පොත් කියවනවද මචන්...................................

"කියවීම මිනිසා සම්පූර්ණ කරයි" කියන කතාව ඇත්තක් කියල හිතුන මචන් මේක කියෙව්වම.
හිර ගෙදරදී පොත් කියවලා ටයිම්ස් ලැයිස්තුවට ආ 'මිනීමරුවා'
Mawbima, 2016-02-20 02:00:00
Read 652 Times
අපේ ජීවිතය පුදුමාකාර විස්මයක්. ඊළඟ මොහොතේ කුමක් වෙයිද කියලා අපි කාටවත් හිතාගන්න බැහැ. එහෙත් ජීවිතයේ සෑම ඊළඟ මොහොතක්ම විස්මිත මොහොතක් බව මතක තියා ගන්න. එසේම එය විශ්වාස කරන්න. ඔබ එහෙම විශ්වාස කළොත් පමණයි සෑම අසීරු තත්ත්වයක් තුළම වාසනාවන්ත අවස්ථාවන් සැඟවිලා තියෙන්නේ. මේක බ්‍රසීලයේ සිදුවුණ අපූරු දෙයක්. බ්‍රසීලයේ බන්ධනාගාරයක සිද්ධ වුණ ඇත්ත කතාවක්. බන්ධනාගාරවල සිරකරුවන් වැඩියෙන් සිටීම අදටත් අපේ රටෙත් තියෙන ගැටලුවක්. මේ ගැටලුව විසඳන්න බ්‍රසීල රජය ගත්ත ක්‍රියාමාර්ග නිසා සිරකරුවන්ගේ ජීවිත සැබැවින්ම වෙනස් වුණා. අපි මුලින්ම එම කතාව වෙතට අවධානය යොමු කරමු.
සැබැවින්ම සිරකරුවන් එක් කුටියක වැඩි වීම නිසා ඔවුන් වැඩිපුර දේවල් කතා කරන්න පටන් ගත්තා. මෙම කතා බොහොමයක් නතර වෙන්නේ අන්තිමේට ලොකු ගැටුමකින්. බොහෝ වෙලාවට එක්කෙනෙක් දෙන්නෙක් අනිත් කෙනාගේ අතක් පයක් කැඩෙන්න ගහනවා. දිගින් දිගටම වර්ධනය වෙන මෙම ගැටලුව නිසා බන්ධනාගාර පරිපාලනය සිරකරුවන් පැත්තකට කරලා නිශ්ශබ්දව තියන්න පුළුවන් ක්‍රමයක් ගැන හිතන්න පටන් ගත්තා. ඊට විසඳුම ලෙස සිරකරුවන් පොත් කියවන්න යොමු කිරීම මේ ප්‍රශ්න විසඳන්න තියෙන හොඳම විසඳුම බව ඔවුන් වටහා ගත්තා. එහෙත් බොහෝ දෙනෙක් පොත් කියවන්න අකැමැතියි. අදටත් රූපවාහිනිය නැරඹීමට වඩා පොත් කියවීම තුළ කෙනකුගේ සිත සහ කය කියන දෙකටම වාසිසහගත දේවල් සිද්ධ වුණත්, රූප පෙට්ටිය අමතක කරලා ඔළුවට මොළ බද්ධ කරන පොත්වල සුවඳ හමන පිටු අතරේ සැරිසරන්න බොහෝ දෙනෙක් අකැමැතියි. නමුත් රූපවාහිනියේ සහ අන්තර්ජාලයේම එල්ලිලා ඉන්නවාට වඩා පොත් කියවීම ඉතා හොඳ පුරුද්දක් බව පොත් නොකියවන අය පවා පිළිගන්නවා. කෙසේ වෙතත් දරුණු සිරකරුවන් තුළ පොත් කියවීමේ පුරුද්ද ඇති කරලා ඔවුන් සන්සුන් කිරීම හිතන තරම් ලෙහෙසි දෙයක් නෙවෙයි.
ජීවිතය ක්‍රියාත්මක වෙන්නේ අපේ පුරුදු මතයි. එම නිසා පොත් කියවීම සිරකරුවන් අතර පුරුද්දක් බවට පත් කරන්න නම් ඔවුන්ට ප්‍රතිලාභයක් ලබාදිය යුතුයි යන තීරණයේ පරිපාලනය හිටියා. කිසියම් සිරකරුවෙක් පොතක් කියවා අවසාන කළොත් ඔහුගේ සිර දඬුවමින් දින හතරක් නිදහස් වෙනවා. මෙම වැඩසටහන ඔවුන් නම් කළේ "කියවීම තුළින් නිදහස් වීම" (අඥඤඥථනබඪධද බඩපධභඨඩ පඥචඤඪදඨ) වශයෙන්. එහෙත් සිරකරුවන්ට වසරකට කියවන්න ඉඩදුන්නේ පොත් ෙදාළහක් පමණයි. එසේම එක් පොතක් කියවා අවසානයේ එම පොත පිළිබඳ කෙටි අදහසක් සිරකරුවා ලියා භාරදිය යුතුයි. වසරකට පොත් ෙදාළහක උපරිමයක් නිසා හිතූ මනාපයට පොත් ගොඩක් කියවලා දින නිදහස් කරගන්න සිරකරුවාට බැහැ. කෙසේ වෙතත් පොත් දොළහක් වසරක් තුළ කියවූ සිරකරුවෙක්ට සති 6ක් තමාගේ සිර දඬුවමින් නිදහස් වෙනවා. කටුක සිපිරිගෙදර දිවියෙන් විනාඩියකට කලින් හෝ ඉවත් වෙනවා කියන එකම ලොකු සහනයක් නිසා සිරකරුවාට මෙහි කිසියම් වාසියක් තියෙනවා. සිරකරුවන්ට අවශ්‍ය පොත් නිර්දේශ කළේ කියවීම ගැන අවබෝධයක් තියෙන කමිටුවකින්. සාහිත්‍ය, දර්ශනය සහ විද්‍යාව වැනි විෂයන්ට අදාළ හොඳ පොත් ගොඩක් තිබුණා. මොනවා හරි පොත් ගොඩකින් බන්ධනාගාර පුස්තකාලය පිරවීම ඔවුන්ගේ අරමුණ වුණේ නැහැ. සැබැවින්ම බ්‍රසීලයේ දරුණුම සිරගෙදරක් තුළ ඉතා නිහඬව සිද්ධ වුණ මෙම කටයුත්ත නිසා කාලයක් යද්දී එම සිරගෙදර ගැටුම් අඩු වුණා. මන්දයත් බොහෝ සිරකරුවන් නිදහසේ පොත් කියවන්න පටන් ගත්තා. සමහරු තවත් සිරකරුවන් සමඟ පොත් ගැන කතා කරන්න පටන් ගත්තා. ඉතා හොඳ පරිසරයක් බිහි වුණා.
අර්වින් ජේම්ස් (ඡ්පඹඪද බ්චථඥඵ) කියන්නෙත් මේ සිරගෙදර හිටිය සිරකරුවෙක්. ඔහු මිනීමැරුම් චෝදනාවකට වරදකරුවෙක්. වසර 20කට හිරේ ගිය දරුණු මිනිසෙක්. කෙසේ වෙතත් හිරගෙදර ඉන්න කාලේ පොත් කියවීමේ ක්‍රියාවලිය ඔස්සේ ඔහුගේ සිරදඬුවමින් සැලකිය යුතු කාලයකට කලින් සිරගෙදරින් පිටවෙන්න ඔහුට හැකියාව ලැබුණා. එහෙත් අර්වින් ජේම්ස්ගේ ජීවිතය සිරගෙදරින් එළියට ආවට පස්සේ නැවතුණේ හිතාගන්නත් බැරි තැනකින්. වසර 20කට පසුව ඔහුට ද ගාර්ඩියන් නම් අතිශය ජනප්‍රිය ලෝක ප්‍රකට පුවත්පතට ලියන්න අවස්ථාවක් ලැබෙනවා. ඔහු සිරගෙදර සිට කියවපු පොත් ඔස්සේ ඔහුට ලියන්න කියන්න නිර්මාණාත්මක අදහස් ගලාගෙන ආවා. ද ගාර්ඩියන් පුවත්පතට ඔහු ලියපු දේවල් ජනප්‍රිය වුණා. අවසානයේ ඔහු නිව්යෝර්ක් ටයිම්ස් ලැයිස්තුවට ඇතුළත් වුණ වැඩිම අලෙවියක් සහිත කෘති දෙකක් රචනා කළ ලේඛකයෙක් ද වුණා. අර්වින්ගේ ජීවිතය මේ තරම් වෙනස් වුණේ සිපිරිගෙදරදී ඔහු කියවූ පොත් නිසා බව ඔහු අද කියනවා. ගෙදරට දවසකට කලින් හෝ යන්න අවශ්‍ය නිසා පොත් කියවන්න පටන් ගත්ත ඔහු පසුව පොත් ඉතා ආශාවෙන් කියවන්න වුණා. "මම සිරගෙදර ඉඳිද්දී කියවපු පොත් මාව කලින් සිරෙන් නිදහස් කළා පමණක් නෙවෙයි, මාගේ සිරවුණ සිතත් නිදහස් කළා" ඔහු පවසනවා. පොත් නොකියපු අර්වින් පොත් කියවන්න පටන් ගත්ත නිසා ඔහුට ජීවිතය දෙස වඩා විවෘතව සහ උපේක්ෂාවෙන් බලන්න හැකියාව ලැබුණා. අපි ඒ ඉදිරිපත් කළේ එම සිරගෙදර හිටිය එක් සිරකරුවෙක්ගේ කතාවක් පමණයි. පොත් කියවීම ඔස්සේ තවත් බොහෝ සිරකරුවන් ජීවිතය වෙනස් කර ගත්ත අතුරු කතා ගොඩක් ඇති.

Last edited:

books
මමනම් පොතක් අතාරින්නෙ නෑ මචන්. පොතක් කියවද්දි මැවෙන චිත්ත රූප එහෙම.ආයෙ පටන් ගනින් මචන්.