පොපිට් නැති වෙලාම යන්න ලගයි නේද? Trading Binance

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    Trading, Binance කියන්නෙ මේ වෙනකොට Pyramid, Ponzi Scheme වගේ ඉවරයක් නැති ස්කෑම් වලට සෑහෙන්න උදව් කරන ක්‍රම විදියට ලන්කාවෙ අපිට පෙනුනට මේව ඇත්තටම එහෙම නෑ. හරියට ඉගෙන ගෙන වැඩ ගන්න අය ඕනි තරන් ඉන්නව.

    (සැලකිය යුතුයි ට්‍රේඩින් කරන්න කියල දෙන උපදෙසක් නෙවෙයි වැඩේ වෙන්නෙ කොහොමද කියන එක ගැන කියන්නෙ)

    හුවමාරු ක්‍රමය එහෙමත් නැති නම් Trading, ඔබට අවශ්‍යය දෙයක් වෙන කෙනෙක් ලග ඇති විට ඒ වෙනුවෙන් ඊට ගැලපෙන වටිනාකමක් ලබාදී එය තමන් සතු කර ගැනීමට ඈත අතීතයේ පටන්ම මිනිසා විසින් භාවිතා කරන ලද ක්‍රමවේදයයි. වර්තමානය වනවිට ලබා ඇති තාක්ෂණික දියුණුවත් සමග ඉතාමත් ක්‍රමවත්ව සහ කාර්‍යක්ෂමව සිද්ද වන්නේ එමගින් මිනිසාට මහත් ප්‍රතිලාභ අත් කරලමිනි. අවශ්‍යතා සමග ඉතාමත් සන්කීර්ණ වන මෙමහුවමාරු සිදු කිරීම වෙනුවෙන් ඉතාමත් පහසුවෙන් හැසිරවිය හැකි හුවමාරු මාධ්‍යයක අවශ්‍යතාව මිනිසාට ඇති වූ අතර ඒ වෙනුවෙන් පාලකයන් විසින් මුදල් හදුන්වා දෙනු ලැබුවේ ඒවා නිර්මාණය කිරීම පාලනය ඔවුන් අත තබාගනිමිනි. වර්තමානයේ USD, LKR, INR ආදී ලෙස විවිධ රටවල් වලින් නිකුත් කර ඇති මෙම මුදල් ඒකක සෑම විටම රජයක් මගින් පාලනය සහ නියාමයන කරනු ලබන අතර ඒවා Fiat currency ලෙස හදුන්වා දෙනු ලබයි. රජය මගින් මුදල් නිර්මාණය කිරීම සිදු කරන අතර රජයේ අනුමත ආයතන වන බැංකු සහ අනෙකුත් මූල්‍ය සමාගම් මගින් ඒවායි සිදුවන ගණු දෙනු නියමනය මෙන්ම පහසුකම් සැපයීමද සිදු කරනු ලබයි. මුදල් මගින් ඕනෑම භාණ්ඩයක් සහ සෙවාවක් සදහා සාධාරණ මිලක් ඉල්ලුම සහ සැපයුම මත පදනම්ව විකුණුම් කරුවන්ට නියම කල හැකි වන අතර ඒ මිල ගෙවීමෙන් පසු එම සේවාව හෝ භාණ්ඩය ඕනෑම අයෙකුට ලබා ගැනීමට හැකියාව ලැබෙයි. ඕනෑම භාණ්ඩයක හෝ සේවාවක මිල එම භාණ්ඩය සහ සේවාව සැපයීමේ හැකියාව සහ එයට ඇති ඉල්ලුම විසින් තීරණය කරනු ලබන අතර එ වැනි අවස්තා කල් තියා හදුනාගැනීම නිසාවෙන් ලාබ ලබා ගැනීමටද හැකිය.

