පොම්පෙයි නගරය වැළලූ විසුවියස් ගිනිකන්ද

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පොම්පෙයි නගරය වැළලූ විසුවියස් ගිනිකන්ද

    පොම්පෙයි නගරය වැළලූ ඉතාලියේ විසුවියස් ගිනිකන්ද​

    JR9bAMp.jpg

    ලෝකයේ පිහිටා ඇති ස්වභාවික නිර්මාණ අතරින් අපූර්ව නිර්මාණයක් ලෙස ගිනිකඳු දැක්විය හැක. දිගු කලක් නිසලව මිනිසාගේ ආකර්ෂණය ලබා ගැනීමට සමත් වුවත් එක්වරම විදාරණය වීමේදී විශාල හානියක් සිදු විය හැක. ඉතාලියේ විසුවියස් යනු එලෙස විදාරණය වී නගරයක් මුළුමණින්ම සොහොන් කොතක් කළ ගිනිකන්දකි. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ විසුවියස් ගිනිකන්ද පිලිබඳ තොරතුරු ඔබට ගෙන ඒමටයි.

    පිහිටීම හා භෞතික ලක්ෂණ

    9mrK8ky.jpg


    විසුවියස් ගිනි කන්ද පිහිටා ඇත්තේ ඉතාලියේ දකුණු කොටසේ bay of naplesට ඉහළින් ඇති compania තැන්න තුළයි. වෙනත් ආකාරයකින් එහි පිහිටීම විස්තර කරන්නේ නම් මෙය ඉතාලියේ පොම්පෙයි හා හර්කියුලේනියම් යන නගර ආසන්නයේ පිහිටා ඇත. මෙම ගිනි කන්දේ කේතුවේ උස 2013 වසර වන විට අඩි 4203ක්ව පැවතුණි. නමුත් සෑම ප්‍රධාන පිපිරිමකටම පසු මෙහි උස වෙනස් වේ. මෙම කේතුවේ ඉහළ අග්‍රයේ විශාල සිදුරක් පවතී. එය ගිනි කන්දේ මුඛය ලෙස හැඳින්වේ. මෙහි ගැඹුර අඩි 1000ක් පමණ වන අතර වට ප්‍රමාණය අඩි 2000ක් පමණ වේ. මෙම මුඛය සැදී ඇත්තේ 1944 වසරේදී සිදු වූ පිපිරිම හේතුවෙනි. විසුවියස් ගිනි කන්ද පේන මානයේ හා ඒ ආශ්‍රිත පහත් බිම් වල මිනිසුන් මිලියන 2කට වඩා ප්‍රමාණයක් ජිවත් වේ. මිට අමතරව bay of naples හි සීමාව දිගේ කාර්මික නගර පිහිටා ඇත.

    ඉතිහාසය

    I3oNezl.jpg


    විසුවියස් ගිනිකන්දේ ආරම්භය මීට වසර 200,000 කට පෙර සිදු වූවක් බව බොහෝ පරීක්ෂකයින්ගේ මතය වේ. මෙය අනෙක් ගිනි කඳු තරම් පැරණි ගිනිකන්දක් නොවුනත් ක්‍රිස්තු වර්ෂ 79 දී මෙහි සිදු වූ පිපිරිම නිසා පොම්පෙයි නගරය සම්පූර්ණයෙන් වැළලී ගිය අතර හර්කියුලේනියම් නගරය මඩ තට්ටුවකින් වැසී යන ලදි. ක්‍රිස්තු වර්ෂ 79 වසරේ සිට 1037 දක්වා වරින්වර මෙහි පිපිරීම් ගණනාවක් වාර්තා වී ඇත. එම පිපිරීම් සිදු වී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 203, 472, 512, 685, 787, 968, 991, 999 හා 1007 යන වර්ෂ වලයි.

    සියවස් කීපයක් නිහඬව සිටි විසුවියස් නැවත 1631 වසරේදී පිපිරීමට ලක් විය. මෙයින් ගිනි කඳු බෑවුමේ තිබුණු ගම්මාන විශාල ප්‍රමාණයක් විනාශ වී ගිය අතර මිනිසුන් 3000ක් පමණ මිය යන ලදි. මෙම ගිනිකන්දේ අවධි දෙකක් හඳුනා ගත හැක. එක් අවධියක් වන්නේ නිහඬව සිටින අවධියයි. මෙහිදී ගිනිකන්දේ මුඛ්‍ය විවිධ ද්‍රව්‍ය වලින් වැසි යයි. අනෙක් අවධිය වන්නේ පිපිරීමේ කාලයයි. මෙහිදී ගිනි නිහඬ අවධියේ ගිනිකන්දේ මුඛයේ තැන්පත් වූ ද්‍රව්‍ය ඉවත් වී එය අඛණ්ඩව විවර වීම සිදු වේ.


    පිපිරීම නිසා පොම්පේ නගරය විනාශ වීම

    8K03Ar9.jpg


    පොම්පෙයි නගරය පිහිටා ඇත්තේ වර්තමාන නේපල්ස් නගරයට ආසන්නයෙනි. මෙය පැරණි රෝම අධිරාජ්‍යට අයත් නගරයක් ලෙස සැලකේ. මෙම නගරයේ තිබූ වරාය වෙළඳාමට ප්‍රසිද්ධ වූ අතර සාරවත් පසක් පවතින නිසා මිදි හා ඔලිවු වගාව සිදු කරන ලදී. පොම්පෙයි නගරය රෝමන් වරුන්ගේ නිවාඩු කලාපයක් විය. ක්‍රිස්තු වර්ෂ 79 යේ පිපිරීම සිදු වන විට මෙම ගිනි කන්ද වසර 1800ක පමණ කාලයක් නිෂ්ශබ්දව තිබී ඇති බව පැවසේ.

    මෙම ප්‍රදේශයේ නිරන්තර භූමිකම්පා ඇතිවීම හේතුවෙන් මිනිසුන් ක්‍රිස්තු වර්ෂ 79 යේ පිපිරීම සිදු වූ දින ඇති වූ භුමි කම්පා කෙරෙහි එතරම් අවධානයක් යොමු නොකරන ලදි. මෙදින සිදු වූ පිපිරීමෙන් මිනිස් ජිවිත විශාල ප්‍රමාණයක් අහිමි වන්නට හේතුව වූයේ ඔවුන් ඒ සඳහා කිසිදු සූදානමකින් පසු නොවීමයි.


    FOG6325.jpg


    මෙම පිපිරිම ඇසින් දුටු ලේඛකයින් දෙදෙනෙකු එය වාර්තා කර තබන ලදී. pliny elder යනු ඉන් එක් අයෙකි. මොහු පිපිරිම සිදු වූ දින(අගෝස්තු මස 24 වන දින) විශාල වළාකුලක් ගිනි කන්දෙන් මතු වනවා දැක ඇත. ඔහු නැව් කීපයක් වෙරළබඩ නගරයක් වන Resina වලට පිටත් කර යවන ලද්දේ ඒ පිළිබඳ විමර්ශනය කිරීමටයි. නමුත් මෙම නැව්වලට ගොඩබිමට ලඟා වීමට නොහැකි වූයේ ගිනි කන්දෙන් රත් වූ ගල් විසිවීම හේතුවෙනි. පසුව මොහු stabiae නගරය බලා පිටත් වුවත් එම නගරයට රෑ පුරාම ගිනි කන්දේ අළු වැටෙන්නට විය. මෙම අළු හේතුවෙන් පසුදින ඉර එලිය පවා එම නගරයට නොලැබෙන ලදී. කෙසේ හෝ ගිනිකන්දේ නැගුණු සල්ෆර් දුමාරය නිසා පසුව pliny elder මරණයට පත් විය.

    විද්‍යාඥයින් ගණන් බලා ඇති ආකාරයට පිපිරීම සිදු වන විට සෑම තත්පරයකදීම අළු හා ලවා පාෂාණ ටොන් 1.5ක් පමණ සැතපුම් 20ක් පමණ ඉහලට විහිදී ගොස් ඇත. බොහෝ දෙනෙකු ශ්වසන අපහසුතා නිසා මිය යන ලදි. නගරය අඩි 20ක් පමණ අළු වලින් වැසී තිබුණු අතර ජීවිත 2000ක් පමණ විනාශ විය.


    නැවත පොම්පේ නගරය සොයා ගැනීම

    hL303hw.jpg


    1748 වන තුරු පොම්පෙයි නගරයට කිසිවෙකු නැවත පය තබා තිබුණේ නැත. මේ පිලිබඳ ගවේෂණය කළ කණ්ඩායම පුදුම කරමින් නැවත සොයා ගන්නා විට වසර 2000 කට පෙර පැවති ආකාරයටම පොම්පෙයි නගරය පැවතුණි. මිනිසුන් ගිනිකන්ද පිපිරීමේදී බිම වැටී සිටි ආකාරයටම අළු වලින් වැසි පිළිම ලෙස දැකගත හැකි විය. ලාවා කෙතරම් ප්‍රබල සංරක්ෂණ ද්‍රව්‍යක්ද යන්න පැවසුවහොත් ඒවායෙන් වැසී තිබූ පළතුරු හා පාන් පවා එලෙසම පැවතුණි.

    වර්තමාන තත්වය

    BB8A08H.jpg


    වර්තමානයේදී විසුවියස් ගිනිකන්ද හා ඒ අවට ප්‍රදේශය ජාතික උද්‍යානයක් ලෙස නරඹන්නන්ට විවෘතව පවතී. මෙහි ඇති මාර්ග ඔස්සේ ගිනිකන්ද මුදුනට ගමන් කළ හැක. මෙම ගිනිකන්ද නැරඹීමට යාම අනතුරුදායක නොවන්නේ එහි ඊළඟ පිපිරීම ඇති වීමට පෙර විද්‍යාඥයින් ඒ පිලිබඳ දැනුම් දීම සිදු කරන නිසාවෙනි. අද වන විට විසුවියස් කඳු පාමුල නගර 18ක් දැකිය හැක. මෙම නගරවල මිනිසුන් 600,000ක් පමණ ජිවත් වේ.

    උපුටා ගැනීම
    https://roar.media/sinhala
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පිස්සු හැදෙනවා නේහ් ඔය වගේ පෙලේස් එකක ඉන්නවා කියන එක..:sorry:
    You must spread some Reputation around before giving it to EK KILLER again.