මේකත් නිල ඇඳුම් වවුචර්, පොහොර සහනදාරේ වෙනුවට මුදල් දීම වගේ තේරුමක් නැති වැඩවලින් එකක් විතරයි.
මේ විෂයන් ප්‍රායෝගිකව උගන්නන්න පුළුවන් ඉස්කෝල කීයද තියෙන්නෙ? විද්‍යාගාර පහසුකම් නැති නිසා උසස් පෙළ විද්‍යා විෂයන්
උගන්නන්නෙ නැති ඉස්කෝල කීයක් තියෙනවද? මේවගේ වුර්තීය මට්ටමේ ශිල්ප උගන්නද්දි සාමාන්‍ය පාසල් විද්‍යාගාරයකට වඩා පහසුකම්
තියෙන්න ඕන.
දැනට හොඳ පහසුකම් තියෙන ඒත් උගන්නන්න ළමයි නැති ටෙක්නිකල් කොලේජ් ලංකාවෙ
කීයක් තියෙනවද? ඒවායේ හොඳ වුර්තීය පළපුරුද්දක් තියෙන ගුරුවරු ඉන්නව. ඒත් ඒ ගුරුවරු කියන කතාවක් තමයි උගන්නන්න ළමයි
නෑ කියන ඒක. සමහරු පාඨමාලා කරන්න පටන් ගත්තත් NVQ ලෙවල් වෙනකන් කරන්නෙ නැතුව මගදී දාල යනව.
මේක කරන්න තිබුනෙ මෙහෙම නෙමෙයි. ටෙක්නිකල් කොලේජ් කියන්නෙ ඉගෙන ගන්න බැරි එවුන් යන තැනක් කියන මිනිස්සුන්ගෙ ආකල්පෙ
වෙනස් කරල ටෙක් වලට මීට වඩා ප්‍රසිද්දියක් දෙන එක. ඊට පස්සෙ ඉස්කෝල ටිකයි ටෙක්නිකල් ටිකයි ඒකාබද්ධ කරල සාමාන්‍ය පෙලින් පස්සෙ
උසස් පෙළ කරල අවුරුදු දෙක තුනක් නාස්ති කරගන්නෙ නැතුව කැමති අයට ටෙක් එකකට ගිහින් උපාදියක් වෙනකන් යන්න ක්‍රමයක් හදල දෙන්න ඕන.
ඒකාලෙ හිටපු හොර මරා ඕක ගැන හිතල තමයි රත්මලානෙ යුනිවෝ ටෙක් කැම්පස් එක හැදුවෙ.
අනිවා මේක තමා වෙන්න ඕනි. දිස්ත්රික් 25ටම ටෙක් දාලා ඒවාට උපාධි දෙන්න බලය හදන්න ඕනි.