    Fiat currency මගින් සිදු කරනු ලබන ගණුදෙනු සෑම විටම එක් පාර්ශවයක් මගින් නියාමනය කරන අතර ඒ සදහා සෑම විටම ඒවා බලපෑම් කරන නිසාවෙන් මෙම මූල්‍ය පද්ධති Centralized Finance ක්‍රමවේද ලෙස හදුන්වනු ලබයි. ගණුදෙනු කරුවන්ට සෑම විටම පිලිගත් ආයතන මගින් ආරක්ෂාව සලසන අතර මුදල් ගණුදෙනුවලදී සිදුවන අක්‍රමිකතාවලට පිළිගත් නීති පද්ධති යටතේ කටයුතු කිරීමටද හැකි නිසාවෙන් මෙම ක්‍රමවේදය වසර දහස් ගණනක් තිස්සේ මිනිසා භාවිතා කරයි. මෙම ක්‍රමවෙදය තුල ඇති හදුනාගත් විශේෂ අවාසියක් නම් ගණුදෙනු සදහා භාවිතා වන මුදල් ඒකක සෑම එක් පාර්ශවයක් මගින් පාලනය කරනු ලැබීම නිසාවෙන් වටිනාකම් වල සිදුවිය හැකි අනපේක්ෂිත විච්‍යල්‍ය වීමයි. එමෙන්ම ගණුදෙනුවල පාරදුශ්‍යභවයේ ඇති ගැටලු නිසාවෙන් ඉතාමත් පහසුවෙන් විවිධ මූල්‍ය අක්‍රමිකතා ආදිය සිදු කිරීමට හැකි වීමයි. උදාහරණයක් ලෙස යම් ගෙනුදෙනුවක් සිදුවී ඇතයි පොත්පත් වල සටහන් තමා ඉතාමත් පහසුවෙන් එම මුදල් වෙනත් වැඩ වලට යෙදවීමට හැකිය. එමෙන්ම අත්තනෝමතික ලෙස මුදල් නිර්මාණය කිරීම වැනි රාජ්‍ය මට්ටමෙන් ගනු ලබන තීන්දු තීරණ නිසාවෙන් එහි භාවිතා කරුවන්ට අධි උද්ධමනය වැනි අවස්තාවන්ටද මුහුණ දිමට සිදුවේ.

    මෙම හේතු නිසාවෙන් සෑම විටම ආර්තික විද්‍යාඥයන් සහ විශේෂඝැණයන් මෙම Centralized Finance ක්‍රමවේදයට විකල්පයක් සම්බන්ධව පරීක්ෂණ සිදු කලත් සාර්තක පිලිතුරක් නොලැබී තිබූ නමුත් 2008 වසරේදී Satoshi Nakamoto විසින් ඉදිරිපත් කරන ලද පර්‍යේෂණ පත්‍රිකාවක් නිසාවෙන් නැවතත් ඒ පිළිබද නවමු බලාපොරොත්තුවක් ඇති විය. ඔහු විසින් ඉදිරිපත් කරන ලද පත්‍රිකාවට අනුව කිසිම ලෙසකින් එක් පාර්ශයවක් මගින් පමණක් පාලනය නොකරන එහෙත් සාහභාගි වන සියලුම ගණුදෙනු කරුවන්ගේ ගණුදෙනුවල දත්ත මගින් ස්‍යන්ක්‍රීයව නියාමනය වන මුදල් ඒකකයක් ලෙස Bitcoin හදුන්වා දෙනු ලැබීය. මෙය සැබවින්ම විප්ලවකාරී සොයාගැනීමක් වූයේ එමගින් Decentralized Finance පද්ධති නිර්මාණයට ඉඩ කඩ සැලසූ නිසාවෙනි. මෙම ක්‍රමවේදයට අනුව Bitcoin යනු සමූහයක් විසින් පාලනය කරනු ලබන මූල්‍ය පද්ධතියක් නිසාවෙන් නිසාවෙන් සාමාන්‍ය ව්‍යවහාරයේදී එය ජාලයක් (Network) එකක් ලෙස මෙන්ම එහි ඇති තාක්ෂණික කාරණා මූලික කරගෙන එය Blockchain එකක් ලෙසද හදුන්වනු ලබයි. එමෙන්ම එහි ඇති මුදල් Bitcoin ලෙස හදුන්වන අතර ඒවා cryptocurrency ලෙස හදුන්වන්නෙ එහි ඇති තාක්ෂණික කාරණා නිසාවෙනි. මේවා ලබාගැනීම අපට හුවමාරු ක්‍රමය යටතේ සිදු කරගැනීමට හැකි අතර ඒ වෙනුවෙන් USD, EUR වැනි මුදල් ලබාදුන් පසු එයට සමාන වටිනාකමක් ඇති cryptocurrency ලබා ගැනීමට හැකියාව ඇත.

    Bitcoin මගින් පෙන්වාදුන් ක්‍රමවේද ඔස්සේ ඉන්පසු විවිද Blockchain නිර්මණය කලත් 2015 දී Vitalik Buterin විසින් නිර්මාණය කරන ලද Ethereum Blockchain මගින් Decentralized Finance පද්ධති වලට මෘදුකාංග නිර්මාණය වෙනුවෙ Smart Contact ක්‍රමවේදය හදුන්වාදුන්නේ එම පද්ධති සම්පූර්ණයෙන්ම Centralized system වලින් ඉවත් කරගැනීමට ඉඩකඩ සලස්වමිනි. එමෙන්ම මෙමගින් මෙලෙස නිර්මාණය කරනු ලබන මෘදුකාංග බොහෝ දුරට සමාගමක් ලෙස ක්‍රියාත්මක වන අතර ඒවාද සමූහය විසින්ම ගනු ලබන තීන්දු තීරණ මගින්ම පාලනය වෙයි. මෙහෙදී සමාගමේ කොටස් ලෙස නිකුත් කරනු ලබන්නේ Digital වත්කමක් වන අතර ඒවා Crypto Tokens ලෙස හදුන්වනු ලබයි. විවිධ ක්‍රමවේද ඔස්සේ නිර්මණය වනු ලබන මෙම වත්කම් හුවමාරුව සදහා සාම්ප්‍රදායික ක්‍රමවේද භාවිතව ගැටලුකාරී වන්නේ ඒවා ක්‍රමවේද දෙකක් ඔස්සෙ ක්‍රියාත්මක වීම මෙන්ම ඒවාට බොහෝ රටවල් වලින් ඇති නීතිමය බදාවන් නිසාවෙනි.
    Centralized Finance පද්ධති වලදී මෙලෙස විවිධ මුදල් වර්ග හුවමාරු කරගැනීමට බාවිතා කරන පද්ධති Foreign Currency Exchange (Forex) ලෙස හදුන්වනන්වන අතර සමාගම් කොටස් හුවමාරුවට නිර්මාණය කර ඇති පද්ධති Stock Market ලෙස හදුන්වනු ලබයි. Decentralized Finance පද්ධති වලදී එම වත්කම් හූවමාරු කරගත හැකි පද්ධති decentralized exchange (DEX) ලෙස හදුන්වන අතර මෙම DEX පද්ධති මගින් Digital වත්කම් හුවමාරුව සිදු කිරීමට යම්තාක් දුරට තාක්ෂණික දැනුමක්ද අවශ්‍ය වීම නිසාවෙන් මෙම ක්‍රමවේදය් භාවිතා කිරීම ආධුනිකයන්ට ගැටලු සහගත විය. එනිසාවෙන් මෙම ගැටලුවට පිලියම් ලෙස Centralized Exchange පද්ධති නිර්මාණය කිරීම සිදු කරනු ලැබූ අතර ඒවා Fiat Currencies සහ Crypto currencies/tokens හුවමාරු කරගත හැකි ලෙස නිර්මාණය කර ඇත.
     
    Last edited:

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    කෙසේ නමුත් මෙම Centralized ක්‍රමවේද ඔස්සෙ Decentralized Finance පද්ධති වලට සේවා සැපයීමේ ඇති අවාසියක් වනේ ඒවා මගින් අපගේ ගිණුම් පාලනය කරන ක්‍රමවේදය නිසාවෙන් Hackersලාට සාම්ප්‍රදායික Hacking ක්‍රමවෙද මගින් අපගේ ගිණුම් වල ඇති මුදල් ලබා ගැනීමට හැකි වීමයි. එමෙන්ම අප විසින් ලබාගන්න සියලුම මුදල් එම සේවාවන් වල පාලනය තුල ඇති නිසාවෙන් නැවතත් Centralized Finance පද්ධති වලදී මෙන් ඒවායෙ බලාධිකාරය එක් පාර්ශවයක් වෙත නිතැනින්ම හිමි වීමයි. 2011 වසරේ සිටම ක්‍රියාත්මක වන මෙම මෘදුකාංග පද්ධති වල ආරක්ෂාව වෙනුවෙන් ඉතාමත් දියුණු තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරමින් ගණුදෙනු කරුවන්ගේ සුරක්ෂිතබාවය සහ මුදල් වල ආරක්ෂාවද තහහවුරු කරමින් සිටින නමුත් මේ වනවිට කීප අවස්තාවකදීම ඩොලර් මිලියන ගණන් වටිනා Cryptocurrencies / tokensමෙවැනි පද්ධති වලින් සොරාගෙන ඇතිවාක් මෙන්ම සමහර අවස්තාවන් වලදී එම පද්ධතිවල හිමිකරුවන් විසින්ම එම මුදල් වංචා කල අවස්තාවන්ද වාර්තා වී ඇත.

    Bitmax, Coinbase, HitBit, Gate සහ Binance ආදී නම් වලින් ප්‍රචලිත වී ඇති මෙම Centralized Crypto Digital Assets Exchange සේවාවන් සපයන වෙබ් අඩවි අතරින් Binance සමාගම විශේෂිත වන්නේ එය මේ වනවිට ලෝකයේ ඇති වඩාත්ම ජනප්‍රිය Crypto Exchange සේවාව වන නිසාවෙනි. 2017 වසරේදී චීන-කැනේඩියානු ජාතික ව්‍යවසායකයෙකු වන Changpeng Zhao තවත් එක් Centralized cryptocurrency හුවමාරු කිරීමේ වෙබ් අඩවියක් ලෙස Binance ආයතනය තම සේවාව ආරම්භ කරන ලද අතර එය මේ වනව්ට තම ගණුදෙනු කරුවන් ප්‍රමාණය මිලියන 100යද අබිභවා ගොස් ඇත. එම සේවා මගින් මේ වනවිට ඩොලර් බිලියන ගණනක් ගණුදෙනු සිදු වී ඇතිවාක් මෙන්ම බොහෝ පිරිස් මිලදී ගැනීම හා විකිණීම් හරහා බොහෝ සෙයින් ලාබ ලබාගෙනද ඇත. Binance සමාගම සෑම විටම ඔවුන් සපයන සේවාවන් මගින් Decentralized Finance Software වල උන්නතිය වෙනුවෙන් ක්‍රියාකරනු ලබන අතර. ඔවුන් විසින් සපයන තවත් එක් ප්‍රධාන සේවාවක් වන්නේ වසරකට දහස් ගණනින් එකතු වන Decentralized Software වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සහ ඒවාට අවශ්‍ය මුදල් ආරම්භක අවස්තාවන් වලදී ලබාදීමයි. Decentralized Finance ක්‍රමවේදයන් මුල් කාලයේදී Bitcoin වල වටිනාකමේ සිදුවන විච්‍යලය වීම් වලදී බොහෝ කඩාවැටීම් සිදුවූ අතර Binance සමාගම විසින් ඔවුන්ගේ BNB මුදල් ඒකක සමග මෙන්ම අනෙකුත් Cryptocurrencies සමග සිදු කරනු ලැබූ ප්‍රවර්ධන සහ Decentralized Software නිර්මාණය මගින් මෙම තත්වය බොහෝ දුරට පාලනය කරනු ලැබුවේ එමගින් ක්ෂේත්‍රයට සිදුවන බලපෑම් අවම කිරීමටයි.

    Binance මගින් සපයනු ලබන මූලිකම සේවාව වන හුවමාරු ක්‍රමය මගින් ඔබට යම් Digital Asset එකක් අඩු මුදලකට මිලදී ගෙන ඉන්පසු එය වැඩි මුදලකට විකිණීම මගින් විශාල ලාබයක් උවද අත් කරගත හැකි උවත් මේ ආකරයටම ඔබගේ ඉහල වටිනාකමක් ඇති Digital Assets ඉතාමත් සුලු මොහොතකින් ඉතාමත් කුඩා අගයකට නම් වීම මගින් විශාල පාඩුවක් ඇති වීමටද බෙහෙවින් ඉඩකඩ ඇත. කෙසේ නමුත් මේ වනවිටත් දෙස් විදෙස් බොහෝ පිරිස් මුදල් හුවමාරුව සිදු කරනු ලබන අතර මෙම ක්‍රමවේදයන් සෑම විටම ඉතාමත් අනතුරු දායක බවට ඔවුන් විසින් පුන පුනා ප්‍රකාශ කරනු ලබන්නේ නිසි දැනුමකින් තොරව මෙම ක්‍රමවේද භාවිතයෙන් ඔබගේ මුදල් අහිමි වීමට ඇති ඉඩකඩ නිසාවෙනි. ශ්‍රී ලන්කාව තුලද මෙම සේවා ලබාගැනීම මහ බැංකු මගින් වලක්වා ඇත්තේ ඒ සදහා කිසිදු ගෙවීමක් සිදු කිරීමට Credit හෝ Debit කාඩ්පත් භාවිතා නොකරන මෙන් දන්වාලමිනි. කෙසේ නමුත් P2P ලෙස හදුන්වන ක්‍රමවේදය ඔස්සේ ඕනෑම අයෙකුට මේ වෙත මුදල් සම්ප්‍ර්‍රේශනය කල හැකි අතර එහිදී ඔබ විසින් Binance හි පෙන්වන අයෙකු තෝරාගෙන ඔහු වෙත රුපියල් ලබාදීම මගින් ඊට සමාන Digital Assets ප්‍රමාණයක් ලබාගැනීමට හැකියාව ඇත. කෙසේ උවත් මෙම ක්‍රමවේදය ඔස්සේ ඔබ රැවටීමකට ලක් වුවහොත් ඒ වෙනුවෙන් Binance ආයතනයට කල හැකි කිසිවක් නැත්තෙ Blockchain ඔස්සේ සිදුවන ගණුදෙනු නැවත හැරවීමට නොහැකි නිසාවෙනි. එමෙන්ම ඔබට රටේ පවතින නීතිය මගින්ද කිසිදු ආකාරයේ පිහිටක් නොලැබෙන්නේ Crypto currencies/tokens සදහා කිසිදු නීතිමය පිලිගැනීමක් නැති නිසාවෙනි.

    එමෙන්ම වර්තමානය වන විට Pyramid, Ponzi Scheme වැනි වංචාවන් වලට මෙම Binance සේවාව සම්බන්ධ කරගැනීම් බොහෝ සෙයින් වාර්තාවන අතර ඒවා මගින් ඔබගේ මුදල් අහිමිවී යනවාක් මෙන්ම එම මුදල් නැවත කිසිදිනක නීතිමය ක්‍රමවේදයක් ඔස්සෙ ලබාගැනීමටද නොහැකි වන්නෙ ඒ වෙනුවෙන් නීතිමය රැකවරණයක් නොමැති නිසාවෙන් මෙන්ම Blockchain තාක්ෂණය තුල සිදු කරනු ලැබූ ගණුදෙනුවක් නැවත හැරවීමට හැකියාවක් නොමැති නිසාවෙනි. වර්තමානයේ මෙවැනි අයතා ක්‍රියා නැවත්වීමට Blockchain ගණු දෙනුවලට වැට බැදීම නිසාවෙන් තාක්ෂණික ලෝකය තුල ඉදිරියට යාමට ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ඇති බාධාවද මිල කල නොහැකි පාඩුවක් වන්නේ ඒවා නිසියාකාරව පරිහරණය තුලින් රට තුලට ගෙන ආ හැකිව ඇති විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමිවීම නිසාවෙනි.
    https://archive.mawbima.lk/.../Matrix-06-08-2023-Matrix.pdf
    #trading #binance #Cryptocurrency
    #crypto

    Special Thanks https://elakiri.com/threads/binance-තහනම්ද.2115525

    ඔය නූලට රිප්ලයි කරපු @Roxburyroy , @kukkubaba98, @elakiriaddict , @leeroxxroxx ඇතුලු හැමෝටම
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,459
    5,567
    113
    owe hena ketha wedak karanawa. up dammoth yatata down candle ekak hadala dapu ewa okkoma wage liquidation karala site ekata salli gannawa. down dammoth up candle ekak hadala salli gannawa. mama dapu hema site ekakama karanawa.
    anika binance eke chart eka neme wena trading platform ekaka (meka balaganna puluwan tradingview eke wena wenama chart thiyenawa BTCUSDT(BINANCE),BTCUSDT(ANOTHER TRADER) etc.
    mathaka thiyaganilla owa apata adareta neme hadala thiyenne. godak salli danna epa. poddak dala(loss unath aulak nathi) trade kalata nam aulak ne.
    godak danawanam BTC ganan adu unama SPOT EKE danna. eth BTC kelama unoth wedak ne.
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    owe hena ketha wedak karanawa. up dammoth yatata down candle ekak hadala dapu ewa okkoma wage liquidation karala site ekata salli gannawa. down dammoth up candle ekak hadala salli gannawa. mama dapu hema site ekakama karanawa.
    anika binance eke chart eka neme wena trading platform ekaka (meka balaganna puluwan tradingview eke wena wenama chart thiyenawa BTCUSDT(BINANCE),BTCUSDT(ANOTHER TRADER) etc.
    mathaka thiyaganilla owa apata adareta neme hadala thiyenne. godak salli danna epa. poddak dala(loss unath aulak nathi) trade kalata nam aulak ne.
    godak danawanam BTC ganan adu unama SPOT EKE danna. eth BTC kelama unoth wedak ne.
    ඔය චාර්ට් නන් මචන් එක තැනකින් කන්ට්‍රෝල් වෙන්නෙ නැති නිසා වෙනස් වෙන්න පුලුවන්. BTC වලට Binance වල තියෙන ඉල්ලුම අනුව තමා ඒ වෙලාවට චාර්ට් එක එතන හදන්නෙ. පොඩි වෙලාවක් ඇතුලත ගොඩක් වෙලාවට ඔක්කොම චාර්ට් එක වගේ වෙනව. ඒත් සමහර වෙලාවට වේල්ස්ල ට්‍රේඩ් කරද්දි ඕක ලොකු ගැප් වලින් වෙනස් වෙන්න පුලුවන්.

    Forex වලත් ඔහොම සින් එකක් තිබ්බට ගොඩක් වෙලාවට ඉල්ලුම සැපයුම තීරණය වෙන්න තව ගොඩක් දේවල් බලපාන නිසා මේ වගේ සීන් වෙනව අඩුයි.

    මම ලෝන්ග්ටර්ම් තමා හෝල්ඩ් කරන්නෙ. අපි කොහොමත් ට්‍රේඩින් කරද්දි මේ ක්‍රිප්ටො වලට ඒව සොෆ්ට්වෙයාර් ඒවගෙ මොනවද වෙන්නෙ, කවුද ඩිවලොප් කරල තියෙන්නෙ වගේ එවත් හොයලම කරනව නන් හොදයි. 70%ක් විතරම මගදි අත ඇරල දාන ප්‍රොජෙක්ට් තියෙන්නෙ Tokens නන්. ලග ලග ට්‍රේඩ් කරල ප්‍රොෆිට් ගත්තොත් ඇරෙන්න ඒව නන් හෝල්ඩ් කරොත් කෙල වෙනව.


    බයිනන්ස් වහන්න ද යන්නේ
    නෑ නෑ. වැඩේ වෙන හැටි ගැන ලිව්වෙ.
    ------ Post added on Aug 5, 2023 at 9:40 AM
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,716
    8,416
    113
    ඔය චාර්ට් නන් මචන් එක තැනකින් කන්ට්‍රෝල් වෙන්නෙ නැති නිසා වෙනස් වෙන්න පුලුවන්. BTC වලට Binance වල තියෙන ඉල්ලුම අනුව තමා ඒ වෙලාවට චාර්ට් එක එතන හදන්නෙ. පොඩි වෙලාවක් ඇතුලත ගොඩක් වෙලාවට ඔක්කොම චාර්ට් එක වගේ වෙනව. ඒත් සමහර වෙලාවට වේල්ස්ල ට්‍රේඩ් කරද්දි ඕක ලොකු ගැප් වලින් වෙනස් වෙන්න පුලුවන්.

    Forex වලත් ඔහොම සින් එකක් තිබ්බට ගොඩක් වෙලාවට ඉල්ලුම සැපයුම තීරණය වෙන්න තව ගොඩක් දේවල් බලපාන නිසා මේ වගේ සීන් වෙනව අඩුයි.

    මම ලෝන්ග්ටර්ම් තමා හෝල්ඩ් කරන්නෙ. අපි කොහොමත් ට්‍රේඩින් කරද්දි මේ ක්‍රිප්ටො වලට ඒව සොෆ්ට්වෙයාර් ඒවගෙ මොනවද වෙන්නෙ, කවුද ඩිවලොප් කරල තියෙන්නෙ වගේ එවත් හොයලම කරනව නන් හොදයි. 70%ක් විතරම මගදි අත ඇරල දාන ප්‍රොජෙක්ට් තියෙන්නෙ Tokens නන්. ලග ලග ට්‍රේඩ් කරල ප්‍රොෆිට් ගත්තොත් ඇරෙන්න ඒව නන් හෝල්ඩ් කරොත් කෙල වෙනව.



    නෑ නෑ. වැඩේ වෙන හැටි ගැන ලිව්වෙ.
    ------ Post added on Aug 5, 2023 at 9:40 AM

    මගේ dolar 39000ක්‌ වගේ තියෙනවා 🙄 flexible rate එකට fd දාල තියෙන්නේ
     
    • Like
    Reactions: dewmal nilanka

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    @Hyaenidae
    @Thoththa_Baba

    clean suit One person - 02 profiles. 🤣
    තේරුන් නෑ.

    මගේ dolar 39000ක්‌ වගේ තියෙනවා 🙄 flexible rate එකට fd දාල තියෙන්නේ
    ට්‍රේඩින් උපදෙස් නන් මම දෙන්න දන්නෙ නෑ මචන්. මම මේ ලිව්වෙ වැඩේ ටෙක්නිකලි වෙන්නෙ කොහොමද කියන එක ගැන.
    ------ Post added on Aug 5, 2023 at 9:58 AM
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,716
    8,416
    113
    තේරුන් නෑ.


    ට්‍රේඩින් උපදෙස් නන් මම දෙන්න දන්නෙ නෑ මචන්. මම මේ ලිව්වෙ වැඩේ ටෙක්නිකලි වෙන්නෙ කොහොමද කියන එක ගැන.
    ------ Post added on Aug 5, 2023 at 9:58 AM

    වැහුවොත් ඉවරයි බන්
     
    • Sad
    Reactions: dewmal nilanka

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    වැහුවොත් ඉවරයි බන්
    නෑ නෑ වහනව කියල නෑ මචන්.

    මේ වගේ Centralized Exchange වල හැබයි උබ කියන ප්‍රශ්නෙ තියෙනව. ඕනිම වෙලාවක අකුලගෙන යන්න පුලුවන් ඒක උබේ කන්ට්‍රෝල් එකෙන් එලියෙ. ඒකට ගොඩක් අය කරන්නෙ එක තැනක ඔක්කොම නොදා කීප පොලක දාල රිස්ක් එක ඩිස්ට්‍රිබියුට් කරන එක.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,716
    8,416
    113
    නෑ නෑ වහනව කියල නෑ මචන්.

    මේ වගේ Centralized Exchange වල හැබයි උබ කියන ප්‍රශ්නෙ තියෙනව. ඕනිම වෙලාවක අකුලගෙන යන්න පුලුවන් ඒක උබේ කන්ට්‍රෝල් එකෙන් එලියෙ. ඒකට ගොඩක් අය කරන්නෙ එක තැනක ඔක්කොම නොදා කීප පොලක දාල රිස්ක් එක ඩිස්ට්‍රිබියුට් කරන එක.

    මට ඔහොම වැඩක් උනා බන්. කොයින්ද දාල තිබ්බ exchange එකක් ලංකාවට සපෝර්ට් නැති උනා btc 0.5ක්‌ එක්කම වැහුවා ආයේ ලබුනේ නෑ


    09 Million Coins wallet dala thiyenne.

    උබ දාල තියෙන්නේ මොන කොයින්ද ද
     
    • Sad
    Reactions: dewmal nilanka

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    මට ඔහොම වැඩක් උනා බන්. කොයින්ද දාල තිබ්බ exchange එකක් ලංකාවට සපෝර්ට් නැති උනා btc 0.5ක්‌ එක්කම වැහුවා ආයේ ලබුනේ නෑ




    උබ දාල තියෙන්නේ මොන කොයින්ද ද
    හැම වෙලාවෙම ඇලර්ට් එකේ ඉන්න එක තමා හොද ඕකට. ඔය Whale ඇලර්ට් එහෙම ෆලෝ කරන්න. උන්ට කලින් නිව්ස් යනව එතකොට අපිටත් අදහසක් ගන්න පුලුවන් උන් කරන වැඩ බලල.
     
    • Like
    Reactions: lapaman

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    @Hyaenidae
    @Thoththa_Baba

    clean suit One person - 02 profiles. 🤣
    egypt gallery GIF
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,716
    8,416
    113
    හැම වෙලාවෙම ඇලර්ට් එකේ ඉන්න එක තමා හොද ඕකට. ඔය Whale ඇලර්ට් එහෙම ෆලෝ කරන්න. උන්ට කලින් නිව්ස් යනව එතකොට අපිටත් අදහසක් ගන්න පුලුවන් උන් කරන වැඩ බලල.
    🙄 එල එල 👍
     
    • Love
    Reactions: dewmal nilanka

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    මට ඔහොම වැඩක් උනා බන්. කොයින්ද දාල තිබ්බ exchange එකක් ලංකාවට සපෝර්ට් නැති උනා btc 0.5ක්‌ එක්කම වැහුවා ආයේ ලබුනේ නෑ




    උබ දාල තියෙන්නේ මොන කොයින්ද ද
    Ado mokadda exchange eke nama..ehema karana eka illegal neh ban
     
    • Like
    Reactions: lapaman