පොදු ප්‍රවාහනය!

someone95

Active member
  • Apr 2, 2015
    363
    134
    43
    පොදු ප්‍රවාහනය!

    කොළඹ නගරයේ වායු ගුණාත්මක දර්ශකය සෑම විටම 140 - 155 අතර අගයක් ගනී. මෙයට ප්‍රධානම හේතුව වන්නේ වාහන විශාල ප්‍රමානයකින් පිටවන අධික දුමයි.
    වාහන කොපමණ වැඩි වූවත් සෑම කෙනෙකම උත්සාහ කරන්නේ ඉතා අපහසුවෙන් ෆිනෑන්ස් එකක් හෝ දමා තමන්ගේම වාහනයක් ගෙන, මේ වාහන ගොඩටම එකතු කිරීමටය.

    තමන්ගේම වාහනයක් ගැනීමට ප්‍රධාන හේතුව තමාට හෝ තම ළබැඳියන්ට සුවපහසුව
    හා ආරක්ෂාකාරීව ගමනක් යෑමට ඇති එකම ක්‍රමය නිසාය.
    මෙම ආරක්ෂාව හා සුවපහසුව පොදු ප්‍රවාහනය තුල ඇති කිරීමට හැකිනම්, අලුත්
    වාහනයක් මහමඟට එකතු වන එක අඩුවනවා නොඅනුමානය. මෙම වාහනය අඩුවන එක වාතයට හිතකර මෙන්ම, රටේ පුරවැසියෙක් වශයෙන් ඔහුගේ/ඇයගේ ආර්ථිකයට ද ප්‍රධානව බලපායි

    පොදු ප්‍රවාහනයේ දැනට ඇති ගැටලු කියා නිමකිරීමට නොහැක. නියමිත ප්‍රමිතියකින් තොර වීම, කොන්දොස්තරගේ වනචාරී කතා විලාසය, ඉතිරි මුදල් නොදීම, අසන 55ට මගීන් 105ක් පමණ පැටවීම, ජැක් කාරයින්ගෙන් බේරීමට සිදුවීම සහ දහසක් දේ ඇත.
    තම මව/පියා, සහෝදර/සහෝදරියන් මේවායේ යන්නට ඉඩහැර හිතහදා ගැනීමට මටනම් නොහැකිය.

    කොන්දොස්තර සහ රියදුරු යන රැකියා අධ්‍යාපන සුදුසුකම් සහ වැඩි ⁣ගෞරවයකින් සමාජගත කිරීමට හැකිනම් ඉහත කී ප්‍රශ්න අඩකටවත් විසඳුම් ලැබෙනු ඇත. පටන් ගතයුත්තේ මෙතනින් බව මගේ විශ්වාසයි.
    ගැටලු සෑහෙන ප්‍රමාණයක⁣ට පොදු ප්‍රවාහනයෙන්ම විසදුම් ලැබෙන බව සැවොම දන්නා කරුණකි.

    කෙසේ වෙතත් මුලින්ම කී පරිදි ප්‍රධානතම ගැටලුවක් වී ඇති වායු දූශණයට මෙතනින්ම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැතිනම් කොළඹ පමණක් නොව මුලු රටේම සුන්දරත්වයට
    ලොකු හානියක් සිදුකරන්නේ අප නොදැනුවත්වමය!
     
    • Like
    Reactions: OrangeHat

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කොලඹට එන මිනිසුන් ප්‍රමාණය අනිවාර්යයෙන් අඩු විය යුතුයි. ගොඩාක් රැකියා තියෙන්නේත් කොලඹ විතරයි. සමහර වැඩ කරගන්නත් කොලඹට එන්න ඔනි.

    වෙන රටවල් නම් නගර හදලා, යටිතල පහසුකම් හදලා පිලිවලකට වැඩ ටික කරනවා. අපෙ රට චන්දෙ කාලෙ ටකරන් බෙදනවා
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,669
    16,883
    113
    Dakune un api dakune kiyala pora talk dunnata fb post share kalata dakune ungen 50%k withara job karanne colombo. Traffic wadi wenna ekath eka hethuwak.

    E hinda dakune unta unge athal eka ganna puluwan tharan government department (puluwannan privet ewath) wala branches dakune dala deela un mehe ena eka nathara karanna one
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,669
    16,883
    113
    Lankawe unta tikak athe salli gawasenna gattana bus wala kochchi wala yanna lajjawak madi kamak hithata enawa
    Ithin un thamange privet vehicles walamai yanne hama magulakatama.
    Gedarin thamange wahane awilla colombo walin pita wahana park karala colombo 1-15 athule puluwan tharan luxury bus & mono rail dammanan hari.
    Ita amatharawa godak diyunu ratawal wala wage bicycles walata lane ekak deela ewa padinnath promote karanna one
     
    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    කොලඹට එන මිනිසුන් ප්‍රමාණය අනිවාර්යයෙන් අඩු විය යුතුයි. ගොඩාක් රැකියා තියෙන්නේත් කොලඹ විතරයි. සමහර වැඩ කරගන්නත් කොලඹට එන්න ඔනි.

    වෙන රටවල් නම් නගර හදලා, යටිතල පහසුකම් හදලා පිලිවලකට වැඩ ටික කරනවා. අපෙ රට චන්දෙ කාලෙ ටකරන් බෙදනවා

    ඔව් මේකත් key point එකක්. පහසුකම් අතින් වැඩි හින්දා හැමෝම බලන්නෙත් කොළඹම තමන්ගෙ බිස්නස් එකත් කරගන යන්න (එතනදි සේවකයන්ටත් කොළඹටම එන්න වෙනවා වැඩ කරන්න). අතික් පැත්තෙන් රජයේ ආයතන decentralized කරන්න අවශයි. පොඩි වැඩක් කරගන්නත් කොළඹටම එන්න වෙන අවස්තා තියනවා. කොහොම උනත් public transport හොඳට තියනවා නම් තමන්ගෙ වාහනේ ගෙදර තියලා bus එකේ, train එකේ හරි එන්නවත් බලයි.
     
    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    Lankawe unta tikak athe salli gawasenna gattana bus wala kochchi wala yanna lajjawak madi kamak hithata enawa
    Ithin un thamange privet vehicles walamai yanne hama magulakatama.
    Gedarin thamange wahane awilla colombo walin pita wahana park karala colombo 1-15 athule puluwan tharan luxury bus & mono rail dammanan hari.
    Ita amatharawa godak diyunu ratawal wala wage bicycles walata lane ekak deela ewa padinnath promote karanna one

    ඇත්ත කතාව. :yes: