- සැලරි අඩු උනාට අර ලෝන්, මේ ලෝන් ඔක්කොම 1%-4% වෙනකන් අඩුම ගානට. ඒ ඔක්කොම සෙට් වෙනකොට සාමාන්‍ය පුද්ගලික සේවකයෙකුට වඩා වැඩි වෙනවා.
සමහර බැංකු වල OT asst. manager ට තියනවා.
- බැංකුත් නිකන් පොලිසිය වගේ. මැනේජර් කිව්වට grade වෙනස් වෙනවා, පළාත, බැංකුව අනුව. පොලිසියේත් පොලිසිටෙන් පොලිසියට ස්ථානාධිපති grade වෙනස්
- එතකොට බෝනස් 1 (2,3,4,5,6) ට වඩා වැඩි ගානක් හැම අවුරුද්දෙම. (උබලා ඉන්න බොහොමයක් කොම්පැනි අවුරුදු 5ක් ඒ වගේ බෝනස් දෙන්නේ නැ)
- grade තට්ටුවක් පනිද්දී පඩි වැඩිවීම 20%-40% වගේ අගයක් බොහෝ අවස්ථා වල.
- එතකොට වල් වාසි ඉතා ඉහලයි. (උන්දියෙල් කොමිෂන්, ලෝන් කමිෂන්, අවුරුදු පතා හැම්පර්, යනාදී නොයකුත් සැලකිලි)
- ඉතා හොද මෙඩිකල් ස්කීම් එකක්.
- කොරෝනා කියලා වහවද නැද්ද කියලා නෑ පඩි ෂුවර්.
- ස්පෙක්ෂාව අනිත් පුද්ගලික සේවකයන්ට වඩා වැඩි නිවාඩු දින ප්රමයන්ක් (ntb හැරෙන්න)
- සමාජ පිළිගැනීම හා ඒ හා බැදී පහසුකම්
- සාපේක්ෂ ව වැඩි නිදහසක්. ( සීමිත බැංකු කීපයක් නැතිව)
- EPF එකට බැංකුවෙන් 15% (පුරුදු 12% වෙනුවට)
- සමහර බැංකු වල gratuity වලට වැඩි ප්රමයන්ක්. (සාමාන්‍ය ගාන අවුරුද්දක් වැඩ කලාම මාස 1/2)
- පෙට්‍රල් නැති උනත්, (බැංකුවේ කස්ටමර් ට ෂෙඩ් එකක් තියන) මල්ලි පෙට්‍රල් පොඩ්ඩක් හොයාගන්න පුළුවන් ද ? "පුළුවන් මහත්තයා මහත්තය මගේ OD එහෙම pass කරන්නේ කරදරක් නැතිව. අපිට මතකයි ඒවා. මම පස්සේ දොරින් 20L කෑන් එකක් ලැස්ති කරලා තියන්නම්. වැඩිය එපා. වෙනදා විකුනන්නේ 2000.00 ලිටරේm මහත්තය 450 ම දෙන්න ,,,,"වගේදේවල්.
ඔක්කොම එක්ක එනකොට සාමාන්‍ය පුද්ගලික සේවකයෙකුට වඩා ඉහල සමාජ තත්වයක් හා, අවසන් ඉහල ජීවන තත්වයක්
ඔය අන්තිම එක නං ඇත්ත විශේශයෙන් ගවර්මන්ට් බැංකුවක වගේ නං
බැංකුවෙ වැඩ කරන අයට කස්ටමර්ස්ලා හෙනට උදවු කරනවා, සමහර එවුන් ඉන්නවා බැංකුවෙ වැඩ කරන එවුන්ට කෑම බීම පලතුරු ජාති එහෙම ගෙනත් දෙනවා
අනික ඕන තරාතිරමක ඕන තැනක කන්ටැක්ස් හොයාගන්න පුලුවන් සනිකව
පොලීසියෙන් උනත් ගවමන්ට් බැංකුවක වැඩ කරන්නෙ කිවුවම ලයිසන් අනම් මනම් නැති උනත් ලියන්නෙ එහෙම නැහැ
ගොඩක් රජයේ ආයතන වල වැඩ හරිම ලේසියෙන් කරගන්න පුලුවන්, උදාහරනයක් විදියට බැංකුවෙ වැඩකරනවා නං වාහනේ රෙවෙනියු ලයිසන් එක අලුත් කරන්න ප්‍රා/ලේ එකට යන්න ඕන නැහැ ඒකෙ වැඩ කරන එකෙක් ආවම බැංකුවෙදි ඩොකියුමන්ට් එහෙම උගේ අතේ යවලා වැඩේ කරගන්න පුලුවන් ඔය වගේ එකී නොකී සියලුම දේවල් හරිම ලේසියෙන් කරගන්න පුලුවන්
ගෑස් නැති කාලෙ අනිවාර්යෙන් ගෑස් ඩීලර් කස්ටමර් එකෙක් හරි බැංකුවට ඉන්නවා, ඌට කියලා තිබුනම ගෑස් එක අරන් තියනවා පෝලිම් මොනවත් නැහැ ගිහින් අරගෙන යන්න තියෙන්නෙ
හාඩ්වෙයා වලින් එහෙම සාමාන්‍ය කෙනෙක්ට හම්බෙනවට වඩා ලොකු ඩිස්කවුන්ට් හම්බෙනවා බඩු ගනිද්දි