කවුරුහරි ඇහුවොත්,
"ඩීමෝ බට්ට, මැක්සිමෝ ලොරි දෙකෙන් හොඳ මොකක්ද?"
කියල ඔයාල උත්තර දෙන්නෙ කොහොමද..??
ඇත්තටම ගිය ඉරිදට කලින් මගෙන් ඔය ප්‍රශ්නෙ ඇහුවනං මම කියන්නෙ මැක්සිමෝ හොඳයි කියල....
පසුගිය ඉරිද ගාලු පුරේ ගැරේජ් එකක් කරන අපේ මල්ලි කෙනෙක් එක්ක පොඩි චැටකට සෙට්වුනා... අයිතිකාරයට හදාගන්න සල්ලි නැතුව එතන ගාල් කරල තිබුණ මැක්සිමෝ එකක් නිසා තමයි මේ මැක්සිමෝ ජාතක කතාව ඇදිල ආවෙ...
මැක්සිමෝ එකේ එන්නෙ කොමන්රේල් ඉන්ජෙක්ටර් සිස්ටම් එකක් තියෙන එන්ජිමක්... ඒ කියන්නෙ අලුත් වාහන වගේ ecu යුනිට් එකක් එක්ක ඉලෙක්ට්‍රොනික් සිස්ටම් එකකින් තමයි ඉන්ජෙක්ටර්ස් පාලනය වෙන්නෙ...,
ඒ වගේ නවීන පද්ධතියක් තියෙන එක කොච්චර හොඳයිද කියල ඔයාලට හිතෙයි...
ඔවු ඒක හොඳයි තමයි...
හැබැයි මැක්සිමෝ එක ගත්තම ඒක එච්චරම හොඳක් නෑ...
මොකද,
මැක්සිමෝ ඩීසල් සිස්ටම් එකේ ප්‍රශ්න කීපයක් තියෙනව,,
මේ වාහනේ ඉලෙක්ට්‍රොනික් පද්ධතිය හරි ඉක්මනට වතුරට නිරාවරණය වෙනව...
ඩීසල් පද්ධතිය හරි ඉක්මනට බ්ලොක් වෙන්න බලනව සහ පහසුවෙන් ලෙඩවෙනව...
ඒ වගේම හදිස්සියෙවත් ඉන්ජෙක්ටරයක් ගලවන්න උනොත්, එන්ජිම බිමට බාන්නම වෙනව...
මොකක් හරි අවුලක් ඇවිත්, ඩීසල් පද්ධතියෙ රෙපෙයාර් එකක් කෙරුවොත්, ecu ප්‍රෝග්‍රෑම් කිරිල්ලත් කරන්නම වෙන දෙයක්... ඒ වැඩෙත් ඉතිං හැම තැනින්ම කරන්නත් බෑ වගේම රුපියල් විසි තිස් දහකට අඩුවෙන් කරන්නත් බෑ...
අනික ඩීසල් පද්ධතියෙ අමතර කොටස්, මිලෙන් අධිකයි...
ඉතිං ඔය වගේ එන්ජින් රෙපෙයාර් එකක් ආවොත් ලක්ශ තුනක් විතර කුඩු වෙලා තමයි නතරවෙන්නෙ...
ඉතිං,
පොඩි බිස්නස් එකකට, හයර් දුවන්න වගේ දේකට හතර අතේ ණය වෙලා ඔය වගේ පොඩි ලොරි ගන්න අය ගොඩක් වෙලාවට වාහනේ සර්විස් එකවත් කරන්නෙ නෑ....
ඩීසල් ගහ ගහ පදින එක විතරයි කරන්නෙ...
එහෙවු වාහනේකට ඔහොම රෙපෙයාර් එකක් එනව කියන්නෙ,
වකුගඩු දෙකම නරක් වෙලා ඉන්න ලෙඩෙකුට හාට් ඇටෑක් එකකුත් ආව වගේ දෙයක් වෙනව...
ඉතිං මගෙනං අදහස,
ගලේ ගගහ පදින්න හිතාගෙන ඉන්දියන් මිළ අඩු වාහන ගන්න ඉන්න අය,
පුලුවන් තරම් නඩත්තු පහසු සරල යාන්ත්‍රණයක් තියෙන වාහනේකට යන එක තමයි හොඳ...
වැඩිදුර දැනගැනීමට,
මේ තියෙන්නෙ කොමන් රේල් ඉන්ජෙක්ටර් එහම නැත්තං ඉලෙක්ට්‍රොනික් ඩීසල් ඉන්ජෙක්ශන් පද්ධතියක්...
මේ තියෙන්නෙ මැකනිකල් ඩීසල් ඉන්ජෙක්ශන් පද්ධතියක්...
ඉතිං දැනට මැක්සිමෝ පාවිච්චි කරන අයට කියන්න තියෙන්නෙ,
ඩීසල් ෆිල්ටර් කලට වෙලාවට මාරු කරන්න...
ටියුනප් කරනව වගේ නඩත්තු කටයුතු හරියට බලල කරගන්න...
එහෙම උනොත් ලොකු ගාණකට තට්ටු වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුකරගන්න පුලුවන්...