කාලෙක ඉඳල මට හරි ඉක්මනට යූරින් පාස් කරන්න ඕන වෙනව.. ඉතිං වතුර ගොඩක් බිව්වම මේක වැඩි නිසා හදිසි ගමනක් වගේ යනකොට මම වතුර බිව්වෙ අඩුවෙන්..
ඒත් ළඟදි ඉඳල ජිම් එකට ගියත් වතුර ටිකක් බීපු ගමන් චූ කරන්න වෙනව..
අවුරුදු ගානක් මේක ලොකුවට හිතන්නෙ නැතුව හිටියට අන්තිමට මේක හිසරදයක් නිසා මම ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුව..
එයා මට UFR එකකුයි abdomen scan එකකුයි ලියල දුන්න කරන්න..
(2022 මම urologist කෙනෙක්ට පෙන්නල මේක කිව්වම එයා නිකන් පිටින් චෙක් කරල කිව්ව බයවෙන්න දෙයක් නෑ හිතේ ලෙඩක් වෙන්න ඕනෙ ඕක ඇරිල යයි කියල )
UFR එක නෝමල්..
ඒත් abdomen scan එකෙන් තමයි දැනගත්තෙ මගේ එක kidney එකක් නරක් වෙලා (ඩොක්ටර් කියන විදියට ඒක වෙලා දැන් ගොඩක් කල්)
ඒක දැන් ගොඩගන්න බෑ කිව්ව..
අනිත් kidney එක බේරගන්න එතන තියන block එක අයින් කරන්න ඕන..
(මට high blood pressure, diabetes, cholesterol ඕව මොනවත් නෑ)
හෙට specialist කෙනෙක්ව චැනල් කලා බලමු එයා මොනව කියයිද කියල..
මම මේක දැම්මෙ මට ඔය ඉක්මනට යූරින් පාස් කරන්න ඕන කේස් එක කියල කලින් දාපු ත්රෙඩ් එකේ කීපදෙනෙක්ම කියල තිබුන එයාලටත් ඒ කේස් එක තියනවා කියල..
ඉතිං මම කියන්නෙ බලන් ඉන්න එපා.. ඉක්මනට ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල හරි උපදෙස් අරං treatments වලට යන්න..
මම වගේ පරක්කු වෙලා වැඩේ කේස් කරගන්නේ නැතුව

Last edited: