පොත් කියවන අය වෙනුවෙන් - The Book Hub

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    පොත් කියවන අය වෙනුවෙන් - The Book Hub

    පොත් කියවන්නට කැමති අය වෙනුවෙන් නොමිලේ පොත් රැගෙන යා හැකි සහ කියවා නැවත බාර දිය හැකි පුංචි පුස්තකාලයක් පසුගියදා මාතර දුම්රිය ස්ථානයේ ආරම්භ කළා. ඇත්තටම මෙය සම්ප්‍රදායික පුස්තකාලයකින් වෙනස් වන්නේ ඇපකරුවෙකු හෝ වෙනත් කිසිම ලියවිල්ලක් නැතුව හුදෙක් විශ්වාසය මත පමණක් පදනම්ව පොත් රැගෙන යා හැකි ලෙස පවත්වාගෙන යාමයි. එමෙන්ම ඕනෑම මොහොතක පොතක් ගෙනයන්නට පුළුවන් වීමත් විශේෂත්වයක්. ද බුක් හබ් නමින් නම් කෙරුණු මේ පුංචි පුස්තකාල දැන් අම්බලන්ගොඩ හා මාතර යන දුම්රිය ස්ථාන වලත් කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයේත් තිබෙනවා. ළඟදීම පානදුර දුම්රිය ස්ථානයේත් බුක් හබ් එකක් ඇරඹෙන්නට නියමිතයි. මෙන්න ඒ ගැන පුංචි වීඩියෝ එකක්.
    https://m.facebook.com/story.php?story_fbid=1861863930797901&id=1552789458372018&fs=1
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හොඳ වැඩක් හැබැයි ලංකාවෙ මිනිස්සු එක්ක ඕක වැඩි කල් කරන්නෑ පොත් අරං ගිහිං බෝතල් පත්තර වලට විකුණයි කාලකන්නි :angry: :(
     
    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    හොඳ වැඩක් හැබැයි ලංකාවෙ මිනිස්සු එක්ක ඕක වැඩි කල් කරන්නෑ පොත් අරං ගිහිං බෝතල් පත්තර වලට විකුණයි කාලකන්නි :angry: :(

    ඔව්.... අපේ අය ගැන තියන ආකල්පය වෙනස් කරන්නම තමයි මේක පටන් ගත්තෙ. දැන් මාස තුනක් වෙනවා පටන් අරන්. ගෙනියන පොත් ආයෙ එනවා. සියයට දහයක් විතර නැති වෙනවා. සමහර මිනිස්සු පොත් අරං ගිහිං කවරත් දාලා ආපහු ගෙනත් දෙනවා
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy

    ela