පොඩි කතාවක්!!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,027
    1
    8,863
    113
    -~උලක් උඩ-~
    මේක ජෝක් සෙක්ශන් එකේ දැම්මට ජෝක් එකක්මත් නෙවේ. ඊයෙ ඇත්තටම උන වැඩක්. මට පොඩි වුවමනාවකට ගිගාබයිට් 30 + ඩව්න් ලෝඩ් කරන්න ඕනෙ උනා. ගෙදට ස් එල් ටී කනෙක්ශන් එකෙන් ඩවුන් ලෝඩ් කරන එක අපරාදෙ නිසා ඔන්න මොබිටෙල් පැය 3 පැකේජ් එකත් පෝන් එකට දාගෙන සූදානම් උනා. දැන් ඔන්න ඩව්න් ලෝඩ් කරගෙන යනවා, පෝන් එකේ කනෙක්ශන් එක පී සී එකට ශෙයා කරගෙන. ඔන්න ඉතින් ගිගා බයිට් පහලවක් විතර ඩවුන් ලෝඩ් කරගෙන යද්දී කරන්ට් නැති වුනා තත්පර 2 කට වගේ. ඒත් එක්කම ඩවුන්ලෝඩ් කරන එකත් නැතිවුනා..මම දැන් කල්පනා කරනවා, මොබිටෙල් ටවර් එකටත් කරන්ට් නැති උනාද දන්නෙ නෑ,කියලා. දැන් අය සැරයක් කරන්ට් ආවනෙ.. ඒත් තව කනෙක්ශන් එක නෑ. මම ෆෝන් එක අතට ගත්තා යූ එස් බී කේබල් එකවත් බුරුල් වෙලාද දන්නෑ නෙ.එතකොටම ආයෙත් කනෙක්ශන් එකත් ආවා. පෝන් එක අතට ගත්ත නිසා ඒක දිහත් බැලුනා. මෙච්චර වෙලා මම ඩවුන්ලෝඩ් කරලා තියෙන්නෙ මගෙ ෆෝන් එකේ වයි ෆයි එකෙන්.ඒ කියන්නෙ මගේම රවුටරෙන්. මට ෆෝන් එකේ ඩේටා ඔන් කරන්න අමතක වෙලා.. (කරන්ට් නැතිවුනාම කනෙක්ශන් එක නැවතුනේ රවුටරේ ඕෆ් වෙලා) :oops::oops::oops: