Trading, Binance කියන්නෙ මේ වෙනකොට Pyramid, Ponzi Scheme වගේ ඉවරයක් නැති ස්කෑම් වලට සෑහෙන්න උදව් කරන ක්‍රම විදියට ලන්කාවෙ අපිට පෙනුනට මේව ඇත්තටම එහෙම නෑ. හරියට ඉගෙන ගෙන වැඩ ගන්න අය ඕනි තරන් ඉන්නව.
(සැලකිය යුතුයි ට්‍රේඩින් කරන්න කියල දෙන උපදෙසක් නෙවෙයි වැඩේ වෙන්නෙ කොහොමද කියන එක ගැන කියන්නෙ)
හුවමාරු ක්‍රමය එහෙමත් නැති නම් Trading, ඔබට අවශ්‍යය දෙයක් වෙන කෙනෙක් ලග ඇති විට ඒ වෙනුවෙන් ඊට ගැලපෙන වටිනාකමක් ලබාදී එය තමන් සතු කර ගැනීමට ඈත අතීතයේ පටන්ම මිනිසා විසින් භාවිතා කරන ලද ක්රමවේදයයි. වර්තමානය වනවිට ලබා ඇති තාක්ෂණික දියුණුවත් සමග ඉතාමත් ක්‍රමවත්ව සහ කාර්යක්ෂමව සිද්ද වන්නේ එමගින් මිනිසාට මහත් ප්රතිලාභ අත් කරලමිනි. අවශ්‍යතා සමග ඉතාමත් සන්කීර්ණ වන මෙමහුවමාරු සිදු කිරීම වෙනුවෙන් ඉතාමත් පහසුවෙන් හැසිරවිය හැකි හුවමාරු මාධ්‍යයක අවශ්‍යතාව මිනිසාට ඇති වූ අතර ඒ වෙනුවෙන් පාලකයන් විසින් මුදල් හදුන්වා දෙනු ලැබුවේ ඒවා නිර්මාණය කිරීම පාලනය ඔවුන් අත තබාගනිමිනි. වර්තමානයේ USD, LKR, INR ආදී ලෙස විවිධ රටවල් වලින් නිකුත් කර ඇති මෙම මුදල් ඒකක සෑම විටම රජයක් මගින් පාලනය සහ නියාමයන කරනු ලබන අතර ඒවා Fiat currency ලෙස හදුන්වා දෙනු ලබයි. රජය මගින් මුදල් නිර්මාණය කිරීම සිදු කරන අතර රජයේ අනුමත ආයතන වන බැංකු සහ අනෙකුත් මූල්‍ය සමාගම් මගින් ඒවායි සිදුවන ගණු දෙනු නියමනය මෙන්ම පහසුකම් සැපයීමද සිදු කරනු ලබයි. මුදල් මගින් ඕනෑම භාණ්ඩයක් සහ සෙවාවක් සදහා සාධාරණ මිලක් ඉල්ලුම සහ සැපයුම මත පදනම්ව විකුණුම් කරුවන්ට නියම කල හැකි වන අතර ඒ මිල ගෙවීමෙන් පසු එම සේවාව හෝ භාණ්ඩය ඕනෑම අයෙකුට ලබා ගැනීමට හැකියාව ලැබෙයි. ඕනෑම භාණ්ඩයක හෝ සේවාවක මිල එම භාණ්ඩය සහ සේවාව සැපයීමේ හැකියාව සහ එයට ඇති ඉල්ලුම විසින් තීරණය කරනු ලබන අතර එ වැනි අවස්තා කල් තියා හදුනාගැනීම නිසාවෙන් ලාබ ලබා ගැනීමටද හැකිය.
Fiat currency මගින් සිදු කරනු ලබන ගණුදෙනු සෑම විටම එක් පාර්ශවයක් මගින් නියාමනය කරන අතර ඒ සදහා සෑම විටම ඒවා බලපෑම් කරන නිසාවෙන් මෙම මූල්‍ය පද්ධති Centralized Finance ක්‍රමවේද ලෙස හදුන්වනු ලබයි. ගණුදෙනු කරුවන්ට සෑම විටම පිලිගත් ආයතන මගින් ආරක්ෂාව සලසන අතර මුදල් ගණුදෙනුවලදී සිදුවන අක්රමිකතාවලට පිළිගත් නීති පද්ධති යටතේ කටයුතු කිරීමටද හැකි නිසාවෙන් මෙම ක්‍රමවේදය වසර දහස් ගණනක් තිස්සේ මිනිසා භාවිතා කරයි. මෙම ක්‍රමවෙදය තුල ඇති හදුනාගත් විශේෂ අවාසියක් නම් ගණුදෙනු සදහා භාවිතා වන මුදල් ඒකක සෑම එක් පාර්ශවයක් මගින් පාලනය කරනු ලැබීම නිසාවෙන් වටිනාකම් වල සිදුවිය හැකි අනපේක්ෂිත විච්යල්ය වීමයි. එමෙන්ම ගණුදෙනුවල පාරදුශ්යභවයේ ඇති ගැටලු නිසාවෙන් ඉතාමත් පහසුවෙන් විවිධ මූල්‍ය අක්‍රමිකතා ආදිය සිදු කිරීමට හැකි වීමයි. උදාහරණයක් ලෙස යම් ගෙනුදෙනුවක් සිදුවී ඇතයි පොත්පත් වල සටහන් තමා ඉතාමත් පහසුවෙන් එම මුදල් වෙනත් වැඩ වලට යෙදවීමට හැකිය. එමෙන්ම අත්තනෝමතික ලෙස මුදල් නිර්මාණය කිරීම වැනි රාජ්‍ය මට්ටමෙන් ගනු ලබන තීන්දු තීරණ නිසාවෙන් එහි භාවිතා කරුවන්ට අධි උද්ධමනය වැනි අවස්තාවන්ටද මුහුණ දිමට සිදුවේ.
මෙම හේතු නිසාවෙන් සෑම විටම ආර්තික විද්‍යාඥයන් සහ විශේෂඝැණයන් මෙම Centralized Finance ක්‍රමවේදයට විකල්පයක් සම්බන්ධව පරීක්ෂණ සිදු කලත් සාර්තක පිලිතුරක් නොලැබී තිබූ නමුත් 2008 වසරේදී Satoshi Nakamoto විසින් ඉදිරිපත් කරන ලද පර්යේෂණ පත්‍රිකාවක් නිසාවෙන් නැවතත් ඒ පිළිබද නවමු බලාපොරොත්තුවක් ඇති විය. ඔහු විසින් ඉදිරිපත් කරන ලද පත්‍රිකාවට අනුව කිසිම ලෙසකින් එක් පාර්ශයවක් මගින් පමණක් පාලනය නොකරන එහෙත් සාහභාගි වන සියලුම ගණුදෙනු කරුවන්ගේ ගණුදෙනුවල දත්ත මගින් ස්යන්ක්රීයව නියාමනය වන මුදල් ඒකකයක් ලෙස Bitcoin හදුන්වා දෙනු ලැබීය. මෙය සැබවින්ම විප්ලවකාරී සොයාගැනීමක් වූයේ එමගින් Decentralized Finance පද්ධති නිර්මාණයට ඉඩ කඩ සැලසූ නිසාවෙනි. මෙම ක්‍රමවේදයට අනුව Bitcoin යනු සමූහයක් විසින් පාලනය කරනු ලබන මූල්‍ය පද්ධතියක් නිසාවෙන් නිසාවෙන් සාමාන්‍ය ව්‍යවහාරයේදී එය ජාලයක් (Network) එකක් ලෙස මෙන්ම එහි ඇති තාක්ෂණික කාරණා මූලික කරගෙන එය Blockchain එකක් ලෙසද හදුන්වනු ලබයි. එමෙන්ම එහි ඇති මුදල් Bitcoin ලෙස හදුන්වන අතර ඒවා cryptocurrency ලෙස හදුන්වන්නෙ එහි ඇති තාක්ෂණික කාරණා නිසාවෙනි. මේවා ලබාගැනීම අපට හුවමාරු ක්‍රමය යටතේ සිදු කරගැනීමට හැකි අතර ඒ වෙනුවෙන් USD, EUR වැනි මුදල් ලබාදුන් පසු එයට සමාන වටිනාකමක් ඇති cryptocurrency ලබා ගැනීමට හැකියාව ඇත.
Bitcoin මගින් පෙන්වාදුන් ක්‍රමවේද ඔස්සේ ඉන්පසු විවිද Blockchain නිර්මණය කලත් 2015 දී Vitalik Buterin විසින් නිර්මාණය කරන ලද Ethereum Blockchain මගින් Decentralized Finance පද්ධති වලට මෘදුකාංග නිර්මාණය වෙනුවෙ Smart Contact ක්‍රමවේදය හදුන්වාදුන්නේ එම පද්ධති සම්පූර්ණයෙන්ම Centralized system වලින් ඉවත් කරගැනීමට ඉඩකඩ සලස්වමිනි. එමෙන්ම මෙමගින් මෙලෙස නිර්මාණය කරනු ලබන මෘදුකාංග බොහෝ දුරට සමාගමක් ලෙස ක්‍රියාත්මක වන අතර ඒවාද සමූහය විසින්ම ගනු ලබන තීන්දු තීරණ මගින්ම පාලනය වෙයි. මෙහෙදී සමාගමේ කොටස් ලෙස නිකුත් කරනු ලබන්නේ Digital වත්කමක් වන අතර ඒවා Crypto Tokens ලෙස හදුන්වනු ලබයි. විවිධ ක්‍රමවේද ඔස්සේ නිර්මණය වනු ලබන මෙම වත්කම් හුවමාරුව සදහා සාම්ප්‍රදායික ක්‍රමවේද භාවිතව ගැටලුකාරී වන්නේ ඒවා ක්‍රමවේද දෙකක් ඔස්සෙ ක්‍රියාත්මක වීම මෙන්ම ඒවාට බොහෝ රටවල් වලින් ඇති නීතිමය බදාවන් නිසාවෙනි.
Centralized Finance පද්ධති වලදී මෙලෙස විවිධ මුදල් වර්ග හුවමාරු කරගැනීමට බාවිතා කරන පද්ධති Foreign Currency Exchange (Forex) ලෙස හදුන්වනන්වන අතර සමාගම් කොටස් හුවමාරුවට නිර්මාණය කර ඇති පද්ධති Stock Market ලෙස හදුන්වනු ලබයි. Decentralized Finance පද්ධති වලදී එම වත්කම් හූවමාරු කරගත හැකි පද්ධති decentralized exchange (DEX) ලෙස හදුන්වන අතර මෙම DEX පද්ධති මගින් Digital වත්කම් හුවමාරුව සිදු කිරීමට යම්තාක් දුරට තාක්ෂණික දැනුමක්ද අවශ්‍ය වීම නිසාවෙන් මෙම ක්රමවේදය් භාවිතා කිරීම ආධුනිකයන්ට ගැටලු සහගත විය. එනිසාවෙන් මෙම ගැටලුවට පිලියම් ලෙස Centralized Exchange පද්ධති නිර්මාණය කිරීම සිදු කරනු ලැබූ අතර ඒවා Fiat Currencies සහ Crypto currencies/tokens හුවමාරු කරගත හැකි ලෙස නිර්මාණය කර ඇත.

Last edited: