පොඩි දරුවන්ගේ ආරක්ෂාව
මේක ඊයේ වෙච්ච සිදුවීමක්. මේක දැම්මේ දරුවන්ගේ ආරක්ෂාව ගැන අපි කොච්චර හිතන්න ඕනෙද කියලා කියන්න.
මම නැවතිලා ඉන්නේ හෝකන්දර ඇනෙක්ස් එකක වැඩට යන්න. මෙහෙ අයිති කාරයෝ ඉන්නේ වයසක ජෝඩුවක්. එයාලගේ දුවගේ පොඩි එකා ඉස්කෝලේ යන්නේ මෙහෙ ඉඳලා. අම්මයි තාත්තයි ඉන්නේ රට. පොඩි එකා මේ පාර ශිෂ්ෂත්වේ ලියන්න ඉන්නේ 5 වසරේ.
ගෙදරට එහා පැත්තේ අලුතෙන් ගොඩනැගිල්ලක් හදනවා. ඕකේ වැඩ කරන බාස්ලා නැවතිලා ඉන්නේ මේ ගෙදර අයගේම ගෙදරක මම ඉන්න ගෙට පිටිපස්සෙන් තියෙන. ඊයේ හවස ඕකේ වැඩ කරන බාස් කෙනෙක් පොඩි එකාට මොනවද දෙන්න කියලා එක්කගෙන ගිහින් උන් නැවතිලා ඉන්න පරණ ගෙදරට. ඊයේ අනිත් කවුරුවත් වැඩ කරන අය ඉඳලා නෑ මල ගෙදරක ගිහින්. පොඩි එකාව එක්කන් ගිහින් අත පත ගාන්න හැදුවම ඌ ගෙදර දුවලා ඇවිත් ආච්චිට කියලා. ගිහින් බලද්දී අරූ මාරු වෙලා.
දැන් අරූ වැඩපොළේ නෑ. ඌව හොයාගන්නත් විදියක් නෑ. එතන වැඩ කරන අනිත් අයට විස්තරේ කිව්ව. පොඩි එකා ඉස්කෝලේ ඇරිලා ඇවිත් නාන්නේ ගේ පිටිපස්සේ හයි කරලා තියෙන ෂවර් එකකින්. නාන්නෙත් ඇඳුම් නැතුව. ඔය නාන තැන පිටිපස්සේ බාස්ලා ඉන්න ගෙදරට හොඳට පේනවා. වැඩ කරන එවුන් කිව්වේ පොඩි එකා හෙළුවෙන් නානකොට මූ හොරෙන් ගිහින් බලන් ඉන්නවලු. කීප දෙනෙක්ටම නෝට් ලු ඌ ඔය වැඩේ කරනවා.
දැන් ඌ ගැන විස්තරයක් හොයාගන්න විදියක් නෑ. මූ ආයේ ආවොත් අල්ලගන්න ඉන්නේ. ගෙවල්වල ඉන්න පොඩි දරුවෝ ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න කියන්න මේක දැම්මේ.
මෙතන මම දැකපු අවුල් තමයි මේවා.
01. දරුවාගේ ආරක්ෂාවට අම්ම හෝ තාත්තා ළඟ නැති වීම
02. පිට අයට ගෙදරට කෙලින්ම එන්න බැරි වෙන්න ආරක්ෂා කර නොතිබීම
03. දරුවා ගැන හැම තිස්සෙම අවදානෙන් නොසිටීම්
04. පිටස්තර අයට පෙනෙන ලෙස නිරුවතින් නාන්න ඉඩ දීම (දෙමව්පියෝ ළඟ හිටිය නම් 5 වසරේ ළමයෙක්ට හෙළුවෙන් නාන්න දෙන්නේ නෑනේ එළිමහනේ)

Last edited: