පොදු අපේක්ෂාවේ අන්තර්ගතය

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පොදු අපේක්ෂාවේ අන්තර්ගතය

    පොදු අපේක්ෂාවේ අන්තර්ගතය

    පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා යනු හුදෙක් පුද්ගලයෙක් නොවේ. ඔහු වූකලි සංකේතයකි. ඔහු විසින් සංකේතවත් කරන්නේ කුමක්ද යන්න ගැන විවිධ අය විවිධ මත දරන බව පෙනේ. මේ සංකේතය අර්ථකථනය කිරීම සම්බන්ධයෙන් ඉතාම දුප්පත් අර්ථකථක කණ්ඩායම සිටින්නේ ආණ්ඩුවේ කුලී කටකාරයන් අතරය. ලංකාවේ ආණ්ඩුවේ ගුවන් විදුලිය කුලී චණ්ඩියෙකුගේ හූ කීමක් බවට පෙරලූ හඞ්සන් සමරසිංහට අනුව මෛත‍්‍රීපාල යනු දේශද්‍රෝහී කුමන්ත‍්‍රණකාරයෙකි. එය මෛත‍්‍රීපාල පමණක් නොව ඕනෑම ගැමියෙකු කලින්ම දන්නා අර්ථකථනයකි. ආණ්ඩුවේ ඉන්න අසරණ කුලී වාචාලයෙකු වන විමල් වීරවංසගේ වාග් කෝෂයේ ඉතිරි වී තිබෙන්නේ බටහිර කුමන්ත‍්‍රණ කථාව පමණි. ඒ නිසා මහින්ද රාජපක්ෂ විපක්ෂයට ගියත් වීරවංසට කියන්නට තිබෙන්නේ ඒ ටික විතරය. ගුණදාස අමරසේකර බල් බල් ගගා කියන්නේද ඒ ටිකමය. ඔහුට අනුව බටහිර කුමන්ත‍්‍රණකාරයෝ නියම සිංහල ජාතිකත්වය විනාශ කිරීමට සෝභිත හිමි සහ රතන හිමි ඇතුලූ භික්ෂූන් යොදාගනිති. ඔහුට අනුව මේ සෝභිත සහ රතන යන හිමිවරුන් සංකේතමය වශයෙන් සමාන වන්නේ බණ්ඩාරනායක ඝාතනය කළ සෝමාරාම වැනි චීවරධාරීන්ටය. මේ විකාර තර්කවලට දැන් කිසිම වලංගුභාවයක් නැත.

    මහින්ද රාජපක්ෂ රෙජීමයේ දෘෂ්ටිවාදී ආරක්ෂකයන් වන ජාතිකවාදී චින්තකයන්ට යුද්ධයේ ජයග‍්‍රහණයෙන් පසුව කිසිම අලූත් අදහසක් නිර්මාණය කරගන්නට නොහැකිවී තිබෙන බව මෛත‍්‍රිපාල සිරිසේන වෙත ඔවුන් දක්වන ප‍්‍රතිචාරවලින් පෙනේ. යුද ජයග‍්‍රහණයේ උන්මාදය විසින් ඔවුන් බුද්ධිමය නිද්‍රාවකට ඇද වැටී ඇති බව පෙනේ. එය බුද්ධිමය නිද්‍රාවක් පමණක් නොව ආචාරධාර්මික නිද්‍රාවක්ද වේ. මේ නිසා ඔවුන්ට මහින්ද රාජපක්ෂගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ඉදිරිපත් කරන්නට ඇත්තේ අතිශයෝක්තියට නංවන ලද ඔහුගේම රූපය පමණි. රාජපක්ෂ රෙජීමයේ මැතිවරණ ව්‍යාපාරයේ එකම සටන් පාඨය මහින්ද රාජපක්ෂගේ රූපයයි. ඔහුගේ දැවැන්ත කටවුට් සෑම ලයිට් කණුවකම එල්ලා ඇත. ලොක්කා කියන දේ අසා සිට දෙන දෙයක් කෑම නමැති රාජකාරිය පිණිස අරලිය දන්සැලට ගෙන්වන රජයේ සේවකයන් ඉදිරිය තනියම කතා කරන මහින්ද රාජපක්ෂගේ කතාවල අන්තර්ගතයද තමාමය. ඔහු රට නමැති මාතෘකාව ගැන කිව්වත් කියන්නේ තමාගැනමය. මේ ජනාධිපතිවරයාගේ ජනාධිපති සටනෙහි අන්තර්ගතය ඔහුම බව සබුද්ධික ඕනෑම කෙනෙකුට පෙනේ. ඔහු තුන්වෙනි වර තරග කරන්නට තීරණය කරන විට ඔහුගේ ඒ සටනේ අන්තර්ගතය ඔහුම බවට පත් වන බව කාටත් පැහැදිලි විය.

    අන්තර්ගතය තමාම වූ මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙය වන රාජපක්ෂ සමග සටන් කරන මෛතී‍්‍රපාල නම් පොදු අපේක්ෂකයාගේ ඡුන්ද ව්‍යාපාරයේ අන්තර්ගතය මෛත‍්‍රිපාල නොවේ. සැබවින්ම ඔහුගේ සටන වන්නේ විධායක ජනාධිපතිධුරය විසින් ඒ තනතුර දරණ තැනැත්තා සමස්ත රාජ්‍යයද රටට බවද අධිනිශ්චය වන එක වැලැක්වීමය. ඔහුගේ සටනට අන්තර්ගතයක් තිබේ. එක තනි මිනිසෙක් අත අතිවිශාල බලයක් එකතුවීම වැලැක්වීම ඉන් එකකි. අධිකරණය, පොලීසිය සහ රාජ්‍ය සේවය යනාදියට සාපේක්ෂ වශයෙන් ස්වාධීනත්වයක් වත ලබා දෙන 17 වැනි සංශෝධනය බලගැන්වීම එකකි. එවිට ඒ ආයතන දේශපාලන බලවතුන්ගේ අතපෙවීම්වලින් ඒ ආයතන යම් තරමකින්වත් නිදහස් කර ගත හැකිය. මැතිවරණ යනු අතිවිශාල ධනවතුන්ට සහ චණ්ඩින්ට පමණක් නියැලිය හැකි කාර්යක් බවට පත් කරන මනාප ක‍්‍රමය සංශෝධනය කිරීම එකකි. මෙමගින් සල්ලි පමණක් ඇති කුඩු කාරයන්, එතනෝල් කාරයන්, අරක්කු බාර්කාරයන් වෙනුවට වැදගත්, උගත් අයට පාර්ලිමේන්තුවට එන්නට ඉඩ ලැබෙතියි අපේක්ෂා කළ හැකිය. සාමාන්‍යයෙන් චණ්ඩිපාට් නොදමන ස්ත‍්‍රීන්( වාචාල පවිත‍්‍රා වැනි ස්ත‍්‍රීන් නොවේ) උගතුන් ආදීන්ට ඒ නිසා දේශපාලනය යනු අප‍්‍රිය අඩවියක් නොවන්නට මෙය හේතුවක් වන්නට පුළුවන.
    මේ ආදී ව්‍යූහමය ප‍්‍රතිසංස්කරණවලට අමතරව ලංකා සමාජයේ සිදු වී ඇති අතිවිශාල ආචාරධාර්මික පරිහාණිය වැලැක්වීමද පොදු අපේක්ෂක ව්‍යාපාරයේ අන්තර්ගතයට ඇතුළත්ය. නීතිය ඉදිරියේ සෑම දෙනාටම සමානත්වය ලැබෙන සමාජයක් නිර්මාණය කිරීමද ඒ අන්තර්ගතයේ කොටසකි.

    මේ අන්තර්ගතය යනු බටහිර කුමන්ත‍්‍රණයක් නම් මෙච්චර කාලයක් බටහිර කුමන්තණ යනුවෙන් හඳුන්වා කුණු කූඩයට දමා ඇත්තේ සෑහෙන තරම් යහපත් අන්තර්ගතයක් බව දැන් දැන් බොහෝ දෙනෙක් වටහා ගනිමින් සිටිති. ගරු මාදුළුවාවේ සෝභිත හිමි යනු මේ අන්තර්ගතයේ හරය මුලින්ම වටහා ගත් භික්ෂු කෙනෙකි. උන්වහන්සේ ඒ තේමා ගැන නිතර නිතර කතා කළහ. ඉන් පසු අතුරලියේ රතන හිමියෝද ඒ අන්තර්ගතය සමග අනන්‍ය වූහ. ඒ ආචාරධාර්මික භික්ෂූන් පොදු අපේක්ෂක ව්‍යාපාරයේ ඇති හරය සමග අනන්‍ය වූයේ ඒවා නියම බෞද්ධයන්ද තෝරාගත යුතු අන්තර්ගතයක් නිසාය.

    මෛත‍්‍රීපාල සිරිසේන නම් පොදු අපේක්ෂක සංකේතය නිසා දේශපාලනය කෙරෙහි උනන්දු වන බෞද්ධයන්ට තෝරාගැනීම් දෙකක් ලැබිණ. ඒ බෞද්ධ ජාතිකවාදී කඳවුර යැයි හැඳින්විය හැකි පිරිස දෙකට බෙදීමයි. ජාතිකවාදී වීම යනුවෙන් බෞද්ධයන් සලකාගෙන සිටියේ තමන්ගේ ජනවාර්ගික අනන්‍යතාව පිළිබඳ කරදරවීමයි. සිංහලයාගේ එකම මව්බිම ශ‍්‍රී ලංකාව නිසා එය ආරක්ෂා කර ගැනීම යටකී කරදරවීමේ අරමුණ විය. 2009 දී සිංහලයාගේ මව්බිම යැයි සැලකෙන ඒකකයට තිබූ ප‍්‍රධානම තර්ජනය ඉවත් විය. වැඩි නිර්මාණශීලීත්වයක් නැති බෞද්ධ ජාතිකවාදියෝ 2009න් පසුවත් යෙදුණේ ඒ අනන්‍යතාව කේන්ද්‍ර කරගත් දේශපාලනයේමය. මහින්ද රාජපක්ෂ යනු ඒ දේශපාලනයේ ප‍්‍රමුඛයාය.

    අනන්‍යතාව හැර ලංකාවේ අනාගතය කෙරෙහි වැදගත් වන තවත් දේවල් නැද්දැයි කල්පනා කරන්නට පටන්ගත් බෞද්ධයන් ගණන එන්නම වැඩිවීම මෛත‍්‍රිපාල නමැති සංකේතය බිහිවීමේ තීරණාත්මක කාරණයකි. මේ පිරිස මෙවන් පරිකල්පනයක නැඹුරුවීම බලූ බැණුම් අහ අහ ජාතිකවාදය පිළිබඳ නිරන්තර විචාරයක් පවත්වාගෙන ගිය අයගේ ජයග‍්‍රහණයකි. මෛත‍්‍රිපාල සිරිසේන චන්ඩිපාට් සහ වහසි බස්වලින් තොරව කටහ`ඩ සපයන්නේ සබුද්ධික බෞද්ධයන් විසින්් කෙරුණු ඒ තෝරාගැනීමටයි.
    මේ තෝරාගැනීමට අනියමින් උදව් කළ කෙනෙක්ද සිටියි. ඒ නම් ඥානසාර නම් භික්ෂුවයි. ඒ හිමි කළේ සිංහල බෞද්ධ ජාතිකවාදය නූගත් අශීලාරයන් අතට පත් වූ විට සිදු වන්නේ කුමක්ද යන්න ර`ගපා පෙන්වීමයි. ඒ තේමාව දුශ්‍යමය වශයෙන්ද ශ‍්‍රව්‍යමය වශයෙන්ද සිංහලයාටම ලජ්ජා හිතෙන ආකාරයෙන් පෙන්නාදීම අතින් ඥානසාර හිමි යනු නියම නළුවෙකි. ඒ නිසා රතන හිමි වැනි උගත් භික්ෂූන්ට ආචාරධර්මද ශිෂ්ටාචාරයද තෝරාගන්නට සිදු විය.

    ලංකාවේ සමාජ පරිවර්තනය පිණිස අචාරධාර්මික වූද විචාරශීලිද බෞද්ධයාගේ මැදිහත්වීම තීරණාත්මක බව දත් කිහිප දෙනෙක් පසුගිය දශකයක දෙකක පමණ කාලය තුළ තැත් කළේ සිංහල බෞද්ධයා අනන්‍යතා දේශපාලනයේ පීඩනයෙන් ගලවා ආචාරධාර්මික දේශපාලනයේ යෙදවීමටයි. එහිදී වාමාංශික නැඹුරුවක් ඇති බුද්ධිමතුන් කළේ තීරණාත්මක කාර්යකි. දැනටත් පොදු අපේක්ෂක ව්‍යාපාරය හා සම්බන්ධ වාමාංශිකයන් වෙත පැවරෙන වගකීම වන්නේ ඒ ව්‍යාපාරයේ ආචාරධාර්මික මුවහත මොට්ට නොවී පවත්වා ගැනීමයි. ඉතිහාසය විසින් විවර කරන ලද මේ ඉඩ භාවිත කිරීමේ හැකියාව ඇති විශාල පිරිසක් එම ව්‍යාපාරය වටා ගොනු වී සිටිති. සිංහල බෞද්ධයන්ට පමණක් නොව තවත් ජාතීන්ට මව්බිම වන අපේ රට හොරුන්ගේ තක්කඩියන්ගේ ජාවාරම්කාරයන්ගේ රජදහනක් වී ඇති බව දැන් දැන් බෞද්ධ නායකයන්ම කියන්නේ ඒ නිසාය.

    (දෙසැම්බර් 14 ඉදිරිය පුවත්පතෙනි)
     
    Last edited:
    • Like
    Reactions: deshanshashi

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    10848036_389467604541026_1157822526405971793_n.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඉතින් බන් ඔවානම් වෙන්නෙ පොදු අපෙක්ශාවෙන් ජෙවිපි එකට පුලුවන්නෙ රට පුරා සංවිදානය කරාල ජනතාවට යහපත් සමජ්යක් යහපාලනයක් හදන්න උදවු වෙන්න සිරා ආවොත් ඔහොම වෙනවානම් ඇයි ජෙවිපි එක මරාට දෙන්න එපා සිරාට දෙන්න කියලා නොකියන්නෙ ඔන්න අපි දන්නෙ නැහැ විශ්වස නැහැ කියාල කියන්නෙ?

    උබ ජෙවිපි සමාජිකයෙක් වශයෙන් පක්ශය විස්වාස නොකරන කෙනෙක් වෙනුවෙන් යහපාලනය හදන්න කියලා මැරිගෙන දගලනාව එතකොට ජෙවිපි ඉන්න තැන ගැන උබට ප්‍රශ්නයක් නැද්ද? ඇයි උබාලෙ නායකයො විශ්වස නොකරන මිනිහෙක්ව උබ විශ්වාස කරන්නෙ රනිල් මහතයයි චන්දික නොනායි ගෙනැව නිසාද?
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    avatar312790_52.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    නැත්නම් චන්දය වෙලවෙ පැත්ත මාරු කරපු රතන හමුදුරුවොයි චම්පික මහතයයි නිසාද?
    එ අයත් මරාගෙ පාලනය යටතෙ අවුරුදු 10ක් සැප විදලා තම්යි මෙ තැටිය රත් උන වෙලාවෙ එලියට බැස්සෙ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතින් බන් ඔවානම් වෙන්නෙ පොදු අපෙක්ශාවෙන් ජෙවිපි එකට පුලුවන්නෙ රට පුරා සංවිදානය කරාල ජනතාවට යහපත් සමජ්යක් යහපාලනයක් හදන්න උදවු වෙන්න සිරා ආවොත් ඔහොම වෙනවානම් ඇයි ජෙවිපි එක මරාට දෙන්න එපා සිරාට දෙන්න කියලා නොකියන්නෙ ඔන්න අපි දන්නෙ නැහැ විශ්වස නැහැ කියාල කියන්නෙ?

    උබ ජෙවිපි සමාජිකයෙක් වශයෙන් පක්ශය විස්වාස නොකරන කෙනෙක් වෙනුවෙන් යහපාලනය හදන්න කියලා මැරිගෙන දගලනාව එතකොට ජෙවිපි ඉන්න තැන ගැන උබට ප්‍රශ්නයක් නැද්ද? ඇයි උබාලෙ නායකයො විශ්වස නොකරන මිනිහෙක්ව උබ විශ්වාස කරන්නෙ රනිල් මහතයයි චන්දික නොනායි ගෙනැව නිසාද?

    මුලින්ම කියන්න ඕනි මම jvp සමාජිකයෙක් නොවනබව. එත් jvp හරි කියන මතයේ මම ඉන්නව. සම්හරවෙල්වට මගේ පුද්ගලික මතය වෙනස්වනවා. එක ජ්ව්ප් මතය වෙන්නේ නැහැ. අනික මම කොහෙවත් කියලා නැහැ සිරාට දෙන්න කියලා.

    මම මේ පත්තරේක තිබුන ලිපියක් උස්සලා දැම්මේ. අනික උබ මේක ඔක්කොම කියෙවුව්ද? මේකේ තියෙනේ පොදු අපේක්ෂාව කියන්නේ කුමක්දද කියන පැහ්දිලි කිරීම. වදගත් වෙන්නේ මම jvp වෙලා ජ්ව්ප් මතයට පිටින් යනවද , කියන එක නෙමයි විදයකය අහෝසි කිරම හා ස්වදින කොමිසන් සබා ස්ථපනය කිරීම. එකාට මහින්ද දිනවලා හරියන්නේ නැහැ. මහින්ද ඉන්න කම් මේවා ඉටු කරන්නේ නැහැ. එතනදී පොදු අපේක්ෂකයා ව අපිට පොල්බව ගන්න පුළුවන් කියන විශ්වශ්‍ය තියනවා. හැබැයි එක නොවෙන්නත් පුළුවන්. එත් උත්සහ කරලා බලන එක වටිනවා.

    තේරුනා කියලා හිතනවා
     
    hari ඉතින් ඔය ජෙවිපි එකයි හෙල උරුමයයි තම්යි මහින්දව යුද්දෙට පෙලබුවෙත් ලොකෙම විරුද්දයි අපි යුද්ද කරපු එකට මරාව එකට පොලබවා ගන්න පුලුවන් උනානම් ඇයි විඩායකය
    කොමිශන් සභා අයින් කරන්න පොලබාව ගන්න බැරි

    බැරි ඇයි දන්නාවද එ අයට :yes: උස්සන් යන්න සටන් පටයක්වත් නැති වෙනවා තම්න්ගෙ පැවත්මට කෙල වෙනාව එ හෙතුව නිසා නෙද ඔය ඔකට පොලබවා ගනන් බැරි මරා බලයට කැදරයි ඔය බලයට එන කොයිකත් කැදරයි මම කියන්නෙ නැහැ මාර හොදමයි කියලා
    මරා ඔවා වෙනස් කරෙ නැහැ කියාල අවුරුදු 12ක් බලයෙ ඉදලා ගිය චන්දිකා නොනා ඔක හදන්නද මෙ හදන්නෙ පඹයෙකුත් ස්‍රි ලංකා එකෙන් ගෙනැල්ලා විපක්ශය කලා කබාසිනියා කරලා ඉවර වෙලා චන්ද 30ක් විතර නායකත්වය දිලා පරාද වෙලා පක්ශය වෙන නායකයෙකුට කරන්න නොදි එකාදිපති වගෙ ඉන්න රනිල්ද අපිට එකාද්පති ගැන පහදලා දෙන්නෙ එයාගෙ ත් පබයෙක්ද යහා පාලනය හදන්නෙ? විශ්වසයක් තියන්න පුලුවන් පක්ශය ජෙවිපි එකද සිරාව හැඩල් කරන්නෙ නැත්නම් රනිල් චන්දිකා හවුලද?
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මහින්ද මාර හොදයි හොදේ!:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    සිරිසේන මාර නරකයි හොදේ!:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මහින්ද අගමැති, ජනාධිපති වෙන්න කලින් ධීවර ඇමති හොදේ ! :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    සිරිසේන පොදු අපේක්ෂකයා වෙන්න කලින් පක්ෂයේ ලේබම්, සෞඛ්‍ය ඇමති හොදේ ! :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඔය එකෙක් වත් අපිට වැඩක් නැහැ හොදේ ! :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    අපි එකෙක්ටවත් කඩේ යන්නේ නෑ හොදේ ! :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    හැබැයි අපිට ඕනේ හොද රටක් හොදේ ! :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඒකට ඉන්න එකා හොද නැත්නම් අපි වෙන මොකෙක් හරි පත් කරගන්නවා හොදේ ! :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඒකට එක එකාට කඩේ යන එවුන්ට රිදෙනවානම් හොදේ ! :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඒකට අපිට කරන්න දෙයක් නැහැ හොදේ ! :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මොකා ආවත් ඉන්න එකා හැමදාම තියාගන්න බැහැ හොදේ ! :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මොකද අපි පුරවැසියෝ මිසක් යටත්වැසියෝ නෙමෙයි හොදේ ! :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: Dath

    man heta denam uththrayak nidiamathy dan
     
    සිරා හොදයි හොද මනුස්සයා හැබැයි උබාල දැක්කෙ නැහැ චන්දිකාගෙ පඹයා වෙනාව?:P
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    සිරිසේන පබයෙක් වෙන්න ඇති නොවෙන්නත් ඇති ...

    ඔය කෑ ගහන කවුරු කවුරුත්

    කවුරුහරි ලොක්කෙක් ගාව පබයෙක් වගේ වෙනවා !

    ජොබ් එකකට හරි නේද ?

    තමන්ගේ දෙයක් කරන්නේ මේ ලෝකේ කීදෙනාද ?

    ---------------------------------------------------------------------

    මහින්දව පක්ෂ සම්මේලනයේදී යෝජනා කලේ ජනාධිපති අපේක්ෂකයාට..
    අනුර බණ්ඩාරනායක

    යෝජනාව අනුමත කලේ....
    මංගල සමරවීර

    හැම මාධ්‍ය සාකච්ඡාවකම මංගල සමරවීර ශ්‍රී පති සූරියආරච්චි‍ !

    එදා UNP කාරයොත් කිව්වේ මංගලගේ පබයෙක් කියලා මහින්ද !

    මහින්ද පබයෙක් වෙන්න ඇති නොවෙන්නත් ඇති ...

    ඒ මතය වෙනස් කරන එක ඒ ඒ කෙනාගේ කාර්යය.... තමා පබයෙක් නොවන වග

    තමන්ට උදවු කල මිනිසුන්ගේ අත හපා කන්න නැතුව...

    ------------------------------------------------------------

    ජනතාවට තියෙන්නේ කිරලා මැනලා බලලා කතිරේ ගහන එක !

    මුන් අපිට කන්න බොන්න නිකන් දෙන්නේ නැහැනේ !

    අනික දන්සල් හැමදාම නැහැනේ !

    ------------------------------------------------------------

    නොමල ගෙකින් අබ ඇටයක් ගේන්න කිව්වා වගේ තමයි !

    චන්දෙකදී සුපිරිසිදු සෑම අතින්ම සත්ගුණවත් මිනිහෙක් හොයන එක !

    හැමෝගෙම වැරදි තියෙනවා අඩු වැඩි වශයෙන් !

    සමරුන්ගේ වැරදි අපිට එලි පිට පේනවා !

    ------------------------------------------------------------

    සමහරු ජන්දේ ගන්න සීරියස් කතාවක් බුද්ධිමත් විදිහට කරන්නේ නැහැ හිනාවෙනවා දස අතේ !

    සමහරු ජන්දේ ගන්න බොරු පොරොන්දු දෙනවා කරගන්න බැරි ! අතේ පැලවෙන !

    ------------------------------------------------------------

    මම ඇතුළු මොකා මොක කිව්වත් !

    දැන් ජන්දේ දාන්න ඕන කාටද කියලා මිනිස්සු හැම කෙනාම තීරනය කරලා තියෙන්නේ !

    ඒ තීන්දුව ගන්නේ මොන රටක් වුනත් අදාල පාලකයා රටේ පාලනය ගෙන යන කාලයේදී අත විදින සිදුවීම් මත කෙරෙන කාර්ය්‍ය මත මිසක් !

    ජනාධිපතිවරණය ප්‍රකාශ කල දවසේ ඉදන් ජන්දය දෙන දවස දක්වා කාලය තුල නෙමේ !

    ඒ නිසා කවුරු කවුරුත් ඔය කාගේවත් අදහස් වෙනස් කරන්න ඉන්නවා නම් !

    ඒ අයට කියන්න තියෙන්නේ sorry කියලා තමයි !

    ------------------------------------------------------------

    ජනතාවට :P වෙලා ගොඩක් කල් !

    ඒකයි අපි අපේ රටේ මිනිස්සු පිටරට එකාලගේ බැල මෙහෙවරකම් කරන්න පිටරට යවන්න වෙලා තියෙන්නේ ! ....

    ඒකයි අපි අපේ රටේ මිනිස්සුන්ව පිටරට එකාලගේ බැල මෙහෙවරකම් කරලා එවන සල්ලි රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙලා තියෙන්නේ ! ....

    ඒකයි අපේ රටේ මිනිස්සුන්ට වගා කරන බවභෝග විකුණගන්න බැරුව ලොරි පිටින් විසි කරන්න වෙලා තියෙන්නේ ! ....

    ඒකයි අපේ රටේ මිනිස්සුන්ට 1990 ඉදලා තියෙන වකුගඩු රෝගයට විසදුමක් නැතුව විදවලා මැරෙන්න වෙලා තියෙන්නේ ! ....

    ඒකයි අපේ රටේ මිනිස්සුන්ට ජන්ද කාලෙට එක එකාගේ රෙද්දවල්, සාරි, ෆෝන්, පොත්, බඩුමලු ගන්න පස්සෙන් යන්න වෙලා තියෙන්නේ ! ....

    ඒකයි අපේ රටේ මිනිස්සුන්ට රජයේ රස්සාවේ විභාගේ ලිව්වත් රැකියාව ගන්න එක එක අටපාස් නැති මන්ත්‍රීලා ඇමතිලා පස්සේ යන්න වෙලා තියෙන්නේ ! ....

    ඒකයි අපේ රටේ මිනිස්සුන්ට රජයේ රස්සාවේ පත්වීම අරගෙනත් ඒ ආණ්ඩුව ඕන වෙලාවට හේතුවක් නැතිව පත්වීම අහෝසි කරාම ගෙදරට වෙලා ඉන්න තියෙන්නේ ! ....
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    නන්දා මාලනී මහත්මිය ගෙ සිංදුවක් තියනව , "පූජාසනයේ ඔබ හිඳුවා......... ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ " කියල, මේක අතුරලිය් රතන හාමුදුරුවන්ගේ සෙන් මාෆියා එකට සුනාමියක් කියල මං කියනවා.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පොදු අපේක්ෂාවේ අන්තර්ගතය

    මෛත‍්‍රීපාල සිරිසේන නම් පොදු අපේක්ෂක සංකේතය නිසා දේශපාලනය කෙරෙහි උනන්දු වන බෞද්ධයන්ට තෝරාගැනීම් දෙකක් ලැබිණ. ඒ බෞද්ධ ජාතිකවාදී කඳවුර යැයි හැඳින්විය හැකි පිරිස දෙකට බෙදීමයි.

    ඇත්තටම මෙතන කනගාටුදායක සිද්ධිය තමයි මේක. තෝරාගැනීම් දෙකක් ලැබීමට වඩා බෞද්ධ සංවිධාන හා ඒ පිළිබදව කතාකලවුන් දෙපිලකට බෙදීමයි.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    hari ඉතින් ඔය ජෙවිපි එකයි හෙල උරුමයයි තම්යි මහින්දව යුද්දෙට පෙලබුවෙත් ලොකෙම විරුද්දයි අපි යුද්ද කරපු එකට මරාව එකට පොලබවා ගන්න පුලුවන් උනානම් ඇයි විඩායකය
    කොමිශන් සභා අයින් කරන්න පොලබාව ගන්න බැරි

    සරල උත්තරක් තියෙන්නේ.... මහින්දට එවෙල්වේ යුද්දේට ගියේ නැත්තම් අනිවාර්යෙන් ආණ්ඩුව පෙරළෙනවා. මහින්දට තමාගේ බලය රැකගන්න යුද්දෙට යන්නම උනා. දැන් මහින්දට තමගේ බලය රැකගන්න විදයකය අවශ්‍ය වෙනවා. අසවිද කොමිෂන් සභා ඇතිකලොත් මහින්දගේ හොරුරලට් හොරකම් කරන්න බහ. උනට හොරකම් කිරීමට දීම මත තමයි. උන් මහින්දගේ පැත්තට අතුස්ස්න්නේ. එතින් මහින්ද කවදත් කැමති නැහැ තමගේ බලය අඩු කරගන්න

    බැරි ඇයි දන්නාවද එ අයට :yes: උස්සන් යන්න සටන් පටයක්වත් නැති වෙනවා තම්න්ගෙ පැවත්මට කෙල වෙනාව එ හෙතුව නිසා නෙද ඔය ඔකට පොලබවා ගනන් බැරි මරා බලයට කැදරයි ඔය බලයට එන කොයිකත් කැදරයි මම කියන්නෙ නැහැ මාර හොදමයි කියලා

    උස්සන් යන්න සටන් පටයක් නැතිවෙන්ව වගේ පදනමක් නැති කතා කියන්න එපා. රට පුරා ජ්ව්ප් එකේ මිනිස්සු කිසිම දීමනාවක් නැතුව ස්වේච්චාවෙන් වැඩ කරනවා. උන් පුදගලිඅක අරමුණක්, තියාගෙන් වැඩ කරන්නේ නැහැ. නායකයෝ පවා එහෙමයි. තමන්ට කියලා මුකුත් නැතුව මුළු ජිවිත කළෙම කැපකරලා. එහෙම අයට සටන් පාට වටින්නේ නැහැ, ඇමතිකම් වටින්නේ නැහැ, මන්ත්රිකම් වටින්නේ නැහැ. කියන්න දෙයක් නැතිකමට පදබමක් නැති කතා කියන්න එපා.
    බලයට එන කොයිකත් කදරයි හොරකම් කරන්න පුළුවන් තාක්කල් එතදී තමයි හොරකම් කරන්න බැරි ක්‍රමයක් හදන්න ඕනි කියලා කියන්නේ. ඔය මරා හොදයි කියන එකවත් නරකයි කියන එකවත් නෙමයි මෙතන කතාව. ඔය මර හොදයි කියුවත් රනිල් හොදයි කිවුවත් කුඩු දුමින්ද හොදයි කිවුවත් මෙතනට එක අදාළ දෙයක් නෙමයි..

    මරා ඔවා වෙනස් කරෙ නැහැ කියාල අවුරුදු 12ක් බලයෙ ඉදලා ගිය චන්දිකා නොනා ඔක හදන්නද මෙ හදන්නෙ පඹයෙකුත් ස්‍රි ලංකා එකෙන් ගෙනැල්ලා විපක්ශය කලා කබාසිනියා කරලා ඉවර වෙලා චන්ද 30ක් විතර නායකත්වය දිලා පරාද වෙලා පක්ශය වෙන නායකයෙකුට කරන්න නොදි එකාදිපති වගෙ ඉන්න රනිල්ද අපිට එකාද්පති ගැන පහදලා දෙන්නෙ එයාගෙ ත් පබයෙක්ද යහා පාලනය හදන්නෙ? විශ්වසයක් තියන්න පුලුවන් පක්ශය ජෙවිපි එකද සිරාව හැඩල් කරන්නෙ නැත්නම් රනිල් චන්දිකා හවුලද?

    අන්තිමට කියලා තියන්දෙට උත්තරේ උඩ තියන ලිවුමේ තියනවා. එක කියේවනම් ත්රෙයි. අරයගෙ රුක්ද මෙයාගේ පබයා ඔයකියන කතා ඔක්කොටම පොදු අපේක්සහ්ව යන්නෙහි උත්තරේ තියනවා. කොහොමත් මයිත්‍රී දින්නොත් මයිතිට විදයකය අහෝසි කරන්න වෙනවා. එට පස්සේ මහම්තිවරණය එනවා. එට පස්සේ රනිල් අගමැතිවෙනවනම් රනිල්ට වෙන්නේ චන්දෙකින්. උබ ඔය කියන විදියට රනිල් ගොඩාක් නරකනම් මිනිස්සු රනිල්ව පරද්දවී. මහින්ද හොදනම් මහින්ද දිනාවි. එතකොට මහින්දගේ අතම්නොමතික බලය අයින් වෙලා හොරකම් කරන්න බැරිවෙයි.

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    සිරිසේන පබයෙක් වෙන්න ඇති නොවෙන්නත් ඇති ...

    ඔය කෑ ගහන කවුරු කවුරුත්

    කවුරුහරි ලොක්කෙක් ගාව පබයෙක් වගේ වෙනවා !

    ජොබ් එකකට හරි නේද ?

    තමන්ගේ දෙයක් කරන්නේ මේ ලෝකේ කීදෙනාද ?

    ---------------------------------------------------------------------

    මහින්දව පක්ෂ සම්මේලනයේදී යෝජනා කලේ ජනාධිපති අපේක්ෂකයාට..
    අනුර බණ්ඩාරනායක

    යෝජනාව අනුමත කලේ....
    මංගල සමරවීර

    හැම මාධ්‍ය සාකච්ඡාවකම මංගල සමරවීර ශ්‍රී පති සූරියආරච්චි‍ !

    එදා UNP කාරයොත් කිව්වේ මංගලගේ පබයෙක් කියලා මහින්ද !

    මහින්ද පබයෙක් වෙන්න ඇති නොවෙන්නත් ඇති ...

    ඒ මතය වෙනස් කරන එක ඒ ඒ කෙනාගේ කාර්යය.... තමා පබයෙක් නොවන වග

    තමන්ට උදවු කල මිනිසුන්ගේ අත හපා කන්න නැතුව...

    ------------------------------------------------------------

    ජනතාවට තියෙන්නේ කිරලා මැනලා බලලා කතිරේ ගහන එක !

    මුන් අපිට කන්න බොන්න නිකන් දෙන්නේ නැහැනේ !

    අනික දන්සල් හැමදාම නැහැනේ !

    ------------------------------------------------------------

    නොමල ගෙකින් අබ ඇටයක් ගේන්න කිව්වා වගේ තමයි !

    චන්දෙකදී සුපිරිසිදු සෑම අතින්ම සත්ගුණවත් මිනිහෙක් හොයන එක !

    හැමෝගෙම වැරදි තියෙනවා අඩු වැඩි වශයෙන් !

    සමරුන්ගේ වැරදි අපිට එලි පිට පේනවා !

    ------------------------------------------------------------

    සමහරු ජන්දේ ගන්න සීරියස් කතාවක් බුද්ධිමත් විදිහට කරන්නේ නැහැ හිනාවෙනවා දස අතේ !

    සමහරු ජන්දේ ගන්න බොරු පොරොන්දු දෙනවා කරගන්න බැරි ! අතේ පැලවෙන !

    ------------------------------------------------------------

    මම ඇතුළු මොකා මොක කිව්වත් !

    දැන් ජන්දේ දාන්න ඕන කාටද කියලා මිනිස්සු හැම කෙනාම තීරනය කරලා තියෙන්නේ !

    ඒ තීන්දුව ගන්නේ මොන රටක් වුනත් අදාල පාලකයා රටේ පාලනය ගෙන යන කාලයේදී අත විදින සිදුවීම් මත කෙරෙන කාර්ය්‍ය මත මිසක් !

    ජනාධිපතිවරණය ප්‍රකාශ කල දවසේ ඉදන් ජන්දය දෙන දවස දක්වා කාලය තුල නෙමේ !

    ඒ නිසා කවුරු කවුරුත් ඔය කාගේවත් අදහස් වෙනස් කරන්න ඉන්නවා නම් !

    ඒ අයට කියන්න තියෙන්නේ sorry කියලා තමයි !

    ------------------------------------------------------------

    ජනතාවට :P වෙලා ගොඩක් කල් !

    ඒකයි අපි අපේ රටේ මිනිස්සු පිටරට එකාලගේ බැල මෙහෙවරකම් කරන්න පිටරට යවන්න වෙලා තියෙන්නේ ! ....

    ඒකයි අපි අපේ රටේ මිනිස්සුන්ව පිටරට එකාලගේ බැල මෙහෙවරකම් කරලා එවන සල්ලි රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙලා තියෙන්නේ ! ....

    ඒකයි අපේ රටේ මිනිස්සුන්ට වගා කරන බවභෝග විකුණගන්න බැරුව ලොරි පිටින් විසි කරන්න වෙලා තියෙන්නේ ! ....

    ඒකයි අපේ රටේ මිනිස්සුන්ට 1990 ඉදලා තියෙන වකුගඩු රෝගයට විසදුමක් නැතුව විදවලා මැරෙන්න වෙලා තියෙන්නේ ! ....

    ඒකයි අපේ රටේ මිනිස්සුන්ට ජන්ද කාලෙට එක එකාගේ රෙද්දවල්, සාරි, ෆෝන්, පොත්, බඩුමලු ගන්න පස්සෙන් යන්න වෙලා තියෙන්නේ ! ....

    ඒකයි අපේ රටේ මිනිස්සුන්ට රජයේ රස්සාවේ විභාගේ ලිව්වත් රැකියාව ගන්න එක එක අටපාස් නැති මන්ත්‍රීලා ඇමතිලා පස්සේ යන්න වෙලා තියෙන්නේ ! ....

    ඒකයි අපේ රටේ මිනිස්සුන්ට රජයේ රස්සාවේ පත්වීම අරගෙනත් ඒ ආණ්ඩුව ඕන වෙලාවට හේතුවක් නැතිව පත්වීම අහෝසි කරාම ගෙදරට වෙලා ඉන්න තියෙන්නේ ! ....

    මුන්ට ත්රෙන්නේ නහ බන් ඕවා කාලකන්නි හැත්ත මුන්ගෙයි මුගේ ලමයිගෙයි බඩවල් පිරුණම ඇති මුනට. අනිත් මිත් කන්න බොන්න ඕනි නේද කියලා හිතන්නේ නැහැ කාලකන්නි. තමාගේ වැඩ පිරෙනවනම් අම්ම හරි පාවාදෙන ජාතියේ
     
    Similar threads