මට හිටපු ගමන් ආයෙත් පොඩි කාලේ පොඩි මතකයක් ආවා.
.
අපේ රටට ඉස්සෙල්ලාම රූපවාහිනීය ගෙනාවේ 1977 ජේ ආර් ලොක්කා බලයට ආවාම නේ. ඒ කාලේ ඉතිං අපි පොඩි එකාලා. එතකොට තිබුණු එකම සහ ජනතාවට සමීපතම විද්‍යුත් මාධ්‍ය තමයි ගුවන් විදුලිය. "මොණරතැන්න", "මුවන්පැලැස්ස" අදටත් සමාජයේ ජනප්‍රියයි. ඉතින් ඔන්න රූපවාහිනිය කියන නම වත් අසා නොතිබුණූ ගමේ ගොඩේ අපිට ආරංචිය එනවා.
.
මට මතක මෙන්න මේකයි. දවසක් ඉස්කෝලෙදි හොටු පෙත්තත් පෙරාගත්ත කොළු ගැටයෙක් මගේ ලඟට ඇවිත් කිව්වා "අඩේ, කතා කොරන එකාගේ රූපෙ පේන රේඩියෝ ජාතියක් එනවලු බං ලංකාවට" කියලා.