පොදු ජන අරගලයකට ජවිපෙ සැරසේ

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
පොදු ජන අරගලයකට ජවිපෙ සැරසේ

පොදු ජන අරගලයක් ආරම්භ කිරීමට ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සූදානම් වේ. සේවක වැටුප් රුපියල් 10,000කින් වැඩිකරගැනීමේ අරගලය හා එක්වෙමින් ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති රැසක එකඟතාවය ප්‍රකාශයට පත්කිරීම සඳහා ඊ‍යේ (18) සවස කොළඹ පැවති වෘත්තීය සමිති නියෝජිත හමුව අමතමින්ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජික කේ.ඞී.ලාල්කාන්ත මහතා මේ බව සඳහන් කළේය.

මෙරට වැඩ කරන ජනතාවගේ වැටුප් රුපියල් දස දහසකින් වැඩිකරන ලෙස ආණ්ඩුවට බලකරමින් මෙම පොදු ජන අරගලය දියත් කරන බව හෙතෙම සදහන් කරයි.

මෙම හමුවට එක්සත් කම්කරු සම්මේලනයේ සභාපති ලීනස් ජයතිලක, සමාජවාදී වතුසේවක සංගමයේ ප්‍රධාන ලේකම් ‍මහින්ද දේවගේ, ස්වාධීන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් කහගල්ල, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ, සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේල‍නයේ ප්‍රධාන ලේකම් සමන්ත කෝරළේආරච්චි ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් රැසක් සහභාගී වි සිටියහ

එහිදී වැටුප් අරගලය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලාල් කාන්ත මහතා පැවසුවේ ජාතික මට්ටමින් ආරම්භ කර ඇති මෙම අරගලයට වෘත්තීය සමිති එක්කර ගැනීමට එක් අතකින් පියවර ගන්නා අතරම අනෙක් අතින් වැඩකරන ජනතාව පුලුල් ලෙස එයට සම්බන්ධ කරගැනීමට ඔවුන් දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි. එමෙන්ම මෙම අරගලයට පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ද සම්බන්ධ කරගනිමින් පුළුල් ජනතා අරගලයක් බවට පත්කරන බවද ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම මෙහිදී අදහස් පළකළ එක්සත් කම්කරු සම්මේලනයේ සභාපති ලීනස් ජයතිලක මහතා පැවසුවේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් ඉදිරිපත් කර ඇති සටන් පාඨය කරුණු සහිතව ඉදිරිපත් කර ඇති බවයි. එබැවින් ඒ සම්බන්ධයෙන් විවාදයක් නැති බවත්, සිය වෘත්තීය සමිතියේ එකඟතාවය එයට පළකරන බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.


SLM

 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    එහෙම පැඩි වැඩිකරනවනම් හොදයි , නමුත් මේ අය හැම දේකටම බාල්දි දානවා මිසක , ආණ්ඩුවට යමක් කරන්නේ කෙසේදැයි කිසිදු අදහස් දැක්වීමක් නෑ. විපක්ශය යනු හැමදේකටම විරුද්ධවීම නොවේ
     
    Aug 18, 2011
    6,147
    788
    0
    උඹ රටේ ප්‍රශ්නයක් ගැන නිව්ස් එකක් ඇර වෙන රටේ වෙන සංවර්ධනයක්, උත්සවයක්, ගැන නිව්ස් එකක් දානවා මම දැකලම නෑ නේ :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ ඔය මෝල් කාන්තට පුලුවන්ද බන් වැඩ වර්ජන කරන්ඩ :rolleyes:එක සැරයකුත් කරේ මතකද ඇදගෙන නැවේ:P
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    බින්දු;10824539 said:
    උඹ රටේ ප්‍රශ්නයක් ගැන නිව්ස් එකක් ඇර වෙන රටේ වෙන සංවර්ධනයක්, උත්සවයක්, ගැන නිව්ස් එකක් දානවා මම දැකලම නෑ නේ :P


    :rofl::rofl::yes:muta mewa witharalu news:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ ඔය මෝල් කාන්තට පුලුවන්ද බන් වැඩ වර්ජන කරන්ඩ :rolleyes:එක සැරයකුත් කරේ මතකද ඇදගෙන නැවේ:P

    එල කතාව...
    Like X 100
    :P:P:P:P
    මටනම් ඔ‍ය ජෙප්පොන්ව පේන්න බෑ.
    .
     

    sandun_kg

    Well-known member
  • Jan 30, 2007
    13,222
    907
    113
    Dubai-U.A.E & Kegalle- Sri Lanka
    එහෙම පැඩි වැඩිකරනවනම් හොදයි , නමුත් මේ අය හැම දේකටම බාල්දි දානවා මිසක , ආණ්ඩුවට යමක් කරන්නේ කෙසේදැයි කිසිදු අදහස් දැක්වීමක් නෑ. විපක්ශය යනු හැමදේකටම විරුද්ධවීම නොවේ
    JVP is no more... they are dissolved.... :lol:
     

    Similar threads