පොදු ප්‍රවාහනය!
කොළඹ නගරයේ වායු ගුණාත්මක දර්ශකය සෑම විටම 140 - 155 අතර අගයක් ගනී. මෙයට ප්‍රධානම හේතුව වන්නේ වාහන විශාල ප්‍රමානයකින් පිටවන අධික දුමයි.
වාහන කොපමණ වැඩි වූවත් සෑම කෙනෙකම උත්සාහ කරන්නේ ඉතා අපහසුවෙන් ෆිනෑන්ස් එකක් හෝ දමා තමන්ගේම වාහනයක් ගෙන, මේ වාහන ගොඩටම එකතු කිරීමටය.
තමන්ගේම වාහනයක් ගැනීමට ප්‍රධාන හේතුව තමාට හෝ තම ළබැඳියන්ට සුවපහසුව
හා ආරක්ෂාකාරීව ගමනක් යෑමට ඇති එකම ක්‍රමය නිසාය.
මෙම ආරක්ෂාව හා සුවපහසුව පොදු ප්‍රවාහනය තුල ඇති කිරීමට හැකිනම්, අලුත්
වාහනයක් මහමඟට එකතු වන එක අඩුවනවා නොඅනුමානය. මෙම වාහනය අඩුවන එක වාතයට හිතකර මෙන්ම, රටේ පුරවැසියෙක් වශයෙන් ඔහුගේ/ඇයගේ ආර්ථිකයට ද ප්‍රධානව බලපායි
පොදු ප්‍රවාහනයේ දැනට ඇති ගැටලු කියා නිමකිරීමට නොහැක. නියමිත ප්‍රමිතියකින් තොර වීම, කොන්දොස්තරගේ වනචාරී කතා විලාසය, ඉතිරි මුදල් නොදීම, අසන 55ට මගීන් 105ක් පමණ පැටවීම, ජැක් කාරයින්ගෙන් බේරීමට සිදුවීම සහ දහසක් දේ ඇත.
තම මව/පියා, සහෝදර/සහෝදරියන් මේවායේ යන්නට ඉඩහැර හිතහදා ගැනීමට මටනම් නොහැකිය.
කොන්දොස්තර සහ රියදුරු යන රැකියා අධ්‍යාපන සුදුසුකම් සහ වැඩි ගෞරවයකින් සමාජගත කිරීමට හැකිනම් ඉහත කී ප්‍රශ්න අඩකටවත් විසඳුම් ලැබෙනු ඇත. පටන් ගතයුත්තේ මෙතනින් බව මගේ විශ්වාසයි.
ගැටලු සෑහෙන ප්‍රමාණයකට පොදු ප්‍රවාහනයෙන්ම විසදුම් ලැබෙන බව සැවොම දන්නා කරුණකි.
කෙසේ වෙතත් මුලින්ම කී පරිදි ප්‍රධානතම ගැටලුවක් වී ඇති වායු දූශණයට මෙතනින්ම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැතිනම් කොළඹ පමණක් නොව මුලු රටේම සුන්දරත්වයට
ලොකු හානියක් සිදුකරන්නේ අප නොදැනුවත්වමය!