අපි ඉස්සර ගෙවල් පැත්තෙ කෙල්ලො කොල්ලො එක්ක එකට සෙට් වෙලා හැංගි මුත්තම් කරනවා, ටින් කඩනවා, බට්ටො පනිනවා, point 0 කරනවා, මේබා චූස් කරනවා. කට්ටියම නිවාඩු දවසක සෙට් වුණොත් උදේ 10 පටන් ගත්තොත් අම්මා "පුතේ.. දැන් එන්න" කියල හවස 6ට විතර කතා කරනකම් දවල්ටත් බත් නොකා සෙල්ලම් කරනවා.
හැංගි මුත්තම්/පොයින්ට් 0 කරද්දි අපි හොයන එකාට කිව්වෙ "කැචේ" කියල. ඒ කැචේ ව තෝර ගන්නෙ කට්ටිය රවුමට ඉඳලා 10,20,30.. ගණන් කරලා. ඒ කැචේව හොයන්න ගණන් කරපු සින්දු තාම මතකයි. ඔයාලටත් එහෙම ගණන් කරන්න කියපු මතක් වෙන සින්දු තියෙනව නම් මේ ත්‍රෙඩ් එකේ දාන්න.
1.
ඇටකෝට්ටා ඇටකෝට්ටා ඇක්සිඩන්ට් වෙලා..
ගණින් මචෝ ඩෙටොල් ටිකක් පුළුන් පුරවලා..
දනවෝ දනවෝ දොස්තර එනවෝ.. ටකා.. ටිකා..ටුකා
2.
අකා ඩකා එතෙර පැටී.. සංඥා වෝම් තඩක අජිනමොටෝ චිකෝ පටෝපී...
3.
අචිනි පචිනි ගොරක පචිනි.. අම්මා ගෙනා මුතු කුඩේ..
අවුවෙන් තිබ්බා වේළුණා.. ගෙට ගත්තා පිච්චුනා..
අම්මෙ මගේ බාටා දෙකේ නම කියන්නකෝ.. DSI
3.
අම්මෙ මට සතයක්.. මොකටද පුතේ සතයක්..
සියබලා කන්න සතයක්.. සියබල ගහේ නම් මොකක්ද..
කළු කුම්බර දේවතාව.. යක්කු නටන බංගලාව.. ටකා.. ටිකා.. ටුකා..
තව මතක තිබ්බා දැන් මතක් වෙන්නෙ නෑ.