පොතේ නැති මාර්ග නීති...
ලංකාවේ යොදා ගන්නා එහෙත් පොතේ නැති මාර්ග නීති කිහිපයක්…
* ලංකාවේ සියලු මහාමාර්ගවල පරම අයිතිය(absolute ownership) ත්‍රීවීල් කාරයින් හා මෝටර්සයිකල් කාරයින් සතුවේ.
* ඔබට මින් කවර හෝ වාහනයක් අයත්නම් මහාමාර්ග ඔබේ ගෙවත්ත ලෙස උපකල්පනය කොට ගමන් කිරීමේ නිදහස ඔබ සතුය.
* ඔබ සතුව වෙනත් වාහනයක් ඇත්නම් මහා මාර්ගයේ ගමන් කරන විට එම වාහනය ආවරණය කරන තරම් ඉඩ ප්‍රමාණයක් (ත්‍රීවීල් කාරයින් හා මෝටර් සයිකල් කාරයින්ගේ අවශ්‍යතාවයන්ට යටත්ව) ඔබට භාවිතා කළ හැක.
* ඉදිරියට ගමන් ගන්නා විට හැම විටම පළමුව මෝටර් සයිකල් කාරයින්ටද දෙවනුව ත්‍රීවීල් කාරයින්ටද ප්‍රමුඛත්වය දෙනු ලැබේ.
* මහාමාර්ගයේ සළකුණු කර ඇති තීරුවල පමණක් ධාවනය කළ යුතුය.
* මෙම තීරු ඉක්මවා යාමට මෙන්ම අවශ්‍යතාවය පරිදි තාවකාළික පදනම මත අලුතින් තීරු සාදා හැනීමේ බලයද ත්‍රීවීල් කාරයින් සතු වේ.
* මහා මාර්ගයේ ගමන් කරන විට ඔබේ වාහනය දෙපස මෝටර් සයිකල් කාරයින්ට රිංගීමට අවශ්‍ය ඉඩ පවත්වා ගත යුතුය. (අඩි බාගයක් වුවද කම් නැත ) යම් හෙයකින් රිංගීමට අපහසුතාවයක් ඇති වුවහොත් ඔබේ පැති කණ්නාඩි ගැන වග කියනු නොළැබේ.
සැලකිය යුතුයි- 1. මෙම නියමයන් නොසළකා හැරීම වෙනුවෙන් උසාවිය දඩුවම් පණවන්නේ නැත. එහෙත් ඔබගේ වාහනයේ හතර කොන රතු, කොළ, නිල් ආදී නේක වර්ණයන්ගෙන් පින්තාරු කර ගැනීමට සිදු වේ. 2. මෙම නියමයන් නොසළකා හැරීමේ බලය (ත්‍රීවීල් කාරයින් හා මෝටර් සයිකල් කාරයින් ගණනාවක් චප්ප කර දැමීමෙන් පසු ) බස් රථ වළට ළබා දීමට ත්‍රීවීල් කාරයින් හා මෝටර් සයිකල් කාරයින්ගේ ඒකාබද්ධ සංගමය අනුමැතිය දී ඇත.
වාහන නවතා තැබීම- ප්‍රතිපත්තියක් වශයෙන් ත්‍රීවීල් කාරයින් මාර්ගයේ පටුම තැන ත්‍රීවීලය නවතා තබනු ලැබේ. එම ස්ථාන මගහැර වාහනය නවතා තැබීම ඔබගේ වගකීමකි.
පදික වේදිකාව - අනෙකුත් රටවල මෙය පදිකයින් සදහා පමණි. ලංකාවේ නීතිය අනුව මෝටර් සයිකල් කාරයින්ගේ අවශ්‍යතාවයන්ට යටත්ව පමණක් එය පදිකයින්ට භාවිතා කළ හැක.
මහා මාර්ගයේ භාවිතා කරන සමහර සංඥාද පොතේ නැත. උදාහරණයක් වශයෙන් ත්‍රීවීල් කාරයා ඉතා කුඩා ඉඩකට ත්‍රීවීලයේ "හොට" ඇතුළ් කොට ඔබගේ මුහුණ බැලීමෙන් හැගවෙන්නේ "මම උඹට කලින් යනවා" යන්නයි. ("පුලුවන් දෙයක් කරපන්" යන්නද හැගවේ).
මට මග හැරුනු වෙනත් නීති ඇත්නම් POST කරන්න.