පොඩි තල්ලුවක් දාන්න එනවද?

9.57

Well-known member
  • පොඩි තල්ලුවක් දාන්න එනවද?

    සුව නින්දේ පසුවූ අඹුසැමි යුවලක් මහ රාත්‍රියේ අවදි වූයේ තමන්ගේ නිවසේ දොරට කිසිවෙකු තඩි බාන හඬටය.
    "මොකාද බොල මේ මහ රෑ..?" කියමින් අවදි වූ ගෙහිමියා වේලාවත් බලමින් ඇඳෙන් නැගිට්ටේය.
    "පාන්දර 3යි!"

    "කවුද..?" කියමින් දොර ඇරිය ඔහුට දැකගත හැකිවූයේ නාඳුනන බීමත් පුද්ගලයෙකි.
    "අනේ මහත්තයා.. සමා වෙලා පොඩි තල්ලුවක් දාන්න එන්න පුලුවන්ද?"
    "පිස්සුද මනුස්සයො මේ මහ රෑ.. නිදා ගන්නත් නෑ.."
    කියමින් නාඳුන පුද්ගලයාගේ ඇඟට ගොඩ වූ ගෙහිමියා දොරත් වසා දමමින් ආපසු ඇඳට ගියේය.
    "කවුද ආවේ..?" යි විමසූ බිරිඳට,
    "මේ කවුද මන්දා බීගත්ත එකෙක්.. තල්ලුවක් දාගන්න අඬගහනවා.." යි නොරිස්සුමෙන් පැවසූ ගෙහිමියා ආපසු නිදා ගන්නට සැරසුනි.
    "ඉතින් ඔයා උදවු කරාද?"
    "ඔයාට පිස්සුද මේ පාන්දර 3ට මට ඕවා කරන්න බෑ.. ඊටත් එලියේ වහිනවත් එක්ක.."
    "ඔයා හරි පුදුම එක්කෙනෙක්නේ.. ඔයාට මතක නැද්ද මීට මාස 2,3කට කලින් අපේ වාහනෙත් මහ රෑක මගදි හිටලා යාගන්න බැරුව ඉන්නකොට අඳුනන්නෙවත් නැති මිනිස්සු දෙන්නෙක් ඇවිත් අපිට උදවු කලා... එදා එයාලා උදවු නොකරනම් අපි කොච්චර අමාරුවකද වැටෙන්නෙ... අපිත් ඒ වගේ අමාරුවෙ වැටිලා ඉන්න මනුස්සයෙක්ට උදවු කරන්න ඕනා... එහෙම නේද?"
    "හ්ම්.." කියමින් ගෙහිමියා ආපසු ඇඳෙන් නැගිට වැස්සේම ගෙයින් එලියට බැස කලින් උදවු ඉල්ලපු පුද්ගලයා සෙවීය.
    සොයා ගැනීමට නොහැකි වූ නිසා ඔහු "ඔහේ තාම ඉන්නවද.."" කියමින් කෑ ගැසීය.
    "ඔවු ඔවු.."
    "ඔහේට තාමත් තල්ලුවක් දගන්න උදව්වක් ඕනද?"
    "අනේ ඔවු"
    "කෝ ඉතින් කොහෙද ඔහේ ඉන්නේ..?" කියමින් ගෙහිමිය මේ පුදගලයා සිටින ඉසවුව සෙවීය.


    බීමත් පුද්ගලයා අමාරුවෙන් උත්තර දෙමින්
    "මO මෙහේ.. මේ.. මේ... ඔන්චිල්ලාව ගාව.."

    ;)



    සීන් එක තේරිල ෆන් එකක් ගත්තනම් ඉතින් කමෙන්ට් එකක්වත් ඇඩ් කරමු..
    :yes:
     
    • Like
    Reactions: kites and MSaman