Eka madine
    කවදාම හරි ළමයා තනියම බඩගිනි වෙලා, තනියම ක්න්න පුරුදු වෙන්න එපැයි මචං. කවන්න කවන්න උට ඒ skill එක හැදෙන්න පරක්කු වෙනවා. ඒ වගේම ඌ කෑම කන එකට අකමැති වෙනවා.
    පුළුවන් ඉක්මනට පුරුදු කරගන්න තරමට උටත් හොඳයි. අපිටත් ලේසියි. මුලිං ටිකක් අමාරු වෙනවා. අපිට නම් high chair එක් නිසා තමා ලේසි වුනේ. උට කන්න හරි, සෙල්ලම් කරන්න හරි, විසිකරන්න හරි මොනා කරන්නත් තියෙන්නෙ කෑම විතරනෙ ඒකෙං තිබ්බම. එතකොට ඌ සෑහෙන්න කෑම නාස්ති කරනවා මුලින්. පස්සෙ ටික ටික පුරුදු වෙනවා.

    නෑ, උන් කෑම තියන තැන් වලින් නැගලා ඇරලා අරගෙන කනවා. උන්ට කන්න බැරිනම් උස්සන් එනවා කන්න පුලුවන් විදියට එක හදලා දෙන්න කියලා. ලංකාවේ තමා මෙලෝ රහක් නැති තලප ගිල්ලන්නේ ඒවා ලමයෙක්ට තියා බල්ලෙක්ට දුන්නත් කන් නෑ බන් . අනික අපේ උන් 24 පැයම කවන්න බලන්නේ බලලා තව කිරි එක්කුත් දෙනවා . පිටරට අය දෙන්නේ නැචුරල් දේවල් ගොඩක්ම අමුවෙන් හරි ලාවට ස්ටීම් කරලා. මස් නම් කෙලින්ම ග්‍රිල් එකෙන් අරන් දෙනවා උන් නාගෙන ඇරලා දානවා කට්ට වෙනකම්ම .
    සිරාම කතාව ඒක නම්. අපිත් පොඩි කාලෙ තලප තමා ගිල්ලෙ. අපිටම පුදුමයි අපේ පොඩි එකා කෑම ආසාවෙන් කන හැටි දැක්කම. චිකන්, පෝක්, සැමන් තමා ආසම. ඊට පස්සෙ පළතුරු. ඊට පස්සෙ එළවලු තම්බලා. බත් කනවා අනලා නැතුව මද රස්නෙට චූටි කැට තියනවා නම්.
    අපේ පොඩ්ඩා දැං අම්මා කෑම හදනවා කියලා දැනුන ගමංම නහයෙන් අඬන්න ගන්නවා කෑම ඕන කියලා.
    ------ Post added on Jan 28, 2023 at 3:51 AM
     
    • Like
    Reactions: Don GasCan

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    සින්ක් එක ළඟ වාඩි කරවලා ටැප් එක ඇරල දීපන් ඒකෙ සිහියෙන් කට ඇරියම ඇතුලට ඔබ්බවපන්. නැත්නම් yotube එකේ ලමා සින්දු දාලා දීපන්. ඇවිදිනව නම් එලියෙ ඇවිද්දවල කවපන්. ලේසි නෑ බන් ඔය වැඩේ කොහොමත් පැයක් අඩුම යනවා. ඌට බඩගින්න තියෙන්නත් ඕන කන්න. පොඩි ආමාශයක්නෙ තියෙන්නේ
     
    • Dislike
    Reactions: Don GasCan

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,878
    8
    35,498
    113
    ඇත්තටම ඇයි ලංකාවෙ පොඩි උන්ට පස්සෙන් පන්න පන්න බලෙන් කවන්නෙ? වෙන රටවලත් එහෙමද?
    Good question... Even in other parts of the World, children exit through the same pathway. :ROFLMAO:
    But they are brought up differently. Parents are advised how to raise kids, there's professional help if needed. Probably only in the sub-continent the mother runs behind the kid, round the dining table with a plate of food on her hand.
    Raise them up properly you don't have issues. We virtually had no problemsat all, my mother did exactly as what she was told (because he spent his time mostly there during work hours). We never hand carried him (only when he's asleep), and he was never fed yellow curries. He ate the same dynamite as us from day 1. Even now he needs pol sambol or kochchi sambol most of the time.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    පිඟාන ලඟට දුන්නම බත් හලන එකට මොකද්ද කරන්නෙ?
    එකට ඉවසන් ඉදපන් අවයව සමායෝජනය වෙනකම් .

    උබට බෘටල් වෙන්න පුලුවන් කෑම හැලුවොත් තෝ බඩගින්නේ ඉදපිය කියන තැන

    චොයිස් ඉස් යුවර්ස්
     
    • Love
    Reactions: Candid-B

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    බඩගිනි වෙලා කෑම ඉල්ලන කන් හිටපන්.

    බලෙන් කවන්න යන්න එපා. ඉස්සර අත් අම්මලා (ළමයෙක් ගැන මෙලෝ දැනුමක් නැති නාාකි ගෑනු) කරේම පොඩි උන්ට ආමාශය ඇදිලා ලොකු වෙනකං බත් ගිල්ලපු එක විතරයි. ගොඩක් මහත ළමයින්ට මහත් වෙන්න හේතු ව ඒකයි. පොඩි කාලේ ඕනීවට වඩා ගිල්ලුවහම ආමාශය ඇදිලා ලොකු වෙනවා එතකොට ජීවිත කාලේම ගොඩක් කන්න ඕන.. එක නිසා මහත් වෙනවා. කෑම පාලනය කරන්න බෑ බඩගිනි හැදෙනවා. විසඳුම තමයි oparte කරලා ආමාශයේ කොටස් කපලා කුඩා කරන එක. එක මම හිතන්නේ මාරාන්තික ඔපරේෂන් එකක්.. මැරෙන්න සම්බහාවිතවයක් තියනවා.

    ඒක නිසා කෑම කාවනකොට ළමයාට ඇති කිව්වහම නාවත්වාපන්. මිනිහෙක්ගේ අතක් ගුලි කරාම විතර ඇති පොඩි එකෙක් ගේ ආමාශය size එක. ඕකට මාරි biscuit 2-3k දාලා වතුර ටිකක් බිව්වහම පිරෙනවා නේ.. එක නිසා පොඩ්ඩක් කාවපන්. ලංකාවේ උන් ගුලි අන අන කවනවා අරූ බැරල් එක වගේ වෙනකන්.

    යකඩ එහෙම rich රතු මස් එහෙම කාවාපන්. නැත්නම් මොලේ නැති එකෙක් තමයි බිහි වෙන්නේ. බිත්තර වගේ දේවල් දවසට 1 ගානේ වගේ දීපන්.

    හප්පෝ, බිල්ලො ඉන්නවාය කිය කිය බය කර කර කවන්න එපා.. උගේ self confidence සෑහෙන්න නැති වෙනවා.
    ඌව බය කරහම මේ ලෝකේ ක නැති එකෙක් ට බය වෙලා උගේ අනාගතේම ඉවරයි.

    Mobile phones, tv දාලත් කවන්න එපා.