පොත් කියවන අය වෙනුවෙන් - The Book Hub
පොත් කියවන්නට කැමති අය වෙනුවෙන් නොමිලේ පොත් රැගෙන යා හැකි සහ කියවා නැවත බාර දිය හැකි පුංචි පුස්තකාලයක් පසුගියදා මාතර දුම්රිය ස්ථානයේ ආරම්භ කළා. ඇත්තටම මෙය සම්ප්රදායික පුස්තකාලයකින් වෙනස් වන්නේ ඇපකරුවෙකු හෝ වෙනත් කිසිම ලියවිල්ලක් නැතුව හුදෙක් විශ්වාසය මත පමණක් පදනම්ව පොත් රැගෙන යා හැකි ලෙස පවත්වාගෙන යාමයි. එමෙන්ම ඕනෑම මොහොතක පොතක් ගෙනයන්නට පුළුවන් වීමත් විශේෂත්වයක්. ද බුක් හබ් නමින් නම් කෙරුණු මේ පුංචි පුස්තකාල දැන් අම්බලන්ගොඩ හා මාතර යන දුම්රිය ස්ථාන වලත් කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයේත් තිබෙනවා. ළඟදීම පානදුර දුම්රිය ස්ථානයේත් බුක් හබ් එකක් ඇරඹෙන්නට නියමිතයි. මෙන්න ඒ ගැන පුංචි වීඩියෝ එකක්.
https://m.facebook.com/story.php?story_fbid=1861863930797901&id=1552789458372018&fs=1