එකක් මනුවල් පොම්ප නම් අනිත් ඒක automatic pump ද? නැත්නම් electric pump දා? එක ගැන පොඩි විස්තරයක් කරපංකො..
ෆියොල් පම්ප් එකයි, ඉන්ජෙක්ටර් පම්ප් එකයි කියන්නෙ දෙකක්...
ෆියොල් ටෑන්ක් එක ඇතුලෙ ඉලෙක්ට්‍රික් පම්ප් එකක් විදිහට නැත්තං ටැංකියෙන් එළියෙ මැනුවල් පම්ප් එකක් විදිහට ෆියොල් පම්ප් එක පිහිටල තියෙන්න පුලුවන්...
එතනින් පස්සෙ ඩීසල් එන්නෙ ඉන්ජෙක්ටර් පම්ප් එකට...
ඉන්ජෙක්ටර් පම්ප් එක ගොඩක් වෙලාවට මැකනිකල් පම්ප් එකක්ම තමයි එන්නෙ...
සමහර වාහන මොඩ්ල් තියෙන්න පුලුවන් ඉලෙක්ට්‍රිකල් එන... හැබැයි බහුතරය මැකනිකල් පම්ප් තමයි එන්නෙ...
ඒකෙන් වෙන්නෙ ඩීසල් සිලින්ඩරේට ඉන්ජෙක්ට් කරන්න සුදුසු තරමෙ පීඩනේකට පත් කරන එක...
අපි කතාකරල තියෙන කොමන්රේල් ඩීසල් සිස්ටම් එකකනං,
මේ ඉන්ජෙක්ටර් පම්ප් එක රොටරි ටයිප් එකේ පම්ප් එකක් විදිහට තමයි තියෙන්නෙ...
එක ප්‍රෙශර් ලයින් එකක් සහ එක රිටන් ලයින් එකක් තියෙනව...
එන්ජිමට සම්බන්ධ ශාෆ්ට් එකකින් මේක රොටර් වෙනකොට පම්ප් එකෙන් කොමන් රේල් එකට, ඩීසල් පොම්ප වෙනව...
ඉලෙක්ට්‍රොනික් පද්ධතියකින් ecu එක හරහා එන සිග්නල් එකකට අනුව ඉන්ජෙක්ටර්ස් ඇරෙන වැහෙන එක පාලනය වෙනව... එතකොට කොමන් රේල් එක ඇතුලෙ පීඩනයට පත් කරල තියෙන ඩීසල් ඕපන් වෙන ඉන්ජෙක්ටරෙන් සිලින්ඩර් එකට ඉන්ජෙක්ට් වෙනව....
මැකනිකල් ඩීසල් සිස්ටම් එක ගත්තොත්,
මේකෙදි, රොටරි පම්ප් වගේම ඉන්ලයින් පම්ප් පාවිච්චි වෙනව... මේ පම්ප් වල ඉඳන් එන්ජිමේ සිලින්ඩර් ගාණට අදාලව ඩීසල් ලයින් අවුට් කරනව, එක රිටන් ලයින් එකක් එනව...
ඉන්ලයින් පම්ප් වලදිනං කෑම් ශාෆ්ට් එකකට සම්බන්ධ ප්ලන්ජර්ස් වලින් වෙන වෙනම එන්ජින් ටයිමින් වලට අදාල ඉන්ජෙක්ටර් වලට ඩීසල් පම්ප් කරනව... ඩීසල් ප්‍රෙශර් එකෙන්ම තමයි ඉන්ජෙක්ටරේ ඕපන් වෙන්නෙත්...
රොටරි පම්ප් වලත්, එන්ජිමේ ෆයරිං ඕඩර් එකට හරියන ටයිමින් වලට සිලින්ඩර් ගාණට අදාල ලයින් වලට වෙන වෙනම ඩීසල් ප්‍රෙශර් වෙන විදිහට ඩිසයින් කරල තියෙන්නෙ...