පොදු අපේක්ෂාවේ අන්තර්ගතය
පොදු අපේක්ෂාවේ අන්තර්ගතය
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා යනු හුදෙක් පුද්ගලයෙක් නොවේ. ඔහු වූකලි සංකේතයකි. ඔහු විසින් සංකේතවත් කරන්නේ කුමක්ද යන්න ගැන විවිධ අය විවිධ මත දරන බව පෙනේ. මේ සංකේතය අර්ථකථනය කිරීම සම්බන්ධයෙන් ඉතාම දුප්පත් අර්ථකථක කණ්ඩායම සිටින්නේ ආණ්ඩුවේ කුලී කටකාරයන් අතරය. ලංකාවේ ආණ්ඩුවේ ගුවන් විදුලිය කුලී චණ්ඩියෙකුගේ හූ කීමක් බවට පෙරලූ හඞ්සන් සමරසිංහට අනුව මෛත්‍රීපාල යනු දේශද්‍රෝහී කුමන්ත්රණකාරයෙකි. එය මෛත්‍රීපාල පමණක් නොව ඕනෑම ගැමියෙකු කලින්ම දන්නා අර්ථකථනයකි. ආණ්ඩුවේ ඉන්න අසරණ කුලී වාචාලයෙකු වන විමල් වීරවංසගේ වාග් කෝෂයේ ඉතිරි වී තිබෙන්නේ බටහිර කුමන්ත්‍රණ කථාව පමණි. ඒ නිසා මහින්ද රාජපක්ෂ විපක්ෂයට ගියත් වීරවංසට කියන්නට තිබෙන්නේ ඒ ටික විතරය. ගුණදාස අමරසේකර බල් බල් ගගා කියන්නේද ඒ ටිකමය. ඔහුට අනුව බටහිර කුමන්ත්‍රණකාරයෝ නියම සිංහල ජාතිකත්වය විනාශ කිරීමට සෝභිත හිමි සහ රතන හිමි ඇතුලූ භික්ෂූන් යොදාගනිති. ඔහුට අනුව මේ සෝභිත සහ රතන යන හිමිවරුන් සංකේතමය වශයෙන් සමාන වන්නේ බණ්ඩාරනායක ඝාතනය කළ සෝමාරාම වැනි චීවරධාරීන්ටය. මේ විකාර තර්කවලට දැන් කිසිම වලංගුභාවයක් නැත.
මහින්ද රාජපක්ෂ රෙජීමයේ දෘෂ්ටිවාදී ආරක්ෂකයන් වන ජාතිකවාදී චින්තකයන්ට යුද්ධයේ ජයග්රහණයෙන් පසුව කිසිම අලූත් අදහසක් නිර්මාණය කරගන්නට නොහැකිවී තිබෙන බව මෛත්‍රිපාල සිරිසේන වෙත ඔවුන් දක්වන ප්‍රතිචාරවලින් පෙනේ. යුද ජයග්‍රහණයේ උන්මාදය විසින් ඔවුන් බුද්ධිමය නිද්‍රාවකට ඇද වැටී ඇති බව පෙනේ. එය බුද්ධිමය නිද්‍රාවක් පමණක් නොව ආචාරධාර්මික නිද්රාවක්ද වේ. මේ නිසා ඔවුන්ට මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරිපත් කරන්නට ඇත්තේ අතිශයෝක්තියට නංවන ලද ඔහුගේම රූපය පමණි. රාජපක්ෂ රෙජීමයේ මැතිවරණ ව්‍යාපාරයේ එකම සටන් පාඨය මහින්ද රාජපක්ෂගේ රූපයයි. ඔහුගේ දැවැන්ත කටවුට් සෑම ලයිට් කණුවකම එල්ලා ඇත. ලොක්කා කියන දේ අසා සිට දෙන දෙයක් කෑම නමැති රාජකාරිය පිණිස අරලිය දන්සැලට ගෙන්වන රජයේ සේවකයන් ඉදිරිය තනියම කතා කරන මහින්ද රාජපක්ෂගේ කතාවල අන්තර්ගතයද තමාමය. ඔහු රට නමැති මාතෘකාව ගැන කිව්වත් කියන්නේ තමාගැනමය. මේ ජනාධිපතිවරයාගේ ජනාධිපති සටනෙහි අන්තර්ගතය ඔහුම බව සබුද්ධික ඕනෑම කෙනෙකුට පෙනේ. ඔහු තුන්වෙනි වර තරග කරන්නට තීරණය කරන විට ඔහුගේ ඒ සටනේ අන්තර්ගතය ඔහුම බවට පත් වන බව කාටත් පැහැදිලි විය.
අන්තර්ගතය තමාම වූ මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙය වන රාජපක්ෂ සමග සටන් කරන මෛතී‍්‍රපාල නම් පොදු අපේක්ෂකයාගේ ඡුන්ද ව්‍යාපාරයේ අන්තර්ගතය මෛත්‍රිපාල නොවේ. සැබවින්ම ඔහුගේ සටන වන්නේ විධායක ජනාධිපතිධුරය විසින් ඒ තනතුර දරණ තැනැත්තා සමස්ත රාජ්‍යයද රටට බවද අධිනිශ්චය වන එක වැලැක්වීමය. ඔහුගේ සටනට අන්තර්ගතයක් තිබේ. එක තනි මිනිසෙක් අත අතිවිශාල බලයක් එකතුවීම වැලැක්වීම ඉන් එකකි. අධිකරණය, පොලීසිය සහ රාජ්‍ය සේවය යනාදියට සාපේක්ෂ වශයෙන් ස්වාධීනත්වයක් වත ලබා දෙන 17 වැනි සංශෝධනය බලගැන්වීම එකකි. එවිට ඒ ආයතන දේශපාලන බලවතුන්ගේ අතපෙවීම්වලින් ඒ ආයතන යම් තරමකින්වත් නිදහස් කර ගත හැකිය. මැතිවරණ යනු අතිවිශාල ධනවතුන්ට සහ චණ්ඩින්ට පමණක් නියැලිය හැකි කාර්යක් බවට පත් කරන මනාප ක්‍රමය සංශෝධනය කිරීම එකකි. මෙමගින් සල්ලි පමණක් ඇති කුඩු කාරයන්, එතනෝල් කාරයන්, අරක්කු බාර්කාරයන් වෙනුවට වැදගත්, උගත් අයට පාර්ලිමේන්තුවට එන්නට ඉඩ ලැබෙතියි අපේක්ෂා කළ හැකිය. සාමාන්‍යයෙන් චණ්ඩිපාට් නොදමන ස්ත්‍රීන්( වාචාල පවිත්‍රා වැනි ස්ත්‍රීන් නොවේ) උගතුන් ආදීන්ට ඒ නිසා දේශපාලනය යනු අප්‍රිය අඩවියක් නොවන්නට මෙය හේතුවක් වන්නට පුළුවන.
මේ ආදී ව්‍යූහමය ප්‍රතිසංස්කරණවලට අමතරව ලංකා සමාජයේ සිදු වී ඇති අතිවිශාල ආචාරධාර්මික පරිහාණිය වැලැක්වීමද පොදු අපේක්ෂක ව්‍යාපාරයේ අන්තර්ගතයට ඇතුළත්ය. නීතිය ඉදිරියේ සෑම දෙනාටම සමානත්වය ලැබෙන සමාජයක් නිර්මාණය කිරීමද ඒ අන්තර්ගතයේ කොටසකි.
මේ අන්තර්ගතය යනු බටහිර කුමන්ත්‍රණයක් නම් මෙච්චර කාලයක් බටහිර කුමන්තණ යනුවෙන් හඳුන්වා කුණු කූඩයට දමා ඇත්තේ සෑහෙන තරම් යහපත් අන්තර්ගතයක් බව දැන් දැන් බොහෝ දෙනෙක් වටහා ගනිමින් සිටිති. ගරු මාදුළුවාවේ සෝභිත හිමි යනු මේ අන්තර්ගතයේ හරය මුලින්ම වටහා ගත් භික්ෂු කෙනෙකි. උන්වහන්සේ ඒ තේමා ගැන නිතර නිතර කතා කළහ. ඉන් පසු අතුරලියේ රතන හිමියෝද ඒ අන්තර්ගතය සමග අනන්‍ය වූහ. ඒ ආචාරධාර්මික භික්ෂූන් පොදු අපේක්ෂක ව්‍යාපාරයේ ඇති හරය සමග අනන්‍ය වූයේ ඒවා නියම බෞද්ධයන්ද තෝරාගත යුතු අන්තර්ගතයක් නිසාය.
මෛත්‍රීපාල සිරිසේන නම් පොදු අපේක්ෂක සංකේතය නිසා දේශපාලනය කෙරෙහි උනන්දු වන බෞද්ධයන්ට තෝරාගැනීම් දෙකක් ලැබිණ. ඒ බෞද්ධ ජාතිකවාදී කඳවුර යැයි හැඳින්විය හැකි පිරිස දෙකට බෙදීමයි. ජාතිකවාදී වීම යනුවෙන් බෞද්ධයන් සලකාගෙන සිටියේ තමන්ගේ ජනවාර්ගික අනන්‍යතාව පිළිබඳ කරදරවීමයි. සිංහලයාගේ එකම මව්බිම ශ්‍රී ලංකාව නිසා එය ආරක්ෂා කර ගැනීම යටකී කරදරවීමේ අරමුණ විය. 2009 දී සිංහලයාගේ මව්බිම යැයි සැලකෙන ඒකකයට තිබූ ප්‍රධානම තර්ජනය ඉවත් විය. වැඩි නිර්මාණශීලීත්වයක් නැති බෞද්ධ ජාතිකවාදියෝ 2009න් පසුවත් යෙදුණේ ඒ අනන්‍යතාව කේන්ද්‍ර කරගත් දේශපාලනයේමය. මහින්ද රාජපක්ෂ යනු ඒ දේශපාලනයේ ප්රමුඛයාය.
අනන්‍යතාව හැර ලංකාවේ අනාගතය කෙරෙහි වැදගත් වන තවත් දේවල් නැද්දැයි කල්පනා කරන්නට පටන්ගත් බෞද්ධයන් ගණන එන්නම වැඩිවීම මෛත්‍රිපාල නමැති සංකේතය බිහිවීමේ තීරණාත්මක කාරණයකි. මේ පිරිස මෙවන් පරිකල්පනයක නැඹුරුවීම බලූ බැණුම් අහ අහ ජාතිකවාදය පිළිබඳ නිරන්තර විචාරයක් පවත්වාගෙන ගිය අයගේ ජයග්‍රහණයකි. මෛත්‍රිපාල සිරිසේන චන්ඩිපාට් සහ වහසි බස්වලින් තොරව කටහ`ඩ සපයන්නේ සබුද්ධික බෞද්ධයන් විසින්් කෙරුණු ඒ තෝරාගැනීමටයි.
මේ තෝරාගැනීමට අනියමින් උදව් කළ කෙනෙක්ද සිටියි. ඒ නම් ඥානසාර නම් භික්ෂුවයි. ඒ හිමි කළේ සිංහල බෞද්ධ ජාතිකවාදය නූගත් අශීලාරයන් අතට පත් වූ විට සිදු වන්නේ කුමක්ද යන්න ර`ගපා පෙන්වීමයි. ඒ තේමාව දුශ්‍යමය වශයෙන්ද ශ්රව්යමය වශයෙන්ද සිංහලයාටම ලජ්ජා හිතෙන ආකාරයෙන් පෙන්නාදීම අතින් ඥානසාර හිමි යනු නියම නළුවෙකි. ඒ නිසා රතන හිමි වැනි උගත් භික්ෂූන්ට ආචාරධර්මද ශිෂ්ටාචාරයද තෝරාගන්නට සිදු විය.
ලංකාවේ සමාජ පරිවර්තනය පිණිස අචාරධාර්මික වූද විචාරශීලිද බෞද්ධයාගේ මැදිහත්වීම තීරණාත්මක බව දත් කිහිප දෙනෙක් පසුගිය දශකයක දෙකක පමණ කාලය තුළ තැත් කළේ සිංහල බෞද්ධයා අනන්‍යතා දේශපාලනයේ පීඩනයෙන් ගලවා ආචාරධාර්මික දේශපාලනයේ යෙදවීමටයි. එහිදී වාමාංශික නැඹුරුවක් ඇති බුද්ධිමතුන් කළේ තීරණාත්මක කාර්යකි. දැනටත් පොදු අපේක්ෂක ව්‍යාපාරය හා සම්බන්ධ වාමාංශිකයන් වෙත පැවරෙන වගකීම වන්නේ ඒ ව්‍යාපාරයේ ආචාරධාර්මික මුවහත මොට්ට නොවී පවත්වා ගැනීමයි. ඉතිහාසය විසින් විවර කරන ලද මේ ඉඩ භාවිත කිරීමේ හැකියාව ඇති විශාල පිරිසක් එම ව්‍යාපාරය වටා ගොනු වී සිටිති. සිංහල බෞද්ධයන්ට පමණක් නොව තවත් ජාතීන්ට මව්බිම වන අපේ රට හොරුන්ගේ තක්කඩියන්ගේ ජාවාරම්කාරයන්ගේ රජදහනක් වී ඇති බව දැන් දැන් බෞද්ධ නායකයන්ම කියන්නේ ඒ නිසාය.
(දෙසැම්බර් 14 ඉදිරිය පුවත්පතෙනි)

Last edited:
උස්සන් යන්න සටන් පටයක්වත් නැති වෙනවා තම්න්ගෙ පැවත්මට කෙල වෙනාව එ හෙතුව නිසා නෙද ඔය ඔකට පොලබවා ගනන් බැරි මරා බලයට කැදරයි ඔය බලයට එන කොයිකත් කැදරයි මම කියන්නෙ නැහැ මාර හොදමයි කියලා 