පොද්දල

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වර්තමානයේ ලංකාවේ මාධ්‍ය නිදහස නැති බවටත්, මාධ්‍ය අපක්ෂපාතී නැති බවටත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියන කතාවලට සිනා සෙන්නේ කොහෙන්දැයි සිතා ගන්නට බැරි බව මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා කියයි.

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමා ගෙන්වා ‘වෙන දේ බලා ගනිව්‘ කියා තර්ජනය කළ බවත්, ඊට ටික දිනකට පසු සුදු වෑන්රියකින් පැහැරගෙන ගොස් අතපය කඩා දැමූ බවත්, තමා පහර ගැනීමට රාජපක්ෂ රෙජීමය වග කිව යුතු බවත් ජයන්ත මහතා පවසයි.

    2009 ජූනි මාසයේ දී සුදු වෑන් රියකින් පැහැරගෙන අත පය කඩා මහ මඟ දමා ගොස් සිටිය දී රෝහල් ගත කැරුණු ජයන්ත මහතා පසුව රට හැර ගියේය. මාධ්‍ය සංවිධාන කිහපයක තනතුරු හෙබවූ ඔහු මාධ්‍ය මර්දනයට එරෙහිව හඬ නැඟූ පුද්ගලයෙකි.

    ජනවාරි අට වැනි දා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජයට පරාජය වීමත් සමඟ ලංකාවට පැමිණ සති කිහිපයක් සිටි පෝද්දල ජයන්ත සඳුදා (27) රාත්‍රී නැවත රටින් පිටව ගියේය.

    ඔහු පිටව යෑමට පෙර ලංකාදීප එසැණ වෙබ් අඩවිය සමග දුරකතනයෙන් සාකච්ඡාවකට එක්විය.

    ප්‍රශ්නය - ඔබ පැහැරගෙන ගොස් පහර දීම ගැන විස්තර කළොත්?

    පිළිතුර - එය දිග කතාවක්. දවසක් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඔහු හමුවෙන්න අපට එන්න කියා පණිවුඩ එවා තිබුණා. සනත් බාලසූරියත් මමත් ඔහු හමුවෙන්න ගියා. ගෝඨාභය කිව්වා ඇයි අපි විරෝධතා පවත්වන්නේ. ඕවා නවත්වන්න කිව්වා. එහෙම නැතිවුණොත් ඔයාලට කරන දේ බලා ගන්න කිව්වා. අපි ඇහුවා අපට මොනවද කරන්නේ? කවුරුන්ලවා ද කරවන්නේ කියලා. ගෝඨාභය කිව්වා ඒක ජනතාවට බලා ගන්න ලැබෙයි කියලා.

    ඊට ටික දවසකට පස්සේ ඇඹුල්දෙනියෙදි සුදු වෑන් රියකින් මා පැහැර ගත්තා. කොණ්ඩේ රැවුල් කපා දමා කට වැහුවා. මගේ අත පය කැඩුවා. කකුල එක් තැනකින් වෙන් වෙන්නම ගැහුවා. ඉතා අමානුෂික විදියට වද දුන්නේ. ඇත්තටම එහෙම වද දීලා මාව දාලා ගියාට වඩා හොඳයි මැරුවා නම්. ඒවගේ වදයක් විඳපු කෙනෙක් තමයි එහි අමාරුව දන්නේ. ඒක විස්තර කරන්න බෑ. මරලා දැම්මා නම් ඒ වේදනාව නෑ. ඒ පහරකෑම්වල වේදනාව තවමත් දැනෙනවා. ඉන් පසු මා රට හැර ගියා.

    ප්‍රශ්නය - ඔබ ලංකාවෙන් පිටවෙලා කොපමණ කාලයකට පස්සේද මෑතක දී ලංකාවට ආවේ?

    පිළිතුර - අවුරුදු පහ හමාරකට පස්සේ ආවේ.

    ප්‍රශ්නය - ඔබ පැහැරගෙන ගිහින් පහර දුන්නේ කවුරුන් කියලද හිතන්නේ?

    පිළිතුර - රාජපක්ෂ රෙජීම් එක තමයි මේකට වග කියන්න ඕනෑ. ගෝඨාභය රාජපක්ෂ අපට එන්න කියලා තර්ජනය කළා. පැහැදිලිවට රජය දැනුම්වත්වයි මේ දේ වෙන්න ඕනෑ. ගෝඨාභය කිව්වනේ වෙන දේ බලා ගනිව් කියලා. මා පැහැර ගත් තැන සිට මා දමා ගිය තැනට යන්නට ඕනෑ අධි ආරක්ෂිත කලාපයක් හරහා. අනිවාර්යයෙන්ම වාහනයක සවස්වරුවෙන් පස්සේ යද්දි වාහනේ ඉන්න අය බස්සවලා පීක්ෂා කරනවා එතැනින් යද්දි. ඉතින් රාජ්‍ය තාන්ත්‍රය නොදැනුවත්ව, ආරක්ෂක අංශ නොදැනුවත්ව මා පැහැරගෙන ගියේ කොහොමද?

    ප්‍රශ්නය - ඔබට එහෙම කරන්න හේතුව මොකක්ද?

    පිළිතුර - අපි වරදක් කරලා නෑ. අපි වරදක් කළා නම් රටේ නීතියක් තියෙනවා. ඒ නීතිය අනුව කටයුතු කරන්න පුළුවන්. රටේ වෙන වැරදි වලට එරෙහිව අපි හඬ නැගුවා. අපි කැලෑ නීතියට එකඟ වුණේ නෑ. අපේ වරදක් නැති නිසා නීතියෙන් මොනවත් කරන්න බැරිවුණා. ඒ නිසා කැලෑ නීතිය අනුව අපට දඬුවම් දුන්නා. මට විතරක් නොවෙයි. තව බොහෝ දෙනකුට පසුගිය වසර නවයේ මේ වගේ දේවල් වුණා. තවම කිසිම පරීක්ෂණයක් නෑ.

    මගේ පැමිණිල්ලවත් හරියට ලියා ගත්තේ නෑ. මගේ සිද්ධිය උසාවියට කරුණු වාර්තා කරලා තිබුණේ මටවත් කියන්නේ නැතුව. ඒ නිසා නීතීඥවරයකුවත් ඉදිරිපත් කර ගන්න බැරි වුණා. පොලිසියෙන් සාක්කි නැහැයි කියපු නිසා නඩුව බහා තබා තිබෙනවා. ලසන්ත ඝාතනය ගැන නම් ආණ්ඩු මාරුවීමත් සමග පරීක්ෂණ ඇරැඹුණා.

    මං කියන්නේ පසුගිය ආණ්ඩුව සමයේ සිදුවූ සියලුම සිදුවීම් ගැන පරීක්ෂණ ඕනෑ. මොකද එහෙම නැතිනම් එය වැරදි පූර්වාදර්ශයක් වෙනවා. තවත් ආණ්ඩුවකිනුත් මේවගේ දේවල් වෙන්න පුළුවන්. මොකද ඔවුනුත් දන්නවා මොනවා කළත් පරීක්ෂණයක් නැති බව.

    ප්‍රශ්නය - හිටපු ජනපති කියනවා දැන් මාධ්‍ය නිදහසක් නැතිලු. රජයේ මාධ්‍ය සහ සමහර මාධ්‍ය පක්ෂපාතීලු. රටේ ජනතාවට තිබුණු නිදහස නැති වෙලාලු?

    පිළිතුර - මේ රටේ ඉන්නේ මේ මාස හය ඇතුළත පහළ වුණු අයටනම්, ජනවාරියට පෙර නොසිටි අයනම් හිටපු ජනපතිගේ කතාව විශ්වාස කරාවි. මේ කියන කතා වලට අපි කොහෙන්ද හිනා වෙන්නේ කියා හිතා ගන්න බැහැ. අවුරුදු නවයක් තිස්සේ මේ සමාජය ගල් ගැසුනු කොන්ක්‍රීඩ් වුණු සමාජයක් බවට පත් වුණා. අසාධාරණයක් වෙනුවෙන් කතා කරන්නට බැරි සමාජයක් බවට පත් කළා. මොන මර්දනය තිබුණත් කිහිප දෙනකු පමණක් කතා කළා. නමුත් අති බහුතරයක් කොන්ක්‍රීඩ් තත්ත්වයට පත් වුණා.

    ජනවාරි අට වැනිදායින් පසු යම් තරමකට ඒ කොන්ත්‍රීඩ් කණු සහ ගල් කණු කඩා දම තත්ත්වයකට පත් වුණත් තවමත් බහුතරයක් ඉන්නේ ඒ ගල් ගැසුණු, කොන්ක්‍රීට් වුණු තත්ත්වයෙන්. ඒ නිසා තවම කට අරින්නේ නෑ. ඒ නිසා තමයි හිටපු ජනපතිට ඔවැනි දේවල් කියන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මේවගේ කතා වලට කොහෙන්ද අපි හිනා වෙන්න ඕනෑ?

    ප්‍රශ්නය - ලංකාවේ වත්මන් සමාජය ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ?

    පිළිතුර - මේ ගෙවුණු අවුරුදු නවයක කාලසීමාවේ මේ රට ගෝත්‍රික සමාජයක් කරා ඇදගෙන ගියා. සුළු ජාතීන්ට ජීවත්වෙන්න බැහැයි කියා සිතන තත්ත්වයකට තල්ලු වුණා. අන්තවාදී පිරිස් බිහි වුණා. ඒවාට රාජ්‍ය අනුග්‍රහය සහ ආරක්ෂාව ලැබුණා. අන්තිමට ඔවුන්ටවත් එය පාලනය කර ගන්න බැරි වුණා. මේ රට ගෝත්‍රික සමාජයක් කියා ලෝකය සිතන එක මකා ගන්න තවම බැරි වුණා.

    පුංචි සංවර්ධනයක් වෙලා තියෙනවා. ඒවා අස්සෙනුත් කොමිස් කතා කියනවා. මම නම් කියන්නේ මේ ඉදි කිරීම් ආදිය නඩත්තු කරන්න ඕනෑ. නැතිනම් නැවත මේවා විනාශ වුණාට පස්සේ අායෙත් සංවර්ධනයට ලොකු මුදලක් යනවා.

    මානව සංවර්ධනය අතින් නම් සමාජය පහළටම ගිහින් තිබෙනවා.

    poddala.jpg

    poddala_1.jpg

    Poddala-Jayantha.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෝඩ කම කියන්නේ මදය නිදහස නැති එකට ද ? එක තේරෙන්නේ නැති එකට කියන්නේ ගොන් කම කියල

    ඔක්කොටම කලින් කියපන්කො මොකක්ද මාධ්‍ය නිදහස කියලා උඹ හිතන විදියෙන්. ඊට පස්සේ කතා කරමු.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    පෝද්දල ජයන්ත කියන්නේ මැරයෙක් නෙවෙයිද බං. නම අහල පුරුදුයි නේ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පෝද්දල ජයන්ත කියන්නේ මැරයෙක් නෙවෙයිද බං. නම අහල පුරුදුයි නේ

    පත්තර කාරයෙක්. රාජපක්ෂ හොරුන්ගේ මැර වැඩ ගැන නිතරම කියවපු නිසා ගෝතා අල්ලගෙන නෙලුවා. පොද්දල විතරක් නෙමේ තව සෙට් එකක් ඉන්නවා.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    පත්තර කාරයෙක්. රාජපක්ෂ හොරුන්ගේ මැර වැඩ ගැන නිතරම කියවපු නිසා ගෝතා අල්ලගෙන නෙලුවා. පොද්දල විතරක් නෙමේ තව සෙට් එකක් ඉන්නවා.

    චන්දෙ කාලේ ඔය වගේ එකෙක් ට කීයක් හරි අත මිට මෙලුවහම ඕන දෙයක් කියාවි
    නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන් ගේ

    නඩු දාන්නේ නැත්තේ ඇයි?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    චන්දෙ කාලේ ඔය වගේ එකෙක් ට කීයක් හරි අත මිට මෙලුවහම ඕන දෙයක් කියාවි
    නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන් ගේ

    නඩු දාන්නේ නැත්තේ ඇයි?

    ඒවා දාන වෙලාවට දායි උඹ උඩ පනින්නේ නැතුව හිටපන්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    චන්දෙ කාලේ ඔය වගේ එකෙක් ට කීයක් හරි අත මිට මෙලුවහම ඕන දෙයක් කියාවි
    නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන් ගේ

    නඩු දාන්නේ නැත්තේ ඇයි?

    ubalath ehemane :lol: athata kiyak hari dunnama ona ballekta kade yanawane ubala :rofl:

    mahinda rajapaksha wagema thamai yako thopilath..thaman karana, karapuwa serama lajjawak nathiwa anith patthata kiyanawa :lol:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මේ වගේ දේවල් කරන එක වැරදි .

    88,89 කලේ මාධ්‍යවේදී න් කියක් මැරුවද .මේ වගේ හිකනල්ලු නෙවයි .අදටත් උන්ට රටම ආදරෙයි .එත් උන් කවදාවත් රට පාවලා දීලා කතා කලද .
    මු තම ජිනීවා වලදී රටට ඇරපු නපුංසකය .
    කලේ මරාපු උන් කවදාවත් රට පාවලා දීලා කතා කලද.
    රට දාල පැනලා ගියාද .
    රටකට ගිහින් එහෙම සාමාන්‍ය මාධ්‍යවේදීයුකුට ඉන්ට පුලුවන්ද .
    ඔවා ඔක්කොම දේශපාලන game .

    uputa ganimaki.
    book eka name hoyala dannam.

    ප්‍රවීණ මාධ්‍යවේදියකු වූ රිචඩ් ද සොයිසා, තේවිස්‌ ගුරුගේ, ප්‍රේමකීර්ති ද අල්විස්‌, සාගරිකා ගෝමස්‌, එච්. කේ. දයානන්ද ඇතුළු අපේ වර්ගයා බොහෝ දෙනකු මළවුන් අතරට යවන්නට ධාර්මිෂ්ඨ එජාප පාලනයත් අද රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් මාධ්‍ය නිදහසත් නැත කියා කෑ මොර දෙන ජවිපෙ සහෝදර සමාගමත් ක්‍රියා කළ හැටි මේ කුහක දේශපාලු උත්තමයනට අමතක වූවාට පත්තරකාරයන් හැටියට අපට නම් බොහොම හොඳට මතකය. මේ උන්නැහෙලාගේ කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙන හැටි බැලුවාම හතර මායිමකින් යන්නට එන්නට බැරිය. මාධ්‍යකරුවන් ඝාතනය කිරීමටත් ඔවුන්ට විවිධාකාර හිංසා පීඩාවන් කිරීමටත් මුල පිරුවේ ද එජාපයේ ධාර්මිෂ්ඨ පාලනයයි. ඊට පසු බලයට පත්වූ හැම ලොක්‌කෙක්‌ම ලොක්‌කියක්‌ම අඩු වැඩි වශයෙන් මාධ්‍ය ආයතනවලටත් මාධ්‍ය කරුවන්ටත් සැලකුවේ බලයෙන් මත්වී ඉතා දුෂ්ටවූත් නරුමවූත් පිළිවෙතකිනි.

    richard.jpg

    Last edited:
    • Like
    Reactions: Miami-Vice

    ඔව්වා කව්රු කරත් වැරදි. UNP එකෙන් JVP එකෙන් එදා ඒ මිනිස්සු මැරුවා. චන්ද්‍රිකාගේ කාලෙත් මාධ්‍ය මර්ධනේ තිබුණා. ඒවා ගැන කතා කරපු මහින්දලාම ඒවත් කරා. දැන් එහෙම නොවේවා කියලා තමයි කියන්න තියෙන්නේ. දැනට මාධ්‍ය සමානයි.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Poddala Jayantha ,Sunanda Desapriya Very nice guys according to Sri lankan1

    Not saying like that. They have their different views and they can tell what they feel to the People and people should know what is right and wrong and it is not the duty of the GOV to break their bones to cover up their dirt. If they have done something wrong let them file chargers against them. Simple.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    චන්දෙ කාලේ ඔය වගේ එකෙක් ට කීයක් හරි අත මිට මෙලුවහම ඕන දෙයක් කියාවි
    නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන් ගේ

    නඩු දාන්නේ නැත්තේ ඇයි?

    මහින්දටම චන්දේ දිගෙන හිටපන්:lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මේ වගේ දේවල් කරන එක වැරදි .

    88,89 කලේ මාධ්‍යවේදී න් කියක් මැරුවද .මේ වගේ හිකනල්ලු නෙවයි .අදටත් උන්ට රටම ආදරෙයි .එත් උන් කවදාවත් රට පාවලා දීලා කතා කලද .
    මු තම ජිනීවා වලදී රටට ඇරපු නපුංසකය .
    කලේ මරාපු උන් කවදාවත් රට පාවලා දීලා කතා කලද.
    රට දාල පැනලා ගියාද .
    රටකට ගිහින් එහෙම සාමාන්‍ය මාධ්‍යවේදීයුකුට ඉන්ට පුලුවන්ද .
    ඔවා ඔක්කොම දේශපාලන game .

    uputa ganimaki.
    book eka name hoyala dannam.

    ප්‍රවීණ මාධ්‍යවේදියකු වූ රිචඩ් ද සොයිසා, තේවිස්‌ ගුරුගේ, ප්‍රේමකීර්ති ද අල්විස්‌, සාගරිකා ගෝමස්‌, එච්. කේ. දයානන්ද ඇතුළු අපේ වර්ගයා බොහෝ දෙනකු මළවුන් අතරට යවන්නට ධාර්මිෂ්ඨ එජාප පාලනයත් අද රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් මාධ්‍ය නිදහසත් නැත කියා කෑ මොර දෙන ජවිපෙ සහෝදර සමාගමත් ක්‍රියා කළ හැටි මේ කුහක දේශපාලු උත්තමයනට අමතක වූවාට පත්තරකාරයන් හැටියට අපට නම් බොහොම හොඳට මතකය. මේ උන්නැහෙලාගේ කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙන හැටි බැලුවාම හතර මායිමකින් යන්නට එන්නට බැරිය. මාධ්‍යකරුවන් ඝාතනය කිරීමටත් ඔවුන්ට විවිධාකාර හිංසා පීඩාවන් කිරීමටත් මුල පිරුවේ ද එජාපයේ ධාර්මිෂ්ඨ පාලනයයි. ඊට පසු බලයට පත්වූ හැම ලොක්‌කෙක්‌ම ලොක්‌කියක්‌ම අඩු වැඩි වශයෙන් මාධ්‍ය ආයතනවලටත් මාධ්‍ය කරුවන්ටත් සැලකුවේ බලයෙන් මත්වී ඉතා දුෂ්ටවූත් නරුමවූත් පිළිවෙතකිනි.

    richard.jpg

    දැං ඉන්න පොඩි එවුං ඕව දන්නෙ නැහැ බං... දන්න ලොකු එවුං 2000/= ගැන හිතල දන්නෙ නැහැ වගේ ඉන්නව... :rofl: