පොත් පාඩම් කරන්න හොඳ විදිහක්

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,615
    10,182
    113
    පොත් පාඩම් කරන්න හොඳ විදිහක්

    අපි ගොඩක් දෙනා මේ වෙනකොට වෘත්තීමය පාඨමාලා වලට යොමු වෙලා තියෙනව (ACCA,CIMA,ACA වගේ ) ඉතින් මේවයෙ text books වල සයිස් එක කියන්න ඕනෙ නෑනෙ ! ඉතින් මේවා පාඩම් කරද්දි කම්මැලි වෙන එක අහන්න දෙයක් නෙමෙයි! ඒකට විසඳුමක් විදිහට මේ පහත ක්රම අනුගමනය කලොත් ඔබට පහසුවක් වෙයි කියල හිතනවා.
    1.පිටු පෙරලගෙන යන්න.
    පළමුව කරන්නෙ අපි පාඩමක් තෝරගන්න එක (chapter එකක් ) ඊටපස්සෙ ඒ පාඩමට අදාල පිටු ටික නිකන් පෙරලගෙන යන්න. ඔව් මුකුත් කියවන්න එපා ! ඒකෙ තියෙන රූප , රූප සටහන් , වගු දිහා නිකන් බලාගෙන යන්න .
    2. පාඩම අවසානයේ ඇති ප්රශ්න ටික කියවන්න.
    මේකන් අපිට පුළුවන් වෙනවා මේ පාඩමෙ අපි අවබෝධ කරගත යුතු කරුණු මොනවද කියල අඳුනගන්න. ඒ වගේම අදාල පාඩමෙන් අපි ලගා වෙන්න ඕනෙ නිපුණතා මට්ටම ගැනත් අදහසක් ගන්න පුළුවන් සහ විභාගයට අදාලව එම පාඩමෙන් මොන මොන කොටස් එන්න පුළුවන්ද කියන එක ගැනත් දළ අදහසක් ගන්න පුළුවන්.
    3.තද කළු අකුරින් මුද්රිත මාතෘකා කියවීම.
    මේ මාතෘකා වලින් කරන්නෙ අදාල පාඩමේ ඇති තොරතුරු කොටස් වලට වෙන් කිරීමයි. මේ මාතෘකා කියවීම තුලින් අදාල පාඩම ගලාගෙන යන අකාරය ගැන අවබෝධයක් ලබන්න පුළුවන්.
    4.මුල ඡේදය සහ අග ඡේදය කියවීම.
    අපි පාඩම සම්පූර්ණයෙන්ම කියවීමට කලින් කලයුතු තවත් දෙයක් තමා අපි අර කලින් කියවපු මාතෘකා වල කරුණු ඇතුලත් ඡේද වල මුල ඡේදයත් අග ඡේදයත් කියවීම. සාමාන්යයෙන් මේ පෙලපොත් ඉතා හොඳ ප්රමිතියකින් යුතුව රචනා කර ඇති නිසා මුල ඡේදයෙන් එම මාතෘකාවේ ඇත්තෙ මොනවද කියලත් අග ඡේදයෙන් අදාල මාතෘකාවේ සාරාංශයත් දැන ගත හැකි වෙනවා.
    මේ පියවර ටික පසු කලාම මුළු පාඩම ගැනම සම්පූර්ණ නොවූ map එකක් ඕගොල්ලන්ගෙ හිතේ ඇදෙනවා. දැන් ඕගොල්ලන්ට පුළුවන් පාඩමක් කියවගෙන යන්න. එහෙම කියවනකොට ඔගොල්ලන්ගෙ අර හිතේ තිබුන map එක සම්පූර්ණ වෙනවා. මට විශ්වාසයි මේ විදියට කලොත් එකපාරක් කියෙවුවාම ඇති වෙයි. ඒ වගේම එහෙම කියවද්දි අර දෙවනි පියවරේදි අපි කියවපු ප්රශ්න වලට අදාල පිළිතුරු හම්බෙයි ඒවට වැඩි අවදානයක් දෙන්න. ඒ වගේම ඕගොල්ලන්ට ආවේණික විදිහකට short note එකක් ගහගන්නත් අමතක කරන්න එපා !
    ජය වේවා !
    (මගෙ පළවෙනි දිග පෝස්ට් එක ! දාපු විදිහෙ අවුලක් තියේනම් කියන්න වෙනස් කරන්නම් )

     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    කැම්පස් එකේ Module සැහෙන්න ගොඩ දැම්ම ඔය විදිහටම..වැදගත්ම දේ අමතක වෙලා හැබැයි ..කටපාඩම් විතරක් නොකර තේරුම් අරගෙන පාඩම් කිරීම
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    text to speech software එකක් දාගෙන හරි audio book එකක් හොයාගන්න තියෙනව නං ඒක ප්ලේ වෙන්න දාගෙන පොත අහන ගමං කියෝපං :yes: